සපුමල් හා කියපු ගමන් කෙල්ල ගේ ඇතුළට දුවගෙන ගියේ පුදුම සතුටකින්.පව් මේ කෙල්ල මාව දැකලා තාම දවස් දෙකයි.ඒත් ආත්ම ගානක ඉදලා මාව දන්නවා වගෙයි මට දැනෙන්නේ.
“තාත්තී….බබාට බඩු පැක් කලන්න උදව් කලන්නකෝ……”
දෝණි ගේ ඇතුලෙ ඉදන්ම සපුමල්ට කෑ ගැහුවා.මායි සපුමලුයි දෙන්නම කෙල්ල ඉන්න කාමරේට ගියා.
“අනේ දූ ගොඩාක් බඩු ඕන්නෑනෙ.දුව ටික දවසක් ඉදලා එන්න ඕනි……”
“නෑ තාත්ති.මොන්තිතෝලි නිවාඩු ඉවල වෙනකන් මං ආන්ති ගාව ඉන්නවා…….”
“අනේ දූ එතකොට තාත්තිට පාලුයිනෙ දුව නැතුව…….”
“තාත්ති ආන්තිගෙ ගෙදරට එන්න මාව බලන්න.මං තාත්තිට කෝල් කරන්නං…….”
දුවට ඇදුම් ලෑස්ති කරන්න මාත් උදව් කරා.ඊට පස්සේ බෑග් එක අරන් කාරෙකට දැම්මා.
“දුව….තාත්තිට සාදු කියලා කාරෙකට නගින්නකෝ…….”
මං එහෙම කියපු පරක්කුවට කෙල්ල සපුමල්ට දණ ගහලා වැදලා කාරෙකට නැග්ගා.
“සපුමල් මං ඔයාට කෝල් කරන්නම්.ඔයා චුට්ටක්වත් බය වෙන්න එපා මං දුවව හොදට බලා ගන්නම්…….”
“ඔව් සුදර්ශි.එයා ඔයා කියන දේ හොදට අහයි.කෙල්ලව හොදට බලා ගන්න.මගෙ පණ ඒ…….”
“හරි සපුමල්.අපි ගිහින් එන්නම්…….”
මං ගෙදර එන්න දෝණිත් එක්ක පිටත් වුනා.
“දෝණිට අපේ ගෙදර ගියාම පාලු නම් නැති වෙයි…….”
“ඒ ඇයි ආන්ති?…….”
“අපේ ගෙදර ඉන්නවා චූටි අයියා කෙනෙක්.දෝණිට එයා එක්ක සෙල්ලම් කරන්න පුලුවන්.එයා ගාව සෙල්ලම් බඩු ගොඩාක් තියනවා…….”😀😗
“අනේ චෝයිනෙ ආන්ති…….”😀________________________
“මේකද ආන්තිගෙ ගෙදර…….”
ගෙදරට ආවට පස්සෙ දෝණි මගෙන් එහෙම ඇහුවා.
“ඔව් මැණික.ලස්සනයිද?…….”
මං කෙල්ලගෙ අතින් අල්ලගෙන ගේ ඇතුළට ආවා.
“ගොඩාරියක් ලස්සනයි…….”
“ආ ඔයා ආවද දුව.කාගෙද මේ ළමයා?…….”
සපුමල්ගෙ දෝණිව පෙන්නලා අම්මා මගෙන් එහෙම ඇහුවා.ඒත් එක්කම දෙව්මිණී අක්කයි පුතයි සාලෙට ආවා.
“දෝණි මේ තමයි මං ඔයාට කියපු අයියා. පුතේ මේ නංගිත් එක්ක ගිහින් සෙල්ලම් කරන්නකෝ ඔයාගෙ සෙල්ලම් බඩු අරගෙන…….”
මං කියපු ගමන්ම දෙව්මිණී අක්කගේ පුතා දෝණිත් එක්ක සෙල්ලම් කරන්න ගියා.
