ගෙදර ආවත් මට මතක් වුනේ අර පුංචි කෙල්ලවමයි.මගෙ අතේ එල්ලිලා කට උල් කර කර කතා කරපු හැටි මට මතක් වෙන්න පටන් ගත්තා.අම්මා නැති හින්දා හුගාක් දුකින් ඒ දරුවා ඉන්නේ. ෆෝන් එකට මැසේජ් එකක් එන සද්දෙට මං ෆෝන් එක අරන් බැලුවා.ඒ මැසේජ් එක ඇවිත් තිබුනෙ මොන්ටිසෝරියෙදි හම්බ වුනු චූටි දුවගෙ ගෙදරින්.එඩ්‍රස් එක එවලා තිබුනා.මං ඒ දුවට කිව්වනෙ හෙට එයාව බලන්න එනවා කියලා.පව් කෙල්ල මං එනකල් බලාගෙන ඇති.
🌨️🌥️⛅🌤️🌞
“අම්මා මං පොඩි ගමනක් ගිහින් එන්නම්.කාර් එකේ යන්නෙ.දවල් වෙන්න කලින් එනවා…….”
“හා දුවේ.පරිස්සමින් ගිහින් එන්න…….”
අම්මටත් කියලා මං කාර් එකේ ටව්න් එකට ආවා.මගදි කාර් එක නවත්තලා රෝස පාට ලස්සන ගව්ම් දෙකකුයි සෙරෙප්පු දෙකකුයි ගත්තා.තව ඕනි කරන බඩු ටිකකුයි ගත්තා.දීලා තිබ්බ ලිපිනේ හැටියට ඒ ගෙදර හොයා ගන්න මට ඒ තරම් අමාරු වුනේ නැහැ.හරිම නිස්කලංක පරිසරයක තිබුනු ඒ ගෙදර සුදු පාටට තීන්ත ගාලා ගේ ඉස්සරහ ලස්සනට මල් වවලා තිබුනා.ගෙයි ඉස්සරහ මිදුල ලොකුවට ඉඩ තිබුනු නිසා මං කාර් එක මිදුලෙ අයිනකින් නවත්තලා ගෙයි බෙල් එක එබුවා.තප්පර කිහිපයක් යද්දී ගෙයි දොර ඇරියේ අර පුංචි බටු ඇටේ.
“අනේ ආන්ති ඇවිල්ලා.යේ…….”😀😀
ඒ පුංචි බටු ඇටේ මං ආපු සතුටට උඩ පැන පැන අත්පුඩි ගැහුවා.👏👏ඊට පස්සෙ මගෙ අතින් අල්ලගෙන කාමරේට ගියා.
“කෝ දූගෙ තාත්ති?…….”
“තාත්ති ආන්ති ඇවිල්ලා.එන්නකෝ…….”
ටික වෙලාවක් යද්දී ලග කාමරේක ඉදලා ඒ පුංචි බටු ඇටේගෙ තාත්ති ආවා.මාලු ටැංකිය දිහා බල බලා හිටපු මං ඒ අඩි සද්දෙට පිටි පස්ස හැරිලා බැලුවා.
දෙයියනේ සපුමල්😱😱එතකොට මේ දුවගෙ තාත්තා සපුමල්ද?මට මගෙ ඇස් අදහගන්න බැරි වුනා.කතා කරගන්න බැරුව මුව ගොලු වුනා වගේ දැනුනා. අවුරුදු පහකට විතර පස්සෙ තමයි මං සපුමල්ව දැක්කෙ.අතීතය සිහිපත් වෙලා මගේ හිතට දුක දැනෙන්න වුනා.විනාඩි කිහිපයක නිහැඩියාවක් අපි අතර පැවතුනා.
“තාත්ති….මේ ආන්ති හලිම හොදයි. ආන්ති මේ මගේ තාත්ති.මේ ආන්තිතත් තීන්නෙ මගේ නමමයි…….”
