සුන්දරත්වය කියන්නේ සෑම යුවතියකගේම සිහිනයක්. මේකප් කියලා කියන්නේ වෙළඳපොළ ඉතාම දරුණු ලෙස ආක්‍රමණය කරපු නිශ්පාදන වර්ගයක්. නමුත් මේකප් වල තියෙන එක ඉතාම හොඳ දෙයක් තමයි, උපතින් අති සුන්දර වෙලා ඉපදෙන්නේ නැති ඕනම කෙනෙක්ට තමන්ගේ පෙනුම ලස්සන කරගන්න අවස්ථාවක් ඒ මගින් ලබා දෙන එක.

‌නමුත්, මේකප් එක වෙලාවකට හරි කරදරයක් වෙනවා.මේකප් වලට පුරුදු වුණාම මේකප් නැතුවම යන්න බැරිවෙනව. ඒ වගේම හදිස්සි වේලාවල මේකප් නිසා බැනුම් අහන්නත් සිද්ධ වෙනවා. ඕනම වෙලාවක බය නැතුව මේකප් නැතුව එළියට යන්න ලෑස්ති වෙලා ඉන්න රැජිණිය අපි ඔබ වෙත මේ ගෙන එන දේවල් 13 ගැන සැළකිලිමත් වෙන්නකො.

  • මුහුණේ වර්ණය ඔප් නංව ගන්න

ඔබේ මුහුණේ සමේ වර්ණය වර්ධනය කරගැනීමට කැමමොයිල් තේ භාවිතා කරන්න. උණු වතුර කෝප්පයකට කැමමොයිල් තේ මේස හැන්දක් තමා එය රත් කරන්න. ඉන් පසු මෙය පෙරනයකින් පෙරා ගෙන සෙමෙන් සිසිල් වන තුරු කාමර උෂ්ණත්වයේ තබන්න. සිසිල් වූ පසු මී පැණි තේ හැන්දක් මෙයට එක් කරගන්න. සෑම දිනකම උදේ ආහාරයට පෙර මින් උගුරග් පානය කරන්න, සති දෙකක් මෙය කරන්න.

  • ඔබේ ඇහි පිහාටු දිගු හා ඝනකම කරගන්න

ඔබේ ඇහි පිහාටු පෝෂණය කරගන්න හොඳම ක්‍රමය නිවසේදීම පිළියෙල කරගත් තෙල් භාවිතා කිරීමයි. මේ සඳහා කාස්ටර්, ආමන්ඩ්, තල සහ බර්ඩොක් තෙල් ස්වල්පය බැගින් ගන්න. විටමින් E ස්වල්පයකුත් අරගන්න. මේ සියල්ල ජෝගුවක මිශ්‍ර කරගන්න. මෙය ඔබේ ඇහි පිහාටු වල ආලේප කර රැයක් තිබෙන්නට දෙන්න. සති දෙකක් මේ ප්‍රතිකාරය කිරීමෙන් පසු ඔබේ ඇහි පිහාටු වල පැහැදිලි වෙනසක් බලාපොරොත්තු වෙන්න පුලුවන්.

  • පළුදු වූ හා පැළුණු හිසකෙස් ඉවත් කරන්න

‌ඔබේ කොණ්ඩයට ක්ෂණික සත්කාරයක් කරගන්න හැකි ආකාරයක් තියෙනවා, නිවසේදීම කළ හැකි හෙයා මාස්ක් එකක්. බිත්තර කහ මදයක් සහ ස්වාභාවික, රසකාරක රහිත යෝගට් එකක් සහ කාස්ටර් ඔයිල් සහ පොල්තෙල් ස්වල්පයක් එක් කර පේස්ට් එකක් සාදා ගන්න. අවසානයේ මෙයට ජොජෝබද් තෙල් හෝ අලිපේර තෙල් ස්වල්පයක් එකතු කරගන්න. මෙය සාදාගෙන තෙත හිසකෙස් වල ආලේප කර ප්ලාස්ටික් හිස් වැස්මක් දමාගෙන පැයක් පමණ මෙම පෝෂණය ඔබේ හිසට ලැබෙන්නට ඉඩ හරින්න. ඉන්පසු ඔබේ හිසකෙස් හොඳින් සෝදාහරින්න.

  • ඔබේ දෑත් වලට පෝෂණය ලබාගන්න

ඔබේ අත් වල සම මෘදු කරගැනීම සඳහා හෑන්ඩ් ක්‍රීම් වලට විනාකිරි ස්වල්පයක් එක්කර ගන්න. මෙම ආලේපනය දිනපතාම සති දෙකක් පුරාවට ආලේප කරන්න.

  • සිනිදු සහ දිදුලන කෙස් කළඹක් ලබාගන්න

පොතු ඇරගත් කෙසෙල් ගෙඩියක් ඔලිව් තෙල් තේ හැන්දක් සමග මිශ්‍ර කරගන්න. මෙයට මී පැණි තේ හැඳි දෙකක් එකතු කරන්න. එයටම රසකාරක රහිත යෝගට් මේස හැන්දක් එකතු කර ගන්න. මෙම මිශ්‍රණය පල්පයක් වනතුරු හොඳින් මිශ්‍ර කරගන්න. මෙම මිශ්‍රණය තෙත හිසකෙස් මත ආලේප කොට පොලි එතිලීන් තොප්පියකින් ආවරණය කරගන්න. විනාඩි 30කින් මෙම මාස්ක් එක සෝදා ඉවත් කරන්න. පුදුමාකාර ප්‍රථිපල සහතිකයි.