“අම්මෙ ඒ ළමයව මට මුණ ගැහුනේ ඊයෙ මොන්ටිසෝරි කොන්සට් එකේදි.මාත් එක්ක ගොඩාක් වෙලා කතා කර කර හිටියා.ඒ ළමයගේ තාත්තා මගෙ ෆිල්ම්ස් වල හොද රසිකයෙක්.මේ කෙල්ල මට ඊයෙ කිව්වා එයාගෙ ගෙදර එන්න කියලා.ඉතිං මං අද එහෙ ගියා.මේ දවස් වල මොන්ටිසෝරියෙ නිවාඩු නිසා කෙල්ල මාත් එක්ක ටික දවසක් මෙහෙ නවතින්න ආවා.කමක් නෑ නේද අම්මෙ?…….”
මං එහෙම ඇහුවත් මං දන්නවා අම්මා අකමැති නොවන විත්තිය.
“ඒකට නම් කමක් නෑ දුව.ඒත් මේ දරුවගෙ අම්මා කැමති වුනාද මෙහෙම නොදන්න කෙනෙක් දරුවව එක්කන් යනවට?…….”
“අම්මෙ….මේ දරුවගෙ තාත්තා විතරයි ඉන්නෙ.අම්මා ජීවතුන් අතර නෑ.මේ දුවට මාස අටේදී අම්මා මැරිලා තියෙන්නේ සර්පයෙක් දශ්ට කරලා.ඒ හින්දා අම්මා ඒ දරුවගෙන් අම්මා ගැන එහෙම මොකුත් අහන්න එපා.පව් ඒ කෙල්ලට දුක හිතෙයි…….”
“අනේ පව් දෙයියනේ කාගෙ උනත් අහිංසක ළමේක්නෙ.එතකොට දුවේ ඒ දරුවගෙ තාත්තා මොනවද කරන්නෙ?……”
මං අම්මට සපුමල් ගැන මොකුත්ම කිව්වෙ නෑ.එහෙම වුනොත් ප්‍රශ්නයක් වෙයි කියලා හිතුණා.ඒ හින්දා මං අම්මට බොරුවක් කිව්වා.
“එයා අම්මෙ කම්පැණි එකක ඇසිස්ටන් මැනේජර් කෙනෙක්.මේ දුවව ඩේකෙයා එකට දාලා වැඩට ගිහින් හවස ඕෆ් වුනාම ගෙදරට එක්කන් යනවා…….”
“ආන්ති මේ අයියා ගාව සෙල්ලම් බඩු ගොඩාරියක් තීනවා.හලිම ලස්සනයි…….”
කෙල්ල ලොකූ ටෙඩි බෙයාර් කෙනෙක් තුරුල් කරගෙන මං ගාවට ආවා.කෙල්ල ඉන්නේ ගොඩාක් සන්තෝශෙන්.
“එහෙනම් දුව අයියත් එක්ක සෙල්ලම් කරන්නකෝ.මං නාගෙන එන්නම්.දූ උදේ නෑවනෙ……”
හවස් වෙලා හොදටම වහින්න පටන් ගත්තා.සීතල ගොඩාක් වැඩි නිසා මං කෙල්ලට මගේ සීතලට අදින් අත් දිග ඇදුමක් ඇන්දෙව්වා.ඒක කෙල්ලට ගොඩාක් ලොකුයි.
“ආන්ති ඒක බබාට ගොඩාක් ලොකුයි. හැබැයි ඒක සුවදයි…….”
“ඒකට මං ඕඩිකොලෝන් දැම්මනෙ දෝණි.ඒකයි සුවද…….”
මං කෙල්ලව තුරුලට අරගෙන එහෙම කිව්වා.මං හිමිහිට කෙල්ලගෙ ඔලුව අත ගෑවා.ටික වෙලාවක් යද්දී බටු ඇටේට හොදටම නින්ද ගිහින්.මං ෆෝන් එක අරගෙන සපුමල්ට කෝල් එකක් ගත්තා.
