හාත්පසම පැතිර ඇති ඝන අන්ධකාරය මාගේ නෙතට බියක් නම් ගෙන දුන්නේ නැත.විටින් විට ඇහෙන රැහැයියන්ගේ හඩ හා කුරුල්ලන්ගේ අමුතු බිය ගන්වන සුළු නාදය මගේ සිත බිය ගැන්වීය. එහෙත් මා එයින් පසු බැස්සේ නම් නැත. කෙසේ හෝ ඉතිරි දුර මා යා යුතුමය.මගේ දකුණු අතේ රැදි අත් ඔරලෝසුවෙන් මම වෙලා බැලුවෙමි.වේලාව පාන්දර තුන පසු වී විනාඩි හතලිස් පහයි.

ඉක්මන් ගමනින් දුම්රිය ස්ථානයට පැමිණි මම එහි වූ අසුනක් මත ඉද ගත්තෙමි.දැන් නම් සිතට බියක් නැත.ඔවුන් කිසිම කෙනෙකුට දැන් මා සොයා ගැනීමට නොහැකි වනු ඇත.විනාඩියෙන් විනාඩිය ගෙවී ගියේ කල්පයක් තරම් වේගයෙනි. එහෙත් මගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගනියි.නැවතත් මම ඔරලෝසුවෙන් වෙලාව බැලුවෙමි.

වේලාව පාන්දර හතරයි දහය ලෙස එහි සටහන්ව ඇත.ඇති යානතං.තව විනාඩි පහකින් හතරයි කාලෙ කෝච්චිය එන නිසා මං ඉක්මනින් අත රැදි බෑගය කරේ දමාගෙන කව්ලුව වෙත ගොස් ටිකට් පතක් ගත්තෙමි.දුම්රිය පැමිණි පසු එයට නැගි මා අසුනක කෙලවරටම ගියෙමි.

විනාඩි කිහිපයක් ගත වූ පසු දුම්රිය පෙරට ඇදෙන්නට විය.දැන් නම් හිතට කිසිසේත්ම බියක් නැත.දැන් මාව සොයා ගැනීමට කිසිවෙකුට හැකියාවක් ඇත්තේම නැත.සැනසුම් සුසුමක් හෙලූ මම කව්ලුවෙන් එපිට බලා සිටියෙමි.තව පැය කිහිපයකින් අදුර කපා එලිය වැටෙනු ඇත.

මගේ නම සුදර්ශි සංගීතා රන්දෙණිගල. ප්‍රසිද්ධ වතු හා ඇගලුම් කරමාන්ත ව්‍යාපාරික ගාමිණී රන්දෙණිගලගේ එකම දුව.මගේ අම්මා රංජනී රන්දෙණිගල.මට එක වැඩිමහල් සහෝදරයෙක් ඉන්නවා.එයා සුධාර සංගීත් රන්දෙණිගල.පුංචි කාලෙ ඉදලා මට අම්මගෙයි තාත්තගෙයි ආදරේ නොඅඩුව ලැබුනා.පව්ලේ එකම දුව විදියට මට එයාලා හැම සැප පහසුකමක්ම දුන්නා.

මට කිසිම අඩුවක් කරේ නැහැ.අයියා වුනත් මට ගොඩාක් ආදරෙයි.මං ඉල්ලන ඉල්ලන හැම දෙයක්ම අම්මයි තාත්තයි මට අරන් දුන්නා.සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ කරත් මට කැම්පස් යන්න තරම් ළකුණු තිබ්බෙ නැහැ.මං ජොබ් එකක් කරනවට අම්මයි තාත්තයි කැමති වුනෙත් නැහැ.ඉතිං මං හිටියේ ගෙදරමයි.

දැන් මට වයස අවුරුදු විසි දෙකයි.මගේ තාත්තා මීට මාස එකහමාරකට විතර කලින් මට එයාගෙ යාලුවෙකුගේ පුතෙක්ව යෝජනා කරා විවාහ වෙන්න. එයාගෙ නම ලසන්ත රඹුක්වැල්ල. ලසන්තගේ තාත්තා රටේ නම ගිය බිස්නස් කාරයෙක්.ඒ බිස්නස් වලට ජොයින් වෙලා ලසන්තත් වැඩ කරනවා. ලසන්තගේ තාත්තයි මගේ තාත්තයි පොඩි කාලෙ ඉදලා හොද යාලුවො.

