මං සපුමල්ට ආදරෙයි කියලා කිව්වත් මං හිටියේ ගින්දර ගොඩක් මැද්දෙ.හැම වෙලේකම මගෙ හිතට ගොඩාක් වද දුන්නා සපුමල්ට මං හංගන මගේ අනන්‍යතාවය ගැන.ඒ ගැන සපුමල්ට ඇත්ත කියනවද නැද්ද කියලා මං හැම වෙලේම කල්පනා කරනවා.
“මොනවද රන්මලී ඔයා හැම වෙලේම ඔය කල්පනා කරන්නේ?ඔයා මොකක් හරි හිතේ ප්‍රශ්නෙකින්ද ඉන්නෙ?කිසිම දෙයක් හිතේ හිර කරගෙන ඉන්න එපා. මට කියන්න.මං දැන් ඔයාට පිට කෙනෙක් කියලා හිතන්න එපා…….”
මං ගාවටම වෙලා සපුමල් එහෙම කියද්දී මගෙ හිත හීල්ලුනා.සපුමල් මට මෙච්චර ආදරේ කරද්දී මං සපුමල්ට මේ ඇත්ත නොකියා හංගගෙන ඉන්න එක වැරදියි කියලා මට හිතුණා.සපුමල් මට ආදරේ කරනවා කියලා මල්කාන්ති නැන්දයි රත්නසේකර මාමයි දන්න නිසා මං තීරණය කරා සපුමල්ට මං ගැන කියන්න.
“සපුමල්….මං ඔයාට දෙයක් කියන්න මං ගැන වැරදියට හිතන්නෙ නෑ නේද?මේක ඔයාට කියන්න මං සෑහෙන දවසක ඉදලා බලාගෙන හිටියා.මට තවත් ඔයාට මේ ඇත්ත නොකියා හංගගෙන ඉන්න බැහැ…….”
“මොකක්ද රන්මලී?ඕනම දෙයක් මට කියන්න.මං ඔයා ගැන වැරදියට හිතන්නෙ නැහැ……”
“මං රන්මලී නෙවෙයි සපුමල්……”
මං එහෙම කිව්වම සපුමල් හයියෙන් හිනා වුනා.එයාට හිතේ මං විහිලු කරනවා කියලා.
“හරි හරි.ඔයා රන්මලී නෙවෙයි නම් කව්ද?……”😀😀
“විහිලු නෙවෙයි සපුමල්.මං රන්මලී නෙවෙයි.මං…..මං සුදර්ශි සංගීතා රණ්දෙනිගල…….”
“මොකක්??…….”
ඒ පාර නම් සපුමල්ගේ මුහුණ ටිකක් අමුතු වුනා.
“මං ඇත්ත කිව්වෙ සපුමල්.මං ගාමිණී රන්දෙණිගලගේ එකම දුව.අර ඔයා පත්තරේ දැක්කා කිව්වෙ මගෙ ෆොටෝ එක…….”
“මොනවා….ඔයා ඒ කියන්නේ මෙච්චර කාලයක් මට කිව්වෙ බොරුද?ශිට්…..ඔයා කොහොමද මේ තරම් ලොකු බොරුවක් කරේ?…….”
සපුමල් හිතන්න ඇති මං එයාට ආදරේ කරේ බොරුවට කියලා.මං සපුමල්ට ඇත්තටම ආදරෙයි.
“මෙච්චර කාලයක් තිස්සෙ මං මේ ගමේ හැමෝටම මං ගැන ඇත්ත හැංගුවෙ ලොකු හේතුවක් ඇතුව සපුමල්.මං ගැන ඇත්ත දන්නෙ මල්කාන්ති නැන්දයි රත්නසේකර මාමයි විතරයි.ඔයාට කියපු හැම දෙයක්ම බොරු වුනාට මං ඔයාට ආදරෙයි කියලා කිව්වෙ බොරුවට නෙවෙයි සපුමල්.පපුව පිරෙන්න ආදරේ කරන ඔයාට බොරු කරන්න මට බෑ.ඒ හින්දයි මං ඔයාට අද මේ ඇත්ත කියන්න තීරණේ කරේ…….”
“එහෙනම් මට ඇත්ත කියන්න.ඇයි ඔයා මෙහෙ ඉන්නෙ?…….”
සිද්ද වෙච්චි හැම දෙයක්ම මං අකුරක් නෑරම සපුමල්ට කිව්වා.තාත්තයි අම්මයි මාව බලෙන්ම ලසන්තට කසාද බන්දලා දෙන්න හදන හැටි….ඒ හැම දෙයක්ම මං සපුමල්ට කිව්වා.ඒ හැම දෙයක්ම අහගෙන හිටපු සපුමල් මං ගාවට මගෙ ඔලුව අත ගෑවා.
“ඔයා කිසි දේකට බය වෙන්න එපා.මොන ප්‍රශ්නෙ ආවත් මං ඔයත් එක්ක ඉන්නවා රන්මලී.ඔයා ආපහු ගෙදර යන්න එපා. ඔයාගෙ අකමැත්තක් නැත්තං අපි කසාද බදිමු.ඊට පස්සේ ඔයාව අයිති මට විතරයිනෙ…….”
“ඔය ඇත්තමද සපුමල්?…….”
“ඔව් රන්මලී.මං අදම මේ ගැන අපෙ අම්මයි අප්පච්චියි එක්ක කතා කරන්නම්……”
“දුවේ…..අර වෙද මහත්තයගේ ගෙදරින් පණිවිඩයක් එවලා තියනවා ඒ උදවිය මේ කසාදෙට කැමතියිලු.දුවට ප්‍රශ්නයක් වෙයිද ගෙදරට නොකියා මේ ගන්න තීරණේ හින්දා…….”