“දූ ගිහින් ආන්ටිට බොන්න බීම ගේන්නකො…….”
කියන පරක්කුවට බීම කුස්සිය පැත්තට දුවගෙන ගියා.මං වාඩි වෙලා හිටපු පුටුව ලග ස්ටූල් එක උඩ මං රගපාපු හින්දි ෆිල්ම්ස් වල ඩීවීඩි තැටි වගයක් තිබුනා. කවුරු ඉස්සෙල්ලා කතා කරන්නද කියලා හිතා ගන්න බැරුව මං ඔහේ බලන් හිටියා.එතකොටම සපුමල්ගෙ චූටි දෝණි බීම වීදුරුවක් ට්‍රේ එකක දාගෙන මං ගාවට ආවා.කෙල්ල මොන්ටිසෝරි යන වයසෙ වුනාට තාම ගොඩාක් පුංචි පෙනුමක් තිබුනේ.හරිම හුරතල් පාටයි.
“ආන්ති බීම බොන්න…….”🍹
“ම්ම්….තැක්ක්යූ පැටියො…….”
එහෙම කියලා මං බීම වීදුරුවක් අතට ගත්තා.
“දුව එලියට ගිහිල්ලා සෙල්ලම් කරන්නකෝ…….”
සපුමල් එහෙම කියන්න ඇත්තෙ මාත් එක්ක කතා කරන්න වෙන්න ඇති.දුව බෝනික්කෙක් අරන් එලියට ගියා.
“ඉතිං කොහොමද සුදර්ශි ඔයාට?කවද්ද ලංකාවට ආවෙ?…….”
නිහැඩියාව බිදිමින් සපුමල් කටහඬ අවදි කරා.
“පෙරේදා ආවෙ සපුමල්…….”
“ආයෙ ඉන්දියාවේ යන්නෙ නැද්ද?…….”
“ආයෙ යන්න අදහසක් නෑ සපුමල්…….”
“එතකොට ආයෙ ෆිල්ම්ස් වල ඇක්ට් කරන්නෙ නැද්ද?…….”
“මට දිගටම ඉන්දියා වල ඉන්න අදහසක් නැහැ සපුමල්.මං කැමති ලංකාවෙ ඉන්න…….”
“සුදර්ශි මාත් එක්ක තරහින්ද ඉන්නෙ?……”
“අනේ නෑ සපුමල්.ඒත් මේ දූගෙ අම්මට මොකද වුනේ?…….”
හිතේ තිබුනු ප්‍රශ්නයක් මං ඒ විදියට සපුමල්ගෙන් ඇහුවා.සපුමල් ටිකක් වෙලා දුක්බරව කල්පනා කරා.
“දිස්නා මැරුනේ සර්පයෙක් දශ්ථ කරලා සුදර්ශි.අපේ රත්මල්දෙණිය ගමේදි…….”
දෙයියනේ දූගෙ අම්මව බේර ගන්න සපුමල්ගෙ තාත්තට බැරි වුනාද?සපුමල්ගෙ තාත්තා වෙදකමනෙ කරන්නෙ.මං ඒ ගැන සපුමල්ගෙන් ඇහුවා.
“එදා රෑ දිස්නා එයාගෙ අම්මව බලලා කැලේ පාරෙන් අපේ ගෙදරට ආවෙ. සරපයා දශ්ථ කරලා තියෙන්නේ කැලේ මැදදිමයි.දිස්නා පරක්කු වෙනකොට මායි තාත්තයි ගියා බලන්න.අපි යද්දී දිස්නා කැලේ මැද්දෙ වැටිලා හිටියා.ඒ වෙනකොටත් පණ තිබුනා.ඒත් පරක්කු වැඩියි…….”
“ඒත් ඇයි සපුමල් එදා රෑ ඔයා දිස්නාව තනියෙම ගෙදර යැව්වෙ?……”
“දිස්නා එයාගෙ අම්මව බලන්න හවස තුනට විතර ගියේ.රෑ වුනොත් එයාගෙ අයියට කියලා ඇරලවගන්නම් කිව්වා.ඒ හින්දයි මං නොගියෙ…….”
