අමාරුවෙන් අමාරුවෙන්ම ඇස් ඇරලා මං වට පිට බැලුවා.මං හිටියේ හොස්පිටල් එකක.හිස පෙදෙසින් හා කකුලෙන් දරාගත නොහැකි වේදනාවක් දැනුනා.ඒත් වේදනාවෙන් වුනත් මං වටපිට බැලුවා කවුරුවත් ළගක ඉන්නවද කියලා.මේ කොහේ හොස්පිටල් එකද කියලා මට හිතා ගන්න බැරි වුනත් මේක ප්‍රයිවට් හොස්පිටල් එකක් කියලා මට තේරුනා. බිත්තියේ තිබුනු ඔරලෝසුවෙන් මං වෙලාව බැලුවා.ඒකෙ වෙලාව සටහන් වෙලා තිබුනේ රාත්‍රී නවයයි තිහ විදියටයි.

කවුරුවත් කාමරේට ආවෙ නෑ. නැගිටින්න උත්සහ කරත් මට නැගිටින්න ලැබුනෙ නෑ.ඒත් එක්කම කාමරේ දොර ඇරගෙන ආවේ අම්මයි තාත්තයි අයියයි දෙව්මිණී අක්කයි.


“මගෙ දූ….ඔයාට සිහිය ආවද රත්තරං?…….”


අම්මා ඇවිත් මං ගාවින් වාඩි වුනා.එයාලා හැමෝම හිටියේ ගොඩාක් සතුටින්.ඒ ඇක්සිඩන්ට් එකෙන් මගේ ඔලුවයි දකුණු කකුලයි ගොඩාක් තුවාල වෙලා තිබුනා. අතත් පොඩ්ඩක් තුවාල වෙලා තිබුනා.
“දුව…ඔයාට ගොඩාක් අමාරුද?…….”


එහෙම ඇහුවේ තාත්තා.


“නෑ තාත්තේ.ඒත් ඔලුව රිදෙනවා.කකුළ නම් හොල්ලන්නවත් බැහැ.කැඩිලද දන්නෑ…….”
“බය වෙන්න එපා දූ.ටික කාලයක් යද්දී ඔයාට ඇවිදගන්න පුලුවන් වෙයි කියලා ඩොක්ටර් කිව්වා…….”


අම්මයි තාත්තයි දෙන්නම මගේ බය නැති කරන්න උත්සහ කරා.


“මෙලෝ සිහියක් නැතුව පාර පනිනවනේ. දෙපැත්ත බලන්නෙ නෑ වාහන එනවද කියලා…….”
එහෙම කිව්වේ අයියා.


“අනේ බලන්නකෝ අම්මා දැන් ඒකටත් මෙයා මට බනිනවා…….”


“අනේ පුතා දැන් ඉතිං නංගිට බනින්න එපා.පව්නෙ කෙල්ල…….”


දවස් පහකට පස්සෙ මාව ගෙදර එක්කන් ආවා.ටික කාලයක් යනකල් මට වීල් චෙයාර් එක පාවිච්චි කරන්න වෙයි කියලා ඩොක්ටර් කිව්වා.මේ විදියට හරි බේරෙන්න පුලුවන් වුනු එක ගැන මට සතුටු හිතුණා.


මාව නාවන්නෙ,මට කෑම කවන්නෙ අම්මා.දෙව්මිණී අක්කත් මට ගොඩක් උදව් කරනවා.
“ආ….දූ මේ බෙහෙත් ටික බොන්න…….”


බෙහෙත් අහුරක්ම අතට දීලා අම්මා මට බොන්න කිව්වා.


“අනේ අම්මෙ මට මෙච්චර බෙහෙත් බොන්න නම් බැහැ.එපා වෙනවා අනේ. ගොඩක් තිත්තයිනෙ බෙහෙත්…….”
“අනේ මේ බබා වෙන්න හදන්න එපා. තුවාල සනීප වෙන්න නම් බෙහෙත් ටික හරියට බොන්න ඕනි.මෙයා හරියට මේ පොඩි එකෙක් වගේනෙ.තිත්තයි නම් සීනි ටිකක් ගෙනත් දෙන්නම්…….”


කොච්චර තිත්ත වුනත් අම්මගෙන් තව බැනුම් අහන්න බැරි නිසා මං අමාරුවෙන් හරි ඒ බෙහෙත් ටික බිව්වා.
සමහර වෙලාවට මට හිතෙනවා අම්මයි තාත්තයි දෙන්නම මට මොනව හරි දෙයක් හංගනවා කියලා.මේ ඇක්සිඩන්ට් එක ගැන එයාලා මට මුහුණ දීලා හරියට කතා කරන්නෙත් නැහැ.නොකිව්වට මට හොදටම තේරෙනවා මොකක් ලොකු දෙයක් මට සිද්ද වෙලා තියනවා කියලා.


