වැට මායිමේ සිටි කොලුවා දුටු සැනින් මට සිහියට නැගුනෙ ඊයෙ කාටූනයෙ සිටි ටිංටිං ය. ඒ ආකාරයටම සරිලන ශරීරයක් ඇති ඔහු පොලවේ වැලි හූරමින් සෙල්ලමේය. හයියෙන් කෑ ගැසුවොතින් මේ දෙස බලාවි.
“වූඌ වූඌ”
නැත හාවක් හූවක් නැත. ඔහු බලන්නේවත් නැත. මට ඇත්තේ කුතුහලයකි. අම්මා සෙල්ලම් කිරීමට ලබා දුන් ප්ලාස්ටික් බෝලය එක් සැනින් ඔහුගේ හිස මත පතිත විය.
ඔහූ බියවී හඩන්නට විය. එහා ගෙදර නැන්දාගෙ ඇත්තෙ ගොරෝසු හඩක් නිසාවෙන් මා අදනම් ඉවරයි යැයි සිතමින් අම්මා වෙත ඔහුට වඩා වේගයෙන් දුවන්නට වූයෙ හඩා වැටෙමින් ය.
……………………………………………………
හිසේ කිසිදු තුවාලයක් සිදු නොවුනද ඔහු හිස රිදෙන බව නිතර දෙවේලෙ කියන්නට වන බව සෝමෙ නැන්දා අපේ අම්මා එක්ක කියන්නට වූයෙ සිනහ වී සදීරගෙ හිස අතගාමින් ය.
“මලී ඇයි සදීරට ගැහුවෙ” දවසක් සෝමෙ නැන්දා අසන්නට විය.
මං හැඩුවා විනා පිලිතුරක් දීමට එකල දිරියක් නොමැති විය.
එදා පටන් ගත් ඇසුර සදීර අපගේ පවුලේ අයෙකුට සම වෙන තෙක්ම සිදුවිය.
කන්නට බොන්නට නාන්නට සදීරට මා වුවමනා විය. මා නැතිනම් ඔහුද කන්නේ නැත. මටද ඔහු නැතිවම බැරි විය.
” මං යනවා ලොකු ඉස්කෝලෙක.”
දවසක් සදීර මාත් එක්ක කීවෙ බැට් එකෙන් ගල් ගසමින් ඒ දෙස බලාගෙනය.
“මං ලොකු වෙලා හොදට ක්‍රිකට් සෙල්ලම් කරලා දිනනවා” හය වසරට පාස් වී නොබෝ කලකින් සදීර ලොකු ඉස්කෝලෙකට දමන්නට සදීරගේ තාත්තාට අවැසි වූයෙ ඔහු ක්‍රිකට් සදහා මහත් හපනෙක් නිසාය.
“සදීර ඉන්නේ එයාලගෙ ලොකු අම්මලාගෙ ගෙදර, අම්මා රට ගිහින්, දැන් ආය සදීර ගෙදර ගියාම මලීට තමයි පාඩු” අම්මා මා එක්ක කියන තාක් ඒ වගක් මා දැන සිටියෙ නැත.
“මට පාඩු වෙයි”මා මටම කියාගත්තෙ උජාරුවෙනි. දින සති ගෙවෙද්දී ඔහුගේ අඩුව මට තදින්ම දැනෙන්නට විය. පාසල් වැඩත් සමග ඔහුගේ මතකයද කෙමෙන් කෙමෙන් දුරස් විය.
එකොලහ වසරට යාමත් සමග මට තිබුනෙ අලුත්ම හීනයකි. කැම්පස් යාමට මා තුල මෙන්ම අම්මාගේත් ආසාවක් ඇති විය. ඒ සදහා යුහුසුළුව වැඩ කරන්නට මා උත්සුක විය.
“පුතාට අපිවත් මතකයි තාම නේද” අම්මා කුසියේ කසුකුසුවකය.
“නැන්දලාව කොහොම අමතක වෙන්නද” සදීර අයියා,, එයා ආය ඇවිත්. සුදු ඇදුමින්ම කුසියට ගිය මට හිතට මොනවදෝ වන්නට වූයෙ ඔහුගේ කඩවසම් බව දුටු සැනින් ය.
