සඳ එළිය සුදු මිදුල පුරාම ඝන සැරේට වැතිර තිබුනේය.සේපාලිකා මල් හාත්පස සුවඳ දෙමින් පිබිදී සුදු වැලි මිදුලේ එක දෙක බිමට පැන්නේය.වැට ඉමට වෙන්නට තිබුන නිදිබර සියඹලා ගසේ වැසු බස්සෙක් හඬ තැලුවෙිය.ඉඳ හිට හමන මඳ සුළඟින් ගස්වල අතු සර සර ගා නැල වෙන හඩත් බස්සාගේ හඬත් මිසක මුළු පරිසරයම නින්දකය.
සිරි……

ගෙයි මුල්ලකට වෙන්නට කැඩුනු ලෑලි පුටුව උඩ තිබුන ලමිිපු දැල්ලේ කහපාට එළියෙන් නන්දනීගේ මුහුන සිරිමල් දුටුවෙිය.එහි සොමිිනස පිරී ඇත.තම ලය මත ⁣මුහුන හොවාගෙන සිටින නන්දනීගේ උනුසුමිි ඉක්මන් සුසුමිි රැල් සිරිමල්ගේ ලයමතට උනුසුමිිව වැදින.ඇගේ හිස කෙස් අතර සිරිමල් තම දෑඟිලි තුඩු යැවිිවෙිය.
මං…මෙික ඔයාට කියන්නම කියල හිතුවෙ..

මොකක්ද නන්දනී

නෑ මං කියන්නේ…ඔයාට ඔයතරමිිම නහින්න බෑනෙ සිරි…කොහොම හරි කරල මෙි ගේ කෑල්ල හදාගන්නත් ඔින..
හ්ම් …ඒකනමිි එහෙම තමයි නන්දනී…ඒත් ඉතිං හැමදාම දැන් වැඩත් එන්නැති එකේ….
ඒක තමයි මං කියන්නේ සිරි…නරකද මටත් රට ගියොත්…

රට……?

බය වෙන්න එපා සිරි..මං අද හවස නාන්න දොාලට යද්දි රබර් වත්තේ ගෙදර නැන්ද හමිිබ වුනා..එයාගෙ දුව නාමලී…මතකද ඔයාට?…

අා…නාමලී…
නාමලිලගෙ අමිිම තමයි කිවිිවෙි.එයා ඉන්න තැනට කෙනෙක් ගන්නවය..එයා එන නිසා..විශ්වාස කෙනෙක් හොයනවය කියල.විය හියදමිි සේරම ඒගෙදර නෝන දරනවය කියල.මගෙන් ඇහුව කැමතිද කියල..මං උත්තරයක් දුන්නෙ නෑ..මං කිවිිව සිරිගෙන් අහල කියන්නමිිය කියල…

සිරිමල් මොකුත් නොකිය නිහඬව සිටියේය…

ඒ ගෙදර නෝන හරිම කරුණා වන්තයිලු සිරි..ඔයා දැක්ක නේද නාමලීල හදල තියෙන ගෙදර…?
හ්ම් ….

අනේ..සිරි මාත් යන්නද?…

එහෙම ගියා කියමුකෝ…එතකොට මෙිළමයි දෙන්න…

අපෙ අමිිම ගෙන්න ගමු..නංගිත් අමාරුවෙන්නෙ ජීවත් වෙන්නේ…මම අමිිමට කියන්නමිි මෙහෙ ඇවිදින් නවතින්න කියල..

අනේ මන්ද නන්දනී…සිරිමල් දිග සුසුමක් ඉහලට ඇද පහලට දමා පන් පැදුරේ අනිත් අතට හැරුනේය.නන්දනී ඔහුට පරණ චීත්තයක් පොරවා පැදුරෙන් නැගිට ළමයින් දෙදෙනා අතර වැතිර ගත්තාය..


නන්දනී විදෙස් ගත වීම සඳහා සියළු දේ සුදානමිි කර ගත්තාය.අළුතින් ගෙනෙන ලද ලොකු බෑග් එකකට තමනට අවශ්‍ය කරන දේ කල්පනා කාරිව අසුරන ගමන් ඇයට උදවිි කලේ පුතා සහ දියණියය.

අමිිමෙි…අමිිමා යන තැන ගොඩා….ක් දුරද?හ්ම් …ගොඩාක්…දුරයි..මයෙ දුව තාත්තයි අයියයි ආචිිචියි එක්ක පරෙස්සමින් ඉන්න ඔින හොඳද?..

පවනී හිස සලමින් නන්දනීට තුරුළු වුවාය..

පුතා…නංගි බලාගන්න ඔින හොඳට හොඳද?අචිිචි ,තාත්ත කියන විදියට වැඩ කරගෙන ඉන්න ඔින…ගඟට හොරෙන් යාළුවො එක්ක නාන්න යනව හෙම නෙමෙි…තේරුනාද?..අමිිම එනකං…පරෙස්සමින් ඉන්න ඔින..
තරිඳු බිම බලාගෙන හිස සැලීය.

පසුවදාට පාන්දරම නන්දනීත් සිරිමලුත් ගමනට මඟට බැස්සහ.නන්දනී දරුවන් දෙදෙනා තුරුළු කරගෙන බොහෝ සේ හැඬුවාය.සිරිමල් ගේද දෑස් රතු වී තිබුනි.

“දුවෙි…අන්න ඉස්කෝලෙ මහත්තයත් එනව.ගමනට ලෑස්ති වුනානමිි…නන්දනී ගේ මව පැවසුයෙන් ඇය කඳුළු පිසදා නැගිට ගත්තාය.

නන්දනී⁣ ගේ බෑගය සිරිමල් කර මත තබා ගත්තේය.නන්දනීගේ මව ඇය එන පෙරමඟට වතුර කලයක් රැගෙන ආවාය.


එහෙනමිි නමෝ විත්තියෙන් අපි පිටත් වෙමු නේද?බස් එකටත් වෙලාවහරි මයෙ හිතේ…ඉස්කෝලේ මහත්තයා කීවෙිය.


කඩුල්ල පැන වැලි පාර දිගේ මීදුමෙි නොපෙනී යන අමිිමා දෙස දරුවන් බලා සිටියේ කඳුළු පෙරෙන දෑසිනි….
.


ආදර සිරි…

මෙි ලියුම ලියන මොහොතේ ඔයා දරුවන් එක්ක නිදි ඇති.ගෙදර නමිි නරක නෑ.වැඩ ටිකක් වැඩියි.සමහර දවස්වල මට කන්නවත් වෙලාවක් නැති තරමිි..කන්න බත්පත අතට ගත්ත ම මට ඔයයි ළමයි දෙන්නයි,අමිිමවයි මතක් වෙනව..ඔයාල කෑවද දන්නෙ නෑ කියල හිතෙනකොට කටට ගන්න බත් ටික උගුරේ හිරවෙනව සිරි..අද මම බැංකුවට මගේ මුල්ම පඩිය දැමිිම.ඔයා ඒ සල්ලි අරගෙන ගෙදර අඩුපාඩු ගේන්න.ළමයින්ට ඔිනකරන දේවල් ගන්න.අමිමටත් වියදමට කීයක් හරි දෙන්න..


නන්දනී එවු ලියුම පපුවට තුරුළු කරගෙන සිරිමල් දිග සුසුමක් හිස් අවකාශයට පාකර හැරියේය…

පවිි මගෙ අහිංසකී….


නන්දනී ලංකාවට එනකොට මං ලස්සන ගෙයක් හදල ති⁣යනවා.සිරිමල් අදිටන් කර ගත්තේය.තමන් මෙිසන් වැඩ කර උපයා ගන්නා මුඳල් වලින් ගෙදර විය පැහැදමිි බලා ගත් අතර නන්දනී එවන මුඳල් සියල්ල ඉතිරි කරගත්තේය.සිරිමල්ගේ එකම අධිෂ්ඨානය වුයේ අළුතින් නිවසක් ගොඩ නගා ගැනීමය.බොහෝසේ මහන්සි වී නිවසට එන සිරිමල්ට වෙනදානමි දොරකඩට වී සිනා මුසුව හිඳින නන්දනී දක්නට ලැබෙන්නේය.

උනු උනුවෙම සාදා දෙන කහට කෝප්පය බිවිි සැනින් තෙහෙටිිටුව කොහේ ගියාද නැත.එහෙත් අද වැඩ ඇරී නිවසට එනවිට නන්දනී පේන්නට නැත.සිරිමල්ගේ සිත අමුතුම පාළුවකින් වෙලී යන්නේය.දුකකින් හිත පිරෙන්නේය..

ලඟකදි ඉඳන් හවසට ඉනේ සඟවාගෙන එන මත්පැන් කාලේ බෝතලය සිරිමල් හොර රහසේ පානය කරන්නේය..සමහර දිනවලට නිරාහාරවම නිදා ගන්නා සිරිමල්ට නන්දනී සිහිනයෙන් පෙනෙන්නේය..ඒ සිහිනය පුරාවටම නන්දනී සිටින්නීය..


සිරිමල් අයියේ…තේ ටික බීල ඉන්න..තේ රැගෙන ආ ගංගා සිරිමල්ට කතා කලාය.

සිරිමල් පලංචියෙන් බිමට බැස්සේය.

සීමන් අයිය…එන්න තේ බොන්න..බදාම එකතු කරමින් සිටි අත්වැඩට ආ සීමන්ට සිරිමල් හඬ ගෑවෙිය..
සිරිමල් අයියගෙ ගම කොහෙද?

මම නංගී බුලත් සිංහල.

බැඳලා..?
හ්ම් …නෝන රට..

ඇත්තෙයි…ගෙඩක් කල්ද?

දැං…අවුරුද්දක් විතර…

එහෙමද?..එතකොට බබාල…

බබාල නෑ…මං විතරයි තනියම…

අයියෝ….ඉතින් පාළු නැද්ද?

පාළුයි කියල මොනව කරන්නද?
ඉතින් ..නෝන..ලියුමිි එවනවද?
මුලින්..මුලින්නමිි එවිිව..දැන් නෑ…

ඒ මොකද?

කවිිද දන්නේ…සමහර විට..එයා.
පවිි සිරිමල් අයියේ ඔයා….


ගංගලාගේ නිවසේ කෙලවරක ඇති මඩුවෙි සිරිමල් නවා තැන් ගත්තේය.ගමෙි වැඩ අඩු නිසා සිරිමල් වැඩ හොයාගෙන පත්තරේ තිබුන දැන්වීමකට අනුව හලාවතට ආවෙිය.නිවසේ සිටියේ ගංගාත් ඇගේ මවත් පමනි.ගංගා විසින් පැරණි නිවස ඉදිරිපිට නවීන නිවසක් තැනීම ආරමිිභ කර තිබුනි.බාගයක් ඉදිකර ඇති නිවස සමිිපුරණ ඉදිකිරීමට ගංගා මෙවර භාර කලේ සිරිමල්ටය.

සිරිමල්ගෙ වැඩ ගැන ගංගා අතිශය පැහැදුනාය.කඩිසර මෙන්ම ප්‍රිය මනාප ගතියකින් හෙබි සිරිමල් ගැන ඇය බොහෝ සේ පැහැදුනාය.ගංගාගේ සැමියා ඇය විවාහ වී මාස කීපයකින් රිය අනතුරකට ලක්ව මිය ගියේය.සැමියා සතු පොල් වතු ඇය සතු වුයෙන් ඇය ධනවත් කාන්තාවක වුවාය.සිරිමල්ගේ සිත ඇය කෙරේ බැදුනි.ඇගේ කතාව ගමන බිමන සිරිමල්ගේ සිත තදින්ම පැහැර ගත්තේය.දෙදෙනාම නොදැනුවත්වම ඔවුන් අතර ප්‍රේමයක් දළුලා වැඩුනේය.දවසේ වැඩ ඉවර කල සිරිමල් නාගෙන මඩුවෙි ඇඳ මත ඇලව සිටියේය.ගංගාගේ මව සිරිමල්ට කෑම ⁣පිඟානක් රැගෙන අවාය..


මොකද පුතේ..අසනීපයක් වත්ද?

න්..නෑ..අමිිමෙි..ඇඟට ටිකක් මහන්සි ..ඒකයි

මිි…මම ගංගට කියල වෙනිවැල් ගැට ටිකක් තමිිබල එවන්නමිි කෝ..සිරිමල් ගංගාගේ මව ගිය පසු නැවත ඇඳේ වැතිර ගත්තේය.


ගංගට කියල හෙට ගෙදර ගිහින් එන්න ඔින.නන්දනී ලිවුමිි එවලත් ඇති
සිරිමල් අයිය..කෝ..නිදිද?
ආ..නෑ..නංගී… ආහ්..මෙන්න වෙනිවැල් ගැට…⁣


වෙනද දොරකඩට එන ගංගා අද මඩුව අැතුලටම ආවාය.
වැඩ කරල මහන්සි ඇති.


හ්ම් …
ඒක නෙමෙයි නංගී..මම හෙට උදේම ගමෙි ගිහින් එන්න කියල..
හෙට?…හදිසියෙම..?


නෑ..හදිසියක්ම නෙමෙයි..ගෙදර තියනවද දන්නෙත් නෑනේ..ඒකයි…
ගංගා සිරිමල්ට සමීපව අැඳ මත හිඳ ගත්තාය.


මම නමිි කැමති නෑ අයියේ ඔයා එක දවසකට වත් යනවට..ඇගේ ඇස් කඳුලින් පිරී ඇත.
සිරිමල් ඇගේ ඉනවටා අතක් යවා ඇය තමනට තුරුළු කර ගත්තේය.


බය වෙන්න එපා.මං ඊලඟ දවසෙම එනවා..
සිරිමල් අයියේ…
ඇයි….?


ඇය මොකුත් නොකියා ඔහු දෙස බලාගෙන හිඳී.
දැන් යන්න..අමිිම හොයයි.
අමිිම නිදි..


ඇඳ මතින් නැගිට ගත් ගංගා මඩුවෙි දොර වසා දැමුවාය.
නංගී…??
කිසිවක් නොදෙඩු ඇය විදුලි පහනද නිවා දැමුවාය………


කොහෙද සිරිමලෝ උඹ ඉන්නේ..බලහං..මං මොනතරමිි ගින්දරේද හිටියේ..කෙල්ල එක දිගට ලියුමිි කරදහි එවනවා.මම ඔවිිව කියවන්න දන්නෙත් නෑ..


සිරිමල් ගෙට ගොඩ වන්නටත් පෙරම නන්දනී ගේ අමිිමා කියවාගෙන ගියාය.
මම කොළඹ වැඩ හොයාගත්ත නැන්දේ..මෙහෙ හිටිය කියල වැඩත් හැම දාම නෑනේ.
ආං..කෙල්ල එවපු ලියුමිි දෙක තුනක්ම පෙටිිට ගම උඩ ඇති..


කෝ ළමයි ඉස්කෝලේ ගියාද?
හ්ම් ..කඩෙි පොතෙත් මෙි ටිකට ණය ගොඩ ගැහිල.ඔක්කොටම කලින් එක අහවරක් කරල ඉඳහං..
නන්දනී සිරිමල්ට එවු ලියුමිි එකිනෙක කියවා බැලු සිරිමල් ඒ සියල්ල ගුලි කොට ඉවත දැමීය.ඔහු පලමුව කඩයට ගොස් ණය තුරුස් බෙිරා දමා අනතුරුව තැපැල් කන්තෝරුවට ගියේය.


ආ..සිරිමල් මල්ලී…දැක්ක කල්
සුමනෙ අයිය වැඩක්ද?
නෑ මල්ලී..උවමනාවක්ද?


උවමනාවක් නමිි තමයි…යමුද අපි ටිකක් එළියට..
ආ..හරි..
දෙදෙනා කතාවෙන් කතාවෙන් කුසුමලාගේ නිවසට ආහ..


කුසුමක්කේ…කුසුමක්කෝ…
ඔි…….හ්
ආ..මෙි සිරිමලානේ..දැක්ක කල්..


මෙි..තියෙනවද?
දෙසීයේ ඒවා විතරයි..
පැකටිි දෙකක්..


වත්ත පිටු පසට ගිය කුසුමා මඳ වෙිලාවකින් පැමින තන පට අස්සෙන් ගත් කසිප්පු පැකටිි දෙකක් ගෙන සිරිමල් අත තබා..මෙතනින් ඉක්මනට පලයල්ලා..යැයි කීවාය.


සිරිමල් සහ සුමනේ කුසුමලාගේ නිවසේ දෙවැට ලඟින් ගොස් ගමිිසභා පාරට වැටුනාහ.එතැනින් ඇති කුඹුරු යායට බැස නියරක් දිගේ ගොස් වෙිල්ල ලඟ ඇති කුඹුක් ගස මුලට පැමිනියහ.රෑස්ස කුඹුක් ගහට පිටදී සිරිමලුත්,ඔහුට ඉදිරියෙන් කකුල් දෙක දරණ ගසාගෙන සුමනෙත් වාඩි විය.සිරිමල් ගෙනා කසිප්පු පැකටිි දෙකෙන් එකක් සුමනෙට දුන් අකර ඔහු එහි මුල්ලක් කඩා එක හුස්මට කටෙි හලාගෙන මුන ඇඹුල් කරගෙන ඉවතට කෙල පාරක් ගසා රටකජු ඇට දෙකතුනක් කටෙි දමා ගෙන හපන්නට විය.


මට සුමනෙ අයියගෙන් පොඩි උදවිිවක් ඔින.


කියාං…මලේ…උඹ හොඳ එකා..උඹට උදවිි කරන්න බැරිනමිි..මම මොකටද?
සුමනෙ අයියා…අපේ ගෑනී රට ඉඳල එන ලියුමිි ආයේ ගෙදරට දෙන්න එපා..මොනම හේතුවක් උඩ වත්.උඹ ඒ හැම එකක්ම කෙහොම හරි අරගෙන මට එවපන්..සමහර විට ගමෙි අයටත් එන්න පුළුවන් ..ඒවත් අරගෙන අයින් කරල දාපන්…


මලේ…..


මම උඹට ඒකට සලකනවා සුමනේ…


ඇයි..ඉතින් ..
මෙික උඹයි මමයි අතර රහසක්…තේරුනාද?


කාලය හරි ඉක්මනට ගෙවී ගියේය..නන්දනී ගේ සේවාකාලය නිමවී මවිි බිමට යාමට ඇය ලෑස්ති වන්නීය.සිරිමල් තම ඉඩමෙි අලංකාර ⁣ව ගොඩ නගා ඇති නිවසේ ගත් ඡායාරුප නන්දනී ට එවා තිබුනේය.ඒ මෙි ලඟකදිය.
අපරාදේ ළමයි දෙන්නගෙ ගත්ත පොටෝ ටික මෙයාට එවන්න අමතක වෙලානේ…කමක් නෑ..දැන් ඉතින් යන එකනේ.


දිනක් නන්දනී තම ස්වාමි දුව සමඟ අවශ්‍ය දේවල් මිලදී ගැනීමට සාප්පු සංකීර්ණ වල ඇවිද්දාහ.


නන්දනී…උඹ යන එකට මට හරිම දුකයි..මොනව හරි ප්‍රශ්නයක් වුනොත් මට කියපං..මං උඹට උදවිි කරනවා..ස්වාමි දුව එන ගමන් නන්දනී ට කීවාය.ගෙවෙන හැම පැයක්ම හරිම හෙමීට යනව වගේ නන්දනී ට දැනුනි.පවනී…තරිඳු දැන් ලොකු ඇති..පවිි මගෙ සිරිමල්….මං ඉක්මනටම ඔයාලව බලන්න එනව සිරි.නන්දනී ගෙදර අය පුදුම කරවන්නට සිතා ඇය මවිිබිමට එන දවස සිරිමල්ට නොකීවාය.ඇයගේ අදහස වුයේ ⁣ගුවන් තොටුපලින් කුලීරථයක් ගෙන කිසිවෙකුටත් නොදන්වා නිවසට ඒමටය.


නන්දනී රැගත් කුලී රථය ගමට සේන්දුවිය.ගම තාමත් හැඩය.ගම තාම වෙනස්ව නැත.නන්දනී ගේ සිත ප්‍රීතියෙන් උද්දාමව ඇත.ඇය රැගත් කුලී රථය ඇය ගේ ගේ ලඟ නතර කලේය.රථයෙන් බැස ගත් නන්දනී දෑස් විශාලව උගුර හිරවෙනවාක් මෙන් විය.ඉඩම වල් වැදී ඇති අතර නිවස ගරාවැටී ඇත.


දෙයියනේ…මෙි නන්දනී කෙල්ල නේද? මට අඳුර ගන්නවත් බැරිවුනා දුවෙි…අනේ වාසනාවන්…මම මෙි වාහනයක් ආවට කවිිද කියල බැළුව.


අනේ දයාවති නැන්දේ..කෝ අපේ ගෙදර අය…?


ආ..දුවෙි..ඔහොමම යංකො අපේ ගෙදර..
කලන්තව බිම ඇද වැටුන නන්දනී ට මඳ වෙිලාවකින් සිහිය ආවාය.දයාවතී නැන්දා ඇයට පවන් සලමින් සිටියාය.ඇය ගෙනා බඩු ටික දයාවතී නැන්දා රියදුරුගෙ සහයෙන් බිමට බා තිබුනි.


දුවෙි…නැගිටින් ඉතින් ..වුන දේ වුනා..ආං අර දරුවගෙ ගනු දෙනු දීල පිටත් කරපන්.
අවසිහියෙන් මෙන් මුඳල් ගත් නන්දනී මුඳලක් රියදුරුට දුන්නාය..

එතකොට නැන්දේ දැන් මගෙ ළමයි දෙන්න කොහෙද?


ජයවති අක්ක හිටියනමිි මෙි වෙනකොටත් ළමයි දෙන්නයි අක්කයි හිඟා කාල හරි ඔය ගෙදර ඉන්නව.උන්දැ හදිසියෙම මලාම පොලිසියෙන් ළමයි දෙන්න උසාවි දැමිිම.උඹලැයි නංගිත් ජීවත් වෙන්නෙ අමාරුවෙන් හන්ද එයාගෙ කැමැත්ත උඩ ළමයි දෙන්න පරිවාසෙට දැමිිම.ඒ කෙලී හදා ගන්න ඉල්ලුවත් පොලීසියයි ග්‍රාම සේවක උන්නැහෙයි කරුණු තේරුමිි කරල දීල පරිවාසෙට දැමිිම.

ඒ කෙලී නමිි හරියට ඇඬුව එදා.ළමයි දෙන්න දැන් ළමා නිවාසෙක ඉන්න වලු.ඒ කෙලී මාසෙකට සැරයක් ගිහින් ළමයි දෙන්න බලල එනවලු.සිරිමලා නමිි ඇහැකට දැක්කෙ නෑ ඔිං මං.මොනදීපංකරේක ඉන්නවද කියල දන්නෑ.


මං නැන්දෙ නංගිලගෙ ගෙදර ගිහින් නංගිත් එක්ක හෙටම යනවා මඟේ ළමයි දෙන්න ගන්න…
නන්දනී නැවතත් වැල පෙන්නට වුවාය..


පසුවදාම නන්දනී සිය නැගනිය සමඟ තම දරුවන් දෙදෙනා සිටින ළමා නිවාසය බලා පිටත් වුවාය.ඔවුන් පළමුව ප්‍රධාන පාලක තුමිය මුන ගැසිනි.එය ⁣දේවස්ථානයක් මඟින් පාලනය වන්නකි.අනතුරුව පාලක තුමිය විසින් තරිඳුත්,පවනිත් ගෙන්වනු ලැබීය.මඳ වෙිලවෙකින් ඇසුනේ මිහිකතම සලිත කරවන මාතෘ ප්‍රේමයක සහ දරු සෙනෙහසක් එකට ගැටුන විලාප හඬවල්ය.සියල්ල සන්සුන් වන්නට මඳ වෙිලාවක් ගත විය.


දැන් මෙි අමිිමගෙ අදහස මොකක්ද ?
මට හිතා ගන්න බෑ සිසටර්..මං අායෙත් මුල ඉඳල පටන් ගන්න ඔින..


බොහෝම හොඳයි..හිත ශක්තිමත් කර ගන්න ඔින.
එහෙමයි..
මම මෙි දරුවන්ගෙ අනාගතය වෙනුවෙන් ආයෙත් හිටපු තැනටම යනව සිස්ටර්..


බොහෝම හොඳයි..අපි දරුවන්ව හොඳින් බලා ගන්නව.අමිිම ඔයාගේ අරමුන කරා යන්න.දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා…


එහෙමයි සිස්ටර් …මං ආයෙත් මං හිටපු තැන ගේ දොර හදාගෙන මගෙ ළමයි දෙන්න ගන්නව..
ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරාවි…මෙි ඉන්න ටික කාලය දරුවන් එක්ක මෙහෙම රැඳෙන්න පුළුවන් ..
එහෙමයි සිස්ටර් ..


නාමලී දුරකතන ඇමතුමක් තම එතෙර ස්වාමි දුවට ගෙන තමා පත්ව ඇති ඉරණම හැඬු කඳුලින් පැව සුවාය..
උඹ ඉක්මනටම ආයෙත් වරෙන්.මං උඹට ගෙයක් හදල දෙන්නමිි..ඒ ඇගේ පිළිතුරය..


පසු දිනෙක නාමලී රැගත් ගුවන් යානය අහසට නෑගී වළාකුළු අතර නොපෙනී යනවිට දෑස් තද කරගත් නාමලීගේ දෙනෙතින් කඳුළු වැටුනේ නැත.ඒ වෙනුවට ඇගේ සිත කළුගලක් වන්ව ශක්තිමත්ව අනාගත සුබ සිහිනයක වෙලී තිබුනි.

සමාප්තයි.

ලලිත් ජයවර්ධන ගෙන් උපුටා ගැනීමක්