පතිනි ආයාචනා😘
😍ත්‍රීවිලර් රථයට මුදල් ගෙවූ මම කෙටි අඩි පාර ඔස්සේ ගමන් කලෙමි.හරියටම මීට වසරකට පෙර මා මෙහි පැමිණි නිසා ඒ නිවසට යන මාර්ගය සොයා ගැනීමට අපහසු වූයේ නැත.පාර දෙපස මදක් කැලේ වැවී ඇති නිසා ඉස්සරහර අසු වූ කන්ද නැග ගැනීමට මට මදක් අපහසු විය.විනාඩි කිහිපයකින් මා ඒ නිවස ඉදිරිපිටට පැමිණියෙමි.එදා දුටුවාට වඩා යම් කිසි වෙනසක් අද මා ඒ නිවසින් දුටුවෙමි.මැටියෙන් කපරාදු කර තිබූ ඒ නිවස ඉදිරිපිට විවිධ වර්ගයේ එළවළු වර්ග කිහිපයක්ම වවා තිබුනි.
“ගෙදර කව්ද…..ගෙදර කව්ද…….”
නිවසේ දොර ලගට ගොස් මා එලෙස කතා කරෙමි.තප්පර කිහිපයක් ගත වූ විට දොර ඇරියේ ඒ කාන්තාවය.ඇගේ නම මල්කාන්ති ය.ඇය මාව හදුනා ගත්තේ නැත.
“ඔය නෝනා කව්ද?…….”
“නැන්දට මාව මතක නැද්ද?……”
“මට නිච්චියක් නම් නෑ නෝනා.නෝනා මේ පළාතට අලුත් වගේ……”
“නැන්දට මතකද මීට අවුරුද්දකට කලින් විනෝද චාරිකාවක් ගිහින් අතරමං වුනු ගෑනු ළමයි වගයක් හම්බුනා…….”
එලෙස මා ඇයට අතීතය සිහිපත් කර දුන්නෙමි.ටික වේලාවක් කල්පනා කල ඇය ඉන් පසුව මා හදුනා ගත්තාය.
“අනේ නෝනා මට අදුර ගන්න බැරි වුනානෙ.නෝනා ගොඩාක් වෙනස් වෙලානෙ.එදා නම් ගොඩක් කෙට්ටුවටනෙ හිටියෙ.අනේ එන්න නෝනෙ ඒ ඇතුලට…….”
මම ගේ ඇතුලට ගොස් බෑගය පසෙකින් තබා පුටුවකින් වාඩි වුනෙමි.
“ඉතිං නෝනෙ මේ කොහේ යන ගමන්ද? තනියමද නෝනා ආවෙ?…….”
මද සුසුමක් හෙලා ඉන් අනතුරුව මා මෙහි පැමිණි හේතුව මුල සිට අකුරක් නෑරම ඇයට පැවසුවෙමි.ඒ සියල්ලම ඇය ඉතා හොදින් අසා සිටියාය.
“අනේ දෙයියනේ නෝනෙ දෙමව්පියෝ වුනත් මේ විදියට තමන්ගෙ දරුවන්ගෙ සතුට විනාශ කරන්න හොදද?මට නෝනා ගැන හරියට දුක හිතෙනවා……”
මං ගෙදරින් ආවෙ හුගාක් හිතලා බලලා නැන්දෙ.මට ඒ මනුස්සයව කසාද බදින්න කොහෙත්ම බෑ.එයා මහ ජරා මිනිහෙක්. මට ටික දවසක් මෙහෙ ඉන්න දෙනවද නැන්දේ.මට මේ වෙලාවෙ උදව් කරන්න කිසිම කෙනෙක් නෑ.
නෙතට ඉනූ කදුලු පිස දමාගෙන මං එලෙස පැවසුවා.
