තූ……නොදෝකිං …මෙහෙමත් ගෑණු….මිනිහා අබ්බගාත වෙනකන් හිටියා මගුල් නටන්න” තම මව කියූ කතාවට නදීරා මව දෙස බැලුවේ තම කෝපාවිෂ්ඨිත දෑස් දිගු කරමිනි….
“මගේ මගුල් විසේ බලා ඉන්න බැරි නම් දොට්ට බැහැලා යන එකයි ඇත්තේ මගේ යකා අවුස්සන්නේ නැතිව……….” කුසෙන් වදාපු මවට පවා ඇය කතා කලේ එලෙසය….
කෙටිවට කපා තිබු කොණ්ඩය උරහිස දක්වා තවත් කෙටි කරමි තැනින් තැන රතු වර්ණය ගැන්වූයේ රස්තියාදුකාර පෙනුමක් ඈ වෙත තව තව ලං කර්මිනි…..නදීරා ගේ වම් උරහිසත් , කකුලේ විලුඹේ සිටත් බෙල්ල පිටුපසට වෙන්නටත් ටැටූස් ඇදගෙන තිබුනේ ජීවිතයේ බරක් පතලක් නොදැනෙන සැහැල්ලු ගති ඇත්තියක් බව පෙන්වමිනි….
“කෝ…මගේ ජීන්…. එකයි ස්කීනී ස් ටිකයි…මොන මගුලක ද දැම්මේ” ගේ පූරා ඇවිදිමින්…සියලු බඩුබාහිරාදිය අදිමින් ඈ කෑ ගැසුවාය…
“සුදූ දුව ඔයා ඔහොම හැසිරෙනේ ඇයි….. මේ තියෙන්නේ…ඔන්න බෑග් එකටම දැම්මා” කූඩා වර්ගයේ ස්පොර්ට්ස් බෑගයක් නදීරා වෙත දිගු කලේ නදීරා ගේ සැමියා ගේ මවයි…
“තැන්ක්ස් අම්මා…..මගේ අම්මට වඩා ඔයයි මාව තෙරුම් ගන්නේ..මං යනවා…..”
“සුදු දුව මොනා කරත් පරිස්සමින්….”
ඇයට සමූ දී නදීරා පිටත් වන්නට සුවදානම් වෙද්දි වීල් චෙයාර් එකකින් ඇයගේ ඉදිරියට පැමිණියේ ඇගේ සැමියාය…වේගයෙන් දිව ආ නදීරාගේ ගමන නවතින්නේ ඇයගේ සැමියා ඉදිරියේදිය….ඔහු දෙස මොහොතක් බලා සිටි ඈ ඔහුවත් පසු කර පිටත් වන්නට සුවදානම් වූවාය….නමුත් ඔහු ඇයගේ එක් අතක වලලුකරෙන් තදින්ම අල්ලා ගත්තේය…
“මට සමාවෙන්න බබා….මට දැන් යන්න දෙන්න…..” ඈ බලෙන් මෙන් ඔහුගේ අතෙන් ඇයගේ අත මුදවා ගත්තාය…පියවරක් ඉදිරියෙන් තිබ්බ ඈ දුටුවේ ඇයගේ ස්වාමියාගෙන් කඩා හැලෙන කදුලු බිදු කිහිපය…
ඒ දෙස මොහොතක් බලා ඔහුගේ හිස පිරිමැද නැවත හැරි නොබලාම ඈ පිටත්ව ගියාය….
“යන්නේ නැතෑ…..ඕනි මගුලක් නටාගනියි පුතේ…ඕකි වැඩක් නෑ….තමන් ගේ මිනිහා ගැන බලන්නේ නැති එව්වො හිටියත් එකයි..මැරිලා ගියත් එකයි…අපි යන් කන්න..”නදීරා ගේ මව නදීරාගේ ස්වාමියාව රැගෙන ගියේ කෑම කැවිමටය….
කිසිදු වැඩක් පලක් කරගත නොහැකිව ඔහු එක්තැන් වී සිටින්නේ අවුරුදු දෙකකට ආසන්න කාලයක සිටය…ඒ කාලය තුලදී නදීරා පෙර සිටියාට වඩා සම්පූරණ වශයෙන් වෙනස් වන්නේ සියල්ලෝම පුදුම කරමිනි….කතා කිරිමට නොහැකි වූවත් තම දුඛිකිත හැගිම නදීරාගේ සැමියා පිට කලේ මුවින් පමණි….
Suzuki Gixxer වර්ගයේ යතුරු පැදියකින් දැඩී වේගයෙන් ඈ ගමන් කලේ සුපුරුදු පරිදි ජිම් එකටය….නිතරම කොල්ලෙකු මෙන් හැසිරෙමින් කොල්ලන් හා එකතුව workout කරන්නේ ඇයට නිවසක්, පවුලක් තිබෙනා බව අමතක කරමිනි…සෑම දිනකම ව්‍යායාම කිරිම ඈ පුරුදදක් කරගෙන තිබුනාය…
මේ අවුරුදු දෙකක කාලසීමක් තුල පිරිමියෙකුටත් වඩා ශක්තියකින් සෑම ව්‍යායාම මැෂින් එකකින්ම ඈ ව්‍යායාම කිරිමට හුරු වූවාය….ජිම් එකට පැමිණෙන පිරිමින් පවා ඈගේ ශක්තිය ගැන පුදුම වූවාය…..සෑම වීටම හැපින්නියක මෙන් ඈගේ දෑස් ත්රිර්වව පිරිමින් වෙත එල්ල වූවාය….
නැවත නිවස කරා පිටත් වූ ඇය අතරමග කෑම හලක් අසල යතුරු පැදිය නැවැත්තුවේ දැඩි පීපාසය ඉවසාගත නොහැකි තැනය…
“මට ස්ප්‍රයිට් එකක් දෙන්න”
කැෂියර් එක මතට මුදල් විසික් කරමින් ඈ ඉල්ලන්නට විය…ගාණක් හදමින් සිටි කැෂියර්කරු බැලුවේ මෙසේ හැසිරෙන මැය කවුද යන්නයි….බැලු පමාවෙන්ම ඇගේ ත්රිර්ව බැල්ලමට භිය වූ ඔහු වහාම ඉතිරි මුදල් සහ ස්ප්‍රයිට් එක ඇයට ලබාදුන්නාය….
එය කඩා බෝතලය පිටින්ම මුව තබා එක හුස්මට බීගන ගියේ කෙල්ලෙක් ට නොගැලපෙන ලෙසින් ය…
“ඒ අර බලහන් අරකි…..” අවට සිටි කොල්ලන් තිදෙනෙකු ඈ අසලට ලං වූවෝය…
“පට්ට ෆිගර් එක” ව්‍යායාම කරමින් සිටි ඈ ඒ ඇදුම් පිටින්ම සිටි නිසා ඇගේ සිරුර බාහිරට හොදින් කැපි පෙනුනී…
ඒ කියපු වදන් තුන ඇසුනු නදීරා නැවතත් ඈගේ දෑස් සිහින් කරමින් ඔවුන් දෙස බැලුවේ මරන් කන්න පුලුවන් යන තරහවක් පෙන්වමිනි…..
