“ප්‍රාර්තනා මෙහාට වරෙන්…….”
කුඩම්මාගේ සද්දෙට මං කරමින් හිටපු වැඩේත් දමලා කුස්සියට දිව්වේ පරක්කු වුනොත් බැනුම් අහන්නට සිදු වන නිසාය.
“ඇයි කුඩම්මේ?…….”
“ඇයි කියලා අහන්නේ මොකද උඹ තාම මේ වළං ටික හේදුවෙ නැත්තෙ?මට හෝදන්නද ඉතුරු කරේ?හෝදපිය මේ ටික…….”😡
දත් මිටි කාගෙන කුඩම්මා එහෙම කියනකොට මට හිතුනේ ගුටි කන්නට වේවි සිතාය.
“අනේ කුඩම්මේ මං තව ටිකකින් හෝදන්නම්.මං මේ මගෙ ගව්ම මහ මහා හිටියේ…….”
“තෝ ගව්ම මහ ගනිං පස්සෙ.ඉස්සෙල්ලා මේ වළං ටික හෝදලා දාලා කුස්සිය අස් කරපං…….”
රවමින් මට බැනලා කුස්සියෙන් ගිය කුඩම්මා දෙස මං මොහොතක් බලා උන්නා.මගේ නෙතට කදුලු පිරී ඉතිරී යන්නට ඒ හැටි වෙලාවක් ගත වූයේ නැහැ.වළං ටික රැගෙන පිළික්කන්න පැත්තේ තියන ටැප් එක ළගට ගිය මං ඒවා සෝදා නැවත කුස්සියෙන් තැබුවා. ඉන් පසු මං නැවත ගියේ මසමින් උන්නු ගව්මේ ඉතුරු ටික මහන්නටය.ඒත් පඩිය උඩ ගව්ම තිබ්බෙ නෑ.මං හැම තැනකම ගව්ම හෙව්වා.
“තමුසෙ මොනවද හොයන්නේ?…….”
ගෙයි හැම තැනකම මම ඒ ගව්ම හොයද්දී නංගි ඇවිත් මගෙන් එහෙම ඇහුවා.
“නංගි මං මහ මහ හිටපු ගව්ම දැක්කද? අනේ ඒක මං මෙතනනෙ තිබ්බෙ……”
“ආ…..අර දම් පාට කබල් ගව්මද?මං ඒක පිච්චෙන රොඩු ගොඩට දැම්මා.මං හිතුවෙ ඒක වැඩක් නැති එකක් කියලා…….”
කිසිම ගානක් නැතුව ඇගට පතට නොදැනී ලෝචනා නංගි එහෙම කියද්දී මට හොදටම දුක හිතුණා.කේන්ති ආවත් මං ඒක පිටට පෙන්නුවෙ නැහැ.
“නංගිට ඒක කබල් වුනාට මට අදින්න හොද ඇදුමකට තියෙන්නේ එච්චරයි.ඇයි ඒක පිච්චුවේ?නංගි ඇයි මට ඔයාලා මෙහෙම කරන්නෙ?ඔයා නම්…….”
“ඇයි මං මොකද?ආ…….”
මං එතනින් යන්න හැදුවත් නංගි මට යන්න නොදී මගෙ කොන්ඩෙන් අල්ලගෙන යන්න නොදී මට ගැහුවා.මං නංගිව පැත්තකට තල්ලු කරා.ඒ එක්කම කුඩම්මා සාලෙට ආවා.මං නංගිව තල්ලු කරාට පස්සෙ එයා වැටුනේ පුටුව උඩට. එයාට රිදුනෙ නැහැ.කුඩම්මව දැක්කම නංගී බොරුවට ඇඩුවා.😭😭
“අනේ අම්මෙ මේකි මට ගැහුවා.ඒකිගෙ අතින් අර ගව්ම පිච්චිලා ඒකට මාව අල්ලගෙන මට ගහලා මාව පුටුව උඩට තල්ලු කෙරුවා……”😭😭
නංගී එහෙම කියනවත් එක්කම කුඩම්මා අර යක්ෂාවේශ වුනු මුහුණ හරවලා මං දිහා බැලුවා.මට හොදටම බය හිතුණා.
“අනේ නෑ කුඩම්මේ.මං නංගිට ගැහුවෙ නැහැ.එයා තමයි මට ගැහුවෙ…….”
“ඈ යකෝ තෝ කියන්නේ මගෙ කෙල්ල බොරු කියනවා කියලද?මෙතන පිනට කකා බිබී ඉන්නවා මදිවට අපේ ඒවා කාලා අපිටම අත උස්සන්න එනවා.තොට අද මං……..”
