චන්න පෙරේරා හා ගයත්‍රී ඩයස් කියන්නේ හැමෝම දන්න දක්ෂ කලාකරුවන් දෙපළක්. ඒ වගේම දියණියන් දෙදෙනෙකුගේ මව්පියන් දෙදෙනෙක්. මේ දෙන්නාගේ වැඩිමහල් දියණිය මලීෂා. කලාවට ඇයගේ කිසිම සම්බන්ධයක් නැතත් ඇයව දෙමාපියන් නිසාම හැමෝම හදුනනවා. ඇය සමග කරපු කෙටි පිලිසදරක් මෙසේ සදහන් කර තිබුනා
මම හුගක් කිට්ටු තාත්තට.. තාත්තට වඩා අම්මා දැන් කාර්ය බහුලයි. මම මගේ හුගක් දේවල් ෂෙයාර් කරගන්නේ මගේ තාත්තා එක්ක. මම හැමදේම තාත්තට කියනවා. අම්මට කිට්ටු නෑ කියලා නෙමෙයි මේ මම කියන්නේ. අම්මට හංගන්නෙත් නෑ.. වැඩිපුර ගෙදර ඉන්නේ තත්තනේ. තාත්තා තමයි මගේ හොදම යාලුවා.
තාත්තා අධ්‍යක්ෂක වරයෙක් වගේම අම්මා නිලියක් වෙලත් මම රඟපාන්න නම් කැමති නෑ.. පුන්චිකාලෙ රඟපෑවා ඒ නොදන්නා කාලෙනේ.. ඒ තාත්තගේ ටිකිරි හපන්නු ටෙලි නාට්‍යයේ රඟපෑවේ. ඊට පස්සේ රඟපෑවේ නෑ. රඟපාන්න අකමැති විශේෂ හේතුවක් නෑ. මම හිතන්නේ මම රඟපාන්න දක්ෂ නෑ කියලයි.
මම කැමති ගායනයට හැබැයි දැන්ම ඒ ගැන හිතන්නේ නෑ.. අධ්‍යාපන කටයුතු ඉවර කරලා සංගීතයත් හදාරලා මගේම ගීතයක් එලි දක්වන්නයි කැමති. එකත් පුර්ණ කාලීනව කරන්නේ ණෑ. ගායනය මගේ විනෝදාංශයක් විතරයි.
ගයත්‍රී චන්න කියන්නේ අපේ කාලා ශේෂ්ත්‍රයේ සිටින අයගෙන් දවසින් දවස වයසට යන අයට වඩා දවසින් දවස තරුණ වන දක්ෂ රංගන ශිල්පින් දෙදෙනෙකි. ඒ ගැන දුව දුන්නු අපුරූ උත්තරයකි මේ.. මටනම් මේක මහ වදයක් මට හිතෙන්නේ ඒ දෙන්නා ඉස්සරහා මම වයසයි කියලා.
මොකද තාත්තා එක්ක ගියොත් ගර්ල් ප්රෙන්ඩ් ද කියලා අහනවා. අම්මා එක්ක ගිහාම නංගීද කියලා අහනවා. මම ඒකට කැමති නෑ. මම ඒ දෙන්න එක්ක තනියම එලියට යන්නත් කැමති නෑ. අම්මනම් ආඩම්බරයි අම්මයි දුවක් අක්කයි නංගි වගේ ඉන්න එකට. ඒත් මමනම් ඒකට එච්චර ආස නෑ.
මම අනාගතයේ ව්‍යාපාර ශේෂ්ත්‍රයෙන් ඉදිරියට යන්න තමයි කැමති. මම මාධ්‍ය ඉස්සරහට එන්න කැමති නෑ. වැඩසටහන් ෆොටෝ ශුට් වගේ දේවල් වලට සහභාගී වෙන්නත් කැමති නෑ. එත් අම්මයි තාත්තයි වෙනුවෙන් ඒ දේවල් වලට සහභාගී වෙනවා.
ෆොටෝ ශුට් වලදී හරියට ඉන්නේ නෑ කියලා අම්මගෙන් බැනුම් අහනවා. මම ගැන දන්න නිසා එයාලත් එක්ක මාධ්‍ය ඉස්සරහට යන්න වුනොත් කියලා කලින් ඉදලා ඉන්න ඕන විදිහ ගැන කියලා දෙනවා.
අම්මා තාත්තා ගැන විවිධ අය විවිධ කට කතා ගැන කියද්දී මලීෂා මේ වගේ ප්‍රතිචාරයක් දැක්වුයේ. අම්මා තාත්තා ඒ දේවල් ගණන් ගන්නේ නෑ. ඒ දෙන්නට ඒවා ප්‍රශ්න නොවෙනකොට ඒවා අපිට කොහොමත් ප්‍රශ්නයක් නෙමෙයි නේ.
කවුරු කොහොම මොනවා කීවත් අපි අම්මා තාත්තා ගැන දන්නවනේ. එයාලට අපි තරම් වටින කිසි දෙයක් නෑ. අපිටත් එයාල තරම් වටින දේකුත් නෑ. ඉතින් චන්න ගයත්‍රී ගේ ආදරණිය දියණිය මලීෂා අම්මා තාත්තා ගැන ඒ විදිහටයි කියව්වේ.