සිතනවාටත් වඩා වේගයෙන් ක්‍රියාත්මක වූ නදීරා වේගයෙන් විදුරු බෝතලය ලග ඇති මේසයේ ගසා කුඩු කලාය…
“මොකක්ද බල්ලො තෝ කිව්වේ”
වේගයෙන් ඔහු වෙත ගිය ඈ ඔහුගේ ටී ෂර්ටයෙන් අල්ලා ගත්තාය…ඇයට පිරිමියෙකුටත් වඩා ශක්තියත් ඇති බව ඔහු තෙරුම් ගත්තේ එවිටය… තමන් තුල ඇති උපරිම ශක්තියෙන් ඈ ඔහුට පහර පිට පහර දුන්නේ අවට සිටි උන් පවා පුදුමයෙන් පුදුමයට පත් කරමිනි….
“ඇති …..ඇති …..අනේ….අක්කේ….වදින්නම් ආයේ කියන්නේ නෑ….” ඇයගේ පහර කෑම් වලින් වැටි සිටි ඔවුන් කෑ ගැසුවේ ඇයගෙන් ජීවිතයද යදිමිනි…
“ඔය කට පරිස්සම් කරගනින්….ගැනුන්ටත් හයිය තියනවා කියලා දැනගනින්…ගෑනියෙක් ට ගෑනියෙක් විදිහට සලකපන්”
නැවතත් දකුණු පයෙන් බිම වැටි සිටි ඔහුගේ මුහුණට පහර දී බයික් එකට නැග වේගයෙන් පිටත් වූවේ කෑම හලේ අවට සිටි සැවොගේම සිත් භියෙන් තැති ගද්දීය…..
“යකඩ ගැණියෙක් නේ …යස තොපිලට…මං නම් සල්ලි විසික් කරනකොට දැනගත්තා ගැණිගේ තරම” ඒ කීවේ කැෂියර්කරුය…
නිවසට පැමිණි නදීරා කෑම කමින් රූපවාහිනි නාලිකා මාරු කරමින් බලා සිටියේ කල්පනා සයුරක තනි වෙද්දිය….
“ගෙවල් අයිතිකාරායා ආවා අද….කූලිය දීලා තියන එකයි ඇත්තේ…..” ඇයගේ මව එතැනට විත් පැවසූවාය…අවුරුද්දක පමණ සිට ඔවුන් ජීවත් වන්නේ කුලී නිවාසායකය….
පර්ස් එක අතට ගත් නදීරා රුපියල් විසිපන්දාහක් ඇද ස්ටූල් එක මතට විසික් කර කෑම එක එතැනම දමා කිසිවක් නොපවසා ගියේ ඇගේ කාමරය වෙතයි….
“අනේ මේවා කාට කියන්නද මන්දා……මගේ කෙල්ල ඉස්සර කොච්චර හොදට හිටපු කෙල්ලෙක්ද ….මොන යකා වැහුනද මන්දා”නදීරා ගේ මව තනිවම කියවමින් මුදල් ටික එක්කාසු කරමින් අතට ගත්තාය….
“නංගි….ඔයා සුදු දුව ගැන ඔහොම වැරදියට හිතන්න එපා…..මගේ පුතාගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ එයා තාමත් ශොක් වෙලා ඉන්නේ මට හිතෙන විදිහට” ඇයගේ නැන්දාම්මා විසින් අම්මාට පැහැදිලි කරන්නට වූවත් නදීරා ගේ මව එය කනකටවත් නොගත්තේය…
කාමරය තුල කල්ප්නා කරමින් සිටි නදීරාට පැමිණෙන්නේ බලාපොරොත්තුවෙන් සිටි ඇමතුමකි……
📞Hello …..this is Nadeera Sheromi
📞Yes speaking
📞This call from Unique Company….I am talking about your application sent us relating to post of a fashion desinging director….the interview will be held on tommorrow at 9.30 a.m……can u participate ?
📞Yes of course
📞We look forward your visit tommorrow
📞Ok..thank you for calling
ඇමතුම විසන්ධි කරමින් නදීරා නැවතත් කල්පනාවට වැටුනාය….විනාඩි පහලොවක පමණ කල්පනාවකින් පසුව වහාම හැද සිටි ඇදුම ඇය මාරු කරගන්නේ ටී ෂර්ටයක් සහ කෙටි ජීන් එකක් හැද ගනිමිනි….බයික් එකේ යතුරත් රැගෙන ඈ එයට නැග නැවතත් පිටත්ව යන්නේ නිවසේ කිසිවෙකුවත් දැනුවත් කරමින් නොවේ…..
“අහ්…නදීරා……බයික් එකේ අවුලක් ද ආයේ…..”
“නෑ…සමීර මට බයික් එක චෙන්ජ් කරගන්න ඕනී මාස කිහිපයකට”
නදීරා ඇයගේ යතුරු පැදිය අත ගාමින් ඒ දෙස බලා කීවාය…..
“ඒ ඇයි…..”
“මට ජොබ් එකක් සෙට් වුනා ..මේකේ ගිහින් බෑ….මට ස්කූටියක් තිබ්බොත් හොදයි…..”
“අහ්…….අර දෙකෙන් එකක් ගන්න නදීරා….නදීරා ට නොකරන උදව් තියනවාද…..මෙන්න ස්කූටි එකේ ලයිසන් එකයි අනෙක් ඩොකියුමන්ට්ස් ටිකයි…..”
රතු පැහැති සහ නිල් පැහැති ස්කූටියක් පෙන්වමින් ඔහු කීවත් නදීරා තෝරාගත්තේ රතු පැහැති ස්කූටියයි….
එම ස්කූටියෙන් ඈ නගරයේ ඇදුම් සාප්පු කිහිපයක සැරි සැරුවේ රැකියාවට ගැලපෙන ඇදුම් සොයමින් ය..නදීරා ගමන් කරන විට බොහො දෙනා ඇය දෙස හැරි බැලුවේ ඇයගේ ඇදුම් සහ ටෑටුස් නිසාය…ඒ මදීවට තැනින් තැන නුපුරුදු වර්ණයකින් වරණවත් කර තිබු කෙස් කලබ නිසා ද සැවොගේම අවධානයට නදීරා ලක්විය….ඇදුම් කිහිපයක්ම තෝරගත් ඇය කෙලින්ම ගියේ තම නිවස කරාය…
“මොකක්ද ළමයෝ ඔය කරන්න හදන්නේ..මොකටද මේ ඔෆීෂියල්ස් ඇදුම්” ඒ ඇසුවේ නදීරාගේ නැන්දා අම්මාය….