පව් මට දිස්නා ගැන දුක හිතුණා.අර අහිංසක කෙල්ලට අද අම්මගෙ ආදරේ අහිමි වෙලා.පව් අසරණී.😥😥
“දිස්නා මැරෙනකොට දුව ගොඩාක් පුංචිද සපුමල්?……”
“මාස අටයි.පව් මගෙ අසරණීට අන්තිමට අම්මව නැති වුනා.දුවට අවුරුද්දක් වෙනකන් මං එයාව බලාගන්න අපේ අම්මට දුන්නා.දිස්නාගෙ මරණෙන් මාස දෙකකට පස්සෙ දිස්නාගෙ අම්මයි අයියයි වැවේ ගිලිලා මැරුණා.ඒ මරණ දෙක ගැන ගම්මුන්ගෙ හිතේ අමුතු අමුතු බියවල් තිබ්බා.මට දුව තියාගෙන ගමේ ඉන්න හිත දුන්නෙ නෑ.ඉතිං මේ පැත්තෙන් ජොබ් එකක් හොයාගෙන මෙහෙ පදිංචියට ආවා…….”
“එතකොට ඔයා වැඩට ගියාට පස්සෙ කව්ද දුවව බලාගන්නෙ?……”
“මං දුවව ඒ මොන්ටිසෝරියෙ ඩේකෙයා එකට දලා තියෙන්නේ.හවස වැඩ ඕෆ් වුනාම දුවව අරන් ගෙදර යනවා.අහල පහල ගෙවල් වල දුවව දාලා යන්න හිතෙන්නෙ නෑ සුදර්ශි.මේකි ගෑනු ළමේක්නෙ…….”
මට සපුමල්ගෙ පිය සෙනෙහස ගැන ලොකූ භක්තියක් ඇති වුනා.අම්මත් නැතුව සපුමල් ගොඩාක් මහන්සි වෙනවා දුවව බලාගන්න.
“ඉතිං සපුමල් දුව ගැන හිතලා ඔයාට ආයෙමත් කසාදයක් කර ගන්න හිතුනෙ නැද්ද?…….”
“නෑ සුදර්ශි.මගෙ බිරිඳ වෙන්න සුදුසු අය ඇති.ඒත් ඒ කාටවත් මගෙ දූගෙ අම්මා වෙන්න බෑ.මං කසාද බදින ගෑනි මගෙ දුවට වෙනස්කමක් කරනවට මං කැමති නෑ…….”
පව් සපුමල් එයාගෙ දුවට පණ වගේ ආදරෙයි.
“සුදර්ශි…..ඔයා ඇයි ආයෙමත් මැරි කරේ නැත්තෙ?ඔයාට ආදරේ කරන ගොඩාක් අය ඉන්නවනේ…….”
ඒ අය අතර තාමත් සපුමල් ඉන්නවද කියලා මට හිතුණා.ඒත් මට වෙච්චි දේවල් සපුමල් දන්නෙ නෑනෙ.
“මං මැරි නොකරන්න ලොකු හේතුවක් තියනවා සපුමල්.ඒ මං දික්කසාද වෙච්චි ගෑනියෙක් හින්දා නෙවෙයි……..”😢😢
“එහෙනම්??…….”
“මං ලසන්තව මැරි කරලා මාස හතයි එකට ජීවත් වුනේ.ඒ ජීවිතේ මට තනිකරම අපායක් වුනා.ගුටි කනවා බැනුම් අහනවා ඉවරයක් නෑ.අන්තිමට මං අපේ අම්මලා ගාවට ගියා.ඊට පස්සේ ලසන්ත ඩිවෝස් නඩු දාලා තිබුනා.එදා දික්කසාද වෙලා උසාවියෙන් එලියට ආවෙ මං ගොඩාක් සැහැල්ලුවෙන්.ඒත්…..
