ලසන්ත වැඩට ගියාට පස්සේ ගෙදර ඉතුරු වුනේ මායි වැඩට හිටපු ඇග්නස් කියන ගෑනු කෙනයි විතරයි.හිතට දැනුනේ පුදුම කලකිරීමක් වගේම කියාගන්න බැරි තරම් පාලුවක්.සමහර වෙලාවට මට හිතෙනවා අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා මගේ මුලු ජීවිතේම අදුරු කරලා දැම්මා කියලා.
ලසන්ත වැඩට ගියාට පස්සේ ගෙදර ඉතුරු වුනේ මායි වැඩට හිටපු ඇග්නස් කියන ගෑනු කෙනයි විතරයි.හිතට දැනුනේ පුදුම කලකිරීමක් වගේම කියාගන්න බැරි තරම් පාලුවක්.සමහර වෙලාවට මට හිතෙනවා අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා මගේ මුලු ජීවිතේම අදුරු කරලා දැම්මා කියලා.
“නෝනා මොනවද කල්පනා කරන්නේ? මහත්තයා ගියාට පස්සේ නෝනට තනියම ඉන්න පාලු ඇති නේද?…….”
“පාලුයි නම් තමයි ඇග්නස් නැන්දෙ.ඒත් ඒ ලසන්ත නැති හින්දා නෙවෙයි.මේ තරම් විශාල ගෙදරක ඉන්නේ ඇග්නස් නැන්දයි මායි විතරයිනෙ…….”
“නෝනාට ගොඩාක් පාලුයි නම් ටීවි බලන්න…….”
“එකම දේ හැමදාම කරනකොට එපා වෙනවා ඇග්නස් නැන්දෙ……”
“මං නෝනගෙන් දෙයක් අහන්න නෝනා මං ගැන වැරදියට හිතන්නෙ නෑ නේද?…….”
“අනේ නෑ ඇග්නස් නැන්දෙ.ඕනම දෙයක් අහන්න…….”
“නෝනා ලසන්ත මහත්තයව බැන්දෙ හිතේ කැමැත්තකින් නෙවෙයිද?……”
මට පුදුම හිතුණා ඇග්නස් නැන්දා මගෙන් එහෙම අහනකොට.එයා කොහොමද දැන ගත්තේ මං ලසන්‍තට කැමති නෑ කියලා.
“ඇග්නස් නැන්දා ඇයි මගෙන් එහෙම දෙයක් අහන්නේ?…….”
“නෑ නෝනා.ලසන්ත මහත්තයා වැඩට යද්දී මට කියලා ගියේ කිසිම හේතුවක් හින්දා නෝනට මේ වත්තෙන් එලියට යන්න ඉඩ දෙන්න එපා කියලා…….”
ලසන්තට බය ඇති මං එයා නැති අතරේ ගෙදරින් පැනලා යයි කියලා.ගෙදරින් පැනලා යන්න ඇග්නස් නැන්දා මට උදව් කරත් ගෙදර ගේට් එක ගාව මුරකාරයා ඉන්නකල් මට එතනින් එලියට යන්න ලැබෙන්නෙ නෑ.
“ඇග්නස් නැන්දට හිතිච්ච දේ හරි.මං ලසන්තව කසාද බැන්දේ මගේ කැමැත්තකින් නෙවෙයි.අම්මයි තාත්තයි මට මේ කසාදෙ කරලා දුන්නේ බලෙන්…….”
සපුමල් ගැන කිසිම දෙයක් ඇග්නස් නැන්දට මං කිව්වෙ නෑ.සමහර විට ලසන්ත ඇග්නස් නැන්දට කිව්වද දන්නෑනෙ හිමින් සැරේ චාටුවෙන් චාටුවෙන් මගෙන් ඒ ගැන අහන්න.
“මටත් හිතුණා නෝනා ලසන්ත මහත්තයා ඒ තරම් හොද මනුස්සයෙක් නෙවෙයි……”
ලසන්ත හොද මනුස්සයෙක් නෙවෙයි කියලා ඇග්නස් නැන්දා කියද්දී මට එකපාරටම අමුත්තක් දැනුනා.මේක සමහර විට ලසන්තගේ උප්පරවැට්ටියක් නෙවෙයි වෙන්න ඇති කියලා මට හිතුණා.
