ඉන්දියාවට ආවට පස්සෙ මගෙ ජීවිතේ ගොඩාක් වෙනස් වුනා.හිතා ගන්නත් බැරි තරමට ගොඩාක් දේවල් ලැබුනා.මුලදි හිතේ කැමැත්තක් නැතුව අධ්‍යක්ෂක ශ්‍රීනාත් ගෝවින්ද් සර්ගෙ love india ෆිල්ම් එකේ රගපෑවා.ඒ චිත්‍රපටිය අති සාර්ථක ලෙස උතුරු ඉන්දීය සිනමා ශාලා හැටක පමණ තිරගත වුනා.ඒ චිත්‍රපටියේ ප්‍රධාන නිළිය ලෙස රගපෑ මට ඉන්පසු චිත්‍රපටි කිහිපයකටම ආරාධනා ලැබුනා.

හිතා ගන්නවත් බැරි තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මට ලැබුනා.සතියෙ දින හයකම මට ශූටින් තිබුනා.ඉරිදා විතරයි නිවාඩුවක් හම්බුනේ.ඒත් මට එදාටත් විවේකයක් ලැබුනෙ නෑ.මගේ රසික රසිකාවියො විශාල ප්‍රමාණයක් මාව බලන්න තෑගි බෝග අරගෙන අපේ නිවසට එන්න පටන් ගත්තා.වයස් භේදයකින් තොරව සෑම දෙනාම මට ගොඩාක් ආදරය කරා.

ඒ ආදරේ මට කවදාවත් වදයක් හිරිහැරයක් විදියට දැනුනෙ නැහැ.ඒ ආදරේට මං ගොඩාක් ආදරේ කරා.ඉන් පසුව මං චිත්‍රපටි දහයක විතර රගපෑවා.

“ඒයි මොනවද කල්පනා කරන්නේ?…….”

නේහා නංගී මං ගාවට එනකල්ම මං දැක්කෙ නෑ.

“මං මේ කල්පනා කරේ නංගි මගෙ ජීවිතේ ගැන.කොහොම කොයි විදියට හිටපු කෙනෙක්ද අද මෙහෙම ඉන්නෙ…….”

“ඒකනෙ අක්කෙ මං ඔයාට කිව්වෙ එදා අද මෙහෙම වෙනවයි කියලා.අද ඔයාට මේ හැමෝම ගොඩාක් ආදරෙයි.ඒක නෙවෙයි අක්කෙ ඔයා දැන් ලංකාවට යනවද?දිගටම මෙහෙ ඉන්නවද?…….”

“මං ඒ ගැන තීරණයක් අරන් ඉවරයි නංගි.මං ලබන මාසෙ ලංකාවට යනවා. දැන් මං ඉන්නෙ ගොඩාක් සන්තෝශෙන්. මට දිගටම මෙහාට වෙලා ඉන්න බෑනෙ නංගි…….”

“අනේ අක්කෙ ඇයි මෙච්චර ඉක්මනට ලංකාවට යන්නෙ?ඒත් මේ රටේ ඔයාගෙ ප්‍රේක්ශකයො නම් කැමති වෙන එකක් නැහැ.එයාලා ඔයාට ගොඩාක් ආදරෙයි……”

“මටත් දුකයි නංගි එයාලව දාල යන්න. ඒත් මං දැන් මෙහාට ඇවිල්ලා අවුරුදු හතරකුත් වුනානෙ.මේ වෙනකන් මට එකපාරක්වත් ලංකාවට යන්න වෙලාවක් තිබ්බෙ නෑනෙ.මං ගියාට විවේකයක් ලැබුනම ඔයාලව බලලා යන්න එනවා……”


අවුරුදු හතරයි මාස හයක් විතර ඉන්දියාවෙ සිනමා නිළියක් විදියට ජීවත් වෙලා මං ආපහු ලංකාවට ආවේ ගොඩාක් සැහැල්ලුවෙන්.අතීතයේ ජීවත් වුනු සුදර්ශිගේ මතකය මං එහෙම් පිටින්ම වලලලා දැම්මා.ආයෙ කවදාවත් මං ඒ මතකය නිසා අඩන්නෙ නෑ.දුක් වෙන්නෙත් නෑ.

එයාර්පෝර්ට් එකට මාව ගන්න ඇවිත් හිටියෙ තාත්තා.මේ අවුරුදු හතරයි මාස ගානට තාත්තගේ පෙනුමෙන් ලොකු වෙනසක් වෙලා තිබුනෙ නෑ.මාව දැකපු ගමන් තාත්තා ඇවිත් මාව වැලද ගත්තා.එයාර්පෝර්ට් එකේ හිටපු ගොඩාක් අය මාත් එක්ක කතා කරා.

සමහරු මාත් එක්ක ඉදලා සෙල්ෆි ෆොටෝ ගත්තා.ලංකාවෙත් මට ආදරය කරන රසික රසිකාවෙයො ගොඩාක් හිටියා.


“ආනේ මගෙ දූ…..ඔයා දැන් ගොඩාක් ලස්සන වෙලානෙ.හරියට බෝනික්කියක් වගේ…….”

