මගේ දෛවය අනුව මට අකමැත්තෙන් හරි ලසන්තගේ බිරිඳ වෙන්න සිදුවන බව දැනුනා.ගෙදර කවුරුවත් මගේ සතුට ගැන පොඩ්ඩක් වත් හිතුවෙ නැහැ.හැම වෙලේම මට සපුමල්ව මතක් වෙන්න පටන් ගත්තා.සපුමල් එක්ක කතා කරන්න විදියක් නැතුව මං ගොඩාක් අසරණ වෙලයි හිටියේ.ඕනි දෙයක් වුනාවෙ කියලා හිතලා මං අයියා ඉන්න කාමරේට ගියා මගේ ෆෝන් එක ඉල්ල ගන්න.📱

“අයියෙ…….”

“ආ….මොකද මේ?…….”

“අයියෙ මට මගෙ ෆෝන් එක ඕනි……”

“ඇයි අර සපුමල්ද මොකාද එකාට කතා කරන්නද?…….”😡

“මේ අයියෙ….මං හොද හිතින් කියන්නෙ. ඔයා මගෙ අයියා මිසක් තාත්තා නෙවෙයි. කරුණාකරලා මට මගෙ ෆෝන් එක දෙන්න.මට බෑ මේ ගෙදර මේ විදියට හිර කාරයෙක් වගේ ඉන්න.ඔයාලට ඕනි විදියට ලසන්තගෙයි මගෙයි වෙඩින් එක සිද්ද වෙයි.ෆෝන් එක ඉල්ලුවෙ සපුමල් එක්ක පැනලා යන්න කතා කරගන්න නෙවෙයි……..”😠😠

මං කතා කරපු විදියට අයියට කේන්ති ආවා.එයා හිතන්න නැතුව ඇති මං මේ විදියට කතා කරයි කියලා.ඇදෙන් නැගිටලා ගිහිල්ලා කබඩ් එක ඇරලා අයියා මට ෆෝන් එක දුන්නා.📱

“ආ තමුසෙගෙ ෆෝන් එක.අරන් යනවා…….”

මං ෆෝන් එක අරන් කාමරේට ආවා. දැන්ම බෑ සපුමල්ට කෝල් කරන්න.මේ සිම් එකෙන් කෝල් කරන්න හොද නැහැ. එහෙම හිතපු මං කලින් අරන් තියා ගත්තු අලුත් සිම් එක ෆෝන් එකට දා ගත්තා.හවස අයියයි තාත්තයි අම්මයි වෙඩින් එකේ වැඩ වගේකට එලියට ගියා.ඒ අතරේ මං සපුමල්ට කෝල් එකක් ගත්තා.

“හෙලෝ…….”📲

“හෙලෝ සපුමල් මම රන්මලී…….”📲

“අනේ…..රන්මලී මොකද රත්තරං ඔයාට එදා උනේ.මං සෑහෙන වතාවක් උත්සහ කරා ඔයාට කෝල් ගන්න.ඒත් ෆෝන් එක වැඩ නෑ…….”📲

“අයියා ෆෝන් එක ගත්තා සපුමල්.අදයි මං බොහොම අමාරුවෙන් ෆෝන් එක ඉල්ල ගත්තෙ.අනේ සපුමල් මට ඔයා නැතුව ඉන්න බෑ.මට බැහැ ලසන්තව මැරි කරන්න…….”📲

“ඒ කියන්නේ ඔයාගෙ අම්මලා ඔයාගෙයි ලසන්තගෙයි කසාදෙ ඉක්මන් කරනවද?…….”📲

“ඔව් සපුමල්.මෙහෙ කිසිම කෙනෙක් මං කියන දේවල් අහන්නෙ නැහැ.ලබන සතියෙ වෙඩින් එක.😥මෙයාලා මගෙ සතුට ගැන පොඩ්ඩක් වත් හිතන්නෙ නෑ සපුමල්.අනේ ඔයා මාව කොහේට හරි අරන් යන්න……..”😭😭📲

අඩ අඩම මං සපුමල්ට එහෙම කිව්වා.මං දන්නවා මට වගේම සපුමල්ටත් මාව නැතුව ඉන්න බැහැ.😢😢

“මට මේ දැන් උනත් පුලුවන් රන්මලී ඔයාව මං ලගට ගන්න.ඒත් එහෙම කරොත් ඔයාගෙ දෙමව්පියෝ අපිට හොදින් ඉන්න දෙයිද?හැමදේම අතෑරලා එදා ඔයා මෙහෙට ඇවිත් හැංගිලා වගේ ඉදලත් එයාලා ඔයාව කොහොම හරි හොයා ගත්තා.අපි එකතු වුනොත් එයාලා අපි හැමෝගෙන්ම පලි ගනියි රන්මලී…….”😫📲

“ඒ කියන්නේ…..ඒ කියන්නේ ඔයා මට අර ලසන්තව මැරි කරන්න කියලද?…….”😥📲

ඇඩුම් අතරෙම මං සපුමල්ගෙන් එහෙම ඇහුවා.