“මට හෙට ඉන්ටවිව් එකක්”
“ජොබ් එක තාම හම්බෙලා නෑනේ සුදු දුව….මේ තරම් ඇදුම් මොකටද ඉන්ටවිව් එකට ….ජොබ් එකට සිලෙක්ට් වුනාම ගන්නනේ තිබුනේ”
“මං අනීවාරෙන් සිලෙක්ට් වෙනවා…ඔයා බලන්නකෝ”
ඇදුම් ටික අසුරා ඇය එතැනින් පිටත් වී ගියේ කිසිදු හැගිමක් මුහුණෙන් නොපෙන්වාය…ඇයගේ නැන්දාම්මා සුසුම් පිටකරමින් කල්පනා කලේ ඔවුන් දෙදනාට කුමන කරුමයක් පඩිසන් දී ද යන්නයි…
ඇයගේ ස්වාමියාගේ කාමරයට ගිය නදීරා වීල් චෙයාර් එකේ හිදගෙන ජනේලයෙන් ඈත බලා කල්පනා කරමින් සිටි ඔහු දෙස බලා සිටියේ ඔහුටවත් නොදැනීය…..කෙමෙන් කෙමෙන් ඔහු අසලට ගොස් වීල් චෙයාර් එක හරවා ගත්තේ ඇයගේ ඉදිරිපසටය……පසුව නදීරා බිම දණගසා ගත්තාය….සෙමෙන් සෙමෙන් තම හිස තබාගත්තේ ඔහුගේ ඔඩොක්කුව මතය….ටිකෙන් ටික කඩා හැලෙන කදුලු ඇයට නවත්වාගැනිමට නම් නොහැකි වූයේ ඇයගේ සැමියාගේ ඉදිරියේ පමණි….
ඔහුත් ඇයගේ හිස පිරිමැද්දේ ඔවුන්ට මෙවැනි වර්තමානයක් හිමිකර දුන් සිද්දින්ට වෛර කරමිනි…
°°°°°°°°°°°°°°°°°°°°°°
“mam….this is your time….please come “
සම්මුඛ පරික්ෂණය සදහා සහභාගි වූ ඇය බලා සිටියේ ඇයගේ අවස්ථාව පැමිණෙන තුරුය…..ඈ ඇයගේ ස්වරූපය සහ අලංකාරත්වය මනා ලෙස පෙනෙනෙ අයුරින් මේකප් කර සිටියේ කාගෙත් දෑස් ඇය වෙත එල්ල කරගැනිමේ අභිප්‍රායෙනි….නදීරා හැද සිටියේ ද වඩාත් කැපි පෙනෙන ආකාර්ෂනීය බවෙන් යුති ඇදුමකි……
“May I comming sir…..”
ඉන්ටවිව පැනල් එකේ සිටියෙ පුද්ගලයින් දෙදෙනෙකු පමණි…ඔවුන් මේ සමාගමේ ප්‍රධාන හවුල්කරුවන් දෙදනා විය…..
සාකඡාවක සිටි ඔවුන්ගෙ අවධානය බිදුනේ නදීරා දැකය….
වාව්……ඔවුන් රහසේ කතා විය….
“yes come”
ඔවුන් දෙදනාම කිවේ එකටමය…..
ඔවුන්ට පිටුපස හිස් බිත්තියේ පුද්ගලයින් තිදෙනෙකුගේ විශාල ඡායරූප එල්ලා තිබුනි…දෙදෙනෙකු නදීරා ඉදිරියේ සජීවීව සිටි අතර….අනෙකාගේ ඡ්යාරුපයට සුදු මල් වැලක් දමා තිබුනේය…
“ඒ මේ බිස්නස් එකේ මේන් පාර්ට්නස් ලා ….මිස්ටර් යශෙන් ඇක්සිඩන්ට් එකකින් නැති වුනා..” එක් පුද්ගලයෙක් මගේ බැල්ම දැක කීවේය
“නෑ…සර්..මං මේ නිකන් බැලුවේ…..
she’s look same to sara…….ඔවුන් දෙදෙනා රහසේ කතා කලෝය…..
“හරි මට දෙන්න ඔයාගේ ෆයිල් එක” පසුව ඔවුන් පරික්ෂා කලේ මගේ සුදුසුකම් පිලිබදව….
“නියමයි..ඔයාට ෆැෂන් ඩිසයිනින් ගැන ලොකු එක්ස්පිරියන්ස් එකක් තියනවානේ….” ඔහු එසේ කියද්දි නදීරා ඔහු වෙත සාරගී බැල්මක් හෙලුවාය…ඒ බැල්මට ඔහු වඩ වඩාත් වශි විය…
“ඔව්….සර්…..මං ෆාරාන්ස් වල ස්පෙෂල් කෝස් එකකුත් කම්ප්ලීට් කරලා තියනවා ෆැෂන් ඩිසයිනින් ගැන ” ඇය තවමත් ඔහු වෙත සරාගී ලෙස බලමින් කීවේය….
“what about your decision Mr Diluk….she’s ok for me…..”
ඔහු එසේ ඇසුවේ අනෙකුත් හවුල්කරුවාගෙන් ය ..
“ඔව් නිෂල්…..මිස් නදීරා මේ සබ්ජෙක්ට් එකෙන් අපිට වඩා එක්ස්පර්ට්….සෝ අපිට මෙයා හොද ඇසෙස්ට් එකක් වෙවි….තව බලන්න දෙයක් නෑ මාත් කැමතියි…
නදීරා ගේ සුදුසුකම් විපරම් කර දිලුක් ද ඇය දෙස බලා ඇය සුදුසු යැයි තිරණය කලේය…
“හරි මිස් නදීරා…ඔයා හෙට ඉදන් එන්න……welcome to Unique Company”
thank you very much sir….
නදීරා අසුනින් නැගිට ඔවුන්ට සමු දී ඔවුන්ට පිටුපා ගියේ නැවතත් හැපින්නියක සේ දෑස් ත්රිර්ව කරගනිමිනි…
ඒ අනුව මිස්ටර් නිෂල්, දිලුක් සහ යෙෂාන් මෙම සමාගමේ ප්‍රධාන හවුල්කරුවන් වූවාය….යටි සිතෙහි යමිකිසි අදහසක් ඇතිව නදීරා මේ සමාගමට සම්බන්ධ වූවාය..
°°°°°°°°°°°°°°°°°°°°°
සරාගීලෙස ඇදුම් අදිමින් නදීරා නිතර උත්සහ ගත්තේ නිෂල් ගේ අවධානය නිතර ඇය වෙත ලබා ගැනීමටය….
“ඔව්….සර්…මට හිතෙන්නේ ඒ ඇඩ්වර්ටිස්ට්මන්ට් එකට මේ ඩිසයින්ස් ටික මැච් වෙයි..”