ළග තිබුනු මල් වාස් එක අතට අරගෙන කුඩම්මා මට හොදටම ගැහුවා.නංගි මං දිහා බල බලා හොදටම හිනා වුනා.මං උඩ පැන පැන කෑ ගගහා ඇඩුවත් කුඩම්මා මට හොදටම ගැහුවා.හැමදාම වෙන්නෙ මේ ටිකමයි.මොකක් හරි මං නොකරපු වරදකට නංගී මාව අල්ලලා කුඩම්මාට කියනවා.කිසිම දෙයක් හොයලා බලන්නෙ නැතුව කුඩම්මා මට ගහනවා.
“අද උඹට දවල්ට කන්න දෙන්නෙ නෑ.තෝ ඕනි මගුලක මකබෑවියන්.නැත්නම් මහ එකී ගිය ලෝකෙටම පලයන්.කාලකණ්ණි කෙල්ල…….”😡😡
මං කාමරේට ඇවිත් දොර වහගෙන ඇදට වෙලා හොදටම ඇඩුවා.අනේ දෙයියනේ මගෙ අම්මා අද ජීවතුන් අතර හිටියා නම් මට මෙහෙම වෙන්නෙ නැහැ.අනේ අම්මෙ මාවත් ඔයාගෙ ලෝකෙටම අරගෙන යන්න.මට බෑ තවත් මේ විදියට දුක් විදින්න.කුඩම්මා මාව නොමරා මරනවා.😭😭
මගේ නම ප්‍රාර්ථනා සත්සරණී.මගෙ තාත්තා සේනක ගුණරත්න.මගෙ අම්මා අචලා ගුණරත්න.මට අවුරුදු හතේදී මගෙ අම්මා මැරුනේ වහ බීලා.ඒ ඇයි කියන්න ඒ පුංචි වයසෙදි මං දැනගෙන හිටියෙ නැහැ.ගමේ මිනිස්සු ඒ මරණෙට ඇගිල්ල දික් කරේ මගේ තාත්තට. තාත්තා අම්මව මරා ගත්තා කියලා හැමෝම කියන්න පටන් ගත්තා.ඒත් අම්මගේ මරණය හින්දා තාත්තා හිටියේ ගොඩාක් හිත් වේදනාවෙන්.තාත්තා අම්මව මැරුවා නම් මේ විදියට දුක් වෙන්නෙ නෑනෙ.ගමේ මිනිස්සු බොරු කියන්නෙ කියලා මට හිතුණා.අම්මගේ මරණෙන් මාස දෙකහමාරකට පස්සේ තාත්තා කුඩම්මව ගෙදර එක්කන් ආවා. ඒ තනියම නෙවෙයි තවත් පුංචි නංගියෙක් එක්ක.මුලදී කුඩම්මා මට හොදට සැළකුවා.ඒත් එන්න එන්න කුඩම්මා මට වෙනස්කම් කරන්න පටන් ගත්තා.කුඩම්මා හරිම නපුරුයි. කුඩම්මාගෙම හැඩ රුව උරුම කර ගත්තු එයාගෙ දුවත් එයා වගේම නපුරුයි.මට කවදාවත් අම්මා නැති අසරණී කියලා හිතලා වත් අනුකම්පා කරේ නැහැ. තාත්තා දැන ගෙන හිටියා කුඩම්මා මට හිරිහැර කරනවා කියලා.ඒත් ඊට විරුද්ධව කතා කරන්න තරම් තාත්තට හයියක් තිබ්බේ නෑ.අපි මේ ඉන්න ගේත් තාත්තා කුඩම්මාගෙ නමට ලියලා දීලා. කුඩම්මා මට කරන හිරිහැර තාත්තා සම්පූර්ණයෙන්ම දැනගෙන හිටියේ නැහැ.මං ඒ ගැන තාත්තාට කිව්වත් වැඩක් නෑ.හැම දේටම කුඩම්මා වැරැද්ද මොකක්ද පටවන්නේ මගේ පිටටමයි. තාත්තාත් වැරැද්ද හොයලා බලන්නෙ නැතුවම මට බනිනවා.
