කොල්ලො උබ තාම නිදිද බං. බලපන් උබ ඊයේ රෑ ගෙදර එනකොට කීයද වෙලාව. අනේ මන්දා උබනම් හැදෙන මිනිහෙක් නෙමෙයි ඒ අම්මාගේ ගෝරනාඩුවයි.

ඊයෙ රෑ යාලුවෙකුගේ birthday parts එකකට ගිහින් ගෙදර එනකොට ට්කක් රෑ උනා.
පාට් එකකට ගිහාම ඉතින් දන් නැද්ද? මම උපුල් මට ඉන්නෙ අම්මා විතරයි තත්තා පොඩි කාලෙදිම මැරිලා. එදා ඉදන් අම්මා තමයි ඉතින් මගේ අම්මයි තාත්තායි දෙන්නම. අම්මා තරතෝංචියක් නැතුව කියවනවා. මාත් හැදෙන මිනිහෙක් යැයි ඉතිං.

මං ඇදෙන් නැගිටලා wash එකක් දාගෙන ඇදුමක් දාගත්තා. කොහෙ යන්නද ලැහැත්ති වෙන්නේ? අදත් පලයං හතර වටේ රවුම් ගහන්න.කවද්ද පුතා උබ මිනිහෙක් වෙන්නෙ බලපං


ඒ අම්මාගේ සුමිහිරි කට හඩයි.
දන්නවනෙ ඉතින් අම්මලාගේ හැට් 😁

මචන් උපුලා අරෙහේ යනවනෙ. පාර පැත්තෙ ඉදන් මට කතා කරේ මගේ Best friend දසුනා.
ඌත් මටම හරියන පොරක් තමා ඉතිං අම්මා මට තාමත් බනිනවා මම කනකට නොගෙන අම්මාගෙ මුනට kiss එකක් දීලා හෙල්මට් එකත් අරං දසුනාගේ බයික් එකට නැග්ගා.

කොහෙද බං උබ අර “අරෙහේ යනවද කියලා ඇහුවේ” මං නිකන් බං ඇහුවේ උබලගේ අම්මා තව පොඩ්ඩෙන් මගේ ඔලුවත් කනවා බං.හරි හරි කෑවේ නෑනෙ😁
ඒ අදත් පොඩ්ඩක් යමුද මගේ sweet ව පොඩ්ඩක් බලලා එන්න. උබේ sweet .හරියට උබ කියවන්නෙ ඒකි උබේ කෑල්ල වගේනෙ

ඕන් බලපන් දසුනා මං ඕක දාගන්න හැට්.


බලමුකො බලමුකො උබේ පම්පෝරිය විතරයිනේ

අපේ ගෙදර ඉදන් ටවුන් එකට වැඩ් දුරක් නැ අපි දෙන්නා අඹ ගහහන්දියට යනකොට කෙල්ල ඇවිත් හිටිය
නිල් පාට දිග ගවුමක් ඇදන් හිට්‍ය කෙල්ල මාරම ලස්සනයි . කෙල්ලගෙ නිල් පාට ඇස් .
ඕනම කෙනෙක් දෙපාරක් හැරිලා බලන්න තරම් ලස්සනක් කෙල්ලට තිබුනේ


උපුලා ආන් උබේ පියංබිකාව ඉන්නවා
මම බයික් එකෙන් බැහැලා හෙල්මට් එකත් අරගෙන ම ඒ පැත්තට ගියේ අද නම් කොහොම හරි කෙල්ලට නොම්බ එක දෙනවමයි කියලා හිතාගෙන .


කෙල්ලත් මං දිහා දෙපාරක් තුම්පාරක් හිමීට බලලා ලැජ්ජාවෙන් වගේ අහක බලා ගත්තා.

ඔන ම්ගුලක් කියලා කෙල්ලගෙ ලගටම ගිහින්
නංගි මං මේ……….