නදීරා නිෂාන් වෙත දිගු කලේ ඇය විසින් නිර්මාණය කර තිබු නිර්මාණ කිහිපයකි..
“ඔයා වැඩක් කලොත් මට බලන්න දෙයක් නෑ නදීරා….” ඔහු ඈ දෙස බලා සිටියේ වල්මත් වූ දැසින් යුක්තවය …..
දිලුක් නිතර සමාගම වෙත නොපැමිණිය අතර නිතර වැඩ කටයුත් ගැන විපරික්ෂාකාරිව කටයුතු කලේ නිෂල් ය….
නමුත් නිතරම ඔහු වැඩ කටයුතු ඉටු කලේ නදීරා සමග එක් වීය…
“ඕකේ සර්…….ඔයා ඕකේ නම් මං ඩිසයිනින් වලට දෙනවා “
නදීරා සුවදානම් වූයේ අසුනින් නැගිට පිටත් වීමටය….. නමුත් නිෂල් ඇයව ඇද තම ඔඩොක්කුව මත හිදුවා ගනිමින් ආදර බස් කියවන්නට පටන් ගත්තාය…
“ඔයා දන්නවද කෙල්ල…මං ඔයාගෙන් අමුතු දෙයක් දැක්කා…..”
ඔහු ඇගේ කොපුල අතගාමින් කියන්නට වූවාය..ඇයත් මුව සිනහවෙන් සරසා ඔහුගේ කතාව අසාගෙන සිටියාය…
ටිකෙන් ටික ඔහු ඈගෙ මුහුණ වෙත ලං වෙන්නට පටන් ගද්දි ඈ ඔහුගෙන් මෑත් වූවාය…
“සර්…කවුරුහරි එයි…මට බයයි….”
නදීරා කිවේ ඇයගෙ සරාගී දෑස් පුරුදු පරිදි සකසා ගනිමින් ය…….
මෙසේ දින ගණනක් ගෙවි ගියත් මිස්ටර් දිලුක් සමාගම ට නැවත පැමිණියේ නැත ….ඒ අතර නිෂල් ගේ සහ නදීරාගේ සම්බන්ධ ය එන්නම එන්නම උත්සන්න විය…නිෂල් ට ඇය නැතිව මොහොතක්වත් ගත කිරිමට පවා නොහැකි විය…..කොටින්ම ඔහු ඈ ට වශී වී හමාරය….
“ඩාලිං මං හෙට ඉදන් මාසයකට යූ ..කේ යනවා…..ඔයා දන්නවනේ….” ඔහු කීවේ කාර්යාල කාමරයේම සිටය..
“ම්ම්ම්…කමක් නෑ නිෂල් …ඔයා වැඩේ කරගෙන එන්නකෝ….” නදීරා ඔහුට තුරුල් වී මුමිණමින් සිටියාය…
“මාසයක් ලග නැතුව පාලුයි කෙල්ල….යන් මා එක්ක….”
“බෑ ..නිෂල්……මං ගියොත් කොහොමද ඩිසයින්ස් ටික කරන්නේ…..ඔයා ගිහින් එන්න….මාසයයි නේ” ඔහු ඈට තව තවත් තුරුල් වෙද්දි සුපුරුදු හැපින්නියකගේ විලාසයට ඈගේ දෑස් හැරෙන්නට වූවත් ඒ බව නිෂල් නොදුටුවේ ඈට සම්පූර්ණයෙන් ඔහු අවනත වී සිටි නිසාය..
“හරි….එහෙනම් දිලුක් එක්ක වැඩ ටික කරගෙන යන්න නදීරා…මිනිහා ටිකක් එක විදිහක් ඔයා ඒවා කෙයාර් කරන්න එපා..අපේ අෆෙයාර් එක දැන්ම දැනගන්නත් දෙන්න එපා”
ඔහු මා නිවස අසලින් ඇලරවා ගියේ එසේ කියමින් ය…
“තව ඉස්සරහට මෙකී මොනවා කරයිද දන්නේ නෑ…ඔය ගෙනත් අල්ලන මිනිස්සු ගේ ඇතුලට ගෙනාපු දවසක මේ අම්මා නරක ගැණි කියනවා නෙවෙයි….”
නදීරා ගෙට ගොඩ වෙද්දිම ඇගේ අම්මා කෑ ගසන්නට විය…එය ගණන් නොගත් ඇය කාමරය වෙත ගියේ කිසිවක් නොවූ ගාණටය…
සුපුරුදු පරිදි ජිම් එකට පෙර සේ නොගිය ඇය හැකි අවස්ථාවන් වල ඒ සදහා ද වේලාව වෙන් කරගත්තාය….
°°°°°°°°°°°°°°°°°
“මොකද මේ තමුන් හැමදාම ලේට්” පසුදින සිට ඇයට වැඩකිරිමට සිදුවූයේ දිලුක් සමගය…
“පහුගිය ටිකේ මට වයිරස් ෆීවර් තිබුනා සර්….නිවාඩු නැති නිසා වැඩටත් ආවේ” ඈ කිවේ සිතාමතා බොරුවකි
ඈ එසේ කියද්දි ප්‍රථමවතාවට දිලුක් නදීරා දෙස බැලුවේ රවමින් ය….
“සාරා……” ඇය එදින සාරියකින් සැරසි සිටියේ කෙදිනකවත් නැති ලෙසය…..
“සාරා…මං සාරා නෙවෙයි නදීරා”
“අයිම් සොරි…ඉට්ස් මිස්ටෙක් ….”
නදීරා එතැනින් පිටත් ව ගියේ යමක් කල්පනා කරමින්මය….නිෂල් රට සිටියත් ඇයට නිතරම කතා කරන්නට වගබලාගත්තාය….ඔහු ඇයට අවනත කරගැනිමට නදීරා දැන් හොදින් දැන සිටියාය….
දින කිහිපයක් ගත වූවත් දිලුක් සහ නදීරා සමග සංවාදයක් නොවීය…
“නදිරා මොකද අද පයින්” දිලුක් කාරය නැවැත්තුවේ නදීරා බස් එකක් පැමිණෙන තෙක් මග බලා සිටියදීය…
“බයික් එකේ පොඩි බ්‍රෙක් එකක් ආවා සර්….”
“එන්න මං ගිහින් දාන්නම්” බැරැරුම් ස්වරයෙන්ම ඔහු කතා කලාය…
නදීරාත් නොපමාව වාහානයට නැග්ගය…
රෝස පැහැති සාරියකින් සැරසී සිටි නදීරා සුන්දර යැයි ඔහු සිතුවාය…ඇයත් ඔහු කෙරෙ අහිංසක බැලමක් හෙලා පාර දෙස බලාගත්තාය….
