ෆයිල් සෙට් එකක් උස්සගෙන ආපු දිනු මේසේ උඩට ෆයිල් ටික අතෑරියේ විශාල සද්දයක් ඇති වෙන පරිද්දෙනි…
උඹට පිස්සුද දිනු??? තමාරා දෑස් විසල් කරගෙන දිනු දිහා බලලා වට පිට බැලුවේ වගකිවයුතු නිලධාරියෙක්වත් ලගපාතක ඉන්නවාද බලන්න…
පිස්සු… පිස්සු මට නෙමෙයි බං… ගෙම්බෝ ෆෝම් කරන මෙන්න මේකේ බම්බු මැනේජ්මන්ට් එකට…
දිනු දැඩි කෝපෙන් පුටුව ඇද වාඩි වී මුහුණ මේසය මත තබා ගත්තා…
ඇයි දෙයියනේ මේ… මොකක්ද වුනේ දිනු… තමාරා නැගිට විත් දිනුගේ හිස අතගා මුහුණ තමන්ගේ පැත්තට හරව ගත්තා…
දිනුගේ දෙනෙත් තවමත් කෝපාග්නියේ දැවෙනවා…
තරමක් වෙලා හැරැනු හිසින් තමාරා දෙස බලා හිටපු දිනු පුටුව පස්සට කරගෙන එක පාරටම නැගිට්ටා…
හිටහන්කෝ… අද නම් දෙකෙන් එකක් කතා කරනවා…කනේ ඇගිලි ගහගන්න.. ඇයි යකෝ… ජොබ් කරනවා කියලා මෙහෙමත් මැරෙන්න පුලුවන්ද? යකො… අපි මිනිස්සු නේ?? සත්තු නෙමේ… මේ ගෙම්බා යකෝ… කොහෙන් ආව ගස් ගෙම්බෙක්ද මන්දා… දිනු කෝපයෙන් කියාගෙන යද්දි තමාරා කලබලෙන් මෙන් වට පිට බලලා දිනුවත් ඇදගෙන කෑම කාමරය පැත්තට ඇදුනා…
කියපන් දැන් මොකක්ද වෙලා තියෙන්නේ…උඹ කාටද ඔය බනින්නේ දැන්….
තමාරා ආදරයෙන් විමසද්දි දිනු තරමක් සන්සුන් වුනා…
වෙන කාටද බං… අපේ සෙක්ෂනල් හෙඩ්ට මිසක්…… වෙන කාටද ගෙම්බා කියන්නේ මං ඉතින් මෙතන??
එක පාරට කොහෙදෝ ඉදන් කඩාගෙන ඇවිත් මෙතන අපේ ඔලු කන්න හදනවා…
දැන් බලහන් වෙලාව 9.15… උඹට උනත් තද වෙන්නේ නැද්ද 9ට විතර කතා කරලා ෆයිල් සෙට් එකක් දීලා මේවාගේ එකවුන්ට්ස් හරිද බලලා 12ට කලින් රිපෝට් එකක් දෙන්න කිව්වාම…
මුගේ අම්මාගේ අප්පාගේ බූදලේද?? ඇයි යකෝ අපි තෙල් වලින් දුවනවා කියලාද?
අනික යකෝ… බලපන් මේ යකා ඇවිත් මාස පහක් නැහැ… ආවේත් අපිට හෙල්ප් කරන්න කියලා නේද?? මූට කොහොමද බං මෙච්චර ඉක්මනට ප්‍රමෝෂන්…අනික අපි ඔටුවෝද බං..??
ඇයි අපි වැඩ කරන්නේ නැද්ද?? මේකා එක පාරට ඇවිත් එක පාරට අපේ හෙඩ් වෙලා අපිටම සද්දේ දාගෙන එද්දී කොහොමද බං ඉවසන්නේ ?? අනික ගෙම්බා නොකියා කොහොමද බං ඌට පැනපු පැනිල්ලට මාස පහට… ගස් ගෙම්බා…. ගර්ර්ර්ර්… දිනු කේන්තියෙන් දත් හපද්දී තමාරා සිහින් සිනහවක් පාලා පිටට තට්ටු කලා දිනුගේ…
ඉතින් අපි මැනේජ්මන්ට් එකට කම්ප්ලේන් කරමු බං… මිනිහාට තේරැමක් නැහැ වගේ නේ වැඩ කරන විදි ගැන… ඔය ෆයිල් සෙට් එක කොහොමද බං පැය තුනෙන් දෙන්නේ…??
