පාන්දර පහ ඔරලෝසුවේ සටහන් වෙද්දී සුසිලා නිදි පැදුරෙන් නැගී උන්නේ සිය දියණිය ගේ දරුවන් දෙදෙනා වෙනුවෙන් උදෑසන ආහාරය සූදානම් කරන්නටය….
මේනකා සුසිලා ගේ එකම දියණිය යි….
දස හැවිරිදි දියණියකගේ හා සිව් හැවිරිදි පුතකුගේ මවක් වු මේනකා විදෙස් ගත වූයේ මෙයට වසරකට පෙරය…..
එදා සිට දියණිය ගේ දරුවන් රැක ගනිමින් සුසිලා වසන්නේ මේනකා ගෙ නිවසේය….
” මූ ඊයේ රාත්තිරියේ ඇවිල්ලා නැද්ද ගෙදර ….”
තේ වතුර ටිකක් ලිප තැබු සුසිලා විපරම් කරෙ සිය බෑනන්ඩිය නිවසේ සිටීද කියාය …..
” මේනකා ……උබ ඔය වජිර එක්ක තියෙන ඇයි හොදයිය නවත්තපන්….ආයේ මට කියන්න තියන්න එපා….”
පාසල් යන්නට සැරසෙන මේනකාට සරත් කෑ ගසනු ඇසී සුසිලා එදින පුදුමයට පත් උනාය….
විසි වන වියේ එවකට පසු වු මේනකා ගෙ සොයුරු සරත්…….කිසි දිනක මේනකාට නම කියා අමතා නැත…..
” මොකද පුතේ….ඔය කෙල්ල ට කෑ ගහන්නේ …”
” අම්මා දන් නැ මේකී නටන නාඩගම් …මුළු ගමම දන්නවා ….වජිරයා එක්ක යන්න නම් අපි නැ කියලා හිතා ගනින්…අපි නෙවෙයි …මේ අයියා …”
සරත් ගිය පසු සුසිලා මේනකා ගෙන් විමසුවත්….
” කවුරු හරි බොරුවක් කියලා අම්මා ….”
කියමින් පොත් ටිකත් ගෙන යන්න ගියාය ….
එසේ ගිය මේනකා යලි ගෙදර ආවේ…..ඊට වසරකට පසු දරු ගැබක් දරාගෙනය….
: ගමේ උන් නසරානියෙක් වු වජිර කිසිම වැඩක් පලක් කරන්නෙකු නොවිනි…..
කුමන අඩුපාඩු වුවත් සුසිලා තම දරුවන්ට කෑම බීම අඩුපාඩු කරෙ නැත…..
ගහේ කොළේ ගඩා ගෙඩියක් කරලක් මලක් අලයක් හෝ සොයා තුන් වේල සරි කරන්නට සුසිලා පුරුදු වුයේ සැමියා වු අමරතුංග වකුගඩු අමාරුවෙන් මියගිය දා හිදය…..
දැනුම් තේරුම් වයසට ආ සරත් අම්මා ට හයියක් උනේ මලක් වන් නැගනියට හොදින් උගන්වා යහපත් අනාගතයක් සකසා දෙන අදිටනිනි …..
නමුත් දෛවය මේනකා වයස දහ අටටත් පෙර මවක කර පරාද කරෙ අම්මා ගෙත් අයියා ගෙත් අධිෂ්ඨානයෙ ශක්තිය ය….
එදින නිවසට ආවේ අත පය කේඩෑරී වී ගිය ඇස් වල ගැහී හකු යට ගිය බඩ පමණක් ඇති මන්දපෝෂණයෙන් පෙළූන මේනකා කෙනෙකි…..
අම්මා ට වත් අයියා ට වත් අහක බලන්න ට නොහැකි වුයෙ ඒ මය…..
අන්තිමට අයියා ගෙ ඉඩමක ගෙයක් සාදා මේනකා ත් වජිරත් පදින්චි කර වජිර ට වගා කරන්න ට හේන් කෑල්ලකුත් අල්ලා දෙන්නට සරත් කටයුතු කළේ ගිය දේ ගියාවේ සිතාය …
: එහෙත් බලු වලිගෙ ඇදය මෙන් වජිර යහ මගට ගන්නට සරත් ට නොහැකි විනි….හේන් කෑල්ල ද විකුනා අරක්කු බොන්නටත් බූරූවා ගහන්න ට ත් වජිර පසුබට නොවුනේ මේනකා දෙවන දරුවා ද බිහි කළ පසුය…..
කොපමණ බේබද්දෙකු වුවත් වජිර මේනකා ට අඩම් තේට්ටම් කරේ නැත…..