“නදීරා සාරි එකට හරි ලස්සනයි”
කෙදිනකවත් නැති ලෙස ඔහු කීවේය…
“ඇත්තමද තැන්ක් යූ සර්….” නදීරා ඔහු දෙස බැලුවේ ආදරය මුසු වූ හැගිමකින්…ඒ හැගිම හදුනාගත්තත් දිලුක් එය නොපෙන්වා සිටියේය…..ඔහුත් එලෙස ඈ නිවස අසලින් ඇරලවා ගියේය…
“අද වෙන මිනිහෙක් ” නදීරා එනවිටම අම්මා ගැසුවාය…සුපුරුදු පරිදී නදීරා එය ගණන් නොගත්තාය….
සති දෙකක් පමණ ගත වෙද්දි ඒ ආදරණිය දෑස් එකින් එකට පැටලෙන්නට වී හමාරය…..
“නදීරා මට කියන්න දෙයක් තියනවා….”
දිලුක් නදීරා පැමිණි වේලාවකදි කිවේය…
“ඔව් සර්……”
“ඔව් සර් නෙවෙයි වාඩි වෙන්නකෝ” ඔහු නදීරාව අසුනින් ආදරෙන් වාඩි කලාය…..
“දන්නවද ළමයෝ….මං ඔයාට කැමති…ඉට්ස් මීන් අයි ලව් යූ….” ඔහු එකවර කියා සිටියේය…
ඒ බව අදහාගත නොහැකි ලෙස නදීරා ඔහු දෙස බලා සිටියායා…..ඔවුන් ඔවුන් ගේ දෑස් වලට එබි ඒ ආදරණිය මොහොත ගත කලාය….
නදීරා නිෂල් සමග තිබෙන සම්බන්ධයත් දිලුක් සමග තිබෙන සම්බන්ධයත් ගැටලුවක් නැතිව ආදරණියව පවත්වාගෙන ගියේ නිෂල් එන්න එන්නම් ලංකාවට එන්න ලං වෙද්දිය…
“හරි…මං හිතන්නේ ඔයාලාට මං කියපු වැඩේ තේරුණා…..ඒ විදිහට තමයි ඩෙකරෙෂන්ස් තියෙන්න ඕනී..හෙට නිෂල් සර් ලංකාවට එන නිසා ඉයර් එන්ඩ් ෆන්ෂන් එක ටිකක් කලින් ගන්න කියලා ප්‍රොපොස් කලේ දිලුක් සර්….ඒ නිසා නිෂල් සර් ස්ප්‍රයිස් වෙන්න වැඩේ කරමු….නදීරා විසින් කාර්යය මණ්ඩලයට උපදෙස් දුන්නාය…
“මැණික…….එහෙනම් අපි නිෂල් ට හෙට අපේ අෆෙයාර් එක කියමු ” ඔහු නදීරාගේ නළලත මත හාදුවක් තියා ඇයට සමුදුන්නේ ඇයගේ නිවස අසලදීය….
එන්න එන්නම රාත්‍රිය උදා වූවාය….ඇය…රැකියාවට ගොස් මාස හතකට අටකට ආසන්න විය.ඈ සෙමෙන් සෙමෙන් පියමන් කලේ ඇගේ සැමියාගේ කාමරය වෙතයි……ඔහු සයනේ වැතිරි සිටියේ අඩ නින්දේ බව නදිරා හොදින් දැනන් සිටියාය….සයනයේ පසෙකින් ඈ ඔහු අසලටම වී නිදාගත්තාය….ඈ සෙමෙන් හිස තබා ගත්තේ ඔහුගේ පපුතුරටය….කදුලු එකින් එක ඔහුගේ නිරුවත් පපුවට වැටෙද්දි ඔහු නදීරාගේ හිස ආදරණියව පිරිමැද්දාය….
“මං පළිගන්නවා යශෙන් …මං උන්ගෙන් පළිගන්නවා…….” නදීරා කෙදුරුවාය…..
නදීරා ගේ සහ යශෙන් හේ මතකට දිව ගියේ මීට අවුරුදු කිහිපයකට එහා මතකයන් වෙතය..
යශෙන්…දිලුක් සහ නිෂල් යනු කැම්පස් ජිවිතයෙදි අදුනා ගන්නා ලද ලගින් ඇසුරු කරන ලද හොදම යහලුවන් තිදෙනාය…..සරසවි කාලයේදී සාරා හෙවත් වරතමානයේ නදිරා ලෙස නම වෙනස් කර සිටි ඇය ගැන මුලින් හිත යන්නේ දිලුක් ට ය ….ඇයට මුලින්ම ආදරය කරන්නට පටන් ගන්නේ දිලුක් ය….නමුත් සාරා කෙදිනකවත් දිලුක්ට ආදරය නොකලාය…වසර කිහිපයක් ගත වෙද්දි සාරා සහ යශෙන් ආදරයෙන් බැදෙන්නේ සාරා ගේ දැඩි කැමැත්ත යශෙන් මතම තිබියදීය….ඇය ඔහුට අප්‍රමාණව ආදරය කිරිමට පටන් ගෙන තිබුනේ සරසවියේ ප්‍රථම වසරේ සිටමය..
දිලුක් ඔවුන්ට සතුටින් සුභ පැතුවත් සිත යටින් තිබුනේ තරහව පමණි….නිෂල් මුලදි යශෙන් ට වඩා හිතවත් වූවත් යෂෙන් දියුණු වන විට ඔහු පවා යශෙන් හට ඊරිෂියා කරන්නට විය…
සරසවි අධ්‍යාපනයෙන් වසර ගණනාවකට පසුව යශෙන් කුඩාවට පටන් ගත් සමාගම ඔහුගේ දක්ෂතාවය නිසාම යම්කිසි මටමකට ගෙන එන ලදි…ඒ යුනිකියු සමාගයි….යෂෙන් ගේ මහන්සියෙන් ගොඩ නගාගත් සමාගමයි….
අප දෙදනාගේ විවාහයෙන් ද අනතුරුව කලකට පසු නිෂල් සහ දිලුක් හමුවන්නේ එලිමහන් අවන්හ්ලකදීය….
“අඩෝ…මුන් බලහන් …හරි ගිහින් දැන් අපිව මතකත් නෑ” නිෂල් පැවසූවේ කාලයක් තිස්සේ යෂෙන් සමග සම්බන්ධය බිදිගොස් තිබුන නිසාමය…
“නෑ….මචං එහෙම නෑ…..පිස්සුද උඹලාට වැඩ හොදටම”
ඒ හමුවීම අවසානයේ ඔවුන් දෙදනාත් යෂේන්ගේ සමාගමේ හවුල්කරුවන් වූවාය….නිතර නිතර ඔවුන් දෙදෙනා සාරාට හමූ වූවාය…
සාරා වර්තමාන නදීරා මෙන් නොව දිග කොණ්ඩයකට හිමිකම් පෑවාය..ඈ ගෙන් දිස් වූයේ චාම් පෙනුමකි..නිතරම සරියකින් හැඩ ගැන්වු ඈගේ රූපය කාගෙත් සිත් ගන්නට වැඩි වේලා නොගියේය….