නංගි මේ මං ගැන වැරදියට නම් හිතන්න එපා ඔයාව දැක්ක දවසේ ඉදං මට හැමතැනම පෙන්නෙ ඔයාව විතරයි . මං හිතනවා මං ඔයාට ආදරෙයි කියලා . නංගි මේ මගෙ නොම්බ එක. ඔයා හොදට හිතලා mg දාන්ඩකෝ . කියලා කෙල්ලගෙ අත අල්ලලා අත උඩින් නොම්බරේ ලියපු කොලේ තියලා මම බයික් එක ලගට අවේ මනමාල හිනාවකුත් දාගෙනමයි.

කෙල්ල උන දේ හිතා ගන්ඩ බැරුව මං දිහාම බලාගෙන හිටියා විතරයි එක වචනයක් වත් කතා කරේ නෑ
ආ උපුලා අද නම් උබ වඩේ හරිගියා එහෙනම් මේවට නම් පාට් දාන්න වෙයි හරියේ .

හරි හරි බං ඒකි මුකුත්කිව්වෙ නෑනෙ බං.
ආයේ මොනව කියන්ඩ්ද බං ඒකි.

උබ බය වෙන්ඩ එපා උබට ඒකි කැමතියි බං
උබ පාට් ලැහැත්ති කරපන්කෝ.😝

දසුන් මාව අපේ ගේ ගාවින් බස්සලා ground එකට එකට යනවා කියලා ගියා.

මොකද බං අද උබ ගිය පයින්ම ගෙදර මොකක් හරි හුටපටයක් අදනම්.

ඕකනේ කියන්නෙ අම්මේ මං ගෙදර හිට්‍යත් වැරදියිනේ අම්මට

නෑ ඉතින් උබ කවදාවත් නැතුව ඉක්මනට ගෙදර ආපු හින්දා ඇහුවේ
පුතා අර බුලත් මැස්ස හදලා දෙන්ඩකෝ අද අම්මටත් මම නිකන් ඉන්නව පේන්න බෑ නෙ ඒ වැඩෙත් ඉවරකරලා ground එකට ගිහින් වොලිබෝල් අතකුත් ගහලා ඇලෙන් ම නාගෙන ගෙදර එනකොට රෑ 7 විතර ඇති ඒත් තාම කෙල්ලගෙන් mg නෑ

මචං කෙල්ල උබට mg දැම්මද? බං දසිනා mg එකක් දැම්මා නෑ බං ඒකිට කොල්ලෙක් ඇති බං අල්ලලා දානවා බං මං දසුනාට rply එකක් දැම්ම.

mk අදුරන් නැති නම්බ එකකින් mg එකක් ආවා
Mokuth na කියලා මං mg දැම්ම

“”Ayye math oyata kamathiy ayye””

කියලා එයා අයෙම mg දැම්ම මං දැකපු ලස්සන්ම වචන ටික තමා ඒ


ඔහොම පටන් ගත්ත ආදරේට දැන් මසයක් ගෙවිලා අම්මටවත් අවනත නොවිච්ච මම දැන් පිඋම්ට අවනතයි
ආ කියන්න බැරි උනානේ මගේ කෙල්ලගෙ නම තමා පියුමි

දැන් දසුනා එක්ක ඉස්සර වගේ ඇවිදින්න යන්නෙත් නෑ .ඒකට නම් දසුනා මා එක්ක ටිකක් තරහෙන් තමා ඉන්නෙ.
මොනව උනත් ඌ හොද කොල්ලා ඌ ඉතින් බොක්කෙම යාලුවා තමා මගේ

කෙල්ලයි මායි දැන් හැම ඉරිදා ම යනවා beach එකට අදත් ඉරිදා දවසක්ඔං ඉතින් phone එක ring වෙනවා ඒකත් එකටම මගේ මැට්ට් වෙන්ඩ ඇති


ආ………ඔව් නේ හලො කියන්ඩකො මැනික .කොහෙද අය්යෙ ඔයා ඉන්නෙ
මං තාම ගෙදර ලමයො.


