ඇදුම් ටිකත් බෑග් එකකට අහුරගෙන අම්මයි තාත්තයි එක්ක මං ගෙදර ආවා.
ලසන්තව දාලා එන්න සිද්ද වෙච්චි එකට මට පොඩ්ඩක් වත් දුකක් දැනුනේ නැහැ. මටම පුදුමයි මං මාස හයක් තිස්සේ ලසන්තගේ දුක් ගින්දර ඉවසුවා කිව්වම. කාර් එකේ එනකල් මං අම්මයි තාත්තයි එක්ක කතා කරේ නෑ.වාහනේ ගේ මිදුලෙන් නවත්තපු හැටියෙම මං කාමරේට ගිහින් ඇදෙන් ඇල වුනා.
ආපහු මට ඇහැරුනේ හවස හයට විතර. මෙච්චර වෙලා මට නින්ද ගියා කිව්වම පුදුමයකුත් ඇති වුනා.ඇදෙන් නැගිටලා බාතෲම් එකට ගිහින් මුහුණ කට හෝදගෙන බෑග් එකෙන් ඇදුමක් අරගෙන ඇද ගත්තා.මොනවා කරන්නද කියලා මට හිතා ගන්න බැරි වුනා.
“ආ….ඔයා නැගිට්ටද දූ?මං මේ දෙතුන් සැරයක්ම ඇවිත් බැලුවා.ඔයා නිනිදාගෙන හිටපු හින්දා ඇහැරුවෙ නෑ……”
“මට ගොඩාක් වෙලා නින්ද ගියා අම්මා……”
එහෙම කියලා කෝ තාත්තා කියලා අහන්න හදනකොට තාත්තා කාමරේට ආවා.තාත්තගේ මුහුණේ තිබ්බේ ලොකු කලකිරීමක සේයාවක්.
“දුව අපිත් එක්ක තරහින්ද ඉන්නෙ?……”
තාත්තා එහෙම අහන්න ඇත්තෙ මේ කසාදෙ සිද්ද වුනේ තනිකරම එයාලා දෙන්නගේ කැමැත්ත ඇතුව නිසා වෙන්න ඇති.ඒත් මං සද්දෙ නැතුව හිටියා.පුංචි දේටත් මගෙ හිත රිදෙනවා.මගෙ ඇස් වලට කදුලු පිරුනා.😥😥අම්මා මාව එයාගෙ පපුවට තුරුල් කරගෙන ඔලුව අතගෑවා.මට දැනුනා අම්මත් අඩනවා.මං ඔලුව උස්සලා අම්මා දිහා බැලුවා.
“අනේ අම්මෙ අඩන්න එපා.දැන් අඩලා වැඩක් නෑ……..”
තාත්තගේ ඇස් වලත් කදුලු පිරිලා තියනවා මං දැක්කා.ඒ කදුලු දැකලා මගෙ හිත හොදටම පෑරුනා.😢😢
“අපිට සමාවෙන්න දුව.අපි කවදාවත් හිතුවෙ නෑ ලසන්ත මේ වගේ මනුස්සයෙක් වෙයි කියලා.ටිකක් දඩබ්බර මුරණ්ඩු කෙනෙක් තමයි.ඒත් ඒවා ටික කාලයක් යද්දී වෙනස් වෙයි කියලා අපිට හිතුණා.ඔයා මේ තරම් දුකක් විදියි කියලා අපි හිතුවෙ නෑ……..”
ලසන්තට මාව බලෙන්ම විවාහ කරලා දුන්නු එක ගැන අම්මයි තාත්තයි ගොඩාක් පසුතැවිලි වුනා.ඒත් දැන් වැඩක් නෑනෙ.හැම දේකින්ම සිද්ද වුනේ මට මාවම එපා වෙච්චි එකයි.
“අනේ අම්මෙ තාත්තෙ දැන් ඔය කතාව නවත්තන්න.මට තවත් දුක් විදින්න බෑ. මට ලසන්තගෙන් ඩිවෝස් එක ගන්න උදව් කරන්න.ඊට පස්සේ මට පුලුවන් සැනසීමෙන් ජීවත් වෙන්න…….”😥😥
“ඔයා බය වෙන්න එපා දුව.තව දුරටත් ඔයාට ලසන්ත හින්දා දුක් වේදනා විදින්න අපි ඉඩ දෙන්නෙ නෑ…….”
තාත්තා එහෙම කියනවත් එක්කම පොඩි දරුවෙක් අඩන සද්දයක් ලාවට වගේ ඇහුනා.
“අම්මෙ කොහෙද ඒ පොඩි ළමේක් අඩනවා ඇහෙන්නෙ?……”
මං එහෙම අහනකොට අම්මා හිනා වුනා.