  • පොතු ගැලවෙන සම ඉවත් කරන්න.

මේ සදහා සුදුසුම වන්නේ කෝමාරික යුෂ ක්‍රීම් ය. මෙම ලෝෂන් එක සාදා ගැනීම සදහා කෝමාරිකා යුෂ ග්‍රෑම් 100ක්, නටන උණුවතුර මේස හැඳි 3ක්, ඇල්කොහොල් මේස හැඳි 3ක් එකට එකතු කරගන්න. මෙය දිනපතා ඔබේ මුහුණේ සහ ගෙලේ ආලේප කරන්න. විනාඩි 10ක් පමණ තබා සෝදා හරින්න. අවසානයේ සමේ පොතු ගැලවෙන තැන් වල සාමාන්‍යය ක්‍රීම් එකක් ආලේප කරන්න.

  • ශක්තිමත් සහ සුදු පැහැති නිය ලබාගන්න

ඔබේ නියපොතු වල පෙනුම නිරෝගී හා වඩාත් සුන්දර කර ගැනීමට ඔබ කළ යුත්තේ ඔබේ දෑත් දෙහි යුෂ වලින් සේදීමයි. ලෙමන් ගෙඩියක් දෙකට කපා මරුවෙන් මාරුවට ඔබේ ඇඟිලි ඒවා තුළ බහාගෙන සිටින්න. වඩාත් හොඳ ප්‍රතිඵල සදහා ඔබේ නියපොතු අවම වශයෙන් විනාඩි 15ක් වත් ලෙමන් යුෂයේ තබාගන්න.

  • බ්ලැක් හෙඩ්ස් ඉවත් කරගන්න

මේ සඳහා නිවසේදීම කර ගත හැකි ප්‍රතිකාරයක් තිබේ. ක්‍රියාකාරී චාකෝල් විශ රහිත පාසල් සඳහා වන වර්ගයේ ගම් ස්වල්පයක් සමග මිශ්‍ර කරගන්න. මෙය නාසය, කම්මුල් ආදී ඔබේ මුහුණේ බ්ලැක් හෙඩ්ස් සහිත තැන් වල ආලේ ප කරන්න. මෙය වියලන තෙක් තබා ගලවා ඉවත් කරන්න. ඉන් පසු විවර වූ සිදුරු වැසීම සදහා ටෝනර් එකක් භාවිතා කරන්න.

  • ඉරි තැළුණු දෙතොල් පිළිසකර කරගන්න

‌සෝ(ර්) ක්‍රීම් හා කැරට් යුෂ සමාන ප්‍රමාණ වලින් ගන්න. මෙය ඔබේ දෙතොල් වල ආලේප කොට විනාඩි කිහිපයක් තබා සෝදා හරින්න.

‌10. දත් දෙපල සුදු පැහැ කරගන්න

‌ක්‍රියාකාරී චාකෝල් පෙති කිහිපයක් අඹරා ගන්න. එම කුඩු වලින් ඔබේ දත් මදින්න. අවවාදයයි : මේ සදහා වෙනත් දත් බුරුසුවක් භාවිතා කරන්න.

  • ඇස් වටා අඳුරු පැල්ලම් ඉවත් කරගන්න

පැතලි කපු පුළුන් රවුම් දෙකක් ශීත කළ කිරි වල පොඟවා ගන්න. මෙය ඔබේ ඇස යට තබාගෙන විනාඩි 15ක් පමණ ඉන්න. ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල.

  • හිසකෙස් පිළියෙල කරන්න

කොණ්ඩා සැකසීමේදී භාවිතා කරන ස්ථිති විද්‍යුතය ඔබේ හිසකෙස් සදහා හානිකර විය හැකිය.එමනිසා හිසකෙස් සැකසීමෙන් පසු ඛනිජමය ජලයෙන් ඔබේ දෑත් තෙමාගෙන හොඳින් හිසකෙස් පිරිමදින්න.

  • දිදුලන හා නිරෝගී සමක් ලබාගන්න

තක්කාලි හා සීනී වලින් ඔබට ඉතා හොඳ තත්වයේ ස්ක්‍රබ් එකක් සාදාගත හැකිය. මේ මම්ගින් ඔබේ සමේ මැරුණු සෛල ඉවත් කොට ඔබේ සමට නිරෝගී දිදුලන පෙනුමක් ලබා දේ. තක්කාලි ගෙඩියක් දෙකට කපා, කැපූ පැත්තට සීනී ස්වල්පයක් ඉස ගන්න. මෙය ආධාරයෙන් වෘත්තාකාර චලනයන් සහිතව ඔබේ සම සම්බාහනය කරගන්න. විනාඩි 10කට පසු ඇල් ජලයෙන් සෝදා හරින්න. මෙම සත්කාරය සතියකට තුන් හතර වාරයක් කරන්න.