අමාරුවෙන් වගේ ඇස් ඇරලා වට පිට බලද්දී මං ලගම හෙදියක් සිනාසීගෙන මං දිහා බලාගෙන හිටියා.ඇගේ තුරුලේ හිටියේ මගේ පුංචි කිරි කැටියන් දෙදෙනායි.මං හිනාවුනා.
“කන්ග්‍රැජුලේශන් චායා.ඔයාට ඔන්න පුතාලම දෙන්නෙක්……”
එහෙම කියලා ඒ නර්ස් දරුවන් දෙදෙනාවම මගේ තුරුලෙන් තිබ්බා. මෙතෙක් කල් මා විදි සියලූම දුක් වේදනා සියල්ලම පාහේ අමතකව ගියා ඒ ආදරණීය මුහුණවල් දකිද්දී.දෙන්නාම හොදට නිදි.මට හරිම ලෝබ හිතුණා ඒ පුංචි මූණවල් දකිද්දී.සෙමින් සෙමින් ඔවුන් දෙදෙනාව ඇහැරවූ මං ඔවුන්ට කිරි දීලා නිදි කෙරෙව්වා.🤱🤱තව ටිකකින් විරාජ් එයි.විරාජ් ගොඩාක් පුදුම වෙයි කොල්ලො දෙන්නව දකිද්දී.මොකද,මං එයාට කිව්වෙ නෑනෙ මට ලැබෙන්න ඉන්නේ නිවුන්නු කියලා.මට ඕනි වුනේ එයාව ස්‍රප්‍රයිස් කරන්නයි.
පැය බාගයක් විතර යද්දී කාමරේ දොරත් ඇරගෙන ආවේ විරාජුයි,අපේ අම්මයි, විරාජ්ගෙ අම්මයි.තොටිල්ලේ නිදාගෙන සිටි දරුවන් දෙදෙනා දුටු ඔවුන් පුදුමයෙන් පුදුමයට පත් වුනා.සියලු දෙනාම එක් වරම බැලුවේ මං දිහායි.
“දෙන්නම පුතාලා……”
මං හිමිහිට කිව්වා.
“චායා….අපි….අපි කවුරුවත් දැනගෙන හිටියේ නෑනෙ ඔයාට ලැබෙන්න හිටියේ නිවුන් දරුවො කියලා……”
තොටිල්ලට නැඹුරුව එක දරුවෙකු තුරුලට ගන්නා අතරතුර විරාජ් මගෙන් එහෙම ඇහුවා.විරාජ්ගෙ අම්මයි මගේ අම්මයි හිටියේ කියා ගන්න බැරි තරම් සන්තෝශයකිනුයි.
“මට ඔයාලා හැමෝමව පුදුම කරන්නයි ඕනි වුනේ විරාජ්.ඒ හිනදයි මං මේ ගැන කාටවත්ම කිව්වෙ නැත්තේ……”
“අනේ දුවේ ආසාවෙ බෑ ඔයා අපිට කොලු පැටව් දෙන්නෙක්ම ගෙනාවනේ……”
විරාජ් අම්මා හිටියේ ඉහවහා ගිය සන්තෝශයකින්.
“කෝ අම්මේ මල්ලි එහෙම?…….”
“ආං පුතේ මල්ලි තිලකවර්ධන එකට ගියා.පොඩි එකාට බඩු ගන්න ඕනි කියලා.එයා හෙට එයි……”
දවස් දෙකකට පස්සේ මට පුතාලා දෙන්නත් එක්ක ගෙදර එන්න පුලුවන් වුනා.ගෙදර හැමෝම හිටියේ ගොඩාක් සතුටින්.
“ඒයි මේ අහපල්ලා මං දැන් පුතාලා දෙන්නෙක්ගේ සීයා කෙනෙක්.මයෙ කොල්ලා මට පුත්තු දෙන්නෙක්ම ගෙනල්ලා……”😀😀
දරුවො දෙන්නවම දෝතට අරගෙන විරාජ්ගෙ තාත්තා සතුට වැඩිකමට වැල්ලෙ හැමෝටම කෑ ගහලා කිව්වා. වැල්ලෙ හැමෝම වගේ ගෙදරටම ඇවිල්ලා අපිට සුභ පතලා තෑගි බෝග දුන්නා.
“චායා තාත්තා ගෙදර පාටියක් දාන්න හදන්නේ?අද නම් තාත්තා ඉන්නේ කියා ගන්න බැරි තරම් සතුටකින්……”
“ඒක තමයි විරාජ්.මට ඇහුනා වැල්ලෙ ගොඩාක් අයට හවසට එන්න කියනවා……”
“චායා දැන් මොනවද මