නෝනේ නෝනේ දුවේ දුවේ ඉක්මන් කරලා මෙහාට එන්න…….”

හේනේ ඉදන් රත්නසේකර මාමා මටයි මල්කාන්ති නැන්දටයි හයියෙන් කතා කරගෙන ගේ ඇතුළට ආවා.මාමා හිටියේ ගොඩාක් කලබල වෙලා වගෙයි.

“අනේ ඇයි මේ මොකද වුනේ ආ…….”

මටත් කලින් මල්කාන්ති නැන්දා එහෙම ඇහුවා.

“මේ දරුවව හොයාගෙන අර ලසන්ත ද කව්ද මන්දා කිව්වේ…ආන් ඒ මනුස්සයයි තව මැරයෝ කට්ටියකුයි එනවා වෑන් එකකින්.මං හේනෙ ඉන්නකොට මට මේ දරුවගෙ පින්තූරයක් පෙන්නලා විස්තර
ඇහුවා.මං කිසි දෙයක් දන්නෑ කියලා ඒ අය ගියාට පස්සෙ අඩි පාර දිගේ දුවගෙන ආවෙ……”

එක හුස්මට රත්නසේකර මාමා කියාගෙන ගිය දේවල් අහලා මට බයටම කෑ ගැස්සුනා.දෙයියනේ ඒ කියන්නේ දැන් ඒ මිනිස්සු මාව හොයාගෙන මේ ගෙදරට ආවොත් එහෙම මං මොකද කරන්නෙ. මට හොදටම බය හිතුණා.

“දුවේ….ඔයා ගේ ඇතුලේ හැංගිලා ඉන්න. එලියටවත් බහින්න එපා.ඒ මිනිස්සු ඔයාව දැක්කොත් එහෙම.මං ඉක්මනට සපුමල් පුතාට පණිවිඩේ දෙන්නම්…….”

මල්කාන්ති නැන්දා එහෙම කියලා ඉවර වෙනකොටම කව්දෝ මන්දා දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා.දෙපාරක් නොහිතා මං කාමරේට ඇතුලට ගිහින් මං දොර වහ ගත්තා.

“අනේ නෑ මහත්තයා මෙහෙ එහෙම කවුරුවත් නැහැ.මායි මගෙ මනුස්සයයි විතරයි ගෙදර ඉන්නෙ…….”

මල්කාන්ති නැන්දා උත්තර දීපු විදියට මට තේරුණා මේ ඇවිත් ඉන්නෙ මාව හොයාගෙන ආපු කට්ටිය කියලා.බයටම මාව වෙව්ලන්න පටන් ගත්තා.

මල්කාන්ති නැන්දා දිගින් දිගටම උත්තර දුන්නේ මං මෙහෙ නෑ කියලයි.ඒත් ඒ මැරයෝ මල්කාන්ති නැන්දා කියන දේවල් විශ්වාස කරපු බවක් පෙනුනේ නැහැ.ඒත් එක්කම වගේ ඒ හිටපු අය ගේ ඇතුලට ආපු සද්දයක් ඇහුනා.මට හොදටම බය හිතුණා.ඇස් දෙකෙන් කදුලුත් ආවා. අඩි සද්දයකුත් එක්කම එකපාරටම මට බැලුනේ ජනේලය දිහා.ඒත් මං පරක්කු වැඩියි.විවෘත කරලා තිබුනු ජනේලය ලග හිටපු ලසන්තගේ මැරයෙක් මාව දැක්කා.මට බයටම කෑ ගැස්සුනා.ඒ මිනිහා ගේ වටෙන් සාලෙට දුවගෙන ආවා.

“බොස් කෙල්ල ඉන්නෙ මේ කාමරේ ඇතුලෙ……”

දෙයියනේ මං දැන් මොකද කරන්නෙ.ශික් මට අමතක වුනානෙ කාමරේ ජනේලෙ වහන්න.😥😥

“සුදර්ශි….කාමරේ දොර අරිනවා…….”😡

දොර ලගට ආපු ලසන්ත හයියෙන් කෑ ගැහුවා.