“හිත හදාගෙන මට එහෙම කියන්න බෑ රන්මලී.ඒත් ඔයා හිත හදා ගන්න.මං හැමදාම මේ විදියටම ඉන්නවා…….”😭📲

අඩ අඩාම මං කෝල් එක කට් කරලා ෆෝන් එක පැත්තකට දැම්මා.මං ඇඩුවා කියලා කවුරුවත් මගෙ කදුලු පිසදාලා මාව සනසවන්න හිටියේ නැහැ.😭😭


හෙට මගෙයි ලසන්තගෙයි වෙඩින් එක. වෙලාවකට මට හිතෙනවා ජීවිතේ නැති කරගන්නත්.😢😢

“සුදර්ශී….දුව ඔයා වැඩක්ද?…….”

“න්….නෑ අම්මා ඇයි?…….”

“වෙඩින් එකට සේරම දේවල් හරි ඔන්න.
හෙට පාන්දරම අපි හොටෙල් එකට යන්න ඕනි.ඔන්න ඔයා කියපු හින්දා අපි වෙඩින් එක එක දවසකින් අරන් ඉවර කරනවා.ලසන්තත් ඒකට කැමතියි කිව්වා…….”

“හ්ම්ම්…….”

“මොකද හ්ම්ම් ගාන්නෙ.හෙට ඔයාගෙ වෙඩින් එකනෙ.සන්තෝශෙන් ඉන්නකෝ හිනා වෙලා……..”

අම්මා එහෙම කිව්වත් මං කොහොමද සන්තෝශෙන් ඉන්නේ.අකමැති විවාහයක් කරගෙන මං කොහොමද සතුටින් ඉන්නෙ.😥😥

“කිසිම දෙයක් දන්නෑ වගේ කතා කරන්න එපා අම්මා.ඔයාලා හොදටම දන්නවා මං ලසන්තට කොහෙත්ම කැමති නෑ කියලා. මගෙ සතුට එහෙම් පිටින්ම විනාශ කරලා දාලා මං කොහොමද හිනා වෙලා ඉන්නේ?…….”😭😭

“ඒ කියන්නේ ඔයා තාමත් අර සපුමල් ගැන හිතනවද?…….”😡😡

“අම්මා….මට සපුමල්ව මුණ ගැහෙන්න කලින් ඉදලාමයි මං ලසන්තට කැමති නෑ කියලා කිව්වේ.ඒත් මං ආදරේ මගෙ සපුමල්ට විතරයි.මට කවදාවත්ම බැරි වෙයි ලසන්තත් එක්ක සන්තෝශෙන් ජීවත් වෙන්න…….”😭😭

“දූ…..ඔයා සපුමල්ට කොච්චර ආදරේ කරත් ඔයාට ඕනි දේවල් කරන්න තාත්තා ඉඩ දෙන්නෙ නැහැ.මොන දේ සිද්ද වුනත් හෙට ඔයාගෙයි ලසන්තගෙයි මැරේජ් එක වෙනවා.කාලයත් එක්ක ඔයා ලසන්තට ආදරේ කරයි…….”

ඒක නම් කවදාවත් සිද්ද වෙන්නෙ නෑ. ටිකක් වෙලා මගෙ ඔලුව අත ගගා හිටපු අම්මා එතනින් නැගිටලා ගියා.


මගෙයි ලසන්තගෙයි වෙඩින් එක කොළඹ කිංස්බරි හොටෙල් එකේදි පැවැත්වුනා.අම්මගෙයි තාත්තගෙයි නෑදෑ පාර්ශවයෙන් ගොඩාක් දෙනා ඇවිල්ලා හිටියා.මං ඇදලා හිටියේ සුදු පාට ඔසරිය. ලසන්ත ඇදලා හිටියේ උඩරට නිළමේ ඇදුම.හැමෝම හිටියේ හිනා වෙලා ගොඩාක් සතුටින්.හැමෝම සතුටින් හිටියත් මං හිටියේ දුකින්.මං ප්‍රාර්ථනා කරේ සපුමල් එක්ක ලස්සන පව්ල් ජීවිතයක් ගත කරන්න.ඒත් අද ඒ හැම ප්‍රාර්ථනාවක්ම බොද වෙලා ගිහින්.😭😭

🌹🌹🌹

“සුදර්ශි….ගිහින් හොද ළමයා වගේ වොශ් එකක් දාගෙන එන්න…….”

