එක්තරා ගම්මානයක ජීවත් වූ තරුණ යුවලකට පුංචි පුතෙකු උපන්නේය.ඉතා ආදරෙන් තම පුතුව උස් මහත් කළ මෙම මව්පිය දෙපළ කෙමෙන් වියපත් වූයේ මුළු දිවියම තම ආදරණීය පුතුගේ වෙනුවෙන් කැප කරමිනි.
තරුණ වියට එළඹි තම පුතුව විවාහ කර දී මව්පිය යුවල තම මහළු විය ගෙවා දැම්මේ තම පුතුට හෝ ඔහුගේ පවුලට බරක් නොවෙමින්ය.ටික කලකින් ගම හැරදා තම භාර්වයාව ද සමග මොවූන්ගේ පුතු නගරයේ පදිංචියට ගියේ තම වියපත් මව්පිය දෙපල ගමේ තනි කරමිනි.
මෙම පුතුටද පුංචි පුතෙක් ඉපදුණි.ඔහුට ‘සුමුදු ‘ලෙස නම් තැබුවේය. තම පුතුට ඔහුගේ ආච්චිව සීයාව පෙන්වීමටවත් ගමට යාමට තරුණ පුතුට අවැසි නොවීය.තම මුණුපුරාගේ මුහුණවත් නොදෙක ඔහුගේ ආච්චි ගමෙහිම මියැදුණි.
තම භාර්යාවගේ වියෝවත් සමග තනි වූ මහලු පියා තම පුතු ලඟට යාම සඳහා නගරයට යාම සඳහා පිටත් වුනි.මහළු වූ ගතින් වෙව්ලන දෑතින් හා බොඳ වූ විඩාබර දෑසින් යුත් මෙම මහළු පියා තම පුතුගේ නිවසට ළඟා වූ විට පළමු වරට තම මුනුබුරා දුටුවේය.

තම ආදරණිය මුණුබුරා වූ සුමුදු හා පුතාගේ පවුල සමග ඔහු රාත්රියේදී ආහාර ගැනීමට මේසයට වාඩි විය.

වෙව්ලන දෑතින් බොඳ වූ දෑසින් යුතු මහළු සීයා ආහාර ගන්නා විට ඔහුගේ දුබල බව නිසාම ආහාර,හැඳි ගෑරුප්පු ඔහුගේ අතින් ගිලිහී බිම වැටුණි.කිරි වීදුරුව පවා මේසය පුරා ඉහිරුණේ වෙව්ලන දෑත නිසාවෙනි.

තම මහලු පියා අතින් මෙවන් දේ සිදුවන විට තරහ ගත් පුතු හා ඔහුගේ බිරිඳ සීයාව කෑම මේසයෙන් ඉවත් කිරීම සඳහා ක්රියා කලේ කුඩා මේසයක් කෑම කාමරයේ කෙලවරට ගෙනැවිත්ය .

එදායින් පසු මෙම මහලු සීයා ආහාර ගත්තේ මෙම කුඩා මේසයේ සිට තම පුතුගේ පවුලෙන් වෙන්වීය.කාමරයේ කෙලවරට වී කඳුළු පිරි දෑසින් යුතුව ආහාර ගන්නා තම සීයා දෙස පුංචි සුමුදු බලා සිටියේ දුක්මුසු සිතකිනි.

නමුත් එක දිනක් මෙම මහලු සීයාගේ අතින් කෑම ගෙනා වීදුරු පිඟාන ද අත හැරී බිඳී ගියේ ඔහුව තවත් අසරණ කරමිනි.මේ පිලිබඳ කෝපයට පත් වූ පුතා හා ලේලිය සීයාට ඉතා සැරපරුෂ ලෙස බැන වැදුනි.

එයින් නොනැවතුණු මෙම දෙපල තම මහලු පියාට එදා සිට ආහාර දුන්නේ දැව වලින් තැනූ බඳුනකය.පුංචි සුමුදු විමසිල්ලෙන් යුතුව නිශ්ශබ්දව මේ දෙස බලා සිටියේය.

නුවණක්කාර දරුවෙකු වූ සුමුදු ඊට පසු දින උදෑසනම ලී කෑලි කිහිපයක් ගෙන ඒවායින් බඳුනක් සෑදීමට උත්සාහ කරමින් සිටියේය.මෙය දුටු සුමුදුගෙ පියා “පුතා මොකක්ද ඔය ලී කෑලි අරගෙන කරන සෙල්ලම”යැයි ආදරයෙන් විමසීය.

‘මං ලොකු උනාම අම්මටයි තාත්තටයි කෑම කන්න ලී වලින් පිඟානක් හදනවා තාත්තේ” යැයි සුරතල් ලෙස පවසා නැවත තම කාර්යයම කළේය.

තම පුංචි පුතුගේ පිළිතුරෙන් තුෂ්නිම්භූත වූ සුමුදුගේ පියාට තමා හා බිරිඳ අතින් තම මහලු පියාට සිදු වූ වරද අවබෝධ විය.තම බිරිඳ හා එක්ව එදිනම තම පියාව කෑම මේසයේ හිඳුවා වීදුරු පිඟානක ආහාර ගැනීමට සැලැස්වීයපියා අතින් කුමන ආහාරය හැලුනත් කුමක් බිඳුනත් ඒ ගැන තැකීමක් නොකළේය.ආදරයෙන් තම මහලු පියාව රැක බලා ගත්තේය.මහලු පියාද තම මුණුබුරා,පුතා හා ලේලිය සමග ඉතා සතුටින් දිවි ගෙවීය.

මෙම කතාව කියවන ඔබට මට ඉගෙනගත හැකි පාඩම් රැසකි.කවදාවත් තම මහලු මව්පියන් හට වෙනස්කම් කරන්න එපා.ඔවුන්ව ආදරයෙන් බලා ගන්න.වයසින් මුහුකුරා නැත යැයි සිතා තම දරුවාව අවතක්සේරු නොකරන්න.ඔබ කරනා සෑම දෙයක් දෙසම ඔවුන් ඉතා විමසිල්ලෙන් බල සිටිනා බව මතක තබා ගන්න.තම ආදරනීයයන්ට ආදර්ශමත් ලෙස ජීවත් වෙමින් ඔවුන්ව ආදරයෙන් රැක බලා ගනිමින් සමාජයට ආදර්ශමත් පුරවැසියෙකු බිහි කිරීම උදෙසා දායක වීමට ඔබත් අද සිටම උත්සාහ කරන්න.