අනේ අය්යෙ ඔයා තාමත් ගෙදරද? ඔව් ඉතින් තාම 7.00නෑනෙ පැටියො. හා හා ඉන්නකො ඉතින් මම 8.00වෙනකොට මගේ චුට්ක්කි ඉස්සරහ හොදේ .
(මම ඉතින් කවදාවත් වෙලාවකට වැඩක් කරන මිනිහෙක් නම් නෙවෙයි හරිද😁😂😁)

හා හා ඔනාවට වඩා බටර් ඔනා නෑ අදනම් වෙලාවට ඉන්න ඔනා හාද?
හා හා ඉතිම් love you මැනික මං තියනවා උම්මා……

අද නම් මම 8.00 කලින්ම ගිහින් එයා එනකම් බලං හිටියේ මම පරක්කු උනොත් එයාගේ මූන එල්ල ගන්න නිසාමයි අපි දෙන්න හිම්න් හිමින් beach පැත්තට ගිහින් ගල් ලැල්ලක් උඩ වාඩ් වෙලා ගොඩට ගහන රැල්ල දිහා හරි ආසාවෙන් බලාගෙන හිටියා

කෙල්ල මං ලග ඉන්නකොට හුරතල් වෙන්නෙ පොඩෙකියක් වගේ අයිස්ක්‍රීම් තමා එයා කන්න වැඩිපුරම කැමති
හැබැයි මගේ ප්ස් එකට තමා තට්ටු වෙන්නෙ ඉතින් 😁😝😂


ඒත් ඉතින් මාත් ආසම දවස ඉරිදා දවස තමයි ඉතින් .
එදා අපි දෙන්නා මුහුදට සමුදීලා යනකොට හවස 4.00 ඇති මම තනියෙම මැට්ට් කියපුව මතක් කර කර ගෙදරගියෙ පුල්ජොලියෙ 😝😁

වෙනදා ගෙදර ගියගමන් මට coll එකක් ගන්න කෙල්ල එදා coll ගත්තෙ නැහැ මට මහා කාලකන්නි හැගීමක එක්ක මහා අමුතු බයක් හිතට දැනුනා මන් දිගටම coll ගත්තත් phone eka එක නම් answer කරේ නෑ
එයාගේ යාලුවාට coll එකක් අරං බැලුවේ coll 100 විතර අරන් බැරිම තැන කෙක්ලගෙ යාලුවාට එකියන්නෙ තරුෂි එක්ක විස්තරේ කියලා එයාට කිව්වා පොඩ්ඩක් හොයලා බලන්න කියලා

ඒත් මාර වැඩේ කියන්නෙ ඒපාර තරුෂිගේ phone එකත් off කරලා මන් දෙය්යන්ගෙන් ඉල්ලුවේ මෙගෙ මනිකෙට මොක්ත්වෙන්න එප කියලා අනේ මගෙ රත්තරංට මොනව හරි කරදරයක් උනොත් නම් මන් මොහොතක් වත් ජීවත් වෙන එකක් නෑ දෙවියන්නෙ


පහුවදා උදේම phone එක ring වෙන සද්දෙට නිදාගෙන හිටපු මම එක පිම්මට ඇදෙන් ගැස්සිලා නැගිට්ටේ හිතේ තියෙන බයටත් එක්ක


හෙලො නංගි
ඔයා ඇයි රත්තරනේ .. මං මං කොච්චර නම් බය උනාද මැනික ඔයාට කරදරයක් නැ නැනෙ නේ.
කෙල්ල වචනයක් වත් කියන්න කලින් මම කියොගෙන කියොගෙන ගියෙ හිතේ බයටත් එක්කම


අය්යෙ මට ඔයාව අද හම්බවෙන්න ඕනා

Beach එකට එන්න 8.00වෙනකොට කියලා එයා හේතුවක් නොකියාම phone එක cut කරා.
මම 8.00ත් කලියෙන්ම beach එක ලගට ගියේ ඇයි එයාට එකපාරටම මොකද උනේ කියල දැනගන්න
කෙල්ල හරියටම උදේ 8.00 වෙද්දි beach එක ලගට අවා


කෙල්ලගේ ලස්සනම ලස්සන මුන අදුරු වෙලා,මලාන්ක වෙලා තිබුනා
වෙනදා තිබුනු ලස්සන කෙල්ලගෙ එදානම් තිබුනේ නැහැ
මම කෙල්ල ලගට ගියාට පස්සෙ කෙල්ල හඩ අවදි කලා


