මුදල් ඔට්ටු මත රාත‍්‍රි කාලයේදී, ප්‍රධාන මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවල අධික වේගයෙන් යතුරුපැදි පදිමින් තරඟයේ යෙදෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව එවැනි පුද්ගලයින් සොයා අද සිට විශේෂ මෙහෙයුම් දියත් කරන බව ඔහු සඳහන් කළා.
ඊයේ රාත්‍රියේ කිඹුලාවල ප්‍රදේශයේ මෙලෙස අධික වේගයෙන් ධාවනය සදහා සූදානම් කර තිබූ යතුරු පැදි 24 ක් සහ යතුරු පැදි කරුවන් 24 දෙනෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
“විවිධ තරුණයින් මුදල් ඔට්ටුවට රාත‍්‍රි කාලයේ බයිසිකල් රේස්වලට සහභාගි වෙනවා කියලා දැන ගන්නට තිබෙනවා. හුදෙක් විනෝදය වගේ නොවෙයි මේ අධික වේගය නිසා සිදුවන අනතුරු. මේ නිසා රාත‍්‍රි කාලයේ විශේෂ මෙහෙයුම් ක‍්‍රියාත්මක කරනවා. මෙවැනි නීති විරෝධී තරගවලට සහභාගි වන අයට විතරක් නොවෙයි ඒවා සංවිධානය කරන අයටත් නීතිය තදින්ම ක‍්‍රියාත්මක කරනවා.” පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.