පිරිමින් කොහොමත් කාන්තාවන් වගේ තමන්ගේ අදහස් එළිපිට ප්‍රකාශ කරන්නේ නෑ. ඔවුන් ගොඩක් දේවල් හංගාගෙන වගේ තමයි ඉන්නේ. ඒ වගේම පිරිමින් වැඩි දෙනෙක් තමන්ගේ හැඟීම් ප්‍රකාශනයට ඒ තරම් දක්ෂ බාවයක් දක්වන්නේත් නෑ.

වීරයෝ වගේ හැම වෙලේම හිටියට, පිරිමින්ගේ හිත් වලත් පුංචි පුංචි බියවල් ගොඩක් තියෙනවා. ඒව එයාලා තමන්ගේ යාලුවන් එක්ක ප්‍රසිද්ධියේ බෙදාගන්නේ නෑ වගේම තමන්ගේ බිරිඳ හෝ පෙම්වතිය එක්කත් බෙදා ගන්නවා හරිම අඩුයි. කාන්තාවන් නම් තමන්ගේ මිතුරියන් එක්ක ගොඩාක් පෞද්ගලික දේවල් පවා බෙදා ගන්නවා.

රැජිණිය අපි අද කතා කරන්නෙ අන්න ඒ වගේ පිරිමින්ගේ හිත් වල තියෙන පුංචි පුංචි බයවල් කිහිපයක් ගැනයි. කාන්තා ඔබ මේවා ගැන දැනුවත් වුණාම ඔබේ සැමියා, පෙම්වතා එක්ක මේවා ගැන විවෘතව කතා කරන්නත්, ඔවුන්ගේ අපහසුතාවය නැතිකරන්නත් උපකාරයක් වේවි.

1.තමන්ගේ ශරීරය පිළිබඳ ඇති නොසන්සුන් හැඟීම

කාන්තාවන්ගේ ශරීරය කොයි වගේ තිබුණාමද ලස්සන කියලා ගොඩනගපු පොදු මතවාදයක් තියෙනවා. මේ මතවාදය ගෑණු ළමයි කුඩා කාලයේ ඉඳලම ඔවුන්ගේ මනසට විවිධාකාරයෙන් ඇතුල් වෙනවා. ඒ නිසා ගොඩක් ගෑණු ළමයි නව යොවුන් වියේ සිටම උත්සහ කරනවා මේ පොදු ආකෘතිය අනුව තමන්ගේ ශරීරය සකස් කරගන්න. නමුත් පිරිමින්ගේ ශරීරය ගැණ ඒතරම් ලොකු එවැනි අදහසක් නැහැ. ඒ හින්දාම තමන්ගේ ශරීරයේ ස්වභාවය ගැණ පිරිමි කණස්සල්ලෙන් පසුවෙනවා.

‌කාන්තාවන් වගේම ඔවුනුත් ජිම් යන, සික්ස් පැක් තියෙන පිරිමි අයඑක්ක තමන්ව සන්සන්දනය කර ගන්නවා. ඒ වගේම ඔවුන් තමන්ගේ බඩ ගැන කවුරුත් අදහස් දක්වනවාටත් ඉතාම බයයි.

  1. 2.මුදල්

‌අවිවාහක, පෙම්වතියක් නැති පිරිමින් පවා තමන්ගේ මුල්‍යමය තත්වය, ආර්ථික හැකියාව ගැන හරියට වද වෙනවා. මොකද පිරිමින්ව කුඩා කළ සිටම පුහුණු කරලා තියෙන්නේ පවුලක ආර්ථිකය සරි කරන්නකු බවට පත්වීමටයි. පිරිමින් ඒ නිසාම තමන්ගේ සහකාරිය තමන්ගේ ආර්ථික තත්වය ගැන කොයි ආකාර‍යෙන් හිතයිද කියලා වද වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ සහකාරිය තමන්ට වඩා ආර්තික හැකියාවක් තිබෙන කෙනෙක් වෙනවටත් පිරිමි අය ගොඩක් වෙලාවට කැමති නෑ.