“අක්කෙ?……”
“ඇයි නංගී?ඔයාට මොනවා හරි ඕනිද?……”


“අක්කෙ මට ඔයාගෙන් දෙයක් අහන්න ඕනි.මට ඇත්තම කියනවද?…….”


මට හිතුණා ඒ ගැන දෙව්මිණී අක්කගෙන් අහන්න.
“ඕනම දෙයක් අහන්න නංගි…….”


“ඔයාලා හැමෝම මට මොනව හරි දෙයක් හංගනවා කියලා දැනෙනවා.ඊයෙ උදේ අම්මයි තාත්තයි කතා කරනවා මට ඇහුනා.ඔයා මාව වීල් චෙයාර් එකේ තල්ලු කරගෙන එනකොට එයාලා මාව දැකලා ඒ කතාව නැවැත්තුවා.මට කියන්න අක්කෙ….ඔයාලා මොනවද මගෙන් හංගන්නෙ?…….”


මං එහෙම අහද්දී දෙව්මිණී අක්කා කලබල වුනා.ඒක මං හොදටම දැක්කා.


“අ….අනේ අපි ඔයාට මොනවා හංගන්නද නංගි.මං එහෙම දෙයක් ගැන දන්නෙ නෑ. ඔයා අම්මගෙන් අහන්නකො ඉතින්…….”


දෙව්මිණී අක්කා ඒ ගැන මට කිව්වෙ නෑ. කමක් නෑ මං කොහොම හරි හොයා ගන්නම්කො.එහෙම හිත හිතාම මං නිකමට වගේ ෆෝන් එක අතට ගත්තා.


මට හිතුණා සපුමල්ට කතා කරන්න.මං සපුමල්ට අන්තිමට කතා කරේ ලසනන්තගෙයි මගෙයි වෙඩින් එකට දවස් හතරකට කලිනුයි.ඒත් ආයෙමත් සපුමල්ට කතා කරලා මං මොනවා අහන්නද?දැන් සපුමල්ට මාව කොහෙත්ම ගැළපෙන්නෙ නැහැ.ඒත් මට සපුමල්ට කතා කරන්න ආස හිතුණා.


“හෙලෝ කව්ද කතා කරන්නේ?…….”📲
කටහඩෙන්ම මට තේරුනා ඒ කතා කරන්නෙ සපුමල් නෙවෙයි කියලා.


“ම්…මේ…සපුමල් ඉන්නවද?…….”📲
“අනේ සපුමල් ටව්න් එකට ගියානෙ.ඔයා කව්ද?…….”


මං කවුරු කියලා කියන්නද?මේ කතා කරන ගෑනු කෙනා කව්ද?සපුමල්ගෙ අම්මා නම් නෙවෙයි.මට හිතුණා ඒ කව්ද කියලා අහන්න.ඒත් මං කවුරු කියලා උත්තර දෙන්නද?මාව අසරණ වුනා.


“මං වෙද ගෙදරින් බෙහෙත් ගත්තු කෙනෙක් කතා කරන්නෙ.ඔයා කව්ද?සපුමල්ගෙ නංගිද?……”📲
සපුමල්ට සහෝදරියො නෑ කියලා දැන දැනම මං එහෙම ඇහුවෙ බොරුවට.මට ඕනි වුනේ සපුමල් ගැන දැන ගන්නයි.


“අනේ නෑ.මං සපුමල්ගෙ නෝනා.මං හිතන්නෙ ඔය නෝනා මෙහෙන් බෙහෙත් අරන් දැන් ගොඩාක් කල් වෙන්න ඇති නේද?……”


දෙයියනේ…..😱😱ඒ කියන්නේ සපුමල් කසාද බැදලද?😢මට හිතා ගන්න බැරි වුනා ඒ ගෑනු කෙනා ඒ කිව්වෙ ඇත්තද බොරූද කියලා.මට මතක් වුනා එදා අන්තිමට ෆෝන් එකෙන් කතා කරද්දී සපුමල් කියපු දේවල්.සපුමල් කිව්වේ මාව එයාට අහිමි වුනොත් එයා කවදාවත් වෙන කෙනෙක්ව කසාද බදින්නෙ නෑ කියලනෙ. එතකොට සපුමල් මට ඒ කිව්වෙ බොරුද?


“ඔ…ඔව් දැන් ගොඩාක් කල් වෙනවා මං බෙහෙත් අරන්…….”