හවස තේ බොද්දී මල්කාන්ති නැන්දා මගෙන් එහෙම ඇහුවා.
“නෑ නැන්දෙ.හිතට කිසිම ආදරයක් නොදැනෙන මිනිහෙක් එක්ක ජීවත් වෙනවට වඩා අම්මලාට නොකියා හරි මට ආදරේ කරන මාව රැක බලාගන්න පුලුවන් මනුස්සයෙක් එක්ක ජීවත් වෙන එක හොදයි…….”
“දුවගෙ අම්මලා දැන ගත්තොත් දුවටයි සපුමල් පුතාටයි කරදර කරයිද?……”
“මං සපුමල්ව කසාද බැන්දට එයාලට කරන්න පුලුවන් දෙයක් නෑනෙ…….”
දවසක් උදේ පාන්දර මං මිදුල අතු ගාන්න ඉදල අතට ගන්නකොටම කෝල් එකක් ආවා.අදුරන්නෙ නැති නම්බර් එකක් නිසා මට බය හිතුණා කෝල් එක ආන්සර් කරන්න.ඒත් මගේ මේ නම්බර් එක දන්නෙ රශ්මි විතරයිනෙ.ඒ හින්දා මං කෝල් එක ආන්සර් කරලා සද්දෙ නැතුව හිටියා.
“හෙලෝ සුදර්ශි මං රශ්මි කතා කරන්නෙ…….”📲
“අනේ….රශ්මි අදුරන්නෙ නැති නම්බර් එකක් නිසා සද්දෙ නැතුව හිටියෙ……”📲
“මං මේ හදිස්සියෙ උඹට කෝල් එකක් ගත්තෙ සුදර්ශි.වැදගත් දෙයක් කියන්න…….”📲
“ඇ…ඇයි මොකක්ද රශ්මි.මොකක් හරි හදිස්සියක්ද?…….”📲
“මේ ලගදි උඹ බණ්ඩාරවෙල හොස්පිටල් එකට ගියාද?…….”📲
“ඔ….ඔව් රශ්මි.ඔ…ඔයා කොහොමද දන්නෙ?…….”📲
“උඹේ අයියගෙ යාලුවෙක් දැකලා තියනවා උඹව හොස්පිටල් එකේදි.ඒ ගොල්ලො කොහොම හරි උඹව බණ්ඩාරවෙල පීරලා හරි හොයා ගන්නවා කියලා.මට ඊයෙ දෙව්මිණී අක්කා කෝල් කරලා කිව්වෙ…….”📲
අනේ දෙයියනේ දැන් මං මොකද කරන්නෙ.මට හොදටම බය හිතුණා. දාඩියත් දැම්මා.😢😢
“අනේ රශ්මි මං දැන් මොකද කරන්නෙ? මට නම් හරිම බයයි.මට වෙන යන්න තැනක් නෑ…….”📲
අඩ අඩම මං රශ්මිට පිළිතුරු දුන්නා.
“පුලුවන් තරම් ඉක්මනට උඹ කොහේ හරි හැංගිලා හිටපන් සුදර්ශි.ඊට පස්සේ ඉක්මනට උඹ කොහේ රට හරි පලයන්. උඹ මෙහෙ රටේ හිටියොත් කවදාවත් ලසන්තගෙන් නම් බේරෙන්න ලැබෙන්නෙ නැහැ…….”📲
“මට තේරෙන්නෙ නැහැ රශ්මි මං මොනවා කරන්නද කියලා.මාස හතරක් ගෙවිලත් එයාලා මාව හොයන එක අතෑරලා නෑනෙ…….”📲
“උඹ කොහොම හරි පරිස්සමින් ඉදපන් සුදර්ශි.මං ආයෙ පස්සෙ උඹට ගන්නම්……”📲
රශ්මිගෙන් ආපු කෝල් එකෙන් පස්සේ මං දවස ගත කරේ බියෙන් තැති ගනිමින්.කොයි වෙලේ හරි තාත්තගේ හරි ලසන්තගේ හරි මිනිස්සු මාව හොයාගෙන එයි කියලා මට හිතුණා.මං මේ ගැන සපුමල්ට කිව්වා.සපුමල් මට කිව්වේ පුලුවන් තරම් එයාගෙයි මගෙයි කසාදෙ ගම්මු කියලා.ඊට පස්සේ කාටවත් මට මොකුත් කරන්න බෑනෙ කිව්වා.ඒත් මට බයයි මං සපුමල්ව කසාද බැන්දත් ලසන්ත මගෙන් පලි ගනියි.බැරි වෙලාවක් වත් ලසන්ත සපුමල්ගෙ ජීවිතේට මොකක් හරි කරදරයක් කරොත්?
“මට බයයි සපුමල්……”
“ඔයා කිසිම දේකට බය වෙන්න එපා රන්මලී.ටික කාලයක් යනකල් ඔයා එලියටවත් යන්න එපා.අපි කසාද බැදලා රට යමු.ඔයා අඩුම තරමෙ නාන්නවත් එලියට යන්න එපා.ගෙදරින් නා ගන්න. අපි දෙන්නගෙ කසාදෙ වෙනකල් ඔයා හැංගිලා ඉන්න.ඊට පස්සේ අපි රට යමු. මං ලසන්තට ඔයාව ගෙනියන්න දෙන්නෙ නැහැ…….”
ඊලග කොටසින් නැවත හමුවෙමු