නමුත් ගොඩක් කාන්තාවන්ට ඇත්තටම අවශ්‍ය ආදරය සහ රැකවරණයි.

  1. 3.උස

උස ගැන කොහොම වද නොවී ඉන්නද? ගොඩක් කාන්තාවන් සිහින දකින්නේ උස පිරිමින් ගැනයි. නමුත්, හැමෝම එක වගේ උස නෑනේ. ඉතින් උසින් අඩු පිරිමි අය ගොඩක් මානසිකව පසුබෑමට ලක්වෙනවා. නමුත් කාන්තාවන් හැමෝමත් එහෙම නෑ. උස, ශරීර හැඩය සහ වර්ණය ගැන නොසිතා හදවත සුන්දර මිනිසුන්ට ආදරය කරන කාන්තාවනුත් ඉන්නවා. ඒ වගේම අපේ රටේ නම් දොඩම් ගෙඩි දෙකක් වත් උස නැති තරුණියෝත් ඕන තරම් ඉන්නවා.

  1. 4.අනෙක් පිරිමින් ගැන ඊර්ෂ්‍යාව

මේක ඇතිවෙන්නෙ තමන්ගේ සහකාරිය ඇයගේ මිතුරන් ගැන එහෙම කතා කරන විට තමයි, නමුත් කාන්තාවන්ගේ ඊර්ෂ්‍යාව වගේ මේක මතු වෙලා පේන්නේ නෑ. ඔවුන් ඒකට හිතෙන් විඳවනවා. ඔබ ඔබේ හොඳ විකට හැකියාවක් තියෙන මිතුරෙක් ගැන කිව්වම ඔබේ පෙම්වතා ඒක අමතක කළා වගේ පෙනුනත්, එහෙම නෑ. ඔහු තමන්ව ඒ කිව්ව කෙනා එක්ක සන්සන්දනය කරගන්නවා වගේම ඔහුගෙන් එල්ල විය හැකි තර්ජන ගැනත් බිය වෙනවා. තර්ජන කියන්නේ, ප්‍රේම සම්බන්ධයට.

ඔබ කවුරු හරි ඔබේ පිරිමි යාලුවෙක් ගැන කියනකොට ඔබේ පෙම්වතාට හෝ සැමියාට පැහැදිලි කරන්න ඔවුන්ගෙන් ඔබේ සම්බන්ධතාවයට තර්ජනයක් නොමැති බව, නැතිනම් අනෙක් පිරිමින්ව ඒ තරම් ඔහු ඉදිරියේ අගය කරන්න එපා.

  1. 5.ප්‍රේම සම්බන්ධතා වල අත්දැකීම් අඩුකම

‌කලින් ප්‍රේම සම්බන්ධතා අඩුවෙන් තිබුණු හෝ තිබුණේම නැති ගොඩක් පිරිමින් ඒ ගැන නරක හැඟීමෙන් ඉන්නෙ. ඔවුන් හිතනවා තමන්ගේ සහකාරියව සතුටු කරන්න, ඇයට අවශ්‍ය දේ හඳුනාගන්න තමන් අසමත් වේවිද කියලා. එ නිසාම මෙවැනි අය පරණ ප්‍රේම සම්බන්ධතා ගැන බොරුත් කියනවා. ඔබේ පෙම්වතා සමඟ විවෘත වීමෙන්, ඔබේ අවශ්‍යතා හැඟීම් නොවළහා කීමෙන් ඔහුගේ මේ අනාරක්ෂිත හැඟීම නැති කරන්න පුලුවන්.