අය්යෙ අයියෙ අපි මේ සම්බන්දෙ අද නතර කරමු. අය්යෙ අපෙ ගෙදරින් මේකට කැමති නෑ අය්යෙ..
ඔයා සතුටින් ඉන්න අය්යෙ.. මට දෙමාපියන් ට පිටුපාන්න බෑ අය්යෙ

ඒ වචන ටික කියලා ඉවර වෙනකොට මගේ පපුව පැලෙන්න තරම් වේදනාවක් මට ඇති උනේ මගේ මුලු ඇගම පන නෑ වගේ මට දැනුනෙ


ඇයි නංගි එහෙම කියන්නෙ මේ බලන්න රත්තරං. මං ඔයාට කොච්චර නම් ආදරෙයි ද? රත්තරං ඔයා නැතුව ම්ං කොහොමද ජිවත් වෙන්නෙ අනේ කියන්නකො රත්තරං

අනේ මට සමාවෙන්න අය්යෙ
අනේ මට සමාවෙන්න
I am sorry ….

මාව බංකුව උඩ තනිකරලා දාලා එයා යන්න ගියේ මගේ හුස්මත් අරං
එයත් ගියේ නම් සතුටින් නම් නෙවේ කියලා මට හොදටම විස්වාසයි.

මම බංකුව උඩට වෙලා තනියෙම ඉකිගහහ ඇඩුවා. වෙනදා මුහුදේ තිබුනු ලස්සන එදා තිබුණේ නැහැ මහා මුසල බවක් තමා මුහුද පුරාම තිබුණේ .

මට මාවම එපාඋනා එදානම් ..


මම බංකුවෙන් නැගිටලා පිස්සෙක් වගේ ගෙදර ආවේ .ගෙදර අවේ කොහොමද කියලා වත් නොදැන.
ගෙදර ඇවිත් ඇදට වැටුනු මම අපේ ඒ අතීතය සිහිකර කර හොදටම ඇඩුවා .කවදාවත් නැති තරම් දුකක් එදානම් මට දැනුනෙ .මම මේ ලොකේ තනි වෙලා වගේ හැගීමක් මට දැනුනෙ

මට එහෙමම නින්ද ගිහින් ඇහැරෙන කොට අ අම්මා බ්ම ඉදගෙන ම්ගේ ඇදට හිස තියාන නින්ද ගිහින්

අම්මෙ අම්මෙ අම්මාගේ ලේලි මාව දාල ගියා මගෙ අම්මෙ කියලා මං අම්මව බදාගෙන ඇඩුවා .

කෙල්ලො ඔහොම තමයි මගෙ පුතේ …
උබ හැදිලා පෙන්නපන් මගෙ පුතේ ..
තෙරුම් ගනින් මගෙ පුතේ…..


මම පහුවදා උදේම ගමේ පන්සලට ගිහින් සේරම දේවල් බෝදියට කියලා හිත පොඩ්ඩක් සැහැල්ලු කර ගත්තා
ඔහොම ටික දවසක් ගෙවිලා ගියා එක දවසක් මම ටවුන් එකට යනකොට දැක්ක දෙයින් මගේ ඇග හිරිවැටිල ගියා
පියුමි ඒකියන්නේ මගේ පන .දසුන්ගේ අතේ එල්ලීගෙන bus stand පැත්තට යනවා මම දැක්කා
ඇයි කෙල්ලෙ මට දුන්න ඒ ආදරේ වෙන කෙනෙකුට දුන්නේ ඔයාට පුලුවන්ද එහෙම කරන්න මං මටම කියා ගත්තා..


කෙල්ල එහෙම කරත් දසුන් එහෙම කරයි කියලා මම හීනෙකින් හිතුවෙ නැහැ.
මම එදායි පස්සෙ දසුන් එක්ක තිබුනු යාලුකමත් අතඇරියා..
මම එදායින් පස්සෙ කෙල්ලව දැක්කෙ නෑ කොහෙදීවත්
අම්මටත් දැන් මගෙන් යුතුකම් කෙරෙන්න ඔනේ කාලේ හරි
ඒහින්දා මම job එකක් හොයන්න පටන් ගත්තා


මට pvt කොම්පැනියක සුපවයිසර් කෙනෙක් විදිහට job එකක් හම්බ උනා
ඔහොම ටික දවසක් යනකොට මට් හීමීට පිඋමිගෙ මතකෙ හිමීට මග ඇරිලා ගියා
…………………………………………………………………………

දවසක් මම පිඋමිලාගෙ ගෙවල් පාරෙන් ගියා මම අදුරන මාමා කෙනෙක් හම්බ වෙන්න
ඒ යන්කොට දැක්ක දේ නම් මට කවදාවත් දකින්න වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ
මගේ ඇස් දෙකෙන් මටත් නොදෙනීම කදුලු කැට සට සට ගාලා මගේ සර්ට් එකට වැටුනා.
අනේ දෙය්යනේ මේ මගේ රත්තරං කෙල්ල නේද දෙය්යනේ නෑ නෑ මේක වෙන්න බෑ මං මටම කියා ගත්තා
මම දැක්කෙ මගෙව් රත්තරංගේ මරන දැන්වීමක්


මම බයික් එක හරෝගෙන කෙලින්ම පුලුවන් උපරිම වේගෙන් ගියේ දසුන්ලාගේ ගෙදර .
දසුන්ලාගේ ගේ ඉස්සරහින් බයික් එකත් අත ඇරලා මම දසුන්ලාගේ ගේ පැත්තට දිව්වෙ දසුන්ටත් අඩගහන ගමන්
දසුන් ගේ ඇතුලේ ඉදං එලියට ආවා

දසුන් දසුන් අනේ මචං මගේ කෙල්ලට මොකද උනේ අනේ කියහන්කො බං

හරි හරි ඔතනින් ඉදගනින්කො මං උබට සේරම කියන්නම්

එදා උබ කෙල්ල එක්ක beach ගිහින් කෙල්ල ගෙදර ගියාට පස්සෙ කෙල්ල කෙල්ලගෙ නහයෙන් ලේ එන්න පටං අරං
ගෙදර කට්ටිය කෙල්ලව hospital එක්ක ගිහින් ඊට පස්සෙ ඩොක්ටර්ලා කියලා කෙල්ලට cancer එකක් තව මාස 3කට වඩා නම් කෙල්ලගේ ජීවිතය ගැන කියන්න අමාරුයි කියලා

කෙල්ලගේ අම්මලා මේක කෙල්ලට කියලා නෑ කෙල්ල අහලා අහලා බැරිම තැන අම්මා මේක කෙල්ලට කියලා
කෙල්ල එදා රෑ එලිවෙනකන් උබ ගැන උබේ ආදරේ ගැන හිත හිත අඩ්ලා බං පස්සෙ උන දේ උබ දන්නවනෙ .

එදා උබ අපි දෙන්නා ටවුන් එකේ ඉන්නවා දැක්කනේ. ඒකත් එකිගෙම පෑලෑන් එකක් බං

උබ ඒකි ගැන හිත හිත දුක් වෙන එක නවත්තන්න ඕන හින්දා තමා බ්ං එහෙම කරේ ඒකි
මට සමාවෙයන් මචං උපුලො උබෙන් මෙවා හැන්ගුවට මට සමාවෙයන් 😥😥

මල ගෙවල් ඉවර වෙලත් දැන් මාසයක් බං.
මලගෙදර ගැන වත් මං උබට කිව්වෙ නැත්තෙ උබට රිද්දන්න ඕන නැති හින්දා ම්චං….

මට සමාවෙයන් මචං ….😥😮😮
කතාව අහලා ඉවර වෙනකොට මගෙ පපුව පිච්චෙනව වගෙ දැනුනා.

අද කෙල්ලගෙ 03මාසෙ දානෙ
මමත් කෙල්ල වෙනුවෙන් අටපිරිකක් පුජා කරා

මේ බවයේ උබේ වෙන්නට පිං මදි නමුත් මතු බවයක හො මගෙම වේවා මගෙ මැනික …

………………….නිම්……….

H.M.S.laksahan