එහෙම කියලා මං කෝල් එක කට් කරා. මට හොදටම දුක හිතුණා.ඒත් මාව අහිමි වුනා කියලා සපුමල් එයාගෙ ජීවිතේ අදුරෙ දාගෙන,තනිකඩවම ජීවත් වෙලා හරියන්නෑනෙ.මට සපුමල්ව අහිමි වුන නිසා මං බලාපොරොත්තු වෙන්නෙ මුලු ජීවිත කාලෙටම සපුමල් තනියෙම ඉන්න එක නම් මං සපුමල්ට ආදරේ කරලා කරලා තියෙන්නේ ඇත්තටම නෙවෙයි. මගෙ ආදරේ ඇත්තක් නම් මං ප්‍රාර්ථනා කරන්න ඕනි සපුමල්ගෙ ජීවිතේ සාර්ථක වෙන්න කියලයි…….එහෙම හිතලා මං සැනසෙන්න උත්සහ කරා.😢😢


“මොකද දූ මේ කෑම කාලා නැත්තෙ?…….”


කාමරේට ඇවිත් බත් පිගාන දිහා බලලා අම්මා මගෙන් එහෙම ඇහුවා.මං සද්දෙ නැතුව හිටියා.
“දුව…..ඇහෙන්නෙ නැද්ද ළමයො.මොකද කෑම කෑවෙ නැත්තෙ?…….”


අම්මා ආයෙමත් සැරයක් මගෙන් ඇහුවා.
“මට කන්න බෑ.බඩගිනි නෑ……”😠
හිතුවක්කාර විදියට මං එහෙම උත්තර දුන්නා.මට දරාගන්න බැහැ මේ ගෙදර මිනිස්සු මට බොරු කරනකොට.😢

“ඒ ඇයි කන්න බැරි?නොකා ඉදලා කොහොමද බෙහෙත් බොන්නෙ?…….”😡
“මං මීට පස්සෙ බෙහෙත් බොන්නෙ නෑ…….”😠


“ඒ මොකද?……”😡


“ඔයාලා හැමෝම මට මොකක් හරි දෙයක් හංගනවා.කාගෙන්වත් ඇහුවට කවුරුවත් මට ඇත්ත කියන්නෙ නැහැ. මට හරියට දුක හිතෙනවා එහෙම කරද්දී.අනේ අම්මෙ මට ඇත්ත කියන්න…….”😭😭


මං එහෙම කියද්දී ටික වෙලාවක් මං දිහා බලන් හිටපු අම්මා මගෙ ඇද උඩින් වාඩි වෙලා මගෙ ඔලුව අත ගෑවා.
“අපි ඔයාට මේ ගැන නොකියා හිටියේ දුවේ ඔයා ඉන්න සෞඛ්‍ය තත්වෙ ගැන හිතලා.ඔයාට මේ දේවල් දරා ගන්න බෑ කියලා අපි දන්නවා.වැරදි මිනිහෙක්ව ඔයාට කසාද බන්දලා දීලා අද ඔයා දික්කසාද වෙලා හිටියත් තාත්තයි මායි හැමදාම කල්පනා කරේ ඔයාව හොද මනුස්සයෙක්ට කසාද බන්දලා දීලා ඔයාගෙ ජීවිතේ සැපවත් කරන්න.ඒත් මේ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ…….”


එහෙම කියලා අම්මා සද්දෙ නැතුව හිටියා.මට හිතා ගන්න බැරි වුනා අම්මා ඒ මොනවද කියන්න හැදුවෙ කියලා. ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මට මොනවද වෙලා තියෙන්නේ??🤔🤔


“අනේ මට කියන්න අම්මෙ ඇක්සිඩන්ට් එකෙන් මට මොකද වුනේ?…….”😢😢


“කසාද බැන්දට පස්සෙ ගෑනු කෙනෙක් ඊලගට බලාපොරොත්තු වෙන්නෙ දරු පැටියෙක්ව.ඒක හැම කෙනෙක්ගෙම හීනයක්.ඒත් ඔයා කසාද බැන්දත් ඔයාට කවදාවත් ඒ හීනෙට ලං වෙන්න බෑ දුවේ…….”

😭😭
අම්මා ඒ ටික කිව්වෙ මගෙ ඔලුව අත ගගා අඩ අඩමයි.ආපහු කසාද බදින්න අදහසක් මගේ හිතේ නොතිබ්බ හින්දා ඒක අහලා අමුතුවෙන් දුකක් ඇති වුනේ නැහැ.


ඊලග කොටසින් නැවත හමුවෙමු