“හෙලෝ සුදර්ශි මං මේ ඔයාට කෝල් එක්ක ගන්න හැදුවා විතරයි.කෝ දුව?……”📲
“කෙල්ල නිදි සපුමල්.මගේ ඔඩොක්කුවෙම නින්ද ගියා.ආපු වෙලාවෙ ඉදන්ම අයියගේ පුතා එක්ක සෙල්ලම් කරා.කෙල්ල ගොඩාක් සතුටින් ඉන්නෙ…….”📲
“ඔයාට ගොඩාක් පිං සුදර්ශි.මෙහෙ කෙල්ලට සෙල්ලම් කරන්න කවුරුවත් නෑ.ගොඩක් පාලුවෙන්නෙ ඉන්නෙ.ඔයාට කරදරයක් නෑනෙ?…….”📲
“අනේ මට මොන කරදරයක්ද සපුමල්?මං කෙල්ලට ගොඩක් ආදරෙයි.හෙට වැඩද සපුමල්?…….”📲
“හෙට නිවාඩු සුදර්ශි…….”📲
“එහෙනම් මං හෙට දහයට විතර කෝල් එකක් ගන්නම් ඔයාට දුවත් එක්ක කතා කරන්න……..”📲
“අනේ හා සුදර්ශි.කෙල්ල නැතුව ගේත් එක්ක පාලුයි……..”📲
“මං එහෙනම් හෙට වීඩියෝ කෝල් එකක්ම ගන්නම්කො…….”📲
“හ්ම්ම්.අම්මලා දුව ගැන මොනවද ඇහුවෙ?ඒ මගෙ දුව කියලා එයාලා දන්නවද?…….”📲
“එයාලා මොකුත් දන්නෙ නෑ සපුමල්.මං එයාලට මං දූගෙ අම්මා නෑ කියලා විතරයි කිව්වෙ…….”📲
“එහෙනම් හෙට මං ආයෙ ගන්නම්.බායි. බුදු සරණයි…….”📲🙏
“බුදු සරණයි…….”📲🙏
මං දෝණිව ඇදෙන් තියලා සීට් එක පෙරෙව්වා.කෙල්ල ඇගිල්ලත් කටේ ගහගෙන හොදටම නිදි.😴😴
“නංගී…….”
“ආ…එන්න දෙව්මිණී අක්කේ…….”
මට කතාකරගෙනම දෙව්මිණී අක්කා කාමරේට ආවා.තව මාස හත අටකින් දෙව්මිණී අක්කා ආයෙමත් අම්මා කෙනෙක්.
“නිදිද කෙල්ල?…….”
“ඔව් අක්කෙ.වැස්ස නිසා සනීපෙට නිදි……”
“නංගි මට ඇත්ත කියන්න මෙ සපුමල්ගෙ දුව නේද?…….”
දෙයියනේ අක්කා කොහොමද ඒක දන්නෙ.මං කල්පනා කරා.ආ….සමහර විට මොන්ටිසෝරියෙදි දකින්න ඇති.පුතා යන්නෙත් මේ දූ යන මොන්ටිසෝරියටමයිනෙ.ඒත් මට තියන බය මේ ගැන අම්මලාත් දන්නවද කියලා.
“ඔච්චර කල්පනා කරන්න දෙයක්ද මං ඇහුවේ?…….”
මගේ මුහුණට එබෙමින් දෙව්මිණී අක්කා එහෙම ඇහුවා.
“අ…අක්කා කොහොමද ඒක දන්නෙ?අනික ඔයා සපුමල්ව දැකලා නෑනෙ?……”
“ඔයාගෙ ෆෝන් එක අයියා ගාව තියෙද්දී මං දැක්කා සපුමල්ගෙ ෆොටෝ එක.මං කීප වතාවක්ම දැකලා තියනවා සපුමල් දුවව අරන් මොන්ටිසෝරියට එනවා. හැබැයි අයියා දන්නෙ නම් නැහැ.පුතාව අරන් මොන්ටිසෝරි යන්නෙ මමනෙ…….”
