මාස දෙකකට පස්සේ මං ඉන්දියාවට ගියා.හිත හදා ගන්න මං ගත්තූ තීරණේ හරි කියලා මට හිතුණා.මාව ගන්න එයාර්පෝර්ට් එකට ශානිකා නැන්දා ඇවිත් හිටියා.එයා මාව දැකලා ගොඩාක් සතුටු වුනා.ශානිකා නැන්දලා හිටියේ ඉන්දියාවේ බැන්ගලෝර් වල තට්ටු නිවාස සංකීර්ණයක.එයාර්පෝර්ට් එකේ ඉදලා ගෙදරට එන්න ගත වුනේ විනාඩි තිස්පහක් වගේ කාලයක්.
“හායි…..සුදර්ශි දූ.කොහොමද ඉතිං?මේක තමයි අපි ඉන්න ගෙදර……”
මාව දැක්ක ගමන් ජයේන්ද්‍ර මාමා මගේ සුව දුක් විමසුවා.
“හොදයි මාමෙ.මේ පැත්තට මං හරිම ආසයි…….”
“එහෙනම් හැමදාම ඔයා මෙහෙ ඉන්න. නේද ශානිකා?…….”
“ඒක තමයි ජයේ.අපිත් දැන් අවුරුදු විස්සක් තිස්සෙ මෙහෙනෙ ඉන්නෙ.එන්න දූ මං ඔයාගෙ කාමරේ පෙන්නන්නං…….”
මට වෙන් කරලා තිබුනු කාමරේ ගොඩාක් නිස්කලංකයි.පාර පැත්තට මුහුණ ලා තිබුනු ඒ කාමරේ ගොඩාක් ලස්සනට සූදානම් කරලා තිබුනා.අලුත් ඇද ඇතිරිලි දාලා අලුත් දොර රෙදි ජනේල් රෙදි එහෙම දාලා තිබුනා.
“හරිම ලස්සනයි නැන්දෙ මේ කාමරේ.ඒක නෙවෙයි කෝ නංගියි මල්ලියි එහෙම?…….”
“ඔයා එනවා කියලා එයාලා දන්නවා.ඒ දෙන්නා පොඩි පාටි එකක් ඇරේන්ජ් කරන්න හදන්නෙ.ඒකට බඩු ගේන්න ගියා.ඔයා වොශ් එකක් දාලා එන්නකෝ. මං කෑම ලෑස්ති කරන්නම්…….”
යාබද නාන කාමරේට ගිහින් මං හොදට නා ගත්තා.ගමන් මහන්සිය හින්දද මන්දා නෑවට පස්සෙ පුදුම මහන්සියක් ඇගට සනීපයක් දැනුනේ.කාමරේට ඇවිත් වෙන ඇදුමක් ඇදගෙන ඉවර වෙලා මං ශානිකා නැන්දව හොයාගෙන ගියා.
“ආනේ…..සුදර්ශි අක්කා…….”
ශානිකා නැන්දගේ දුවයි පුතයි ඇවිත් මාව වැලද ගත්තා.මට පුදුම හිතුණා එයාලට මේ තරම් හොදට සිංහල පුලුවන් කිව්වම.
“ආනේ….ඔයාලට මෙච්චර හොදට සිංහල පුලුවන්ද?……”😱😱
“ඔව් අක්කෙ.අපිට සිංහල ඉන්ග්ලිශ් හින්දි හොදට පුලුවන්.නේද මල්ලි?……”
“ඔව් අක්කෙ.දෙමළත් ටිකක් විතර පුලුවන්…….”
ශානිකා නැන්දගේ දුව නේහා.එයාට අවුරුදු දහ නවයයි.පුතා විවාන්.එයාට අවුරුදු දාහතයි.
“ඒක නෙවෙයි අක්කෙ අපි පාටියක් දානවා.ඔයා ආපු සතුටට.ගොඩාක් කට්ටිය නෑ.අපි ගෙදර පස් දෙනයි.අල්ලපු ගෙදර ඉන්න මගේ යාලුවයි ආක්කගෙ යාලුවයි විතරයි.එහෙම හොදයි නේද?……””ගොඩාක් හොදයි මල්ලි……”
රෑ හතට විතර පාටිය පටන් ගත්තා. හැමෝම හිටියේ ගොඩාක් සතුටින්. කාලෙකට පස්සේ මාත් හුගාක් සන්තෝශෙන් හිටියා.ලොකු සැහැල්ලුවක් දැනුනා.හතහාමාරට විතර විවාන් මල්ලිගෙ යාලුවයි නේහා නංගිගේ යාලුවයි පාටියට ආවා.නේහා නංගී මාව එයාලට එයාලගෙ භාශාවෙන් අදුන්වලා දුන්නා.මට එයාලගේ භාශාව තේරුනේ නැති වුනාට ඒ දෙන්නට නම් අපේ භාශාව ටිකක් විතර තේරෙනවා.
පාටිය ඉවර වෙනකොටම රෑ දහය විතර වුනා.මං ඉක්මනට කාමරේට ඇවිත් හොදට නිදා ගත්තා.
මාස දෙකකට පසු👇👇
බැංගලෝර් වලට ඇවිත් නොදැනීම මාස දෙකකුත් ගෙව්නා.කාලය ගත වුනා දැනුනෙවත් නෑ.දවස් දෙකකට වතාවක් මං ෆෝන් එකෙන් අම්මලාට කතා කෙරුවා.දෙව්මිණී අක්කගේ පුතාට දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා.අයියා මට පුතාගෙ ෆොටෝස් ෆෝන් එකට එව්වා.කොල්ලා නම් අයියා වගේමයි.
“සුදර්ශි අක්කෙ ඔයා වැඩක්ද?…….”
“නෑ නංගී.ඇයි?…….”
“අපි ශොපින් යමුද?කාලෙකින් ඇදුම් ගත්තෙ නෑ.මෙහෙ ලස්සන ලස්සන ඇදුම් සාප්පු තියනවා.මෙහෙ ශල්වාර් සාරි එහෙම ඔයාට ලස්සනට තියෙයි…….”
“හ්ම්ම්.යමු ඉස්සෙල්ලා අම්මගෙන් අහලා එන්න…….”
“මං අම්මගෙන් ඇහුවා.එයා තමයි ඔයත් එක්ක යන්න කිව්වෙ.යමු අපි ශොපින් ගිහිල්ලා කොපි ශොප් එකටත් ගිහිල්ලා එහෙම එමු…….
නේහා නංගියි මායි බැංගලෝර් වල තියෙන තට්ටු තුනක ඇදුම් සාප්පුවකට ආවා.ඒකෙ එක තට්ටුවක ලස්සනම ලස්සන පාට පාට සාරි තිබුනා.අනික් තට්ටුවෙ එක එක පාට ශල්වාර් එහෙම තිබුනා.මොකක් ගන්නද කියලා හිතාගන්න බැහැ.ඒ හැම එකක්ම පුදුම ලස්සනක් තිබ්බේ.
“හරිම ලස්සනයි නංගී මේවා.මොකක් ගන්නද කියලා හිතා ගන්න බෑ…….”
“වැඩිය හිතන්න එපා අක්කෙ.ඔයාට ගොඩාල් ලස්සනයි කියලා හිතෙන ඇදුම් ටිකක් ගන්න.හැබැයි ඔයාට වැඩිපුරම ලස්සන රෝස පාට ,කහ පාට ,තැඹිලි පාට තමයි.ලා පාට තමයි ඔයාට ගොඩාක්ම ලස්සන…….”
ඉතිං මං රෝස පාටින් ශල්වාර් දෙකකුයි ලා නිල් පාටට තියෙන ගව්මකුයි ගත්තා. නේහා නංගී පල්ලෙහා තට්ටුවට ගිය නිසා මං හිමිහිට ඒ සාප්පුව ඇතුලෙ ඇවිද්දා.
“හායි….අයැම් ශ්‍රීනාත් ගෝවින්ද්…….”
එක මනුස්සයෙක් ඇවිත් මට එහෙම කියලා අත දුන්නා.මාත් හෙලෝ කියලා අතට අත දුන්නා.ඒ මනුස්සයා මට එයාලගේ භාශාවෙන් මොන මොනවදෝ කිව්වා.මට ඒවා තේරුනේ නැහැ.මං ඉක්මනට නේහා නංගි ඉන්න තැනට ගියා.
“ඇයි අක්කෙ මේ කලබලෙන් වගේ?මොකද වුනේ?…….”
“අනේ කව්ද මනුස්සයෙක් මගෙ පස්සෙන් ආව නංගි.හින්දියෙන් මොන මොනවදෝ කිව්වා.මට තේරෙන්නෙ නෑ.කව්ද දන්නෑ. බයේ බෑ…….”
“කෝ අක්කෙ කව්ද?…….”
නේහා නංගී එහෙම අහනකොට මං දැක්කා ඒ මනුස්සයා පඩිපෙළ බැහැගෙන අපි ඉන්න තට්ටුවට එනවා.
“ආ අර ඉන්නෙ නංගි.අර මනුස්සයා තමයි…….”
“ඈ…..අක්කෙ එයාද ඔයත් එක්ක කතා කරේ?…….”😱😱
නේහා නංගී පුදුම වෙලා වගේ මගෙන් එහෙම ඇහුවා.
“ඔ….ඔව් නංගි.ඇයි ඔයා පුදුම වෙලා වගේ?…….”
“අක්කෙ…..ඒ ශ්‍රීනාත් ගෝවින්ද් සර්.එයා චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක්…….”
“ඉතිං මොකටද මාත් එක්ක කතා කරන්නේ?…….”
මං අහපු එකට උත්තරයක් නොදීම නේහා නංගි මගෙ අතින් ඇදගෙන ඒ මනුස්සයා ඉන්න පැත්තට ගියා.ඒ ශ්‍රීනාත් කියන මනුස්සයා මං දිහා හොදට හොදට බැලුවා.නංගි ඒ මනුස්සයත් එක්ක එයාලගේ භාශාවෙන් මොන මොනවදෝ කතා කරා.ඒ කතා කරපු එක වචනයක්වත් මට නම් තේරුනේ නැහැ.