“සාරා….සරා…..”
දිනක් යශෙන් මත් පැන් බී හොදටම වෙරි වී රැගෙන ආවේ දිලුක් ය….කෙදිනකවත් එලෙස නොබොන යශෙන් දුටු සාරා පුදුම විය…..
“දෙයියනේ මේ මොකද…..යශෙන් ඇයි යශේන් මේ….”
දිලුක් ගේ උදව් ද ඇතිව ඔහු සයනේ නිදි කරවන්නේ ඔහුට කිසිදු සිහියක් පතක් නැති වෙද්දිය….
“සාරා ටිකක් මෙහෙ එන්නකෝ ” වැදගත් දෙයක් කියන්නට මෙන් ඔහු සාරාට කතා කලේය…
ඔව් කියන්න දිලුක්…තැන්ක්ස් යශෙන්ව එක්කන් ආවාට….සාරා ඔහුට කීවාය…
“පේනවානේ…මේ මනුස්සයා ඔයාට ගැලපෙනවද සාරා…..ඔයා දන්නවනේ මං ඔයාට කොච්චර ආදරෙයිද කියලා…..”
ඔහු සාරා ගේ සිරුරට කිට්ටු වන විට සාරා ඔහුව තල්ලු කලාය…නිවසේ දිව ගිය ඈගේ අතට අහු වූයේ විශාල සවලකි……ඔහු ලංවන විටම ප්රාහාරයක් එල්ල කලේ ඔහු බිම වැටෙන්නමය…..එකවරක් ගසා ඇය බලා සිටියේ ඔහු ඊලගට කරන්නේ කුමක්ද කියාය..
වහා නැගිටගත් දිලුක් ලේ පෙරමින්ම කාර් එකට නැග යන්නේ සාරා ගැනත් යශෙන් ගැනත් දැඩි වෛරයක් ඇති වෙද්දිය….
ඒ 2015 ඉයර් එන්ඩ් ෆන්ෂන් එක දවසය…..ඒ ෆන්ෂන් එක සම්පූර්ණයෙන් සංවිධානය කිරිමේ වගකීම යශේන් භාරදී තිබුනේ නිෂල් වෙතය…..දිලුක් කලින් සිදුවූ සිදුවීමෙන් සාරාගෙන් සමාව අයැද තිබුනේ ඒ බව යශෙන් හට නොකියන ලෙසත් එසේ වුවහොත් ඔහුව සමාගමෙන් ඉවත් කරයි යන බියක් ඔහු තුල තිබුන නිසාය…
නමුත් සාරා මේ සිදුවීම යශෙන් ගෙන් සැගවූයේ නැත…නමුත් ඔහුගේ හවුල්කාරිත්වය දිගටම තබා ගැනිමටත් ඔහුට වැඩි වගකීමක් ලබා නොදීමටත් යශේන් නිතර වග බලාගත්තාය….
2015 දි නිෂල් ගේ සංවිධානය අනුව ඩිනර් පාර්ටි එක තිබුනේ කොළඹ නිෂල් ගේ හොදම යාලුවෙකුගේ හෝටලයක වන අතර ඇනවුම් මුදල් පවා අඩු කර තිබුනේ නිෂල් ගේ හිත්වත්කමටය…
“උඹලා දෙන්නා මේ රූම් එකේ චෙන්ජ් කරපං ….අපිත් චෙන්ජ් කරන් එන්නම්”
නිෂල් යශෙන් හා සාරා ට යතුරක් ලබා දී කීවේය… උදේ සිට උත්සවය සදහා විවිධ අයුරින් මහන්සි වූ ඔවුන්ට අවශ්‍ය වූයේ වේවේකයකින් පසු උත්සවය ආරම්භ කිරිමටයි……
වොෂ් එකක් දා සුවදානම් වෙමින් සිටියේ සාරාය…ඒ අතර යෂෙන් නා ගනිමින් සිටියේය….නොහිතු ලෙස සාරා ඇදුම් මාරු කරද්දි පිටතින් දොර ඇරගෙන ආවේ දිලුක් ය…ඔහුට තවත් යතුරක් දී ඇත්තේ කවුදැයි යන්න සාරාට පැහැදිලි කරගන්නටවත් වේලාවක් නොවීය..
“යෂේන්………” සාරා ගිරි යටින් කෑ ගැසුවාය….
ඈගේ කට තද කර ඔහු තදින් අල්ලා ගත්තාය….ඒ අතර නිෂල් ෆයිල් එකකුත් රැගෙන කාමරයට රින්ගාගෙන දොර අගුලු දැම්මාය…පසුව සාරාගේ කට රෙදි පටියකින් ගැටගසා බැන්දාය….
සාරා ගේ හඩ ඇසි එක වර නාන කාමරයෙන් එලියට පැමිණි යෂේන් හට පොල්ලකි ගැසුවේ නිෂල් ය….
“මොකක්ද බං උඹලා කරන්නේ” බිම පතිත වූ යෂේන් කෑ ගැසුවාය…
“කට වහගෙන අහගෙන ඉදපන්..උඹ හැමදාම දින්නා….උඹ ගාව බල්ලෝ වගේ අපි වැඩ කලා……උඹ එන්න එන්න දියුණු වෙනවා…..අපි දන්නවා උඹ වැඩි කල් අපිව තියාගන්නේ නෑ…අපිව එලියට විසි කරනවා…ඒ නිසා…..කම්පැනි එක අපි දෙන්නට ලියලා දීපන්….මෙන්න ඩොකියුමන්ට් අත්සන් කරපන්….” නිෂල් කිවේ යෂෙන් හට පහර එල්ල කරමිනි…….
“උඹලා ආතක් පාතක් නැතිව ඉන්නකොට මිනිස්සු කරලා ගත්ත මට ද මෙහෙම කරන්නේ…මගේ කෙල්ලව අත ඇරපන්” සාරාව අතගාමින් සිටි දිලුක්ව දැක යෂෙන් තවත් කෑ ගැසුවේය….
“ඕක අතසන් කලේ නැතොත් මේකිගේ ඇදුම් එකින් එක ගැලවෙන හැටි බලන් ඉදපන්….ඒ නිසා ඕක අත්සන් කරපන්….” දිලුක් කිවේ සාරාට එන්න එන්නම කරදර කරමිනි…ඈ ඇද සිටි ඇදුම් මුදාහරින්නට ඔහු සුවදානම් වූවාය…යෂේන් ඈ වෙත දුව එද්දි නැවතත් නිෂල් ඔහුට ප්‍රාහාර එල්ල කලේය….
පන නැතිවම ඔහු බිම වැටුනේ කකුල් දෙක වාරු නැතිවමය…..දිලුක්ගෙන් සාරාට වන කරදරය අඩු වූයේ නැත…..