කාලය හිමිහිට ගෙවිලා යද්දී ගමේ මිනිස්සුන්ගෙන්ම මට අම්මාගෙ මරණෙ ගැන ඇත්ත විස්තරේ ආරංචි වුනා.කසාද බැදලා අම්මයි තාත්තයි ගොඩාක් සමගියෙන් සන්තෝශෙන් ජීවත් වෙලා තියනවා.මගේ අම්මා ගොඩාක් ලස්සනයි.මාව හම්බෙච්ච මුල් කාලෙදි තාත්තා කුඩම්මත් එක්ක සම්බන්දයක් ඇති කරගෙන තියනවා.ඒ සම්බන්දෙ අම්මට ආරංචි වෙලා තියෙන්නේ අවුරුද්දක් විතර ගියාට පස්සෙයි.පුරා වසරක්ම තාත්තා අම්මව හොදටම රවට්ටලා. කුඩම්මත් එක්ක තියන සම්බන්දෙ ආරංචි වුනාට පස්සෙ අම්මා තාත්තට කිහිප වතාවක්ම කියලා තියනවා ඒ සම්බන්දෙ නතර කරන්න කියලා.ඒත් තාත්තා අම්මා කියන දේ අහලා නෑ.මේ ප්‍රශ්නෙ හින්දා දෙන්නා අතර නිතරම රණ්ඩු සරුවල් ඇති වෙලා තියනවා. කාලයක්ම අම්මා මාව අරන් එයාලගෙ මහ ගෙදරත් ඉදලා තියනවා.පස්සේ තාත්තා මං ගැන හිතලා අම්මගෙන් සමාව අරන් නැවතත් එකට ජීවත් වෙලා තියනවා.ඒ පාර තාත්තා කුඩම්මව ආශ්‍රය කරන එක නවත්තලා.මේ විදියට අවුරුදු කිහිපයක්ම ගත වෙලා ගිහිල්ලා.දවසක් හදිස්සියෙන්ම කුඩම්මා අපෙ ගෙදර ඇවිල්ලා අම්මයි තාත්තයි එක්ක හොදටම රණ්ඩු වෙලා.ඒ වෙනකොටත් තාත්තා හින්දා කුඩම්මාට අවුරුදු පහක දුවෙකුත් ඉදලා.එතකොට මට වයස අවුරුදු හතයි.ඒ ප්‍රශ්නෙ හින්දා ඇති වෙච්ච හිත් වේදනාවෙන් එදා රෑ මගෙ අම්මා වහ බීලා මැරිලා හිටියා.ඒ මරණෙන් මාස තුනක් යන්නත් ඉස්සෙල්ලා තාත්තා කුඩම්මාව ගෙදරට කැන්දන් ආවා.
මගේ ජීවිතේට කණ කොකා හඩන්න පටන් ගත්තේ තාත්තා කුඩම්මව අපේ නිවසට කැන්දන් ආවට පස්සෙ.හැම අප්‍රේල් අලුත් අවුරුද්දකම කුඩම්මා නංගිට අලුත් ඇදුම් අරන් දෙනවා.මට දෙන්නෙ නංගි ඇදලා අයින් කරපු ඇදුම්.තාත්තා මට අරන් දෙන අලුත් ඇදුම ගොඩාක් ලස්සනයි නම් ඒක කුඩම්මා නංගිට දෙනවා.මට හැමදාමත් ලැබුනේ පරණ ඇදුම්.තාත්තා ගෙදර නැති වෙලාවට කුඩම්මා මට කන්න දෙන්නෙ නංගි කාලා ඉතුරු කරපු කෑම.අවුරුදු ගානක්ම කුඩම්මගේ මේ හිරිහැර දුක් වේදනා අසාධාරණකම් මං ඉවසගෙන හිටියා.මගෙ තාත්තාට හොදට සල්ලි තියනවා.ඒ හින්දා මට ඒලෙවල් කරාට පස්සෙ තාත්තා රස්සාවකට යන්න දුන්නෙ නෑ.ඒකට කුඩම්මා නම් සෑහෙන ඇනුම් පද කිව්වා මං පිනට කකා බිබී ඉන්නවා කියලා.
“දුව…..ප්‍රාර්ථනා ඇයි මේ නිදි?ඔයාට අසනීපයක්වත්ද?…….”
එහෙම අසමින් තාත්තා මං ගාවට ඇවිත් මගෙ ඔලුව අත ගෑවා.
“ඔලුව ටිකක් රිදෙනවා තාත්තෙ.ඒ හින්දා ඇලවුනේ.තාත්තා දැන්ද ආවෙ?…….”
“දැන් ටිකක් වෙලා ඇවිත් දූ.එන්න ඇවිත් කෑම කන්න…….”
කෑම මේසෙට ගිහින් කෑම කන්න පටන් ගන්නකොට කුඩම්මා අලුත් කතාවක් ඇදලා ගත්තා.
“හෙට අර කට්ටිය එනවා කිව්වා සේනක…….”
“හ්ම්ම්.ඒක හොදයි.ඒත් අක්කා ගෙදර ඉන්නැද්දී නංගි බදින එක හොදද?……..”
“ආ…..ඔයා කියන්නෙ ප්‍රාර්ථනා හින්දා මගෙ කෙල්ලට ආපු මෙච්චර හොද යෝජනාව අතාරින්න කියලද?……..”