“අනේ අනේ….ඔයාට අමතක වුනාද ඔයා දැන් පුංචි පුතෙකුගේ නැන්දා කෙනෙක්……”😀😀
අනේ….එතකොටයි මට මතක් වුනේ දෙව්මිණී අක්කට ඉපදුනු පුංචි පුතාව.මං ලසන්තගේ ගෙදර ඉන්නැද්දී අම්මා මට කෝල් කරලා කිව්වා දෙව්මිණී අක්කට පුතෙක් හම්බුනා කියලා.ඒත් ලසන්ත මට දරුවව බලන්න යන්න ඉඩ දුන්නේ නැහැ. අම්මගෙනුයි තාත්තගෙනුයි මිදුනු ඉගිල්ලිලා වගේ අයියලාගෙ කාමරේට දිව්වා.මං කාමරේට යද්දී දෙව්මිණී අක්කා පුතාව නළවනවා.🤱🤱
“අක්කේ…….”
අක්කට කතා කරගෙනම මං ඇද උඩින් වාඩි වුනා.අක්කගේ අතේ හිටපු රෝසම රෝස පාට පුලුං බෝලයක් වගේ ඉන්න පුංචි පුතාව මං මගේ තුරුලට ගත්තා.මට ලොකූ සෙනෙහසක් දැනුනා පුතා ගැන.
“අනේ අක්කෙ මට සමාවෙන්න පුතාව බලන්න එන්න බැරි වුනාට.මට ලසන්ත එන්න දුන්නෙ නෑ…….”
“දැන් ඒ ගැන හිතන්න එපා නංගී.ඔයාගෙ ජීවිතේට සතුට සැනසීම ලගදීම ලැබෙයි. අම්මලාට වුනත් දැන් තේරෙනවා කරපු වැරැද්ද…….”
“ඔව් අක්කෙ.මං ඉක්මනින් ලසන්තගෙන් ඩිවෝස් වෙනවා….චූටි පුත්තු නැන්දිත් එක්ක තරහද?කෝ දොයි අම්මා කියන්න…….”🤱🤱
මං පුතාව තුරුලට අරගෙන කාමරේ පුරාම ඇවිද්දා.ටිකක් වෙලා යද්දී පුතාට නින්ද ගියා.
“අක්කෙ පුතාට නින්ද ගියා.ඉන්න මං ඇදෙන් තියන්නම්…….”
මං පුතාව ඇදෙන් තියලා නෙට් එක දැම්මා.
“අක්කෙ පුතාගෙ නම මොකක්ද?…….”
“ගෞතම් ශාමේන්ද්‍ර…….”
ලසන්තගෙයි මගෙයි දික්කසාද නඩුව පැවැත්තුනා.දෙපාර්ශවයෙන්ම අකමැත්තක් තිබුනේ නැති හින්දා ගොඩක් ඉක්මනින් මට දික්කසාදය ලැබුනා.උසාවි භූමියෙන් මං එලියට ආවෙ ලොකූ නිදහස් බවකින්.මාත් එක්ක අම්මයි තාත්තයි අයියයි හතර දෙනාම ආවා.ලසන්ත උසාවියෙන් එලියට ඇවිල්ලා එයාගෙ ලෝයර් එක්ක කතා කරලා කාර් එකට යනවා මං දැක්කා.
“දුවේ දැන් ඔයා නිදහස්.ජීවිතේ ගැන හිමීට කල්පනා කරන්න.ඕනම දේකට අපි ඉන්නවා ඔයා එක්ක…….”
“මට ටික කාලයක් මේ විදියට ඉන්න දෙන්න අම්මා.දැන් තමයි මට මං ජීවත් වෙනවා කියලා දැනෙන්නේ…….”
“දුව….ඔයාට බඩනිත් ඇතිනෙ.අපි මගදී කෑම කමු.යමුකො…….”
අම්මයි තාත්තයි මායි අයියයි හතර දෙනාම කෑම කන්න ගියේ ලස්සන ගැමි අවන්හලකට.කෑම කාලා ඉවර වෙලා අපි එලියට එනකොට මං දැක්කා පාරෙන් එහා පැත්තේ ඇදුම් කඩේක පිරිමි ළමයින්ගේ ලස්සන ඇදුම් ගොඩාක් තියනවා.ඒවා දකිද්දී මට ලොකු ආසාවක් ඇති වුනා දෙව්මිණී අක්කගෙ පුංචි පුතාට ඒ ඇදුමක් අරන් දෙන්න.
මං අම්මට කියලා පාර් පැන්නා ඒ කඩේට යන්න. තිබ්බ හදිස්සියට පාරෙ එහා පැත්තෙන් ආපු වෑන් එක මං දැක්කෙම නෑ.මට මතක ඒ වෑන් එකට මාව හැප්පිලා උඩීන් විසික් වෙලා යනවා විතරයි.
ඊලග කොටසින් නැවත හමුවෙමු