“එ…ඒ කියන්නේ මේ….ලසන්ත නරක මනුස්සයෙක් කියලා ඇග්නස් නැන්දා කොහොමද දන්නෙ?…….”
“නෝනෙ….මං කලින් හිටියේ ලසන්ත මහත්තයගේ අක්කගේ ගෙදරනෙ.ඒ කාලෙ ලසන්ත මහත්තයා නිතරම එහෙ යනවා එනවා.යාලුවොත් එක්ක බිබී නයිට් ක්ලබ් ගානෙ යනවා…….”
මට ඒ ගැන පුදුම සිතුනේ නැත.ඒ සියල්ලක්ම මා කලින් දැන සිටි ඒවාය. ඒවා මං අම්මයි තාත්තයි එක්ක කිව්වත් වැඩක් වුනේ නැහැ.එයාලට ලොකු වුනේ බිස්නස් වැඩ.
“එතකොට ඇග්නස් නැන්දෙ ලසන්තට ඔය ගෑනු ළමයි එක්ක මොකුත් දුර දිග ගිය සම්බන්දතා එහෙම නැද්ද?…….”
“කෙල්ලො කී දෙනෙක් එක්ක නම් යාලු වෙලා හිටියද?අද එක්කෙනෙක්.හෙට තවත් එක්කෙනෙක්.ඒ කෙල්ලොත් ලසන්ත මහත්තයගෙ සල්ලි වලට තියන පෙරේතකමට අහු වෙනවා…….”
මගේ ජීවිතය අහු වී ඇත්තේ ගෑනු ළමයුන්ගේ ආත්ම ගෞරවය එක්ක සෙල්ලම් කල අසමජ්ජාතියෙකුටය.දැන දැනත් මා මිහිපිට අපායකට වැටී අවසානය.ඒ ගැන මා අපමණ වාරයක් දැවි දැවී දුක් වූයෙමි.
“සුදර්ශී…අද රෑට පාටි එකක් තියනවා. ලෑස්ති වෙනවා මාත් එක්ක යන්න…….”
අත් රහිත දණහිසෙන් උඩට වූ කොටම කොටම ගව්මක් බෑගයක දමා මට දුන් ලසන්ත මට පාටියකට යෑමට අඩ ගැසුවේය.
“අනේ මට බෑ ලසන්ත මේ වගේ ඇදුම් අදින්න…….”
“ඒ මොකද?තමුසෙ ඉන්න ඕනි මට ඕනි විදියට…….”😡
“මේ ලසන්ත මං ඔයාට කියලා තියනවා මං ඔයා කියන කියන විදියට නටන්න ලෑස්ති නෑ කියලා.මං ඔය පාටියට යන්න එන්නෙ නෑ.එච්චරයි…….”😠
දැඩි ස්ථීර හඩකින් මං එහෙම කිව්වා.ඒ පාර ලසන්තට හොදටම කේන්ති ගියා.
“මොකක්ද උඹ කිව්වෙ?මේ අහපන් සුදර්ශි උඹ මේ ගෙදර ඉන්න තාක්කල් මට ඕනි විදියටයි ඉන්න ඕනි.උඹේ ඔය ගෑස් පෙන්නපන් උඹේ මහ එවුන්ට.උඹව මං මේ පාටියට කොහොම හරි එක්කන් යනවා……..”🤬🤬
“මාව මැරුවත් මං උඹත් එක්ක ඔය ජරා පාටි වලට යන්න එන්නෙ නැහැ ලසන්ත. උඹට ඕනි විදියට මං ඉන්නෙ නෑ…….”😡
කේන්ති ගිහින් මූණ රතු කර ගත්තු ලසන්ත දත්මිටි කාගෙන මං ගාවට ආවා. මට බය හිතුණා ලසන්ත මට ගහයි කියලා.කාමරේ දොර ඇරගෙන මං කුස්සියට දිව්වා.ලසන්තත් මං පස්සෙන් දුවගෙන ආවා.