වරෙන් යමු….අපි කෙලින්ම මැඩම්ව හම්බවෙමු…. තමාරා දිනුගේ අතින් ඇද කතා කරද්දී මොහොතකට නිරැත්තර වූ දිනු , ඊලග මොහොතේ දකින්න ලැබුනේ මැඩම්ගේ ඔෆිස් එක ඉස්සරහා දිනූත් සමගමයි….
මැඩම්ට විස්තරේ කියද්දි මැඩම් කලේ සාවධානව දිනුගේ කතාව අහගෙන ඉන්න එකයි… අනතුරැව සිනහවක් පල කරමින් මැඩම් අසල වු සීනුව නාද කොට පියන් ඇතුලට ගෙන්වා ගත්තා….
ගිහින් සුමේධ මහත්තයාට පණිවිඩයක් දෙන්න ඉක්මනටම ඇවිත් මාව හම්බවෙන්න කියලා…
පියන් එලියට යද්දීම මැඩම් අසල වූ දුරකතනය ලගට ඇද , කාටද කෝල් එකක් අරන් රහසේ කතා කලා….
දිනූට පැහැදිලිව නොඇසුනත් ඒ කතා කලේ මැඩම්ගේ දුව සමග විය යුතු බව කතාවෙන් ඇයට පැහැදිලි වුනා…
විනාඩියක් දෙකක් ගත වුනා…
එක්ස්කියුස්මී මැඩම්… දොර මදක් විවර කර ඇතුලට ඔලුව දැම්මේ සුමේධ….
එන්න සුමේධ…. මැඩම් අතින් සංඥා කලේ සුමේධට අසුන් ගන්නා ලෙස….
පමණට සරිලන උසෙන් සහ ප්‍රියමනාප පෙනුමෙන් යුක්ත වූ සුමේධ , වරදක් කර අසු වූ දරැවන් දෙන්නෙකු මෙන් තවමත් හිට ගෙන මැඩම් දිහාත් තමන් දිහාත් මාරැවෙන් මාරැවට බලන කෙල්ලෝ දෙන්නා දිහා බලාගෙන පුටුව ඇද වාඩි වුනා…
මැඩම් මට කතා කලේ?? කෙල්ලෝ දෙන්නාත් ඇතුලේ සිටීම පිලිබද කුකුසෙන් සුමේධ මැඩම්ගෙන් විමසුවේ සැක දිගහැර ගැනීමටයි…
ආහ්…. මේ සුමේධගේ සෙක්ෂන් එකේ ගැහැණු ලමයි දෙන්නෙක් සුමේධට විරැද්දව කම්ප්ලේන් එකක් අරන් ඇවිත්…. ඉතින් මං දැන් දුවටත් කතා කලා … මොකද මං අද උදේ සුමේධට 8.45ට වගේ එවපු ෆයිල් ටික ඊයේ මං දුවටත් දුන්නා පොඩ්ඩක් ස්ටඩි කරන්න කියලා…
සුමේධ මේ ගෑණු ලමයාට දුන්න එකනම් ප්‍රශ්නයක් නැහැ චෙක් කරන්න කියලා… ඒත් මේ දිනූ කියන්නේ පැය තුනකින් ඔය ෆයිල් වල වැරදි හොයන්න බැහැ කියලා….
සුමේධ මොකද හිතන්නේ?? මැඩම් කන්නාඩි දෙක හදමින් කෙල්ල දිහාත් කොල්ලා දිහාත් බැලුවා….