එසේම වජිර ගෙන් නිදි යහනේ විදින වදේට වඩා යමක් මේනකා ලැබුවේද නැත……
අම්මා ළග දරුවන් රදවා හේන් වල දවස් කුලියට කුලී වැඩ කරපු මේනකාට…..අන්තිමට වජිරටත් කන්න බොන්න අදින්න දෙන්න සිදු විය……
වජිර කරේම කාගේ හෝ පක්කාලි වැඩක් කොට දවසෙ අරක්කු බෝතලයේ හා බිඩී මිටියෙ ගාන සොයා ගැනීම පමණි …
: දියණිය මේනකා ගෙ රුවම ගෙන හැදි වැඩී එද්දි කන කර පාළු වී වැරහැලි හැද සිටිනු දකින මේනකා ගෙ හදවත හඩා වැටුනේ පසු තැවුනෙ වරක් දෙවරක් නොවෙ….
අම්මා අයියා එපා කියා හීන් සන්ධියේ ම තෝරාගත් ආදරය මේනකා ගෙ ජීවිතය කනාටු කොට අවසන් ය ….දැන් ඇයට මියෙන්නට හෝ ජීවත් වන්නට වන්නේ අනුන් වෙනුවෙනි ….
” ඔය දරුවට ඔච්චර සැරවැර කරන්න එපා කෙල්ල …..ගෑනු දරුවෙක් නිදහසේ හිතේ හැටියට ඉන්නේ ඔය වයසෙ දෙමාපියො ළග විතරයි …වැඩිවිය පැමිනිච්ච දා ඉදලා ලෝකෙට බයේ….හැමෝටම යටත් වෙලා ඉන්න සිද්ද වෙනවා ගැහැනු න්ට ….”
දිනක් මේනකා දියණිය ට බැන වදිනු දැක සුසිලා කෑ ගැසුවේ ස්ත්‍රීත්වය ලැබූ හැමෝගෙම උරුමය මතක් කරමිනි….එහෙත් මේනකා ගැස්සුනේ ඒ අන්තිම වචන ටිකටය…
” වැඩිවිය …”
“දෙයියනේ…මේ අල්ලපනල්ලේ කෙල්ල ගෙට වත් උනොත් හරියට ඉන්න තැනක් වත් කනකර තියා විලි වහන්න හරියට ඇදුමක් වත් තියේද ….”
දහ අතේ කල්පනා කල මේනකා විදෙස් ගත වන්නට තීරණය කලේ අන් මගක් ඇත්තේම නැති නිසාමය…..
දරු දෙදෙනා තනි කර නොදන්නා රටක තනි වෙන්නට මොන අම්මා ද කැමති …..
: දරු දෙදෙනා තනිකර ගුවන් තොටුපලට යාමට සූදානම් වී මේනකා හැඩු හැඩුම් සිත් පිත් නැති වජිර ට ඇරෙන්නට අන් හැමෝගෙම නෙතට ගෙනාවේ කදුලකි….
” ආයේ ආත්මේක වත් මේ දුප්පත් අම්මා ගේ බඩේ නම් ඉපදෙන්න එපා මගෙ පැටව් නේ…”
” හා..හා..දැන් මදෑ ඔය විලාප තිබ්බා ..මැරෙන්න නෙවෙයි අවුරුදු දෙකෙන් එනවනෙ….”
” ඔව් ඔව් මයෙ කෙල්ල රටටත් විකුනලා කාපන් …”
මේනකා ට වජිර කෑ ගසද්දී පුපුරා ගියේ සුසිලා ගේ හදවතයි..
: මේනකා දරුවන් භාර දුන්නේ අම්මා ට නිසාම මුදල් එව්වෙත් ඇයට මය….
සුසිලා සමග වජිර නිතරම අඩදබර කර ගත්තේ මුදල් ඉල්ලාය….
” ඒකී කාලා ද ඇදලද…ලෙඩක් දුකක් ද ..කියලා හොයන්න එපා …වරෙන් රීරීමාන්සේ ඉල්ලන …”
මේනකා ගෙ යහපත් අනාගතය විනාශ කරෙ වජිර බව සුසිලා තරයෙ විශ්වාස කළාය ….
” අම්මා …ඕකාගෙන් කුණුහරුප අහ අහ ඔතන ඉන්න එපා …දරුවෝ දෙන්නත් අරන් ගෙදර එන්ඩ….”