“නෝනෙ කැමති තරම් කාලයක් මෙහෙ ඉන්න.මටයි මගෙ මනුස්සයටයි දරුවො නැති එකේ නෝනව අපි දරුවෙක් වගේ බලා ගන්නම්……”
“අනේ ගොඩාක් පිං නැන්දෙ.කෝ මාමා……”
“ඒ උන්දෑ හේනට ගියා නෝනෙ.මං තව ටිකකින් කෑම අරන් යනවා.නෝනෙ මුහුණ කට හෝදගෙන ටිකක් හාන්සි වෙලා ඉන්න.මං කෑම අරන් එන්නම්……”
“මට බඩගිනි නෑ නැන්දේ.මං එද්දී කාලා ආවෙ…….”
“දැන් ඔය දරුවා මෙහෙ ඉන්නවා කියලා ඔය දරුවගේ දෙමව්පියෝ දැන ගත්තොත් ප්‍රශ්නයක් වෙයිද?……”
මල්කාන්ති නෝනගේ සැමියා වන රත්නසේකර මාමා මගෙන් එලෙස ඇසීය.
“එයාලා කවුරුවත් දන්නෙ නැහැ මාමෙ මං මෙහෙට ආපු බව.මං ඒ ගැන කිසිම කෙනෙකුට කිව්වෙ නෑ……”
“ඔය දරුවගෙන් මේ ගමේ කවුරුහරි විස්තර ඇහුවොත් කියන්න මගේ නංගිගෙ දුව කියලා.මෙහාට ආවේ ගෙදර කවුරුවත් නැති හින්දා කියන්න…….”
රත්නසේකර මාමා මට එහෙම කිව්වා.ඒ හැම දේකටම මං හා කියලා කිව්වා.අන්ත අසරණ වූ මොහොතේ මට පිහිට වූ මොවුන් දෙපලට මා අනේක වාරයක් ස්තූති කලෙමි.ගෙදර මෙන් සැප සම්පත් නොතිබුනත් මට මේ නිවහන රාජ මාලිගයක් මෙන් විය.
🦋🌿🌾🍁🌴
දින දෙක තුනක් නිසොල්මන්ව ගෙවී ගියේය.මා වැඩිපුර ගමේ ඇවිදින්නට නොගියෙමි.දිනක් මා මිදුල අතු ගාමින් සිටින විටදී කවුරුන් හෝ මල්කාන්ති නැන්දාට කතා කරන ශබ්දය ඇසුනි.මං ඉදල පසෙකින් තබා නිවස ඉදිරිපිටට ගියෙමි.පැමිණ සිටියේ අවුරුදු විසිපහක පමණ තරුණයෙකි.මා දුටු පමණින් ඔහු පුදුම විය.
“ඔයා කව්ද?මේ…මල්කාන්ති නැන්දා ගෙදර නැද්ද?……”
ඒ තරුණයා මගෙන් එලෙස විමසීය.
“නැන්දා මාමට තේ අරන් හේනට ගියා. දැන් මග එනවා ඇති.ඔය මහත්තයා මෙහෙන් වාඩි වෙලා ඉන්න…….”
එලෙස කියූ මා හේනට යන පාර දෙස බලා සිටියේ මල්කාන්ති නැන්දා එන තෙක් ය.
“ඔයා කව්ද?මල්කාන්ති නැන්දගේ නෑදෑ කෙනෙක්ද?……”
“මෙ…මං රත්නසේකර මාමගෙ නංගිගෙ දුව……”
“ආ….ඉතිං මෙහාට ආවේ?නිවාඩුවකටද?……”
එම තරුණයා මගෙන් එලෙස විමසද්දී මට බියක් දැනුනි.ඔහු මා ගැන සැක සිතාවිද කියා මා බියට පත් වූයෙමි.
“අම්මා නැති වුනාට පස්සෙ අයියා කසාද බැන්දා.ඒ අක්කත් එක්ක ජීවත් වෙන්න අමාරියි.ඒකයි මාමා මාව මෙහාට අරන් ආවෙ…….”
රත්නසේකර මාමා කලින් මට කියලා දීපු විදියටම මං උත්තර දුන්නා.
“ආ….මේ පුතා ඇවිල්ලා දැන් ගොඩක් වෙලාද?……”
එහෙම අහගෙනම මල්කාන්ති නැන්දා මිදුලට ආවා.