සුමේධ මද සිනහාවක් පහල කලා…
එතන මැඩම් ෆයිල්ස් දහසයක් තිබුනා… සුමේධ කතාව පටන්ගනිද්දීම ඔලුව වනමින්ම මැඩම් මේල් එකට ලොග් වුනා…
එතනින් පලවෙනි ෆයිල් එකේ දහ හතරවෙනි පිටුවේ 1,233,567.00 ක වෙනසක් තියෙනවා.
දෙවෙනි ෆයිල් එකේ තුන්වෙනි කොලේ 467,324.00 ක වෙනසක් තියෙනවා….
තුන්වෙනි ෆයිල් එකේ දෙවෙනි පිටුවේ 233,879.67 වෙනසක් … ඒකෙම විසි හත්වන පිටුවේ ටෝටල් එකේ එරිත්මැටික් එරර් එක 4,523,879.95 සුමේධ කියාගෙන කියාගෙන ගියා ෆයිල් සෙට් එක ගැනම… දිනු වගේම තමාරත් කට ඇරගෙන….
මැඩම් සුමේධගේ වචනෙන් වචනේට හිස වන වන කම්පියුටර් එක දිහා සැරෙන් සැරේට බැලුවා…
ඔව්… මට දුව මේල් එකක් දාලා මිස්ටේක්ස් තියෙන තැන් ගැන….. දුව ඊයේ හවස හයේ ඉදන් පාන්දර දෙක තුන වෙනකල් හෙමිහිට බලපු එක සුමේධ විනාඩි දහයකින් වගේ නෝට් කරගෙන…. අනික දුවට මිස් වෙලා අර දහතුන්වෙනි ෆයිල් එකේ වෙනස එහෙමත්….
ඉතින් සුමේධ…. මං හිතන්නේ නැහැ මෙයාලා අහපු දෙවෙනි ප්‍රශ්නෙටත් උත්තර මං දෙන්න ඕනේ කියලා… පැය තුනෙන් නෙමේ හරියට බැලුවොත් පැය බාගයක්වත් යන්නේ නැහැ සුමේධට ඔය රිපෝට් එක හදන්න…ඒ වගේම සුමේධට හරිනම් තවත් ප්‍රමෝෂන් එකක් දෙන්න ඕන…. සහතික වලින් නෙමෙ මිනිස්සුන්ගේ දක්ෂතාවය බලන්නේ…. වැඩ කරන විදියෙන්…. ඔයාලා දෙන්නා දැන් යන්න… වැඩ පටන් ගන්න….
මැඩම්ගේ කතාවත් එක්ක රතු වෙච්ච මූණවල් වලින් සුමේධ බලාගෙන ඉද්දීම දිනූ තමාරවත් ඇදගෙන එලියට ආවා..
කියලා වැඩක් නැහැ බං… ගස් ගෙම්බා හීරෝ කෙනෙක් වුනානේ මැඩම් ගාව….. කොහොමද ඒ යකා ඇස් වහගෙන සත ගානත් එක්කම හරියටම කියාගෙන ගිය විදිය…වැරදිත් නැහැනේ… මැඩම්ගේ දුවත් චෙක් කරලනේ…දිනූ දුකෙන් , තරහෙන් සියල්ලම මිශ්‍ර වෙච්ච අමුතුම හැගීමකින් ඇවිත් ආපහු තමන්ගේ සීට් එකෙන් වාඩි වුනා….
#
එදා සිද්දියෙන් පස්සෙ සුමේධ දිනූට වැඩිය වැඩ පැවරැවේ නැහැ… එ්ත් දිනූට අමුත්තක් දැනුනා… සුමේධ තමන්ට වෙනදාට වඩා සැලකිල්ලක් දක්වනවා වගේ… ඒත් දිනුගේ හිතේ එහෙම අදහසක් නොතිබුනාමත් නෙමේ… හැබැයි කෙල්ලට තමන්ගේ මහන්තත්වකම බාල්දු කරලා ඒක පිලිගන්න එක නම් අමාරැ වුනා…ගෙම්බා ගෙම්බා… ගස් ගෙම්බා.. කොයි වෙලේත් දිනුගේ කටේ තිබුනේ ඒ වචන ටිකයි..