මාව දැකපු ගමන්ම අම්මා මගේ ලස්සන වර්ණනා කරන්න පටන් ගත්තා.අවුරුදු හතරාමාරකට විතර පස්සෙ ගෙදර ආපු හින්දද මන්දා මට ගෙදරින් අමුතු විශේෂත්වයක් පෙනුනා.ලෝකයේ කොහේ හිටියත් තමන් හැදුනු වැඩුනු ජීවත් වුනු ගෙදරට ආවට පස්සෙ පස්සෙ හිතට දැනුනෙ පුදුම සැහැල්ලුවක්.

“කෝ අම්මෙ අයියයි දෙව්මිණී අක්කයි?පුතා දැන් ගොඩක් ලොකු ඇති නේද?……”

“එයාලා වෙඩින් එකකට ගිහින් දුව.රෑ වෙයි එනකොට.දුව වොශ් එකක් දාගෙන ටිකක් රෙස්ට් කරන්නකො.මං කෑම එවන්නම්……”

රෑ හත විතර වෙනකොට අයියයි දෙව්මිණී අක්කයි පුතායි ගෙදර ආවා. පුතා මාව දැකපු ගමන්ම අදුර ගත්තා. මාව පෙන්නලා දෙව්මිණී අක්කට මොනවදෝ මන්දා කිව්වා.

“මොනවද අක්කෙ පුතා කියන්නෙ?…….”
“මේ ඇන්ටි නේද එදා ටීවි එකේ පෙන්නුවේ කියලා අහනවා……”

“ඒකනෙ පුතාට මාව මතකයිනෙ. එන්නකො මං සුදු මහත්තයට තෑග්ගක් ගෙනාවා……”කාමරේට ගිහින් පුතා වෙනුවෙන් ගත්තු තෑගි ටික මං දුන්නා.ඒ තෑගි ටික පුතා ගත්තේ ගොඩාක් සන්තෝශෙන්.

“නංගී…..හෙට මොන්ටිසෝරියේ ළමයින්ගේ උත්සවයක් තියනවා.ඔයත් එන්නකෝ.ඔයාව දැක්කම එයාලා ගොඩාක් සන්තෝශ වෙයි……”

පහුවදා උදේම මං දෙව්මිණී අක්කයි අයියයි පුතයි එක්ක මොන්ටිසෝරියට ගියා.මොන්ටිසෝරියේ ළමයින්ගේ වර්ශ අවසාන විවිධ ප්‍රසංගය තමයි ඒ තිබුනේ. ලස්සන ලස්සන පාට පාට ගව්ම් පොඩිති ඇද ගත්තු පුංචි ළමයි මිදුල පුරාම ඇවිද ගියේ රන් සමනලයින් රෑනක් මෙනි.

ඔවුන් දකිනා විටදී මට ඇති වුනේ ඉතාමත් සෙනෙහෙවන්ත බවක්.ඒ ළමයින් අතර හිටපු එක පුංචි දුවෙක් ඇවිල්ලා මගෙ අතින් අල්ල ගත්තා.පුංචිම පුංචි බෝලයක් වගේ ඒ දෝණි හරිම ලස්සනයි. මං ඒ දුවගේ ඔලුව අත ගාලා හිනා වුනා.

“මොකක්ද දූගෙ නම?…….”

“සුදර්ශි……”


“ආනේ…..මගෙ නමත් සුදර්ශි.කෝ දූගෙ අම්මා?…….”

“අම්මි නෑ.තාත්තිත් එක්ක ආවෙ.අල ඉන්නෙ තාත්ති…….”

ඒ හරියෙ ගොඩක් කට්ටිය හිටපු නිසා ඒ දූ පෙන්නපු කෙනාව මං හරියට දැක්කෙ නෑ.
“ඇයි දූගෙ අම්මිට සනීප නැද්ද?…….”

“මට අම්මියෙක් නෑ ආන්ටි.එයා දුල ගමනක් ගීන් කියලා තාත්ති කිව්වා……”

අනේ පව් දෙයියනේ.මේ අහිංසක කෙල්ලගෙ අම්මා ජීවතුන් අතර නැතුව ඇති.මට හොදටම දුක හිතුණා.ඒ පොඩි වෙලාවෙදී ඒ දරුවා මාත් එක්ක ගොඩාක් ලෙංගතු වුනා.ආපහු ගෙදර එන වෙලාවෙත් මට ඒ කෙල්ලව දාලා යන්න දුක හිතුණා.

“ආන්ති අපේ ගෙදල එන්නකෝ.මත ගොඩාක් පාලුයි.අම්මිත් නෑ මත……”

මගෙ ඇස් වලට කදුලු ඉනුවා ඒ දරුවගෙ වචන අහලා.😢😢මං මගෙ ෆෝන් නම්බර් එක ලියලා ඒ දුවට දුන්නා.

“දූ මේකට දූගෙ ගෙදර ලිපිනෙ එවන්න කියලා තාත්තිට කියන්න.මං හෙට එන්නම් දුවව බලන්න.බායි දුව.බුදු සරණයි……”💞💞🙏

ඊලග කොටසින් නැවත හමුවෙමු