“මට බෑ.මාව මැරුවත් මං තමුසෙත් එක්ක් යන්න එන්නෙ නෑ ලසන්ත……”😫

කාමරේ ඇතුලේ ඉදන් මං එහෙම කියලා කෑ ගැහුවා.

“මං උඹට හොදින් කියන්නෙ සුදර්ශි මේ දොර අරිනවා.නැත්නම් මං මේ දොර කඩාගෙන ඇතුලට එනවා…….”🤬

“මට බෑ මං දොර අරින්නෙ නෑ ලසන්ත. මට මගෙ පාඩුවෙ ඉන්න දීලා මෙතනින් යන්න…….”😥

මං එහෙම කියලා කෑ ගැහුවත් වැඩක් වුනේ නෑ.මහ හයියෙන් දොරට ගහලා දොර කඩපු ලසන්ත කාමරේ ඇතුලට ආවා.ලසන්තව දැකපු මට හොදටම බය හිතුණා.දාඩියත් දැම්මා.මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා මල්කාන්ති නැන්දයි රත්නසේකර මාමයි අඩ අඩා ඉල්ලුවත් ලසන්ත ඒවා ඇහුවෙ නෑ.

“තමුසෙ හිතුවේ මට තමුසෙව හොයා ගන්න බැරි වෙයි කියලද?ආ……”

වියරු හිනාවකුත් මුහුණට එකතු කරගෙන ලසන්ත මගෙන් එහෙම ඇහුවා.පියවරෙන් පියවර ලසන්ත මං ගාවට ආවා.පියවරෙන් පියවර පිටි පස්සට ගිය මාව බිත්තියට හේත්තු වුනා. එකපාරටම මගෙ අතට අහු වුනේ ස්ටූල් එක උඩ තිබ්බ මල් පෝච්චිය.එක්වරම ඒ මල් පෝච්චිය අතට ගත්තු මං ඒකෙන් ලසන්තට දමලා ගැහුවා.නලල පැලිලා ලේ ගලද්දී දත් මිටි කාගෙනම මං ගාවට ආපු ලසන්ත මගෙ කම්මුල ගහගෙන ගහගෙන ගියා.කටට ලේ රසයක් දැනෙද්දී ලසන්ත මගෙ අතින් ඇදගෙන ගෙයින් එලියට ආවා.

“රන්මලී…….”

එක්වරම වැට කඩුල්ල ගාවින් සපුමල්ගෙ කටහඬ ඇහුනා.අනේ මගෙ සපුමල්😱😱

“අනේ සපුමල් මාව බේර ගන්න.මට යන්න දෙන්න ලසන්ත.මං ආදරේ කරන්නෙ සපුමල්ට…….”

“ආ…උඹ මෙහාට ඇවිත් මගුල් නටන්නද ලෑස්ති වුනේ?ඒවා කොහෙද මේ ලසන්‍තත් එක්ක.උඹව අයිති මට.ඒයි මේනක වාහනේ ගනින්……”

“මං උඹට හොදින් කියන්නෙ මිනිහො ඔය කෙල්ලව අතෑරපන්…….”🤬🤬

ලසන්තගෙන් මාව බේර ගන්න ආපු සපුමල්ට ලසන්තගෙ මැරයො හොදටම ගැහුවා.

“අනේ ලසන්ත සපුමල්ට ගහන්න එපා කියන්න.අනේ ඕක නවත්තන්න……”😭🙏

“දැන් ඇති අපි යමු……”

මාව වෑන් එකට දාගෙන හිර කරගත්තු ලසන්ත මට හොදටම බැන්නා.මේ ආත්මෙදි කවදාවත් මගේ බලාපොරොත්තු ඉශ්ට වෙන්නෙ නම් නෑ කිව්වා.ඉගිල්ලෙනවා වගේ ආපු වෑන් එක ආපහු නැවතුනේ අපේ ගෙයි මිදුලෙ.වෑන් එකේ දොර ඇරලා මාව එලියට ඇදලා ගත්තු ලසන්ත මගේ අතින් ඇදලා ගේ ඇතුළට ඇදගෙන ගියා.