“අනේ ඇග්නස් නැන්දේ……”😥😥
මං කෑ ගහගෙන ඇග්නස් නැන්දා ගාවට දිව්වා.
“අනේ ඇයි නෝනෙ මොකද වුනේ?…….”
මං ඇග්නස් නැන්දා ලගට යනකොට ලසන්තත් මං ලගට ආවා.මට ලසන්ත දිහා බලන්නත් බය හිතුණා.
“මෙහාට වරෙන් සුදර්ශි.මං උඹව ඉතුරු කරන්නෙ නෑ පාටියට යන්න නාවොත්. වරෙන් මෙහාට…….”🤬🤬
“අනේ මට බෑ ලසන්ත.අනේ ඇග්නස් නැන්දෙ ලසන්තට කියන්න මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න කියලා…….”😭😭
“අනේ මහත්තයා නෝනට කරදර කරන්න එපා.පව්නෙ නෝනට එයාගෙ පාඩුවෙ ඉන්න දෙන්න…….”
ඇග්නස් නැන්දා මං වෙනුවෙන් කතා කරත් ලසන්ත එයාගෙ තීරණේ වෙනස් කරේ නෑ.
“මේ තමුං අපේ පව්ලෙ ප්‍රශ්න වලට මැදිහත් නොවී හිටියොත් හොදයි. මෙහෙට වරෙන්…….”🤬🤬
ඇග්නස් නැන්දටත් බැනලා ලසන්ත මගෙ අතින් ඇදගෙන කාමරේට එක්කන් ගියා.
“යහතින් ඉන්න ඕනි නම් තෝ අද හවස පාටි එකට යන්න ලෑස්ති වෙයන්……”
එහෙම කියලා ලසන්ත ටවල් එකත් අරගෙන බාතෲම් එකට රිංග ගත්තා. මට හොදටම ඇඩුනා.😢😢ලසන්තගේ දැඩි වේදනාකාරී පාලනයන් හමුවේ මාව අන්ත අසරණ තත්වයට පත් වුනා.මං හොදටම අඩ අඩා ඉන්නකොට මට සපුමල්ව මතක් වුනා.සපුමල් එක්ක විවාහ වුනා නම් අද මං මොන තරම් සන්තෝශෙන් ඉන්නවද?දැන් සපුමල් මොන තත්වෙකින් ඉන්නවද දන්නෑ.අනේ මට එකපාරක් හරි සපුමල්ට කතා කරන්න තියනවනම්.
“නෝනා…….”
“ඇයි ඇග්නස් නැන්දේ…….”
“නෝනගේ අම්මයි තාත්තයි ඇවිල්ලා…….”
අනේ කොච්චර හොද්ද?මං ගොඩාක් සතුටින් පල්ලෙහාට ගියා.😀😀අම්මයි තාත්තයි මාව බලෙන්ම ලසන්තට විවාහ කරලා දුන්නත් ඒ දෙන්නව දකිද්දී මට ලොකු සතුටක් ඇති වුනා.😀😀ඒ වගේම එයාලා ගත්තු මේ තීරණේ නිසා අද මං මොන තරම් විදවනවද?මං එකපාරටම අම්මව බදාගත්තා.මට හොදටම ඇඩුනා.😭😭
“අනේ දූ ඇයි මේ අඩන්නේ?කෝ ලසන්ත පුතා?මේ මොකද මේ අත තුවාල වෙලා……”
මගෙ අතේ වැලමිට ගාව තුවාල වෙලා තිබුනා ලසන්ත ගහපු පාරකට.
“අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා මගේ ජීවිතේට කරපු අපරාධෙ පේනවා නේද?😭ලසන්ත මාව හැමදාම නොමරා මරනවා.තිරිසන් සතෙක්වත් මං තරම් ගුටි කන්නෙ නැතුව ඇති.මගෙ ජීවිතේ එහෙම් පිටින්ම අපායකට වැටුනා.මීට වඩා හොදයි මාව මැරුව නම්…….”😭😭
හිතේ තිබුනු දුකත් එක්කම මං ඒ හැම දෙයක්ම අම්මටයි තාත්තටයි කිව්වා.ඒ දෙන්නා වුනත් විශ්වාස කරන්න නැතුව ඇති ලසන්ත මේ වගේ තිරිසනෙක් කියලා.