“දැන්ද නංගි ආවේ. “
“ඔව් අයියා මොකද මෙහෙ”
“ඇයි එන්න බැරිද”
“පුලුවන් පුලුවන්” හිතට මොකක්දෝ සතුටක් ය. ඇග සෝදා බත් කෑවෙත් වෙනදාට වඩා සතුටින් ය.
“යං බැට්මින්ටන් ගහන්න”
සදීර අයියාටනම් දැන් කෙල්ලෙක් ඇති.
“හා යං” බැට්මින්ටන් ගසන හැම විටකම ඔහු මා දෙස එල්ල කල බැල්ම මට නුහුරුය. ඒත් එයට මා ආසය.
“නංගි මං….. ඔයාට කැමති” සදීර අයියා වෙවුලන්නේය. මා ගොලු විය. බැට්මින්ටන් පොල්ල බිම දමා ගෙට දිව ගියේ සතුටටද දුකටද කියා අදටත් මා දන්නේ නැත.
“මේ මලී සදීර අයියා මං දිහා බලන්නෙම නැහැ මං කොච්චර බැලුවත් එයා බලන්නෙ නෑ” සුමේදා ඔහුට කැමතිය. මට මොකටද මං මටම කියාගත්තෙ ඔහේය.
සාපෙල පාස් වී උසස් පෙල කරන තාක් සදීර අයියා ගමට ආවෙ නැත. මා එක්ක තරහද මන්දා මා විටක හීල්ලුවාය. විටෙක මට ඔහුව මැවී පෙනෙන්නට විය. ඔහු කඩවසම් ය. ක්‍රිකට් වලටද දක්ශය. ඔහුට කෙල්ලන් වහ වැටී ඇති. තව කෙල්ලොත් ගොඩක් ඇති. මා මාගෙ සිත සමග සංවාදය නිතර දෙවේලේ කරන්නට විය.
“අනේ මලී සදීර අයියා කො අනේ, මගෙන් යාලු වෙන්න ඇහුවොත් නම් මං එක පයින් කැමති වෙනවා, පොඩ්ඩක් හොයන්නකො එයා ගැන” සුමේදා දවසක් කී විට මට ඊර්ෂ්‍යාවක් ඇති විය. ඒත් ඔහු ගැන සොයා බලන්නට මට සිතක් ඇතිවිය. ඔහුගේ මව පැමිණි බවත් ක්‍රිකට් වලින් ඉහලටම ගිය බවත් කෙල්ලෙක් නොමැති බවත් මට ආරංචි විය. මා හට බියක් ඇති විය. සුමේදා කැමති වේවිද….
“අයියෙ මං මලී”
“ආ නංගි මටනම් ඔයාව ඊයෙත් මතක් වුනා” මොනවා ඔහුට මා නිතරම සිහිවෙයි.
“අයියෙ මං…. මේ…….. ඔයාට….. මේ”
“මොකක්ද නංගි”
හිතට මහා බයක් ඇතිවිය.
“කැමතියි… ඔයාට”
“මලී…. මං මේ දවස එනකම් ගොඩක් දවස් බලන් හිටියා. මං හෙටම ඔය පැත්තෙ එනවා”
හිතේ මහා අමුතුම බියක් ඇතිවිය. අම්මා අප්පච්චි උසස්පෙල කැම්පස්…..///
අම්මලාට හොර රහසේ ගෙවී ගිය ආදරය රසවත් ය. ජනේලය අසලට වී හොරෙන් කතාකල සැටි, පාසල් ඇරී එනවිට ඔහු බලාසිටි සැටි සුන්දරය.
සදීරගෙ අම්මා මට දැක්වූයෙ පුදුම ආදරයකි. දුක සතුට හමුවේ ආදරය ගලා ගියේ මට පාසල් වැඩ පවා පාඩු කරවමින් ය.
“මලී මං ආය කියන්නෙ නෑ. සදීර කියන්නෙ මට පුතෙක් වගේ, ඒත් ඌත් එක්ක සම්බන්දකම් තියාග්ත්තොත් මං නරකයි කියන්න එපා” අම්මා දවසක් පාසල් ඇරී ආ සැනින් ඇගට ගොඩ විය.
