EXCLUSIVE: කණපිට ගහල හරි පොලීසිය හදනවා – රියර් අද්මිරාල් සරත් වීරසේකර (Video)
තමා නව තනතුරට පත් වීමෙන්පසු කණපිට ගසාහෝ පොලීසිය හරි මගට ගෙන එන බව මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.


වීරසේකර මහතා මෙම අදහස් පළ කර ඇත්තේ අන්තර්ජාල යූටියුබ් නාලිකාවක් හා සමග පැවති සංවාදයකදීය.
පොලිස් නිලධාරීන්,මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් එක්ක පැවැත්වූ සම්බන්ධතා සියල්ල පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන බවත් , දැනට අඩපනව ඇති නාකොටික්,මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ පරීක්ෂණ කටයුතු ශක්තිමත් කරන බවද සඳහන් කර ඇත.


බුද්ධි අංශ ශක්තිමත් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයින්ට මුදල් යන උන්ඩියල් ක්‍රමවේදය නතර කරන බවත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සාධාරණය ඉටු කරමින් චූදිතයන් හට නිසි දඩවම් ලබා දෙන බවද වීරසේකර මහතා මෙම සාකච්ඡාවේදී දැඩිව අවධාරනය කර ඇත