“දෙයියනේ ලසන්ත මේ වගේ තිරිසනෙක්ද?…….”🤬
තාත්තට ලසන්ත ගැන කේන්ති ආවා.ඒ වෙලාවෙම ලසන්ත පඩිපෙළ බැහැගෙන පල්ලෙහාට ආවා.අම්මවයි තාත්තවයි දැක්කම ලසන්‍ත ගැස්සුනා.
“ආ තමුං ගැන අපි හිතං ඉදලා තියෙන්නේ බොහොම වැරදි විදියට ලසන්ත.අපි හිතුවේ නෑ තමුසෙ මේ වගේ තිරිසනෙක් කියලා…….”🤬🤬
“ඇ….ඇයි අංකල්?…….”
“ඇයි අංකල්??වැරැද්ද කරලා එනවා මෙතන ඇයි කියලත් අහන්න.මං මගේ එකම දුවව තමුසෙට කසාද බන්දලා මේ වගේ දුක් විදින්න නෙවෙයි…….”😡😡
“ඇයි දැන් සුදර්ශි මොකටද දුක් විදින්නේ…….”
ඒ පාර නම් ලසන්ත කතා කරේ කට කොනකින් හිනා වෙලා උපහාසයට වගෙයි.
“ඇයි තමුසෙට පේන්නෙ නැද්ද?බලනවා මේ.අවුරුදු විසිදෙකක් තිස්සෙ මං මගෙ දුවව හදාගත්තෙ මලක් වගේ පරිස්සමට. කවදාවත් මං මේ කෙල්ලට පාරක් ගහලා නැහැ.මං තමුසෙට මගේ දුවට කසාද බන්දා දුන්නෙ මේ විදියට ගුටි කන්න නෙමෙයි…….”😡😡
තාත්තා ඒ කියපුවට ලසන්ත බය වුනේ නැහැ.ලසන්ත මාව කසාද බැන්දෙ මගෙ දෑවැද්ද හින්දා කියලා තාත්තා තාම දන්නෙ නෑ.
“මේ අංකල් මෙයා ඔයාගෙ දුව වුනාට දැන් මගෙ වයිෆ්.මගේ ගෑනිට මං ගහලා මට ඕනි විදියට හදා ගන්නවා.කරුණාකරලා ඔය දෙන්නා මෙහෙන් ගියොත් හොදයි……”
“අනේ අම්මෙ මට බෑ ලසන්ත එක්ක ජීවත් වෙන්න.අනේ මාව ගෙදර එක්කන් යන්න…….”😭🙏
අම්මව බදාගෙන මං ඇඩුවා.දැන් අම්මටයි තාත්තටයි තේරෙනවා ඇති මාව ලසන්තට කසාද බන්දලා දීලා කෙරුවේ වරදක් කියලා.
“ඉතිං යනවා.ගිහිල්ලා ආයෙ මොනම හේතුවක් හින්දා මේ ගෙදරට අඩිය තියන්න තමුසෙට බෑ තේරුනාද?…….”🤬🤬
“ඔව් මගේ දුව ආයෙමත් තමුං ගාවට එවන්නෙ නෑ.යමු දුවේ ගෙදර…….”
“යනවා…..මං ඉක්මනට තමුසෙට ඩිවෝස් පේපර් එවන්නම්…….”
ලසන්ත කියපු ඒ දේවල් එක්ක මට එක සැනසීමක් ලැබුනා.ඒ දික්කසාදය.මීට කලින් ලසන්තගෙන් මං දික්කසාදය ඉල්ලුවත් එයා ඒකට කැමති වුනේ නෑ.ඒ මට තියන ආදරේට නෙවෙයි. තාත්තගෙන් මට ලැබෙන්න තියන සල්ලි හින්දා.දැන් ඒ සල්ලි ලසන්තට හම්බෙලා ඉවරයි.
ඊලග කොටසින් නැවත හමුවෙමු