සරත් කීවේ වරක් දෙවරක් නොවෙයි…නමුත් මේනකා නිතරම ඇවිටිලි කරෙ වජිර තනි නොකරන ලෙස යි….තනි වු විට නමට වත් තාත්තා කෙනෙක් දරුවන්ට ඉතුරු නොවී බේබදු කමෙන්ම විනාශ වෙයි යන්න මේනකා ගෙ හිතේ වු බියයි…..
එහෙත් බේබදු කමට එහා සල්ලාල කමෙත් සිය බෑණා යන බව සුසිලා ට කීවේ නාන මන්කඩේ ගැහැනු ය….
” අර කාන්තිගෙ පැලේ ඕකා මහ රාත්තිරියේ ත් ලගිනවා අපේ මිනිහා ගේ අතටම අහූඋනා…”
ලැජ්ජා වෙන් ඇකිලී ගියේ සුසිලායි….
“හෙට අනිද්දා ගෙට වෙන්න ඉන්න කෙල්ලෙක් ගෙ අප්පෙක් නේද ….අරකි අර දීපන්කරෙ නහින්නේ තොපි හින්දා නේද …අවලමෙත් යන්න තියා ගත්තා ද බල්ලෝ….”
පෙර දින උදෑසන ඉවසීම ඉක්මවා ගිය සුසිලා වජිර ට කෑ ගෑවේ දරු දුකටමය…
මලක් වගේ උන් එකම කෙල්ලය…
අද කට හඩක් වත් නෑහෙන දීපන්කරයකය….
නැන්දම්මා ට සද්දෙ දමා ඩැහැ ගන්නා මුදලෙන් අභිසාරිකාවක් පෝෂණය කරන්න තරම් වජිර දුර්ගුණ මිනිසෙකු විය….
” ගමේ එකීලගෙ බේගල්…අපි කාලා ඇදලා ඉන්නවා ට….”
“වජිර මන් මේ අන්තිම වතාවට කියන්නේ ….හවස ඉර බහින්න කලින් කෙලින් කටින් ගෙදර වරෙන් ….එහෙම නූනොත් අම්මපා මන් දරුවෝ දෙන්නා අරන් අපේ ගෙදර යනවා …මයෙ කොල්ලා තනිපන්ගලමේ දාලා උබට සුමේ කරන්නේ ..මේ දරුවෝ දෙන්න හින්දා …”
“ඇති ඇති බන්…සරත් ට හොද ගෑනියෙක් ගෙනත් දියන්කො….උබට ඕනැ නම් පලයන් ..මගෙ දරුවෝ තියලා….”
“දරුවන්ට හරිම ආදරුසෙ දෙන අප්පා නේ….”
දරු දෙදෙනා ම පාසල් ගොස් සිටි ඒ උදයේ පිටව ගිය වජිර අදුරට පෙර තබා මධ්‍යම රාත්‍රිය වෙන තුරුත් නිවසට ආවේ නැත….
වතුර පෝච්චිය නටන තෙක් කුඩා නිවසෙ ඉදිරිපස දොර හැර බලන්න ට සුසිලා සිතුවේ පෙර දින රාත්‍රියේ වජිර නිවසට පැමිණ නැති දැයි විස්සෝපයෙනි ….
” මේනකාත් කියයි අම්මා කෑ ගහපු හින්දා මිනිහා ගියෙ කියලා ….ලජ්ජා තියෙන එකියක් යැ….”
එසේ සිතා කුඩා දොර අරිද්දිම දුටු දෙයින් සුසිලා උඩ විසි විනි…
” තුහ්….නොදකින්..අවලමා…”
නැවත වහා දොර වැසු සුසිලා මුළුතැන්ගෙය ට ගියේ කෝපයෙන් වෙව්ලමිනි….
බීමත්ව පැමිණි වජිර ඉස්තෝප්පුවේ වු වැල් ඇදෙහි දපා උන්නේ නිරුවතිනි……
” උබලා අද ඉස්කෝලෙ ඇරිලා අත්තම්මා ලාගෙ ගෙදර වරෙල්ලා ….අර තිරිසනා….ඕනෙ අඩව්වක් අල්ලාපු දෙන්…”
වජිර ගෙ කල්කිරියාව පිළිබඳ අන්තයටම කළකිරුනු සුසිලා දරු දෙදෙනා රැගෙන සිය නිවසට යද්දී වජිර කාන්තිගෙ ගෙදර ට සින්න විනි…
” අම්මා ඇයි දරුවෝ අරන් ගියෙ…..එයා තනි උන හින්දා තමා ඔක්කොම …”
මේනකා කියද්දී සරත් දත් මිටි කෑවේ කාන්ති වජිර ගෙන් ගැබ් ගෙන ඇති බව ගම පුරා පැතිරී ඇති ආරන්චි ය සිහි වීය….