“නෑ මාධවී.මුලින්ම අපි ප්‍රාර්ථනා ගැන හිතමු.ඊට පස්සෙ ලෝචනා දූ ගැන හිතමු…….”
“අනේ අප්පච්චී.මට බෑ මෙයා බදිනකම් බලන් ඉන්න.මෙයා ගෙදෙට්ට නාකි වුනොත් මාත් එහෙම වෙන්න ඕනිද?…….”
“ඒක තමයි මාත් අහන්නෙ.ප්‍රාර්ථනා හින්දා මේ තරම් හොද යෝජනාවක් අතාරින්න බෑ.මතකයිනෙ එක වතාවකුත් මෙයා හින්දා මගෙ කෙල්ලට ආපු යෝජනාව නැති වුනා…….”
තව දුරටත් මේ කතාව ගියොත් මෙතන රණ්ඩුවක් ඇති වෙන හින්දා මං කතා කරා.
“තාත්තෙ දැන් ඔය කතාව නවත්තන්න. මට දැන්ම කසාදයක් ඕන්නෑ.නංගිට බදින්න දෙන්න.කමක් නෑ…….”
පහුවදා උදේම ගෙදර හැමෝම ලෑස්ති වුනා එන කට්ටියම පිළිගන්න.මං නංගිගේ කාමරේ පැත්තටවත් ගියෙ නෑ. එහෙම ගිහින් බැනුම් අහන්න බැරි නිසා. වෙන මොකක් හරි හේතුවක් නිසා මේ කසාදෙ නොකෙරුනොත් එහෙම ඒකත් සිද්ද වුනේ මගේ මූසල කමට කියලා කුඩම්මා මට බනින්න පටන් ගනියි.මං කාමරේට වෙලාම හිටියා.කුඩම්මා කාමරේට ආවා.
“ප්‍රාර්ථනා උඹ ඒ අය එන වෙලාවට එහෙම එලියට එන්න එපා.උඹේ තියන කාලකණ්ණි කමට මේ මගුලත් නැති වෙයි.මං කතා කරොත් විතරක් උඹ එලියට වරෙන් තේරුනාද?…….”
මට රවමින් කුඩම්මා එහෙම ඇහුවා.මං හා කියලා ඔලුව වැනුවා.පැය බාගයක් විතර යනකොට මනමාලයගේ කට්ටිය වෑන් එකකින් ආවා.මං ජනේලයෙන් හිමිහිට බැලුවා.ඒ අය සාලෙට ආවට පස්සෙ මං කාමරේ ඇදටම වෙලා හිටියා. මට ඇහුනා කට්ටියම කතා කරන සද්දෙ.
“ලොකු දූ ප්‍රාර්ථනා මෙහාට එන්නකෝ……..”
කුඩම්මා මට කතා කරා.පිට කෙනෙක් ඉන්න වෙලාවට කුඩම්මා මට හොදට කතා කරනවා.මං ටක්ගාලා ඔලුව පීරගෙන සාලෙට ගියා.සාලෙ හිටපු හැමෝම හොදට හොදට බැලුවා.මං දැක්කා ලෝචනා නංගි මං දිහා රව රව බලනවා.මං සද්දෙ නැතුව හිටියා.
“මේ ලොකු දුව ප්‍රාර්ථනා.එයා ඉතිං හරිම ලැජ්ජකාරි…….”
කුඩම්මා බොහෝම සුහදශීලී විදියට එහෙම කිව්වා.
“දූ හරිම අහිංසකයි.හරිම සීදේවි පාටයි…….”
එහෙම කිව්වෙ මනමාලයගේ අම්මා.මං හිනා වුනා විතරයි.තවත් එයාලා මං ගැන හොදක් කිව්වොත් ඒකට මට කුඩම්මා මට බනියි කියලා හිතලා මං කුස්සියට ගියා කෑම ලෑස්ති කරන්න කියලා.
මං කුස්සියට ගිහින් ටිකක් වෙලා යද්දී කුඩම්මා කුස්සියට ආවා.
“මේ කෑම ටික භාජන වලට බෙදලා උඹ කුස්සියට වෙලාම ඉදපන්.සාලෙ පැත්ත පළාතටවත් එන්න එපා.ඒ මිනිස්සුන්ට මං බොරුවට උඹට අපි කෙනෙක්ව හොයල තිය්න්නෙ කියලා.ඇහුවොත් ඔව් කියපන්…….”
“හා කුඩම්මෙ…….”
ඇස් දෙකේ කදුලු පුරවගෙන මං කුස්සියෙ වැඩ ටික කරා.
ඊලග කොටසින් නැවත හමුවෙමු