“අන්කල්….ආන්ටී……”

ලසන්තගේ සද්දෙට අම්මයි තාත්තයි දෙන්නම සාලෙට දුවගෙන ආවා.අයියත් ආවා.ඒ අය හැමෝම මාව දැකලා හොදටම පුදුම වුනා.

“දුවේ….සුදර්ශි ඔයා කොහෙද මෙච්චර කාලයක් හිටියෙ?…….”

එහෙම කියාගෙන අම්මා මාව එයාගෙ පපුවට තුරුල් කර ගත්තා.මං හොදටම ඇඩුවා.😭😭

“සුදර්ශී….ඔයා කොහෙද මෙච්චර කාලයක් තිස්සෙ හිටියෙ?…….”😠

අම්මයි තාත්තයි අහපු කිසිම දේකට මං උත්තර දුන්නෙ නැහැ.

“අංකල් මෙයා හැංගිලා ඉදලා තියෙන්නේ බණ්ඩාරවෙල රත්මල්දෙණිය ගමේ.ඒ ගමේ කොල්ලෙක් එක්කත් මෙයා යාලු වෙලා.එයා හැදුවෙ මෙයාව බේර ගන්න…….”

මං වෙනුවට දුන්නෙ ලසන්ත.

“චී…..සුදර්ශි තමුසෙට ලැජ්ජ නැද්ද නංගී ගම් වල ඉන්න තුට්ටු දෙකේ කොල්ලොත් එක්ක යාලු වෙන්න?…….”😡😡

අයියා සපුමල්ව ඒ විදියට පහත් කරලා කතා කරද්දී මට හොදටම කේන්ති ගියා.😡😡

“අයියට එතකොට ලැජ්ජ නැද්ද තමන්ගෙ එකම නංගිව මේ වගේ වැදගම්මකට නැති ජරා මිනිහෙක්ට බන්දලා දෙන්න හදන්න……”🤬🤬

“වහපිය කට……”😡

අයියා මට ගහපු කම්මුල් පාරට මාව විසික් වෙලා ගිහින් වැටුනා.

“පුතා ඕක නවත්තන්න දැන්.නංගී අපි ගාවනෙ දැන් ඉන්නෙ.මෙයාට ඕනි විදියට වැඩ මින් ඉදිරියට සිද්ද වෙන්නෙ නැහැ…….”

කවදාවත් මට කැමති විදියට මට ඕනි විදියට මගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න ඉඩක් මේ ගෙදර ලැබුනෙ නෑනෙ කියලා මට අම්මට කියන්න තරම් හිතුණා.ඒත් මං සද්දෙ නැතුව හිටියා.

“ලසන්ත පුතා ඔය මොකද නලලෙන් ලේ එන්නෙ?…….”

මං ගහපු මල් පෝච්චි පාරට ලසන්තගේ නලල පැලිලා ලේ ආවා.නලල ගැට ගහපු ලේන්සුව මතට රතු ලේ පැල්ලම් දැකලා තාත්තා ලසන්තගෙන් එහෙම ඇහුවා.

“අංකල්ගෙ දුවගෙ වැඩ තමයි මේ.මං යනවා අංකල්……”


කාමරේට ආපු මං ඇදට වැටිලා කොට්ටෙත් බදාගෙන හොදටම ඇඩුවා. අනේ සපුමල්ට මොනවා වුනාද දන්නෙ නැහැ.😢😢

“සුදර්ශි නංගි…….”

ඇද ගාවින් ඇහුනු දෙව්මිණී අක්කගෙ කටහඬට මං ඇදෙන් නැගිට්ටා.