එදා සිද්ධ වෙච්චි ඇක්සිඩන්ට් එක නිසා මං මාස ගානක් වීල් චෙයාර් එකේ හිටියේ.ටික කාලයක් ගියාට පස්සෙයි මං දැන ගත්තෙ ඒ ඇක්සිඩන්ට් එක නිසා මට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ කියලා.මං ජීවත් වුනේ මැරිච්ච කෙනෙක් වගේ.මට මුලු ජීවිතේම එපා වෙලයි තිබ්බෙ.ඒ අතර තුර තමයි හිත හැදෙන්න කියලා හිතලා අම්මලා මාව ඉන්දියා වල ඉන්න නැන්දා ගාවට යැව්වෙ.
ඒ පාර අහම්බෙන් වගේ තමයි ඔය රගපාන්න ලැබුනෙ…….”
ඊට පස්සේ අපි දෙන්නා අතර ඇති වුනේ ලොකු නිහැඩියාවක්.ඒ නිහැඩියාව බිදිමින් සපුමල්ගෙ දුව ගේ ඇතුළට දුවගෙන ආවා.
“තාත්ති ආන්තිත බත් දුන්නෙ නැද්ද?……”
“ඔයාද සපුමල් උයන්නෙ?……”
මං පුදුම වෙලා වගේ ඇහුවා.
“ඔව් සුදර්ශි.දුවත් මට උදව් කරනවා.අද උදේ ඉදන් මෙයා මාත් එක්ක උයන්න උදව් වෙනවා.අපි යමු කෑම මේසෙට……”
කෑම මේසෙට ඇවිත් මං වාඩි වුනා.
“කෝ දුව එන්න මං ගාවට.මං දූට බත් කවන්නම්…….”
පුංචි බටු ඇටේට මං බත් කැව්වා.සපුමල් හිනා වෙවී අපි දිහා බලන් හිටියා.
“ආන්ති දැන් ඇති.බණ්ඩිය හොදට පිරිලා…….”
කාලා ඉවර වෙලා මං ගෙදර යන්න ලෑස්ති වුනා.ඔරලෝසුවෙන් වෙලාව බැලුවා.දැන් දවල් එකහමාරයි.🕧
“අනේ ආන්ති යන්න එපා.මත පාලුයි.අද ආන්ති මෙහෙ ඉන්නකෝ.අනේ…….”
මගෙ අතේ එල්ලිලා සපුමල්ගෙ දුව ඉල්ලපු ඉල්ලීම ගැන මට දුක හිතුණා. ඒත් අම්මා මාව හොයයිනෙ මං මෙහෙ හිටියොත්.
“දුව ආන්ටිට කරදර කරන්න එපා. ආන්ටිට මෙහෙ ඉන්න බෑනෙ.ආන්ටිගෙ අම්මි බනියි එයාට……”
සපුමල් දුවට සැර කරා.කෙල්ලගෙ මුහුණ දුකින් පිරුනා.පව් අහිංසකී.
“එහෙනං මාව ආන්තිලාගෙ ගෙදල එක්කන් යන්න.මට ආන්ති නැතුව පාලුයි…….”
“සපුමල් මං දුවව අපේ ගෙදර එක්කන් යන්නද?මට නම් කිසිම ප්‍රශ්නයක් කරදරයක් නෑ…….”
“ඒත්….ඔයාගෙ අම්මලා??…….”
“ඒ ගැන ඔයා පොඩ්ඩක් වත් බය වෙන්න එපා සපුමල්.ඔයා කැමතිද කියන්නකො මං දුවව එක්කන් යනවට?…….”
“අනේ තාත්ති හා කියන්න…….”
“හ්ම්ම් හා.හැබැයි දග කරන්න බෑ ඔන්න. ආන්ටි කියන දේ අහලා ඉන්න ඕනි…….”
“හොද තාත්ති😘…….”
ඊලග කොටසින් නැවත හමුවෙමු