” ඕකිට කොච්චර ඉලුවත් ඌ තරම් එකෙක් නැ…අපිට හොරෙන් සල්ලි ත් එවනවා ඇති …ආවදෙන්කෝ අඩාගෙන මෙතන…”
ඇත්තටම සිදු වූයේ එයය…..
දුක කියා අඩා දොඩා මේනකා ගෙන් මුදල් ගන්නට වජිර හුරු වී සිටියේ ය….
ආදරේ නාමෙන් සිය සැමියාට මේනකා මුදල් එව්වාය…එහෙත් ඒ හැම රුපියලක් ම වජිර ගෙ අළුත් බිරිඳ ට හා ඇගේ කුසේ හොත් දරුවාට වියදම් කරන්න වජිර පසුබට නොවිනි….
” වජිර ….දැන් මේනකා ආවම මගෙ කෙල්ල අනාත වෙන්න බැ…උබ අදම කාන්ති බදින්න ඕනේ ….මේ ගෙදර ජෝඩුව කට ඉන්න බැනේ…තව ළමිස්සියෝ ඉන්නවා …උබේ ගෙදර කවුරුත් නෑනේ …”
වජිර මැදි වූයේ උහතෝකෝටික ප්‍රශ්නයකටය…..අයාලේ ගිය කාන්තිගෙ කුසෙ වැඩෙන්නේ කාගේ දරුවෙක් දැයි ඇයම දන්නේ නැත….
එහෙත් වජිර අත සල්ලි ගැවසෙනවා සේම රවටා ගන්නට පහසුමත් ඔහු වීම කාන්තිගෙ මව වජිරටම තර්ජනය කිරීමට එක හේතුවකි…
අන්තිමට සිය දරු පවුල අමතක කල වජිර කාන්ති සිය නිවසට රැගෙන ආවේය …..
සුසිලා ත් සරතුත් දරුවන් වජිර වෙත යෑම සම්පූර්ණයෙන් වළක්වා ලූයේ කාන්ති යනු ගමේ භාෂාවෙන් කීවොත් දහ පදුරාවේ යන ගෑනියෙක් හින්දාමය ….
” අම්මා ඕවා මේනකා ට කියන්න ඕනේ නෑ ….තව කී මාසෙද …අන්තිමට ජීවිතේ ට මොකක් හරි කර ගත්තොත් ….අපි යන්න ද….”
සරත් එසේ කීවත් ගමේ කිසිවෙකු විසින් මේනකා ට සියල්ල පවසා තිබිණි…..
” උබ හිත හදා ගනින් මයෙ අම්මා ….මල් ගස් දෙකක් වගේ දරුවො දෙන්නෙක් ඉන්නවා නේ….”
මේනකා ගෙ හැඩුම් වාවා ගත නොහැකිව සුසිලා පැවසුවේ හැම අම්මා කෙනෙක් ම දරුවන් වෙනුවෙන් ඉවසන මහා දරු දුකින් පපුව ඇවිලෙද්දිය…..
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
” වජිර අද ක්ලිනික් එක….යමු….”
“, මන් ඕනෙද ….මේනකා කවදාවත් මන් එක්ක ගියෙ නැ…”
” මට බැ පයින් ගාටන්න…බයිසිකලේ එක්ක යන්න ..මගෙ විතරයි ද දරුවා….”
කාන්ති සමග කියවා බේරිය නොහැකිය …..වජිර ට සිහි වූයේ ම ඉස්කෝලෙ ගවුම පිටින් වෙව්ල වෙව්ලා තමන් සමග පැන ආ මේනකාය…..
කොච්චර දුක් වින්දත් තමන් කියන දේට පිටින් නොගිය අහිංසක සිය බිරිද ය…..
බේබදු හදවත පුරා වේදනාවක් නැගුනේ පසුතැවීමේ කදුලක් ඇසට මෝදු වෙද්දිය ….
බඩ ත් උස්සාගෙන කාන්ති බයිසිකලය ට නගින තුරු බයිසිකලය ට නැගී බලා උන් වජිර ගැස්සුනේ ගේ ඉදිරියේ වෑන් රියක් නවතත්දිය….
” මේ…..න….කා…..”
වෑන් හඩට පාර බැලූ කාන්ති රියෙන් බැස කඩුල්ල ළග ට වී කදුලු වැගිරෙන දෑසින් බලා හිදින මේනකා දුටුවාය ….
