ජීවිතේ දිහා ඉස්සර වගේ සැහැල්ලුවෙන් සතුටින් බලන්න මට පුලුවන් කමක් තිබ්බේ නැහැ.ජීවත් වෙන්න ඕනිවටයි මං ජීවත් වුනේ.මාස හතරක් විතර රෝද පුටුවෙ ජීවිතේ ගෙවපු මට දැන් තනියම ඇවිදගන්න පුලුවන්.ඒත් දෙපයින් හිටගෙන ලෝකෙ දිහා බලන්න මට බැරි වුනා.කාමරේට වෙලා තනියම මගේ පාඩුවේ ඉන්න එක මගේ ජීවිතේ කොටසක් බවට පත් වුනා.
“නංගී…….”
මට කතා කරගෙන අයියයි දෙව්මිණී අක්කයි කාමරේට ආවා.
“ඇයි අයියෙ?…….”
වෙනසක් නොපෙන්වාම මං කතා කරා.
“ඔයා තාමත් දුකෙන්ද ඉන්නෙ නංගි?…….”
“දුක කියන්නෙ මගෙ ජීවිතේට අලුත් දෙයක් නෙවෙයිනෙ අයියෙ.ලසන්තගෙන් ප්‍රපෝසල් එක ආපු දවසෙ ඉදන් අද වෙනකන් එක දවසක් මං සන්තෝශෙන් ඉදලා නැහැ.සතුට කවදාවත් මට උරුම දෙයක් නෙවෙයි අයියෙ……..”😥😥
“එහෙම කියන්න එපා නංගී.ඔයාට පුලුවන් ජීවිතේ ආපහු අලුතින් පටන් ගන්න.ඒ හැම දෙයක්ම අමතක කරලා දාන්න.අපි ඔයා වෙනුවෙන් හැමදාම ඉන්නවා…….”
“නෑ අයියෙ.ආයෙමත් මට ජීවිතේ දිහා අලුතින් බලන්න හිත හදා ගන්න බෑ.මේ සිද්ද වෙච්චි දේවල් හින්දා මට පිස්සු නොහැදී බේරුනු එක මටම පුදුමයි…….”😢😢
“ඔයා අපිත් එක්ක තාමත් ඉන්නෙ තරහින්ද නංගි?……”
“තරහ වුනා කියලා වෙච්චි දේවල් ආපස්සට අද්දන්න බෑනෙ අයියෙ.ඒත්…… ඒත් ඔයාලා හැමෝම එකතු වෙලා මගේ ජීවිතේ විනාශ කරා කියන සිතුවිල්ලෙන් මිදෙන්න මට කවදාවත්ම බැරි වෙයි.මට මගෙ පාඩුවෙ ඉන්න ඉඩ දීලා ඔයාලා මෙතනින් යන්න…….”😭😭
ඇස් දෙකෙන් ගලාගෙන ගිය කදුලු පිසදමාගෙන මං එහෙම කිව්වා.මොකුත් නොකියා සද්දෙ නැතුව හිටපු අයියයි දෙව්මිණී අක්කයි මගෙ ඔලුව අත ගාලා කාමරෙන් ගියා.
හැම දෙයක් ගැනම මට දැනුනේ ලොකු කලකිරීමක්.හිතට දැනෙන මේ කලකිරීම හින්දාම මට හිතුණා හවසට එලියට යන්න.
“අම්මා…..මං පොඩ්ඩක් එලියට ගිහින් එන්නද?…….”
“කොහෙද දුවට යන්න ඕනි?ගොඩාක් මහන්සි වෙන්න එපා.කකුල සනීප වුනාට තාම ලොකුවට මහන්සි වෙන්න හොද නෑ ඔයාට……”
“ගොඩාක් වෙලා යන්නෙ නෑ අම්මෙ.මට ඕනි ටිකක් තනියම ඉන්න.මං පන්සලට ගිහින් එන්නම්…….”
“හා එහෙනම් පරිස්සමින් ගිහින් එන්න…….”
හවස් වෙලා මං කාර් එකේ ටව්න් එකට ආවා.හවස් වෙලා පන්සලට යන්න හිතාගෙන මං පාක් එක පැත්තට ගියා. අරමුණකින්ම තොරව පැත්තකින් ඉද ගත්තු මං ඔහේ වැව දිහා බලාගෙන හිටියා.එකපාරටම කවුරු හරි මං ගාවට ආවා වගේ මට දැනුනා.ඔලුව හරෝලා ඒ පැත්ත බලද්දී මං ළගම හිටියේ ජීවිතේ කිසිම දේකට සිහිනෙන්වත් මං බලාපොරොත්තු වුනු කෙනෙක් නෙවෙයි. ඒ මුහුණ දැකලා මට කේන්තියක් වගේම ලොකු කලකිරීමක් ඇති වුනා.ඒ ආවේ වෙන කවුරුවත් නෙවෙයි මගේ මුලු ජීවිතේම මට එපා කරවුපු ලසන්ත.
“මොකද මේ පාක් එකට තනියම ඇවිල්ලා……”
ලසන්ත එහෙම ඇහුවේ සමච්චලේට වගේ හිනා වෙන ගමන්මයි.
“ඇයි පාක් එකට තනියම එන්න තහනම්ද?……”😠
මං ලසන්තට පොඩ්ඩක් වත් බය වුනේ නැහැ.
“නෑ එහෙම තහනම් නෑ.දැන් මොකෝ කරන්නෙ?ආයෙ මැරි කරන්න හිතුවෙ නැද්ද?මම නම් ලබන මාසෙ දහතුන මැරි කරනවා…….”
ලසන්ත ආයෙමත් විවාහ වෙන්න යනවා කිව්වම මගෙ හිතට පුදුමයක් ඇති වුනේ නැහැ.ගෑනු ළමයින්ගේ ජීවිත ලසන්ත වගේ අයට සෙල්ලම් බඩු වගේ.ලසන්ත ඒ අහපු දේට මං උත්තරයක් දුන්නේ නෑ.
“ආ….ඔයාට කියන්න සුභ ආරාංචියක් තියනවා සුදර්ශි……”
“ඒ මොකක්ද?……”😡
“ඔයාගෙ මහ ලොකු ආදරවන්තයා අර කව්ද මේ🤔🤔ආ…. සපුමල් එයා කසාද බැදලා නේද?දන්නවද?මං දැක්කා මේ ළගදී නෝනත් එක්ක කොහෙද මන්දා යනවා.පොඩි බබෙකුත් හිටියා…….”
දෙයියනේ ඒ කියන්නේ සපුමල් දැන් තාත්තා කෙනෙක්ද?එහෙනම් එදා මට කතා කරපු ගෑනු කෙනා ඇත්තටම සපුමල්ගෙ නෝනා තමයි.මගෙ හිතට දුකක් දැනුනා.ලසන්ත තව තව එක එක දේවල් කිව්වා.මුවින් නැගෙන්නට ආපු ඉකියක් අමාරුවෙන් වලකා ගත්තු මං එතනින් නැගිටලා ආවා.
“දුව……”
“ඇයි තාත්තෙ?…….”
“හැමදාම ඔහොම ඉන්නද කල්පනාව?…….”
“අම්මටයි තාත්තටයි මාව වදයක්ද?…….”
බැරිම තැන මං තාත්තගෙන් එහෙම ඇහුවා.ලසන්තගෙන් ඩිවෝස් වෙලා අවුරුද්දක් ගත වුනත් මට තාම හිත හදා ගන්න බැරි වුනා.හැම දෙයක් ගැනම මං හිටියේ ලොකු මානසික පීඩනයකින්.
“දරුවන්ව දෙමව්පියන්ට කවදාවත් බරක් නෙවෙයි දුවේ.අපි ඔයාට ගොඩාක් ආදරෙයි…….”
තාත්තා මගෙ ඔලුව අත ගාලා එහෙම කිව්වා.
“දුවේ දැන් අවුරුද්දකුත් ගත වුනානෙ. හැමදාම මේ විදියට දුකින් ඉන්න එපා. ඔයාටත් ජීවිතයක් තියනවනේ.එක දෙයක් මත්තෙම ජීවිතේ කඩන් වැටෙන්න දෙන්න එපා.අපි ඔයාට මේ කියන්න ආවේ මේ හැම දෙයක්ම අමතක වෙන්න ඔයා ටික කාලෙකට රට යන්න. ඔයාගෙ නැන්දා ඊයෙ අපිට කතා කරා.ටික කාලෙකට ඔයාව එහාට එවන්න කිව්වා. ඔයා කැමතිද එහාට යන්න…….”
තාත්තගේ එකම නංගී ශානිකා නැන්දා ඉන්නේ රට.ඉන්දියාවෙ.ශානිකා නැන්දා
ජයේන්ද්‍ර මාමව කසාද බැන්දට පස්සෙ ඉන්දියාවෙ පදිංචියට ගියේ මාමට එහෙ ලොකු ජොබ් එකක් ලැබිච්ච නිසා.මේ හැම දුකක්ම අමතක වෙන්න අම්මයි තාත්තයි කරපු යෝජනාවට මං කැමති වුනා.
“ඔව් අම්මෙ මං කැමතියි ටික කාලෙකට ඉන්දියාවට යන්න.මේ පරිසරයෙ හිටියොත් මට කවදාවත් මගෙ හිත හදාගන්න බැරි වෙයි.නැන්දට කියන්න මං ඉක්මනට එයාලා ගාවට එනවා කියලා……”
ඊලග කොටසින් නැවත හමුවෙමු