දැන් නම් විරාජ්ගෙ කකුළ ගොඩාක් දුරට සනීපයි.තනියම ඇවිදින්න පුලුවන්. පුතාලා දෙන්නට නම් පුදුම දාංගලයක් තියෙන්නේ.දැන් එයාලට වයස මාස දහයයි.ගේ හැම තැනකම දණ ගානවා.

“විරාජ්…..කෝ අනේ පුතා.කෝ අප්පා මේ ළමයා……”

ලොකු පුතා පේන්න හිටියේ නැති නිසා මං කාමරේ හැම තැනකම පුතාව හෙව්වා. දණ ගාගෙන ගිහින් කබඩ් එක අස්සට රිංගලා ඒකෙ තියන ඇදුම් සේරම ඇදලා අවුස්සලා.මට පුදුම විදියට කේන්ති ආවේ.අද උදෙයි මං කබඩ් එක අස් කරේ.
මං පුතාට සැර කරලා පාරක් ගහලා ඇදුම් ටික සේරම කබඩ් එකට දාලා දොර වැහුවා.

“චායා මොකද මේ ළමයා අඩන්නේ?……”

“දැන්ද ඔයා අහන්නේ මොකද කියලා.මුලු කබඩ් එකම ඇදලා දාලා රෙදි සේරම එලියට දාලා.මං කොච්චර මහන්සි වුනාද උදේ ඔය කබඩ් එක අස් කරන්න……”

“ඒකට ඉතිං ඇයි කබඩ් එකේ දොර ලොක් කරේ නැත්තේ?ළමයට ලොක් කරලා තියන දොර අරින්න බැහැනේ?……”

එතකොටයි මට මතක් වුනේ පුතාලා දෙන්නව නාවලා ඇදුමක් ගන්න කබඩ් එකේ දොර ඇරලා ආයෙ දොර වහන්න අමතක වුනානෙ.

“අයියෝ….මට ඉස්සෙල්ලා දොර වහන්න අමතක වුනානෙ……”

“ආ…..ඒකනෙ ඔයාගෙනෙ වැරැද්ද?……”

විරාජුත් මගේ පිටම වැරැද්ද පටවලා සද්දෙ නැතුව හිටියා.මට කේන්තිත් එක්ක.ඒත් මං ඉවසලා සද්දෙ නැතුව හිටියා.

අවුරුදු හතරකට පසුව👇👇

පුතාලා දෙන්නට අදට හරියටම අවුරුදු පහයි.විරාජුයි මායි පුතාලා දෙන්නව අරගෙන පල්ලි ගිහින් පන්සලට ගිහිල්ලා මුහුදු වෙරලට ආවා.අද නිවාඩු දවසක් නිසා මුහුදු වෙරලේ ටිකක් විතර සෙනග හිටියා.

මං එක දරුවෙක් වඩාගත්තා.විරාජ් එක දරුවෙක්ව වඩා ගත්තා.දරුවො දෙන්නා බිමින් තිබ්බොත් රැල්ල පාගන්න දුවනවනේ.මං පොඩි පුතාව වඩාගෙන රැල්ල පාගවන්න එක්කන් ගියා.විරාජුත් ලොකු පුතාව වඩාගෙන මං ගාවින්ම හිටියා.

“චායා……”

එකපාරටම මගේ නම කියලා කෑ ගැහුවේ කව්ද කියලා බලන්න විරාජ් වගේම මමත් පිටිපස්ස හැරිලා බැලුවා.
ඒත් පිටිපස්සෙ හිටියේ අවුරුදු පහක හයක විතර පිරිමි ළමයෙක්.මට හිතා ගන්න බැරි වුනා ඇයි ඒ ළමයා මගේ නම කියලා කෑ ගැහුවේ කියලා.අනික මං ඒ ළමයව දැක්කෙත් පලවෙනි පාරට අදමයි.
ඒ ළමයා කොහොමද මගෙ නම දන්නෙ?🤔🤔ඒ පාර ඒ ළමයා මගේ ලගට ආවා.

“ආ….පුතාලා දෙන්නා දැන් ගොඩාක් ලොකුයි නේද?වයස කීයද?…….”