ඇය වහා වජිර ගේ අතේ එල්ලුනේ ……
කේඩෑරී වී ගිය සිරුරකින් ගමෙන් ගිය මේනකා…..රෝස පැහැයට නෑකම් කියන සුදකිනුත් පුෂ්ටිමත් සිරුරකිනුත්….ඉතා ලාබාල පෙනුමකිනුත් නැවත පැමිණ සිටිනු දැක ඇති වු ක්ෂනික බියට ම ය…
වජිර තුෂ්නීභූත වී හිද්දීම නැවත රියට ගොඩ වු මේනකා මහ ගෙදර දෙසට පිටව ගියාය ……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
: ” ම්…මගෙ ගෑනි ….ම්මගෙ කසාද ගෑනි …උම්බලා කෝම්මද….ගෙට දා…ගන්නේ..ක්ක්…”
සියළු දුක් මොහොතක ට අමතක කොට දරු දෙදෙනා ත් තුරුළු කරන් කෙටි නින්දක් ලබමින් උන් මේනකා අවදි වූයේ වජිර ගේ බීමත් හඩටය…..
” උබට දෙන්න ගෑනු මෙහෙ නෑ….උදළු බදු පාරක් නොකා ආව අතක් බලන් පලයන් ….”
ඒ සමග සරත් ගේ හඩ ඇසිණි……
” යකෝ…ඒකී මයෙ …ග්..ගෑනි …අරි…අරි…ගෑනි තියන්…..උබලා …වෙන්න්න එකෙක්ට්ට දීපන් …ඔයිය දිස්ෂ්ස්නේ ගග්ගා ආව්වේ….මොක්කද….වැඩ්ඩ කාර කම් කොරලාද….වැඩ කාරී..න්..න්ම්….ඕම..ෂැප්පට…හිහ්…ම්..මට මගෙ….ද රු….දෙ..න්නාක්…ඔනෙක්…”
එවිට පපුව දෑවෙ සුසිලා ගේ ය….
” උබ වගේ නොසන්ඩාලයෙක්….ඒකී එව්ව එකම කාලා…තිරිසන් කතත් කියන්න ….ඇයි උබ අර නල්ල මලේ ගෑනියෙක් අරන් ඉන්නේ දරුවො හදාගෙන ….අපේ එකි…මෙහෙ ඉදියි….මෙතන මිනී මැරුමක් වෙන්න කලින් උබ පලයන් ….”
” මේ..න්…නකා….උ..බ්බ…එන්..නැ…ඒ..නම්….ද්..දුවෙව්….මගෙ..කෙල්ලෙ….වරෙන් …තාත්තා …ලගට..ඉහ්…ප්පුතේ…මයෙ…මාත්තයෝ …වරෙන් ….මයෙ පුතා…”
දරුවන් තව තවත් මේනකා ට තුරුළු වුවා මිසක එළියට බැස්සේ නැත…..
” වජිර …..මොකද රත්තරනේ මේ…..යමු…යමු…මේ එක එක තැන් වල පාච්චල් වෙන්නෙ මොකද …ඔයාට මන් ඉන්නවා නෙ….”
වදෙන් පොරෙන් කාන්ති පැමිණ වජිර රැගෙන යද්දී දරුවන් දෙදෙනා ත් තුරුළු කරන් මේනකා ඉකිබිද හැඩුවේ…..සිය ජීවිතය කාළකණ්ණි වූවා නොවේදැයි සිහි කරය….
දෙමාපියන් කියන දෙයක් නොඇසු එකේ පල විපාක ය……
” මගෙ රත්තරන් දරුවෝ …මන් ඇස් දෙක වගේ බලා ගන්නවා …මගෙ දුවට මට උන දේ කවදාවත් වෙන්න දෙන් නැ…..”
දරු දෙදෙනා සමග ජීවිතයේ මහ ගිරිදඹ නගින්න ට මේනකා අදිටන් කර ගත්තේ……උපන් දා හිද තමා වෙනුවෙන් ම ගින්දර උහුලන අම්මා ට ත්…..සියල්ල දරාගෙන මහා මෙරු පර්වතය සේ ළග ඉන්න අයියාටත් තවත් තමා වෙනුවෙන් සුසුම් හෙලන්නට ඉඩ නොදෙන බව සිතමිනි…..
ඉතින්…….අළුත් ඉරක්….අළුත් දවසක් සමග…..සුවහසක් සුසිලා ලාත්…ගැන නිම කළ නොහැකි මේනකා ලාත්…..දෙමාපිය විරසක මැද අසරණ වන කුඩා දියණි වරුනුත් …..මේ මහා ගිරි දුර්ගය තරණය කරනු ඇත……
ස්තූති ……
❤ කුමාරි ඉහළගෙදර
උපුටාගැනීමකි