විවාහ වෙලා කාලයක් යනකොට ගොඩක් අය අතර ආදරය අඩු වෙලා යනවා. මේකට හේතු ගොඩක් තියනව. අපේ රටේ ස්ත්‍රීන් බහුතරයක් විවාහයෙන් පිට සම්බන්ධතා පවත්වන්න බයයි, එහෙම නැත්නම් අවස්ථාව අඩුයි. නමුත් රැකියාවට යන, නිවසෙන් පිට වැඩි වෙලාවක් රැඳිල ඉන්න පුර්ෂ පාර්ෂවයට මේකට තියන අවස්ථාව වැඩියි. රැකියාවට නිවසින් පිටතට යන සැමියාගෙ වෙනස්කම් දකිද්දි ඔබට අනියම් සම්බන්ධයක් ගැන සැක හිතෙන එක සාමාන්‍යයි. නමුත් මේ සැකය සාධාරණ එකක්ද කියල දැනගන්න උදව් කරන පුංචි කාරණා ටිකක් තියනවා.

1 ගැහැණු ඉව විශ්වාස කරන්න

ඔබේ සැමියාට අනියම් සම්බන්ධයක් තියනව නම් ඒක ඔබට දැනෙනව. කල්පනා කරල බැලුවොත් ඔබට තේරේවි සැමියාට වඩා සාමාන්‍ය ජීවිතේ කාරණා ගැන හොඳ ඉවක් බිරිඳට තියනවා කියල. මේක හුදු හිතලුවක් නෙවෙයි, මේ ඉව ස්ත්‍රීන් ගල් ගුහා වල සතා සීපාවගෙන් දරුවන් රැක ගනිමින් ජීවත් වුණ කාලේ ඉඳල තිබුණු එකක් කියල කියනව. අනතුර ගැන පෙර දැනීමක් ඇතිවෙනවා. කවුරු කොහොම කතා සැමියා ගැන කිව්වත් ඔබ ඔහු ගැන ඉවෙන් වගේ සමහර දේවල් දන්නව. මේ ඉව ගැන සැළකිලිමත් වෙන්න. ඒක කල්පනා කරල තාර්කිකව හිතල එන එකක් නෙවෙයි. නිකන්ම එන හැඟීමක්. නමුත් මේ ඉව මත විතරක් පදනම් වෙලා කිසිම දෙයක් ස්ථිරව ගන්න එපා.

2 රැකියාවට අඳින පළඳින විදියේ වෙනස්කම්

අලුත් සම්බන්ධතා ඇති වෙනකොට හැමෝම පෙනුම ගැන වැඩියෙන් හිතනවා. මෙච්චර කල් මැදල දුන්න එකක් ඇඳගෙන ඔෆිස් ගිය සැමියා ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන්, කොණ්ඩෙ ගැන අමුතුවෙන් උනන්දුයි නම් එතන හොරයක් තියෙන්න පුලුවන්.

3 ෆෝන් එක ලැප් ටොප් එක රහසින් භාවිතා කිරීම

එකපාරටම ෆෝන් එකට ලොක් එකක් දානව නම්, බාත් රූම් එකට යද්දිත් ෆෝන් එක අතේ තියාගෙන යනව නම්, කෝල් එකක් එනකොට ෆෝන් එකත් අරන් ඈතට දුවනව නම් ඒකෙන් කියන්නෙ හංගන්න දෙයක් තියන බව.

4 දෙන්නා අතර අමුතු දුරස්ථ කමක් ඇති වීම

පිරිමි අයට වැඩ ගොඩක් දේවල් එක පාර කරන්න අමාරුයි. නිකමට මතක් කරල බලන්නකො ඔෆිස් එකේ බිසී උනාම මේ අයගෙ හැසිරීම. සම්බන්ධතා වලදීත් ගොඩක් පිරිමි මේ ප්‍රශ්නෙට මූණ දෙනව. ඒ නිසා කොච්චර උත්සහ කළත් එක්කෙනෙක්ගෙන් ඈත් වෙනව. සැළකිල්ල, ආදරය අඩු වෙනව. මොනව නොදැක්කත් මේක නම් ඔබට මිස් වෙන එකක් නෑ.

5 අමුතුවෙන් තෑගි බෝග දෙනව නම් පරිස්සමෙන්

තමන්ගෙ සහකරුවාට සහකාරියට වංචා කරනකොට ඕනම කෙනෙක්ට වරදකාරී හඟීමක් ඇතිවීම සාමාන්‍යයි. මේ හැඟීම නිසාම වෙනදට නොලැබෙන තෑගි බෝග එහෙම ගෙනත් දෙන්න සැමියා පෙළඹෙන්න පුලුවන්.

6 විශේෂයෙන් වෙනත් ගැහැණියක් ගැන කතා කරනවා

ඔබේ සැමියාගෙ රැකියා ස්ථානයට ළඟකදී පැමිණි කාන්තාවක් ගැන, නැවත හමුවුණු පරණ මිතුරියක් ගැන එහෙම වැඩිපුර කතා කරනවනම්, හොඳ කියනවනම්, මේ කියන කාන්තාව ඔබේ තරඟකාරිය වෙන්න වැඩි ඉඩක් තියනව.

7 සුලු දේටත් තරහ යන එක

හිතේ රහසක් තියනකොටත්, ආදරේ සෙනෙහස අඩු වෙනකොටත් සැමියා ඔබත් එක්ක වැඩිපුර තරහ ගන්න පුලුවන්. විශේෂෙන්ම තමන්ගෙ සම්බන්ධතාවයට බිරිඳ බාධාවක් කියල හිතෙන එකත් මේ තරහ යාමට හේතුවක්. තරහ මතුවෙන්නෙ කිසිම සාධාරණ හේතුවක් ඇතුව නෙවෙයි නම්, ඔබේ සැමියා මීට කලින් එහෙම තරහ ගන්න පුරුදු වෙලා හිටිය කෙනෙක් නෙවෙයි නම්, මේකත් සැකයට තුඩු දෙන හැසිරීමක්.

8 ගෙදර ඉන්නවට වඩා පිට ඉන්න වෙලාව වැඩි නම්

වෙනදට වඩා වැඩියෙන් වෙලාවක් එක එක හේතු භදාගෙන ගෙදරින් පිට ඉන්නවනම්, කොහෙද හිටියෙ කියල අහනකොට සාධාරණ හේතුවක් දෙන්න පැකිළෙනව නම් එහෙම නැත්නම් ඕනවට වඩා හේතු කියනවනම් මේ අමතර වෙලාව ඔහු වෙනත් සහකාරියක් සමග ගත කළා වෙන්නත් පුලුවන්.

ඔබේ සැමියාගේ හැසිරීමේ මේ වගේ ලක්ෂණ පෙණුනොත් සැලකිළිමත් වෙන්න. ඔබට හිතෙනව නම් ඔබේ සැකය සාධාරණයි කියල, කලබල වෙන්න එපා, සැමියා එක්ක මේ ගැන කතා කරන්න. කතා කරල සුදුසු තීරණයක් ගන්න. මිනිස්සු අතින් වැරදි වෙනව ඒ නිසා මේ එවැනි වැරැද්දක් උණ පළවෙනි වතාව නම් අවස්ථාවක් දෙන්න නිවැරදි වෙන්නත්.

Advertisment