“දැන් ටිකක් වෙලා නැන්දේ.මේ නංගිත් එක්ක කතා කර කර හිටියා.නැන්දෙ,අපෙ අම්මා කිව්වා හවසට නැන්දට පොඩ්ඩක් ඒ පැත්තේ එන්න කියලා……”
“හා පුතේ මං එන්නම්……”
එහෙම කියලා ඒ මනුස්සයා ගියා.මං මල්කාන්ති නැන්දගෙන් ඇහුවා ඒ කව්ද කියලා.
“ඒ ළමයා මේ ගමේ වෙද මහත්තයගෙ පුතා සපුමල්.හරිම හොද ගුණ යහපත් දරුවා.
🍁🌴🌾🌿
“නැන්දේ…..මං නාගෙන එන්නම්……”
එහෙම කියලා මං බාල්දියයි චීත්තෙයි අරන් ඇලට ගියා.වෙනදා නම් මං නාන්න යන්නේ මල්කාන්ති නැන්දත් එක්ක.අද මට හිතුණා තනියම යන්න.මං නාන්න යද්දී වෙද මහත්තයගේ පුතා සපුමල් නාගෙන පාර දිගේ ඉස්සරහට එනවා.
“ආ….නංගි නාන්නද යන්නේ?…..”
“ඔ….ඔව් මහත්තයා……”
“අනේ මේ මට මහත්තයා කියන්න එපා. සපුමල් කියලා කියන්න.මාත් ඔයාට නංගී කියලනේ කියන්නේ…….”
මං ඒකට හිනා වුනා විතරයි.දිගින් දිගටම සපුමල් එක්ක කතා කරන්න මට බය හිතුණා.මං මේ ගමේ ජීවත් වෙන්නේ මගේ ඇත්ත විස්තරේ හංගගෙනනෙ.
“මට ඔයාගෙ නම කිව්වෙ නෑනෙ එදා……”
සපුමල් මගෙන් එහෙම ඇහුවා.මං ඇත්ත නම නොකියා බොරු නමක් කිව්වා.
“රන්මලී……”
“ශා….ඔයා වගේම ඔයාගෙ නමත් ලස්සනයි……”
“මං එහෙනම් නාන්න යනවා සපුමල්. පරක්කු වුනොත් නැන්දා මාව බය වෙලා හොයයි…….”
“හා එහෙනම්.පරිස්සමින් යන්න…….”
මං මේ රත්මල්දෙණිය ගමට ඇවිත් සතියක් වෙනවා.අම්මයි තාත්තයි තාම මාව හොයනවා ඇති.ඒ දෙන්නම මාත් එක්ක තරහින් ඇති.ලසන්ත නම් ගොඩාක් කේන්තියෙන් ඇති මාත් එක්ක.
ගෙදරට කෝල් එකක් දීලා දෙව්මිණී අක්කත් එක්ක කතා කරන්න හිතුනත් මං ඒ සිතුවිල්ල බොහොම අමාරුවෙන් හිතෙන් ඈත් කර ගත්තා.දෙව්මිණී අක්කට කතා කරනවා අයියට අහු වුනොත් එයාලා අනිවාර්යයෙන්ම මාව හොයා ගනියි.ඒත්……ගෙදර මොන වාතාවරණයක් තියනවද කියලා දැනගන්න මට හිතුණා.ඒත් කාගෙන්ද ගෙදර ගැන අහන්නේ.ටිකක් වෙලා කල්පනා කරද්දියි මට මතක් වුනේ රශ්මි ව.රශ්මි කියන්නේ මගෙ හොදම යාලුවා.
මං ෆෝන් එක අතට අරගෙන අලුත් සිම් එක දාගෙන රශ්මිගෙ ෆෝන් එකට කෝල් එකක් ගත්තා.
“හෙලෝ…….”
“හෙලෝ රශ්මි මම සුදර්ශි…….”📲
“දෙයියනේ සුදර්ශි ඔයා කොහෙද ඉන්නෙ?ආන්ටියි අන්කලුයි රට පීර පීර ඔයාව හැම තැනකම හොයනවා……”📲
මං සිතුවා නිවැරදිය.අම්මාත් තාත්‍තාත් මාව හොයන එක තවම අත්හැර නැත.