“අනේ අක්කෙ…….”😭

මං දෙව්මිණී අක්කගේ උරහිසට හේත්තු වෙලා හොදටම ඇඩුවා.මේ ගෙදර මගේ දුක තේරුම් ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ දෙව්මිණී අක්කා විතරයි.

“අඩන්න එපා නංගී.හිත හදාගන්න…….”

“මට සපුමල්ව අමතක කරන්න බැහැ අක්කෙ.එයා වගේ මට කවුරුවත් ආදරේ කරන්නෙ නැහැ…….”😥😥

“මට දුකයි නංගී ඔයා ගැන.මං ඔයාට එදා මෙහෙන් යන්න උදව් කරේ කොහේ හරි ඉන්න තැනක ඔයා සතුටින් ඉදියි කියලා හිතලයි……..”

“හැම දෙයක්ම වෙන්නේ මගේ අවාසනාවට අක්කෙ.ඒක නෙවෙයි ඔයාට දැන් මාස කීයද?……”

“මාස පහයි නංගි.මේ දරුවා හින්දා තමයි මං අද මෙහෙමවත් ඉන්නෙ.නැත්නම් මෙලහකටත් ඔයාගෙ අයියා මාව ඩිවෝස් කරලා…….”

“මං හින්දා ඔයත් අයියගෙන් ගුටි කෑවනෙ අක්කෙ.මට සමාවෙන්න…….”😫

“දැන් ඒ ගැන හිතන්න එපා නංගී.මේක ඔයාගෙ දෛවය කියලා හිතලා හිත හදා ගන්න.මං යන්නම්.මං ඔයත් එක්ක ගොඩක් වෙලා කතා කර කර හිටියොත් ඒකටත් මට ඔයාගෙ අයියගෙන් බැනුම් අහන්න වෙයි…….”


“දුව සුදර්ශි ඔයාගෙයි ලසන්ත පුතාගෙයි වෙඩින් එක ලබන මාසෙ හය වෙනිදා. දැන්ම ඉදලා ඒකට ලෑස්ති වෙන්න.ආයෙ එහෙම පැනලා යන්න හදන්න එහෙම එපා.එහෙම වුනොත් තාත්තයි අයියයි ඔය සපුමල්ව මරලා දායි…….”

අම්මා එහෙම කියද්දී මට බය හිතුණා සපුමල්ගේ ජීවිතේ ගැන.හැම දෙයක්ම සිද්ද වුනේ මගේම අවාසනාවටයි.කිසිම කෙනෙක් මං කියන දෙයක් පොඩ්ඩක්වත් ඇහුවෙ නෑ.ලබන මාසෙ හය් වෙනිදාට තව දවස් දාසයයි.මං කොහොමද දෙයියනේ අර ලසන්තව කසාද බදින්නේ. මගෙ ජීවිතේ මේ විදියට අනතුරේ දාන්න අම්මයි තාත්තයි කොහොමද දෙයියනේ හිත හදාගත්තේ.

“අනේ අම්මෙ මට ලසන්තව මැරි කරන්න බැහැ.මං ලසන්තට කැමති නැහැ.ඇයි ඔයාලා මගෙ සතුට නැති කරලා දාන්න හදන්නේ?මාව මරලා දාන්න.ඒක ලසන්තව මැරි කරනවට වඩා මට සැපයි…….”😭😭

“කට වහගන්නවා සුදර්ශි.ඔයාට ඕනි දේවල් මෙතන සිද්ද වෙන්නෙ නෑ.ඔයා ලසන්තව මැරි කරන්නම ඕනි…….”😡😡

සපුමල්ට කතා කරන්න විදියක් නැතුව මං හිටියේ ගොඩාක් දුකින්.අයියා මගේ ෆෝන් එකත් ගත්තා.ගෙදර ෆෝන් එකෙන් මට කෝල් ගන්න එක තහනම් වෙලයි තියෙන්නේ.මාව හිරකරලා වගෙයි මේ ගෙදර තියන් හිටියේ.

ඊලග කොටසින් නැවත හමුවෙමු

Advertisment