  1. 6.රෝම සහ හිසකෙස්

‌පිරිමින්ගේ ශරීරය පුරාම බහුලව රෝම වැවෙනවනේ. ඒ වගේම තට්ටය ඇති වීමත් පිරිමින් අතර බහුලවදක්නට ලැබෙනවා. රෝම තිබීම පිරිමිකමක් ලෙස ගොඩක් දෙනා හිතනවා කියලා පිරිමිඅය හිතනවා. රැවුල අඩුවෙන් වැවෙන එක, පපුවේ රෝම වැවීම ආදිය පිරිමින්ගේ මනසට හරිම වදයක්. ඇත්තටම කාන්තාවන් සමහර වෙලාවට මේවා ගැන පොඩ්ඩක් වත් හිතන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන වද වෙන්න එපා.

  1. 7.ආහාර වේල

කාන්තාවන් නම් බොහෝ වෙලාවට කියනවනේ මම කෑම පාලනය කරනවා කියලා. නමුත් පිරිමි අයඑහෙම කියන අවස්ථාවල් ඉතාම අඩුයි. නමුත් ඔවුන් තමන්ගේ ශරීර ගැන වද වෙනවා. කෑම පාලනය කරන්නට හිතනව. ඒ නිසා ඔබේ සහකාරයාට අනවශ්‍ය ලෙස කෑම කවන්න, පැණි රස දේ අරන් දෙන්න එපා. ඔහුව ආහාර පාලනය යොමු කරන්න, එවිට ඔහුට එය කරන්න ලේසි වේවි, මොකද තමන් හිතලා ආහාර පාලනය කරන බව කියන්න පිරිමි අය ලැජ්ජයි.

  1. 8.පෙම්වතිය සමඟ ඇති සම්බන්ධය

කාන්තාවන්ගේ පත්තර, සඟරා ආදියේ ගොඩක් ප්‍රේම සම්බන්ධතාවය ආරක්ෂාකරගන්න හැටි ගැන්කතා කරනවා. නමුත් පිරිමි අය එහෙම දේවල් ගැන වැඩිපුර හිතන්නේ නෑනෙ නේද? අන්න ඒ අදහස වැරදියි. තද හිතක් තියෙනවා වගේ පෙනුනට පිරිමි අය තමන්ගේ ප්‍රේම සම්බන්ධතා ගැන කාන්තාවන්ට වඩා වද වෙනවා. ඔවුන්ට ඒකට ඉඩ දෙන්න.

  1. 9.පෙම්වතියගේ කලින් පෙම්වතුන්

ඔබේ පෙම්වතාට වඩා ඔබට ප්‍රේම සම්බන්ධතා තිබිලා තියෙනවා නම් සාමාන්‍යෙන් ඔහු ඒ ගැන ගොඩක් වද වෙනවා. ඔහු ඔවුන් සමඟ තමන්ව සන්සන්දනය කරගන්නවා වගේම ඔබට ඔහුට වඩා අත්දැකීම් වැඩි නිසා ඔබව දිනාගන්න බැරි වෙයි කියලත් හිතනවා. ඔහුට පැහැදිලි කරන්න අතීතය අයිති අතීතයටම බව.

  1. 10.හැඟීම්

‌කලිනුත් කිව්ව වගේ පිරිමින් තමන්ගේ හැඟීම් ප්‍රකාශනයට දක්ෂ නැහැ. පිරිමි ළමයින්ට කුඩා කාලයේ වැඩිහිටියන් කියනවනේ “කොල්ලෝ අඩන්නේ නෑ” කියලා. ඒ නිසා ඔවුන් කුඩා කාලයේ ඉඳලම තමන්ගේ හැඟීම් ප්‍රකාශනයට බය වෙනවා. තමන්ගේ ඇත්ත හැඟීම් පෙන්වූ විට තමන්ව දුර්වලයෙකු ලෙස පෙනේවි කියල ඔවුන් බය වෙනවා. හැඟීම් ප්‍රකාශ කිරීම, හැඬීම වරදක් නොවන බව ඔබේ පෙම්වතාට සැමියාට කියාදෙන්න, එය දුවලකමක් නොවන බවත් කියන්න. ඔබේ පිරිමි දරුවන්ව හැඟීම් ප්‍රකාශ කරන්න නොහැකි පුද්ගලයන් බවට පත් කරන්න එපා.