මගේ උරහිසට අත තියලා ලසන්ත එහෙම කියද්දී එකපාරටම මාව ගැස්සුනා.මගේ ඇස් වල තිබුනු කදුලු ලසන්තත් දකින්න ඇති.ඒත් ලසන්ත ඒ ගැන මොකුත් මගෙන් ඇහුවෙ නැහැ.මං ගිහින් බාතෲම් එකෙන් හොදට නාගෙන ඉවර වෙලා එලියට ආවා.ලසන්ත හිටියේ බැල්කනියට වෙලා පල්ලෙහා බලාගෙන.
බෑග් එකෙන් ඇදුමක් අරගෙන ඇද ගත්තු මං ඒක ඇදගෙන පුටුව උඩ ඉදගෙන කල්පනා කරා.අදින් පස්සේ මගෙ ජීවිතේ මොන විදියට ගෙවෙයිද?මං කොහොමද දෙයියනේ ලසන්තත් එක්ක ජීවත් වෙන්නේ?.😢😢

“බබා ඔයා නාලා ඉවරද?වාව්….මාර සුවදයිනෙ ඔයා ගාව…….”

ලසන්ත මාව එයාගෙ තුරුලට ඇදලා ගත්තා.මට මහා පිලිකුල් බවක් දැනුනේ. මං ලසන්තව අහකට තල්ලු කරා. ලසන්ත පුදුම වෙලා වගේ මං දිහා බැලුවේ.

“ඔයාට මොකද වෙලා තියෙන්නේ සුදර්ශි. අද අපි මොන තරම් සතුටින්ද ගත කරන්න ඕනි.ඇයි ඔයා තරහින් වගේ?……”

“කිසිම දෙයක් නොදන්න බබෙක් වගේ කතා කරන්න එපා ලසන්ත.මං ඔයාට කැමති නෑ කියලා මුල ඉදන්ම කිව්වා.මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න…….”😥😥

ඇස් දෙකට උනපු කදුලු පිහදාගෙන මං ලසන්තට එහෙම කිව්වා.මං කියපුවට ලසන්තට කේන්ති ගියා.😡😡මුහුණ තරහින් පුරවගෙන මං ගාවට ආපු ලසන්ත මගේ අතේ බාහුවෙන් තද කරලා අල්ල ගත්තා.

“මං උඹේ කසාද මිනිහා සුදර්ශි.උඹ මීට පස්සේ ජීවත් වෙන්න ඕනි මට ඕනි විදියට…….”🤬

“මං ඔයාගෙ බිරිඳ වුනේ ලසන්ත ඔයාගෙ කැමැත්තට මිසක් මගේ කැමැත්තට නෙවෙයි……..”😡😭

“මතක තියා ගනිං සුදර්ශි උඹව දැන් අයිති මට…….”🤬

💗💗

මධුසමය කියන අමිහිරි දින කිහිපයට පස්සෙ ලසන්තයි මායි පදිංචියට ආවෙ අපි දෙන්නා වෙනුවෙන් ලසන්ත හදපු අලුත් නිවහනට.මහල් තුනකින් යුත් ඒ නිවසේ නිදන කාමර හයකුත් කුස්සියකුත් බාතෲම් දෙකකුත් සාලෙ ලස්සනට හදලා තිබුනා.ලස්සන නිවසක අවලස්සන ජීවිතයක් ගෙවන්න සිද්ද වෙලා තියෙන්නේ.අපේ කාමරේ තිබුනේ දෙවනි තට්ටුවේ පාර පැත්තට මුහුණලායි.ගෙදර වැඩට ඇග්නස් කියලා අවුරුදු පනස්පහක ගෑනු කෙනෙක් හිටියා.ඒ ගෑනු කෙනා මට ගොඩාක් ලෙන්ගතු වුනා.

“සුදර්ශි…..හෙට ඉදන් මං ආපහූ වැඩට යනවා.ඕනි දෙයක් තියනවා නම් ඇග්නස්ට කියනවා.හැබැයි තමුසෙට මේ ගෙදරින් එලියට බහින්න තහනම්…….”

ලසන්තගේ ඒ කතා වලට මං පුදුම උනේ නැහැ.දන්න කියන කාලෙ ඉදලා මං අම්මයි තාත්තයි අයියයි එක්ක ගොඩාක් සතුටින් ලස්සනට ජිවත් වුනා. ලසන්තගෙන් මේ ප්‍රපෝසල් එක ආපු දවසේ ඉදලා මගෙ ඒ හැම සතුටක්ම නැති වෙලා ගියා.

ඊලග කොටසින් නැවත හමුවෙමු