ඒ හින්දයි එයාලගේ යාලුකම නෑදෑකමකට හරවගන්න හිතලා මේ යෝජනාව කරලා තියෙන්නේ.මං ලසන්තට කොහෙත්ම කැමති නෑ කියලා මුල ඉදලාම තාත්තට කිව්වා.ඒත් තාත්තා කවදාවත් මගේ කීම ඇහුවෙ නැහැ.අම්මත් කවදාවත් මාව තේරුම් ගත්තෙ නැහැ.අයියා වුනත් කවදාවත් මගේ හිත තේරුම් ගත්තේ නැහැ.ලසන්ත අපේ අයියගේ යාලුවෙක්නෙ.

මාව තේරුම් ගත්ත කෙනෙක් ඒ ගෙදර හිටියා.ඒ කෙනා තමයි මගේ නෑනා දෙව්මිණී.එයා මගෙ අයියව කසාද බැදලා අපේ නිවසට පදිංචියට ආවෙ දැනට මාස හයකට කලින්. දෙව්මිණී අක්කා අයියට මොන තරම් කිව්වත් මගේ හිත රිද්දන්න එපා කියලා එයාලා හැමෝම එකතු වෙලා මාව අකමැත්තෙන්ම ලසන්තට කසාද බන්දලා දෙන්නයි ලෑස්ති වුනේ.

කවුරුවත් මගේ හිත පොඩ්ඩක්වත් තේරුම් ගත්තේ නැහැ.මොන තරම් සැප සම්පත් කන්දරාවක් එක්ක ජීවත් වුනත් තමන්ගෙ හිතට ආදරයක් නොදැනෙන මනුස්සයෙක් එක්ක කොහොමද පව්ල් ජීවිතයක් ගත කරන්නෙ.

ලසන්තට මං කොයි තරම් කිව්වත් මේ කසාද නවත්තන්න කියලා එයා ඒක ඇහුවෙ නෑ.ලසන්තට ඕනි වුනේ මාව කසාද බැදලා අප්පච්චිගෙන් මට ලැබෙන දේපළ ටික ඩැහැගන්න.

ලසන්ත ඒ තරම්ම සල්ලි වලට කෑදරයි.ලසන්තගෙ ගතිගුණ වලට වුනත් මං කොහොමටත් කැමති නෑ.

මගේ අකමැත්තෙන් අම්මලා මගෙයි ලසන්තගෙයි වෙඩින් එකට ලෑස්ති වුනා. මං කොයි තරම් වැද වැටුනත් අම්මයි තාත්තයි මං කියන දේ තඹ සතේකට මායිම් කරේ නැහැ.

කදුලු හලමිනුයි මං දවස් ගත කරේ.මගෙ හැම දුකකදිම මගෙ ළග ඉදන් මගෙ හිත හැදුවෙ දෙව්මිණී අක්කා.අයියගෙන් දෙව්මිණී අක්කා හැම්දාම මං නිසා බැනුම් අහනවා. ඉතිං අවසාන මොහොතේදී මට දෙව්මිණී අක්කා පොරොන්දු වුනා උදව් කරන්න.

ඒ විදියට අද පාන්දර මං ඇදුම් ටිකකුයි වියදමට සල්ලි ටිකකුයි අරගෙන පාන්දර තුනට ගෙදරින් එලියට බැස්සේ සදහටම ආයෙ ඒ ගෙදරට නොඑන බලාපොරොත්තුව පිටයි.


අන්ධකාරය අතරින් තවත් අලුත් දවසකට හිරු පායා තිබුනි.වේලාව උදෑසන හත ලෙස ඔරලෝසුවේ සටහන්ව ඇත.බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කෙරුනු මොහොතේ බෑගයත් රැගෙන මං දුම්‍රියෙන් බැස ත්‍රීරෝද රථගාල වෙත ගියෙමි.

“කොහාටද මිස් යන්න ඕනි?……”

“රත්මල්දෙණියට යමු…….”

එසේ කියා මා ත්‍රීවීලර් රථයට ගොඩ වූයෙමි.මා මේ යන්නේ මීට වසරකට කලින් මාගේ යෙහෙලියන් සමග විනෝද චාරිකාවක් ගොස් අතරමං වූ බණ්ඩාරවෙල රත්මල්දෙණිය ප්‍රදේශයටයි.එදා අපි අතරමං වූ වේලාවේ අපේ පිහිටට ආවේ ඒ ගම්මානයේ වෙසුනු අහිංසක වයසක ගැමි කාන්තාවක් හා ඇගේ සැමියාය.

එදා අපි සියලු දෙනා ආපසු එන විට ඇය අපිට ආයෙමත් ඇයව බලන්නට පැමිනෙන්නට කියාය.ඇය මට ඉතා ලෙංගතු විය.ඉතිං මට හොදටම විශ්වාසයි මට ඇය උදව් කරාවි කියා.

ඊළග කොටසින් හෙට හමුවෙමු