මාස කීපයකින්ම ආයතනයෙන් සුමේධට වාහනයක් ලබා දුන්නා…. සුමේධගේ නාමය දැන් කා අතරත් ජනප්‍රියයි… වගකීමෙන් වැඩකරන සුපිරි චරිතයක් වුනා සුමේධ කා අතරත්… ඔහුගේ මතකය ඉතා සුවිශේෂී වුනා… සියුම් කරැණු පවා ඔහුගෙන් මගහැරීම ඉතා අපහසු කාරණයක් වුනා…
දිනක් දිනු වැඩ නිමවී අතුරැ පාරක් දිගේ ගමන් කරමින් සිටියා…
ආහ් නංගී… කොහොමද වැනිල්ල… අපිටත් කියලා දෙන්නකෝ නංගී ඔහොම වනන්න… හැඩිදැඩි සිරැරකින් හෙබි පුද්ගලයෝ කීප දෙනෙක් දිනූව වට කරගත්තා…
වට පිට බල බලා දිනූ පස්සෙන් පස්සට ඇවිත් හැප්පුනා තවත් පුද්ගලයෙක්ගේ ඇගේ…
ආහ්… සුමේධ සර්… පිටිපස්ස හැරිලා බලපු දිනූ පුදුමයට පත් වුනා…
ටිකක් එහාට වෙන්න දිනූ… මං තත්පරෙන් එන්නම්… සුමේධ ෂර්ට් අත් නමමින් ඉස්සරහාට යද්දී තරබාරැ පුද්ගලයෝ ටික මහ හඩින් හිනාවෙවි සුමේධව වට කරගත්තා…
දිනූ බියටම ඇස් වහගත්තාත් , ක්ෂණිකවම ඇස් ඇරියේ සුමේධ ඇවිත් තත්පරෙන් දෙකෙන් තට්ටු කරපු නිසයි…
වට පිට බලපු දිනු දැක්කේ අත පය අල්ලගෙන කෙදිරි ගගා බිම වැටිලා ඉන්න තරබාරැ පුද්ගලයෝ කීප දෙනාවයි…
සර්… සර්… කොහොමද… කෙල්ල කතා කරන්න හැදුවත් වචන පිට වුනේ නැහැ…
නමුත් එදා දවස , එදා සිදුවීම දෙන්නාගේම ජීවිතේ හැරැවුම් ලක්ෂයක් වුනා….
#
ආව්…ආව්… කෙල්ලගේ පැණි හිනාව… දැන් ඉතින් ගස් ගෙම්බා කුමාරයෙක් වෙලානේ…ඇස් හොයනවා නේද කුමාරයාව??
තමාරාගේ විහිලුවෙන් ඇස් රතු කරගෙනම දිනු බෑග් එක තිබ්බා මේසේ උඩින්…
අනේ පලයන් බං… මං හොයන්නේ මොන එහෙකටද?? වැඩේමයි… බොරැවට මූනෙන් නොරිස්සුම් ස්වභාවයක් පෙන්නුම් කරමින් දිනු පුටවේ වාඩි වෙද්දීම පියන් , විමලසේන එතනට දුවගෙන ආවා…
අන්න පලු යනකල් බනිනවා සුමේධ මහත්තයාට මැඩම්… පොඩි මැඩමුත් ඇවිත්…
විමලසේනගේ කතාවෙන් කෙල්ලෝ දෙන්නාම කලබල වුනා…
අනේ දෙයියනේ ඇයි විමලසේන?? හේතුවක් දන්නවාද??
මාවත් එලව ගත්තා මැඩම් තේ බොනවාද අහන්න ඇතුලට රිංගලා…
පේන විදියට නම් සුමේධ මහත්තයා වරද්දලා මොකක් හරි… කෝටි ගානක පාඩුවක්ලු…
විමලසේනගේ වචනත් එක්ක කෙල්ල හිසේ අත ගසා ගත්තා… දෙයියනේ … සුමේධ….