“අනේ අක්කෙ ගෙදර වෙන කාටවත් කියන්න එපා මේ සපුමල්ගෙ දුව කියලා. මට මේ දරුවව ආත්ම ගානක ඉදලා දන්නවා වගේ දැනෙනවා.මේ දරුවගෙන් ඈත් වෙලා ඉන්න මට බැහැ අක්කෙ…….”
“ඔයා සපුමල්ව මැරි කරන්න නංගි. අම්මලා අකමැති වෙන එකක් නෑ. එයාලට දැන් වටින්නෙ ඔයාගෙ සතුටනෙ. පහුගිය කාලෙ වෙච්ච දේවල් වලින් එයාලා පාඩමක් ඉගන ගෙන ඉන්නෙ.ඔයා සපුමල්ට තාම ආදරෙයිනෙ නේද?……”
දෙව්මිණි අක්කා අහපු දේට මං හිනා වුනා විතරයි.මං දන්නෑනෙ සපුමල් තාම දිස්නා ගැන හිතනවද කියලා.
“මං යනවා නංගී.ඔයාලා කතා බහ කරලා හිමිහිට තීරණයක් ගන්න.ගුඩ් නයිට්……”
“ගුඩ් නයිට් අක්කෙ…….”
උදේ හයට විතර මං නැගිට්ටා.බටු ඇටේ නම් තාම නිදි.පව් කෙල්ල.දැන්ම ඇහැරවන්න ඕන්නෑ.කෙල්ලගෙ දෙපැත්තෙන් කොට්ට දෙකක් තියලා මං බාතෲම් එකට ගිහින් මුහුණ කට හෝදලා දත් මැදලා කුස්සියට ගියා.මං යද්දී අම්මා නැගිටලා කුසුමාත් එක්ක උයනවා.
“ගුඩ් මෝනිං අම්මා.ඔයා උදේම නැගිට්ටද?……”
“ඔව් දූ.කවදාවත් මං හත අට වෙනකල් නිදා ගන්නෙ නෑනෙ ඉතිං.කෝ අර පැහිච්ච ආච්චි නිදිද?…….”
අම්මා එහෙම ඇහුවේ සපුමල්ගෙ දුව ගැනයි.මට හිනා ගියා.😀😀
“ඔව් අම්මෙ තාම නිදි.පව් උදේ පාන්දරම නැගිට්ටවන්න ඕන්නෑ.මොන්ටිසෝරි යන්නත් පාන්දරම නැගිටිනවා ඇතිනෙ……”
“මාර වැඩක්නෙ දූ ඊයෙ අයියට උනේ…….”
“ඒ මොකක්ද අම්මෙ අයියට උනේ?……..”
“පොඩි එවුන් දෙන්නා සෙල්ලම් කර කර ඉන්නැද්දී මාත් නිකන් එත්න්ට ගියා.අර දෝණි වීල් චෙයාර් එක පෙන්නලා ඇහුවා ඒ මොකක්ද මාමෙ කියලා අයියගෙන්. අයියා කිව්වා ඉතිං ඒ ගැන.ඔයාව ඇක්සිඩන්ට් වුනාට පස්සේ ඒකෙ ඔයා හිටියේ කියලා එහෙම…….”
“ඉතිං ඊට පස්සෙ?…….”
“කෙල්ල මොකද කියන්නේ කියලා බලන්න අයියා කිව්වා ‘අපේ නංගිට මෙලෝ සිහියක් නෑනෙ මෝඩ මී හරකියක්නෙ.ඒකනෙ මෙලෝ සිහියක් නැතුව පාර පැන්නෙ’ කියලා.😂😁එහෙම කිව්වා විතරයි මේ කෙල්ලට කේන්ති ගිහින් අයියට දමලා ගැහුවනේ අර සෙල්ලම් කාර් එකකින් ආන්තිත බනිනවා කියලා.අයියට හිනා කෙල්ලට කේන්ති ගිය හැටි දැකලා…….”🤣😂😃
ඊලග කොටසින් නැවත හමුවෙමු