“අක්කෙ මේ සර් කැමතියිලු එයාගෙ ඊලග ෆිල්ම් එකේ මේන් කැරැක්ටර් එකට ඔයාව ගන්න.දවස් ගානක් තිස්සේ එයා හොයපු කෙනාව අදලු හම්බුනේ…….”
“මොකක්??අනේ මට නම් බෑ නංගි රගපාන්න.අනික මං මෙයාලගෙ භාශාව මෙලෝ සසරක් දන්නෙ නෑ……”
“භාශාව ප්‍රශ්නයක් නෙවෙයි අක්කෙ. ඒකට තමයි හඩ කැවීම් ශිල්පීන් කියලා ජාතියක් ඉන්නෙ.අනේ අක්කෙ මේ අවස්ථාව නම් නැති කර ගන්න එපා ප්ලීස් අනේ.🙏🙏ඔයා දන්නෙ නැති වුනාට මේ රටේ රගපාන්න ලැබෙනවා කියන්නේ ගෑනු ළමේකුට ලේසියෙන් ලැබෙන්නෙ නැති අවස්ථාවක්.ඔයාට පුලුවන් එක රැයින් ජනප්‍රිය තරුවක් වෙන්න…….”
“අනේ මට නම් බෑ නංගි.මං මෙහාට ආවෙ රගපාන්න නෙවෙයිනෙ.මං ඒකට නම් කැමති නෑ.රගපාන්න මගෙ හිතේ ආසාවක් නෑ…….”
එකහෙලාම මං ඒකට අකමැත්ත ප්‍රකාශ කරා.ඒත් නේහා නංගී එයාගෙ උත්සහය අතෑරියේ නෑ.ඒ ඩිරෙක්ටර් එක්ක මොන මොනවදෝ කියලා ටෙලිෆෝන් නම්බර් එකත් අරගෙන ආවා.ඇදුම් අරගෙන අපි ඊලගට ආවෙ කොෆි ශොප් එකට.කොෆී බොන ගමන්ම අපි කතා කරා.☕☕
“නංගී….ඔයා මොනවද අර ඩිරෙක්ටර් එක්ක අන්තිමට හච පච ගගා කතා කරේ.ඇයි එයාගෙ නම්බර් එක ඉල්ල ගත්තෙ?මොනවද එයා කිව්වෙ?…….”
“අක්කෙ…..පොඩ්ඩක් මං කියන දේ තේරුම් ගන්න.ඔයා මේ ෆිල්ම් එකේ රගපාන්න කැමතියි කියන්න.බලන්නකෝ ඔයා ෆිල්ම් එකේ ඇක්ට් කරලා ඒක රිලීස් වුනාම මිනිස්සු ඔයාට මොන තරම් ආදරේ කරනවද කියලා.එතකොට ඔයාට දැනෙයි ඔයා තනි වෙලා නෑ කියලා.ඔයා වටේට ලොකු රසික රසිකාවියො ගොඩාක් ඉදියි.ඔයාට හිතා ගන්න බැරි වෙයි ඔයා මොන තරම් ජනප්‍රිය වෙයිද කියලා…….”
“ඔයා ඔහොම කිව්වට මට එහෙම ආසාවක් ඇති වෙන්නෙ නෑ නංගි.අනික මං පුංචි කාලෙ උනත් වැඩිය ටීවි බලපු කෙනෙක් නෙවෙයි.ෆිල්ම්ස්,ටෙලි ඩ්‍රාමා මං වැඩිය බලලා නෑ.ඉතිං මට ඒවා ගැන ආසාවක් ඇති වෙන්නෙ නෑ…….”
“ඒත් අක්කෙ ඔයා හින්දි ෆිල්ම්ස් නොබලම ඉදලා නෑනෙ.ලංකාවෙ කොච්චර ජනප්‍රිය නිලියො ඉන්නවද? බලන්න දැන් පූජා උමාශංකර්.එයා ඉන්දියාවේ ටැමිල් ෆිල්ම් ඇක්ටර් කෙනෙක්.දැන් ඉන්නෙ ලංකාවෙ.අර සරිගම ෆිල්ම් එකේ හිටියෙ මතකද?……..”
“ම්ම්ම්…..මට මතක නෑනෙ…….”
“හරි ඒවයෙන් වැඩක් නෑ.ඔයා මේ අවස්ථාවට පයින් ගහන්න එපා.අනේ ප්ලීස් අක්කෙ මේ ෆිල්ම් එක විතරක් භාර ගන්න…….”
“දැන් ගෙදර යමුද?……”
“මං මෙතනින් යන්නෙ නෑ.ඔයා මට හරි උත්තරයක් දෙනකල්……”
“හරි හරි මං කැමතියි.හැබැයි මේ ෆිල්ම් එක විතරයි.ඊට පස්සේ මං ලංකාවට යනවා.ආයෙ මේ රටට එන්න හිතන්නෙවත් නෑ…….”
“අනේ තැක්ක්යූ අක්කී…….”
ඊලග කොටසින් නැවත හමුවෙමු