#
හවස් වෙනකල්ම සුමේධ පැත්ත පලාතක පේන්න ආවේ නැහැ…
තනියම පාරේ සිතුවිලි වල පැටලෙමින් ගමන් කල දිනූ උඩ ගියේ සුමේධගේ කාර් එකේ හෝන් හඩින්…
ඉක්මනට නගින්න දිනු… සුමේධගේ වචන වලට අවනතව කාර් එකට නැගුනු දිනූවත් අරගෙන සුමේධ අතුරැ පාරවල් දිගේ ඉදිරියට ඇදුනා… විසාල ජලාශයක් අසල නතර කරලා සුමේධ දිනූ දිහා බලද්දි දිනු කටහඩ අවදි කලා…
දෙයියනේ… ඇයි සුමේධ සර් එහෙම වුනේ?? මටම පුදුමයි මං අහපු දේවල් ගැන….ඔයාට වැරදුනේ කොහොමද??
දිනු…. මං …. මං දන්නේ නැහැ… මට අමුතුම දේවල් වෙනවා… මටම හිතාගන්න බැහැ දැන් මට වෙලා තියෙන දේවල් ගැන… මගේ අරමුණ බොද වෙලා වගේ….
මට කන්න බැහැ… නිදා ගන්න බැහැ…. වැඩක් කරන්න බැහැ… හැමදේම අමුතුයි… මට හැමවෙලාවේම ඔයාව තමා මතක් වෙන්නේ… මට …. මට තේරෙන්නේ නැහැ මට මොනා වෙලා කියලා…. මට කවදාවත්ම මෙහෙම දෙයක් වෙලා නැහැ… හැමදේම වරදිනවා දැන් මට…
සුමේධගේ වෙවුලන ස්වරය මැද්දේ දිනු ඒ දෑත් වලින් අල්ල ගත්තා….
මේ තමා ආදරේ සුමේධ සර්…..
ඔයා මට ආදරෙයි…. ඒ වගේම මාත්….. හංගන්න දෙයක් නැහැ සර්… මං ලැජ්ජ නැහැ මගේ ආදරේ පිලිගන්න…
අපේ ආදරේ ගොඩක් වාසනාවන්ත වේවි….මට විස්වාසයි…
අපි එකට එකතු වෙලා අපේම ජීවිතයක් ගොඩ නගා ගමු…. දිනු මහත් සතුටකින් එහෙම කියද්දි සුමේධගෙ දෑස් විසල් වුනා…
මේකටද ආදරේ කියන්නේ???
ඔයා ගැන මතක් වෙන එකටද?? මගේ පපුවට දැනෙන්නේ ඒකද??
නැහැ…. වෙන්න බැහැ…. දැන් මං යන්න ඕනේ… මේක නෙමෙයි මට ඕන උනේ…. සමාවෙන්න දිනු… මට සමාවෙන්න…
කාර් එක ස්ටාර්ට් කරගෙන සුමේධ කඩාගෙන බිදගෙන කැලෑ පාරවල් අස්සෙන් විශාල කන්දක් ගාවට ඇවිත් කාර් එක නැවැත්තුවා…
වටේටම පේන තෙක් මානේක කවුරැවත් නැහැ…
මට සමාවෙන්න… මට ඕන වුනේ මේක නෙම්‍ෙ… මං දුර්වලයි දැන්… මේක අසම්පූර්ණයි… යන්න ඕනේ…. මං යන්න ඕනේ….
අසිහියෙන් මෙන් කියාගෙන ගිහින් සුමේධ වාහනෙන් බැහැලා කන්ද අසලටම ගියා…
කිසිවක් තේරැම් ගත නොහැකිව දිනු කාර් එකෙන් බහිද්දිම සුමේධ මතට විශාල ආලෝකයක් වැටුනා…
ඇස් නිලංකාර වෙද්දීම දිනු දැක්කේ ඇදුම් ඉවත් වී විශාල කහ පැහැති සත්වයෙක් බවට සුමේධ පත්වෙන ආකාරයයි…
ඒත් සමගම ආලෝකය නිවී ගියා….
අපහසුවෙන් ඇස් ඇර බැලූ දිනු දැක්කේ ඈත අහසේ කහ පාට රේඛාවක් ක්‍රමයෙන් මැකී යන අයුරැයි….
#
නිමි