“ඒපා…….මං අත්සන් කරන්නම්” යෂේන් අපසුවෙන් කෑ ගසමින් කිවේය…
නිෂල් ෆයිල් එක නැවතත් ගෙන ඔහු අසලට විසි කලේය….අපහසුවෙන්ම සෑම කොලයක් පාසා ඔහු අත්සන් කලේ සාරා වෙනුවෙන් ය…
“දැන්වත් අපිට යන්න දීපන්” යෂේන් අපසුවෙන්ම කෑ ගැසුවාය….නමුත් සිදු වූයේ වෙනත් දෙයකි…ඔහුට පහට පිට පහර ගැසුවාය…
“උඹ හිතුවද අපි මේක අත අරියි කියලා…මේකිට හොද වැඩක් කරලා තමයි මේක ඉවර වෙන්නේ…උඹ සිහිය තියාගනින්…සිහිය තියාගෙන බලා හිටපන්…..සාරා කෙතෙක් උත්සහ කරද ඔවුන්ගෙන් බේරිමට ඇයට නොහැකි විය..හැඩි දැඩි පිරිමි දෙදෙනෙකුගේ ග්‍රහණය ඈ එකවර හසුවන්නේ තමාගේ සැමියා කිසිවත් කර කියා ගත් නොහැකිව බලා සිටිද්දිය…..
“ගහන්න එපා ඌට…ඌ මේවා දකීන්න ඕනී……දිලුක්ට තිබුනේ යෂෙන් පිලිබද දැඩි වෛරයකි…ඒ සාරාගේ ආදරය සෑමදා යෂේන් වෙනුවෙන්ම තිබු නිසාමය..ඒ නිසාම යෂේන්ට රිදවීමට දැඩි වූවමනාවක් තිබුනේ දිලුක් ටය….
යෂෙන් ඉදිරියේදිම තම හොදම යහලුවන් දෙදනා අතින් සාරා කෙලෙසිනනි…ඔවුන් අතින් සමූහ දූෂණයට ලක් විය….. අවසානයේ ඔවුන්ට ප්‍රහාර පිට ප්‍රාහර එල්ල කර ඔවුන් පැන ගියේ ඔවුන් මැරුණු බව සිතාය…..
°°°°°°°°°°°°°°°°°°°°°°°°°
සාරා ගාරාජ් සමීරගේ සහය ඇතිව කාටත් හොරා යෂෙන්ව හෝටල් කාමරයවෙත් රැගෙන යන්නේ 2019 ඉයර් එන්ඩ් පාර්ට් එකට මුලු හෝටලයම සැරසෙද්දිය….හෝටලයේ එක් කාමරයක සමීර සැග වෙන්නේ විල් චෙයාර් එකේ සිටි යෂෙන් සමගය…
📞”මිසටර් නිෂල් ද..
📞”ඔව්…කියන්න…….
📞”සර්….වැදගත් දෙයක් තියනවා කියන්න… සර්ගේ ඔෆිස් එකේ ඉන්න ලෙඩි කෙනෙක් එක්ක මිස්ටර් දිලුක් කලින්ම රූම් එකක් බුක් කරලා ආවා…සර් ෆන්ෂන් එක තියෙන්නේ හවසනේ…රූම්ස් ඉල්ලුවෙත් හවසට….සර් නේ අපිට පේම්න්ට් එක කරන්නේ …..සර් බිල් එක එයාලගෙන් චාර්ජ් කරගන්න ද නැත්නම් ෆන්ෂන් එකට ඒකත් ඇඩ් කරන්න ද…..” නිෂල් ඔහුට ලැබු ඇමතුමෙන් පුදුම වූවාය…..
📞”මට කියන්න පුලුවන් ද දිලුක් එක්ක ආව ලේඩි කවුද කියලා….”
📞”ම්ම්ම්ම්…මිස් නදීරා….කිහිපවතාවක්ම ඒ මිස් ඇවිල්ලා වැඩ බලලා ගියේ සර්….”
📞ඔහු පැවසූ දෙයින් නිෂල් ගේ ලේ කෝප වන්නට විය…
📞”අහ්…ඒක ෆන්ෂන් එකට ඇඩ් කරමු….මට කිව්වා කියලා ඒ දෙන්නට කියන්න එපා ඕකේ…”
📞”ඕකේ……..සර්…තැන්ක් යූ”
ඔහුගේ මුලු ඇගම දහඩියෙන් නැවෙන්නට විය……නදීරා ගෙත් දිලුක් ගෙත් ෆොන්ස් වලට උත්සහ කලත් ඔවුන් සම්බන්ධ කරගත නොහැකි විය…..
සාරා දිලුක් සමග සිටියේ හෝටලයේ එක් කාමරයකට වීය …සාරාගේ ඔලුවේ දහසකුත් සැලසුම් තැනෙන්නට විය …..ඔහු වොෂ් රූම් එකේ සිටිනා අතර තුර සාරා දිලුක් ගේ දුරකතනය විසන්ධි කරන්නේ එය සගවා තබමින් ය…පසුව තමා ගෙනා බෑගයෙන් එලියට ගන්නේ පිස්ටල් එකකි…..ඒ දිලුක් ගේම පිස්ටල් එකකි….ඇය එය සොරකම් කරන්නේ දිලුක් ගේ ඔෆිස් කාමරයේ තිබීය…දිලුක් මේ කාලසීමාව තුල ඇයගේ වසගයට ගත් නිසාදෝ දිලුක් හට ඒ පිලිබද මතකයක්වත් නොතිබිනි……
ඔහු එලියට පැමිණෙන බව ඇසුන ඇය වහා පිස්ටල් එක සගවන්නේ සයනයෙහි මෙට්ටය යටය….
“නදීරා දැන් නම් එක තැනකට වෙලා ඉන්න…ඔයා සේරම වැඩ හොදට ලෑස්ති කරලා…දැන් මාත් එක්ක ඉන්න හවස් වෙනකන්….” ඔහු කෙමෙන් කෙමෙන් සාරාව ඔහු වෙත ලං කරගත්තේය…..
“මොකක්ද යකෝ තෝ ඔය කරන්නේ” සීතු පරිදි ම නිෂල් කාමරය වෙත කඩා පැන්නේ රෙසෙප්ෂන් එකෙන් ඉල්ලා ගත් යතුරෙන් දෝර ඇරගෙනමය……
ෆන්ෂන් එකේ සම්පුර්ණ වියදම ඔහුගේ නමින් ගෙවන නිසා ඔහු ඉල්ලු විට නොපැකිලිව යතුර ලබාදුන්හ….