“මං ඉන්නේ ගොඩක් දුර රශ්මි.මට ආපහු ගෙදර එන්න බැහැ.එහෙම ආවොත් තාත්තා මාව අර වනචරයට කසාද බන්දලා දෙයි…….”📲
“මට කියපන් සුදර්ශි උඹ ඔහේ ඉන්නෙ කාත් එක්කද?ප්‍රශ්නයක් නැතුව ඉන්නවද…….”📲
“මං දන්න කියන ඇන්ටි කෙනෙකුයි අංකල් කෙනෙකුයි එක්ක ඉන්නෙ රශ්මි. එයාලා මාව ගොඩක් හොදට බලා ගන්නවා.මට කියපන් රශ්මි ගෙදර තත්වෙ කොහොමද දැන්?……”📲
“උඹේ අයියයි තාත්තයි මෙහෙ ඇවිල්ලා මගෙන් උඹ ඉන්න තැන දන්නවද කියලා ඇහුවා.මං මොනවා කියන්නද බං.මම දන්නෙ නෑ කිව්වා.එයාලා මාව විශ්වාස කරේ නැහැ.අර ලසන්ත නම් ඉන්නෙ වෙඩි කාපු ඌරා වගේ.උඹ ඉන්න තැනක පරිස්සමින් ඉදපන් සුදර්ශි.ඌ උඹව හොයා ගත්තොත් අතාරිනේකක් නෑ…….”📲
“මං ඉන්න තැන ලසන්තට හොයා ගන්න බෑ රශ්මි.මට කියපන් දෙව්මිණී අක්කා එහෙම හොදින් නේද?……”📲
“ඒ ගැන කියලා වැඩක් නෑ බං.උඹට ගෙදරින් යන්න උදව් කරේ දෙව්මිණී අක්කා කියලා උඹලගේ අයියා ඒ අහිංසකීට හොදටම ගහලා.පව් බං. අයියා දෙව්මිණී අක්කව ඩිවෝස් කරන්න හදලා තියෙන්නේ.ඒත් දෙව්මිණී අක්කා ප්‍රෙග්නන්ට් කියලා දැන ගත්තු උඹේ අයියා ඒ තීරණේ අතෑරලා…….”📲
මට තවත් රශ්මි එක්ක කතා කරන්න ඕනි වුනත් ගෙයි කඩුල්ල ගාවින් සපුමල් එනවා දැක්ක නිසා මං ටක්ගාලා ෆෝන් එක කට් කරා.
“කෝ රන්මලී ගුණරත්න මාමා ගෙදර ඉන්නවද?…….”
“මාමා හේනෙ සපුමල්.එද්දී ගොඩාක් පරක්කු වෙයි.නැන්දත් දැන් මාමට කෑම අරන් ගියේ……”
මං එහෙම කිව්වම සපුමල් ඇවිත් මං ගාවින් වාඩි වුනා.
“රන්මලීට මෙහෙ ඉන්න පාලුත් ඇති නේද?……”
“එහෙම පාලුවක් නෑ සපුමල්……”
“ඒක නෙවෙයි.අද උදේ මං පත්‍තරේ බලද්දී ඒකෙ එක දැන්වීමක් දැක්කා ඒකෙ හිටපු ගෑනු ළමයා ඔයා වගේමයි……”
සපුමල් ඒක කියද්දී මගෙ පපුව ඩග් ඩග් ගෑවා.මට හොදටම බය හිතුණා.මං ගැන තාත්තා පත්තරේට දාලද?ඒත් මං බය වෙච්චි බවක් සපුමල්ට පෙන්නුවෙ නෑ.
“මගේ පින්තූරයක් කොහෙද සපුමල් පත්තරේක තියෙන්නේ?එහෙනම් ඉර බස්නාහිරින් පායයි…….”
“අයියෝ රන්මලී මං කිව්වෙ ඔයා වගේ කියලා මිසක් ඔයා කියලා නෙවෙයි.ඒ ගෑනු ළමයා ඇදලා හිටියේ ටිකක් බටහිර පන්නයට…….”
සපුමල් ඒ ගෑනු ළමයා මම කියලා හිතුවෙ නැති නිසා මං සන්තෝශ වුනා.