මට සම්බන්ධය නතර කිරීමට උවමනාවක් නොවීය. ඔහුට නොවීය. ගෙදරට හොර රහසේ අපගේ ආදරය ගලා යන්නට විය.
“මට ආය ගන්න එපා, මං මේක නවත්තනවා,” විටෙක මා කෑගසන්නට විය. “මලී මට සමාවෙන්න නංගි, මට ඔයා නැතුව බැහැ.” ඔහු හඩන්නේය.
ආයෙත් පෙර පරදිම අපි ආදරෙන් ය.
පලමුවර උසස්පෙල විභාගයට ලකුණු මදි විය.
“උබට මගුල් විසයක් ගැහුවනේ” අම්මාත් අයියාත් නෝක්කාඩු කියන්නට විය.
මටනම් කිසිවක් දැනුනෙ නැත. සදීර ඔහු හිටියානම් ඇති.
අප්පච්චි එක්වර අසනීප විය. අම්මාත් වරින් වර අසනීප විය. ඔවුන් දුක් විදින්නේ මා නිසා නෙද.. මං මොනවද එයාලට කරන්නෙ. මා තනිවම හඩන්නට විය.
සියලුම පොත් පත් ගෙන මුල සිට පාඩම් කරන්නට පටන් ගත්තෙ කැම්පස් ගිහින් ඔවුන්ගේ සිත් සනසන සැටි සිහිකරමින් ය. සදීර අයියා සමග ගතකල කාලය මට කැපකරන්නට විය. නමුත් ඔහුත් මට වෙනසක් නොපෙන්වා අදරය දුන්නේය.
“මලී මලී, කැම්පස් ලියුම ඇවිත්” සදීර අයියා සමග හොරෙන් කතා කරන අතර අම්මාගෙ හඩට දිව ගියාය.
පේරාදෙනියට, මගේ දෑස් තෙත් විය. අම්මා මා බදා ගත්තාය.
“මගේ දෝනිට බුදු සරනයි”
සදීර අයියාට කියනකම් මට විසුමක් නැත.
“අයියෙ ඇස් වහගන්න” වැව් ඉස්මතට අපි ආවෙ සෑහෙන කාලෙකින් ය.
“දැන් ඇස් අරින්න”
“මේ මොකක්ද”
උදේ පිපිනු මලක් සේ තිබුනු මුහුන මැලවී ගියෙ ඉබේමය.
“ඔයා යනවද”
ඔහුගේ හඩ බයාදුය.
“ඔව් මං ගිහින් හොද රස්සාවක් අරන් එන්නම්. අපිට සතුටින් ඉන්න පුලුවන්., ඔයාට ක්‍රිකට් වලින් යන්න පුලුවන්,”
“හ්ම්ම්”
“අනේ අයියෙ, මං ඔයාව කවදාවත් අමතක කරන්නෙ නෑ, අපේ අම්මලාගෙ ලොකූ හීනයක් ඒක.”
“ඔයාලගෙ අම්මලා මට කැමති නෑනෙ, අම්මලාව දාලා මං ගාවට එනවද දවසක
“බෑ ඒක කරන්න බෑ, ඒත් මං කොහොමහරි එයාලගෙ කැමැත්ත ගන්නවා
එදා හරියට මල ගමක් වගේය. කිසිම සතුටක් නැතුව දෙන්නාම බලගත්තු අත බලාගෙන නිවෙස් වලට ගිය සැටිත් මතක නැත.
එදා පටන් ඔහුගේ හැසීරීම අමුතුය. ඒත් වෙලාවකට මහ මෙර තරම් ආදරේය.
“හෙට මං යනවා අයියෙ”
“හ්ම්ම්”
මට ඉකි ගැසින.
ඔහුත් මා බදාගෙන ඉකි ගසන්නට විය.
විශ්ව විදයාලය සිතූ තරම් සුන්දර නොවීය. සදීර අයියා සමග කතා කරන්නට කාලය අඩු විය.
“මොනවද තමුසෙ කරන්නෙ, කතා කරන්නෙත් නෑ, මාවත් එපා වෙලාද දැන්” හදවතට හීයක් වැදුනා මෙන් දැනෙන්නට විය. කවදාවත් තමුසෙ නොකියපු මගේ සදීර.