දිලුක් ට කිසිදු අවස්ථාවක් නොදී නිෂල් ඔහුට ප්‍රාහාර එල්ල කලේ සාරා බලා සිටියද්දිම…ඈ සම්ච්චලයට මෙන් ඔවුනට සිනාසුනාය……
“හිටහන්…උඹට ඇයි මට ගහන්නේ…මං නදීරාට කැමති නදීරා මට කැමති…උඹට මොකක්ද තියන ප්රශ්නය ” දිලුක් අපහසුවෙන් කියද්දි නිෂල් විස්මයට පත් වූවේය….
“මොකක් නදීරා උඹට කැමති” ඔහුගේ වියරු වැටුන ඇස් තුලින් ඇය වෙත හැරෙදිදි නදීරා ප්‍රහාර එල්ල කලේ තමන්ගේ සැගවුනු කායික ශක්තිය උපයෝගි කරගනිමිනි….පොලු මුගුරු වලින් ගහනවාටත් වඩා ඇයගේ ප්‍රහාර ඔස්සේ ඔවුන් බිම පතිත විය….සාරා අතීතය මතක් කරමින් ඔවුන්ට ගැසුවේ ඔවුන් දෙදනාට නැගිටගන්නවත් බැරි තැනය….
“උඹ මෙහෙම කලේ ඇයි කියහන් නදීරා” නිෂල් ඇසුවේ අපසුවෙනි….
“මං සාරා…උඹලාට මතකද….අර මගේ මනුස්සයා යෂේන් උඹලට මතකද…මේ වගේම දවසක උඹලා මට දීපූ දස වද උඹලාට මතකද….උඹලාට මාව අදුරගන්න බැරි වුනා එහෙනම්….ඔව් ඒ අහිංසක කම දැන් මගේ මුණේ හොයාගනවත් නෑ…පේනවානේ උඹලාට…” ඈ නැවතත් ඔවුන්ට පහර එල්ල කලාය……
“උඹගේ පැලැන් එකක් මේක….උඹ මහා පුදුම ගැණියෙක් …..”
“ඔව්…මං මහා පුදුමයි….උඹලා එදා මට වද දෙන කොට මං හිතින් උඹට සාප කාලා දහස් වතාවක් සාප කලා….මේ අවුරුදු ගාණම සාප කර කර ජීවත් වූනේ….උඹලාගෙන් පලිගන්නමයි මං ජීවත් වූනේ” සාරා කෑ ගැසුවාය……
උඹට දැන් ටිකකක්ට කලින් කෝල් කලෙත් මගේ එකෙක්….අන්න ඌ මයි අපිට එදාත් උදව් කලේ…..මේ සමීර……උඹලා හිතුවේ මං මැරුණා කියලා නේද…මං මැරුණේ නෑ……උඹලාගෙන් පලිගන්න ඕනී නිසාම මං මැරිලා වගේ හිටියා…හුස්ම අල්ලන්නේ නැතුව හිටියා…..හැමදේම හොරෙන් බලා හිටපු මේ සමීර ඇවිත් බැලුවේ අපි මැරිලාද කියලා….යෂේන් සම්පූර්ණයෙන් සීහි නැති වෙලා හිටියේ එතකොට…..එත් මැරිලා හිටියේ නෑ….මට ඕනි වූනේ උඹලාගෙන් පලිගන්න මයි…….මං ඒ නිසාම ඉක්මනින් රිකවරි වුනා…..යෂේන් කොමා වූනා……දැන් තමයි මගේ යෂේන් හොද අතට හැරෙන්නේ…..අත්සන් කරපන් මේ ටිකට……අත්සන් කරපන්….”
නැවත ෆයිල් එකක් ඔවුන් වෙත විසික් කර සාරා ඔවුන් ලවා බලෙන් අත්සන් කරගත්තේ කම්පැනි එකේ සෑබෑ අයිතියයි….
උඹලා යහතින් කම්පැනි එක කරගෙන හිටියේ මං චැනල්ස් වලට දීපු බොරු නිව්ස් එක නිසා…..ගැනි ගේ අනියම් සම්බන්ධය අසුවී ඇති වූ ආරවුල නිසා සැමියා බිරිද එක ලේ විලක් මැද මරුට …..උඹලාට මතක ඇති….උඹලාට මාර සතුටු හිතුනා නේද එදා…..උඹලා වසානාවන්තයි කියලා හිතුනා නේද…….පොලිස් පොතට කිසිම දෙයක් ගියේ නැත්තෙත් මට ඔනී නිසා…..ඒ මට උඹලා දෙන්නාගෙන පලිගන්න ඕනී නිසා…..උඹලා දන්නවද පෝලීසියත් මට මේකට උදව් කරනවා කියලා…දැන් මැරෙන්න ලැස්තිවෙයන්…..
තව තවත් වද දී ප්‍රහාර එල්ල කලේ ඔවුන්ගේ ඇගපත කිසිවක් සොලවන්නට නොහැකි තැනදීය…මෙට්ටය යටින් පිස්තෝලය ගත් ඇය මුලින්ම වෙඩි තිබ්බේ නිෂල් ට ය…..පසුව වෙඩි තිබ්බේ දිලුක් ටය…හිස පසාරු කරගෙන ගොස් ඔවුන් මරු තුරුලට ගියේ කරපු වැරැද්දේ පලවිපාක සිහිගන්වමින් ය …එතැනින් නොනැවතුනු සාරා ඔවුන්ගේ ඇග උඩින් එහෙට මෙහෙට ඇවිද්දේ ඇයට දුන් දස වද සිහිපත් කරමිනි…
“සාරා දැන් ඇති…..”
“ඉන්ස්පෙක්ටර්…..”
“ඔයා යන්න ඉතිරි ටික මං බලාගන්නම්” ඇයගෙන් පිස්ටල් එක ගත් ඔහු සාරාට පැවසූවේ යන ලෙසය….
මේ සාරා ලා ඉන්නකන් උඹලා වගේ එව්වො යහතින් තියන්නේ නෑ…..සාරා සමීරගේ උදව් ඇතිව යශෙන් සමග නිවසට පැමිණියාය…..
“යශෙන් ඔහොම ඉන්න හොදද…අපි නාමු….වතුර ටිකක් උණු කරන්න තියලා මං එන්නම්” ඔහුගේ හිස අත ගා ඇය හැරුනේ පිටත් වීමටය….
“සා……රා…….” වර්ෂ ගණනාවකට පසු ඒ හඩ ඇයගේ සවනට වැටුනේය…
“යෙෂේන්….ආයේ කියන්න…..අනේ ආයේ කියන්න….ඔය කටින් මගේ නම කියන්න ” ඈ හඩමින් සතුටු වූවාය…
“සා…..රා……. ම…..ගේ…..සා….රා…….” ඈ ඔහුව වැලදගත්තාය…ඔහු සම්පූර්ණයෙන්ම සුව වන බව ඇ හට මේ වන විට විශ්වාසය….
🌼සමාප්තයි 🌼
භාශි වීරක්කොඩි ✍✍✍
උපුටාගැනීමකි