ඒ ළමයා ලොකු කෙනෙක් වගේ මගෙන් එහෙම ඇහුවා.මට හිතා ගන්න බැරි වුනා මේ ළමයා කව්ද කියලා.මං වටපිට බැලුවා මේ ළමයා කාත් එක්කද මුහුදු වෙරලට ඇවිත් තියෙන්නේ කියලා බලන්න.

“පුතා කොහොමද මේ ඇන්ටිව දන්නෙ?…….”

විරාජ් මාව පෙන්නලා ඒ ළමයගෙන් එහෙම ඇහුවා.ඒත් ඒ ළමයා විරාජ්ට උත්තරයක් දුන්නේ නෑ.මගේ මුහුණ දිහා හොදට බලාගෙන හිටියා.

“ප්‍රසාද්…..පුතා ඔයා මෙහෙද?…….”

එහෙම කියාගෙන ඒ ළමයගේ අම්මා කියලා හිතන්න පුලුවන් ගෑනු කෙනෙක් අපි ලගට ආවා.

“මේ චායා….අම්මෙ මෙයා තමයි චායා කියන්නේ.මේ ඉන්නෙ මෙයාගෙ මහත්තයා විරාජ්.මෙයාගෙ පුතාලා දෙන්නා තමයි මේ ඉන්නේ…….”

ඒ ළමයා මාව පෙන්නලා ඒ ගෑනු කෙනාට එහෙම කිව්වා.මට මහත් පුදුමයක් දැනුනා.ඒ ළමයා කොහොමද අපිව මේ විදියට අදුරන්නේ?අපි කවදාවත්ම මේ ළමයව දැකලා නෑනෙ.විරාජ්ට වගේම මටත් මේක ලොකු ප්‍රෙහෙලික්වක්.අපි ඒ ගැන ඒ ළමයගේ අම්මගෙන් ඇහුවා.ඒ ගෑනු කෙනා කිව්වෙ මහ පුදුම කතාවක්.

“අනේ කියලා වැඩක් නෑ නෝනා.මේ ළමයා දැන් ටික කාලෙක මහ අමුතු දේවල් කියවනවා.අපේ ගෙවල තියෙන්නේ බම්බලපිටියේ.අපි මේ නිවාඩුවට ආවෙ මෙහාට.මෙයා කියනවා මෙයා කලින් මේ පැත්ත හොදට අදුරනවලු.මෙහෙ කලින් ඉදලා තියනවලු.
තව චායා,නිර්මාල්,විරාජ් කිය කියා නම් කියෝනවා.වැඩිපුරම කියන්නේ ඔය චායා කියන නමයි.නෝනද චායා කියන්නේ.මට නම් තේරෙන්නෙ නෑ මේ ළමයා මොනවද කියවන්නේ කියලා.අපි මේ මීගමුවට ආවෙ පළවෙනි පාරටයි…….”

මේ අමුතු කතාව මොකක්ද කියලා මට හිතා ගන්න බැරි වුනා.මේ ළමයා කව්ද? ජීවිතේ පලවෙනි පාරට දැකපු ලමේක් අවුරුදු ගානක් හොදට දන්නවා වගේ කොහොමද මේ විදියට මං ගැනයි පව්ලෙ අයයි ගැන කියන්නේ.ඒත් ඒ ළමයගෙන් ළමා ගතියට වඩා මහ අමුත්තක් මට පෙනුනා.

“පුතාට වයස කීයද?……”

“අවුරුදු හයයි නෝනා……”

“ඔයාලා කැමති නම් අපේ ගෙදරට යමුද? මට එක දෙයක් ගැන හිතා ගන්න බෑ.ඒත් මං මේ කියන දේ හරිද වැරදිද කියලා මට හිතා ගන්නත් බැහැ.මේ දරුවා කියන දේවල් ගැන හරියටම දැන ගන්න පුලුවන්……”

මං ඒ ගෑනු කෙනයි දරුවයි විරාජුයි මගෙ පුතාලා දෙන්නයි එක්ක මගේ අම්මලාගෙ ගෙදරට ආවා.විරාජ්ගෙ අම්මටයි තාත්තටයිත් අපේ ගෙදරට එන්න කියලා කෝල් කරා.මට මහා අමුත්තක් ඒ දරුවගෙන් පෙනුනා.

අවසාන කොටසින් හෙට හමුවෙමු