“අයියෙ” දුරකථනය විසන්දධි කරන්නට විය. වෙනදාට හඩන්නේ ඔහුය . ආය ආය ගන්නෙත් ඔහුය. අද මා අසරනය. මා කිසිදු වැරැද්දක් නොකලද ඔහුට මා සැකය
“මං හෙට ගෙදර එනවා, ඔයා හෙට මාව බලන්න එන්නම ඕනි” දරාගත නොහැකි නිසා ලෙක්චර් පවා පාඩු කර ගෙදර යන්නට සැරසුනෙමි.
“අයියෙ ඇයි ඔයා ඔහොම කරන්න් මට. කැම්පස් එකෙ වැඩ වැඩී” ඔහුගේ උරහිසට බරවී බසය තුලදී ඇසුවේ වේදනාව දරා ගත නොහැකි නිසාය.
“මට සමාවෙන්න මලී” ඔහුගේ ආදරය සිත පසාරු කරන්නට විය. මට ඔහු නැතුවනම් බැරිය.
නැවතත් කැම්පස් යන්නට සැරසෙන අතර ඔහුගේ මුහුණ හැකිලෙන්නට විය. කර කියා ගන්නට දෙයක් නොමැති මා අතරමං විය. හැමදේම හරියයි. මා මටම කියමින් සිත නිවා ගත්තාය.
“අයියෙ, ඔයා කෑවද,”
“ඔව්,”
“ඇයි ඔහොම කතා කරන්නෙ” හිත වේදනාවෙන් ය.
“මට ඔයාව එපා වෙලා තියෙන්නෙ” පොලු පහරකින් ඔලුවට ගැසුවානම් ඊට වඩා හොදය.
“ඇයි මං මොනවද කලේ” කදුලු දෙකම්මුල් රත් කරමින් රූරා වැටුනේය.
“ඔයාලගෙ අම්මලා මට කැමති නෑ, මට කොච්චර බනිනවද, මං හරියට මේ ආතක් පාතක් නැති එකෙක් වගේනෙ”
හඩේ කිසිදු ආදරයක් නැත.
“ඒත් මං මොනවා කරන්නද”
“මං දන්නෙ නෑ” ඔහු දුරකථනය විසන්දධි කලේය. ඔහුගේ වෙනස් වීම දරාගත නොහැකිය. බැරිම තැන කසුන් ට දුරකථන ඇමතුමක් ගත්තාය.
“නංගි කිවුවට තරහ වෙන්න එපා, ඌට වෙන කෙල්ලෙක් ඉන්නවා. ” හදවත දෙකඩ විය මට ඉන්න තැනක් පවා අමතක විය.
“නම සමුදුරි, රගපාන්න මාර දක්ශයි. ලස්සනයිත් එක්ක.” නැත සදීර අයියා එසේ නැත. ඔහු මගේය.
සියවතාවක් ඔහුට මා අමතන්නට ඇත. දහස් ගනන් පනිවිඩ යවන්නට ඇත. මා බ්ලොක් කරය. මා මලකදකට සමාන විය.
කාලය ගෙවී කොපමණ ගියත් ඔහුගෙ මතකය අමරනීයය.
යහලුවන් සමග කාලෙකින් වලේ නාටකයක් බැලීමට යන්නට සැරසුනේ කලාතුරකින් ය. හදිසියේ ඇස ගැසුනු දෙයින් මට ක්ලාන්‍තයට ආවාය. එම නාටකයේ රගපාන නිලිය සමග සදීර අයියා කතාවකයය. අන්ධ වූවාන්ම් කියා මා සිතූ පලමුවර එය විය. ඔහු මා දුටුවත් එක් වරක් සිනා සුනේ නැත.
අවසානයේ මා තීරණයකට ආවාය.
“සුබ පැතුම්. ඔයා ලස්සනට කරා. ඔයාල දෙන්නා හොදින් ඉන්න.” ඇයට මා අතට අත දී යන්නට ගියාය. ඔහු මා දෙස බැලුවාද නැද්ද මා දන්නේ නැත.
………………………………………………………..
-සදා-
උපුටා ගැනීමකි
-Chandani Priyadarshani-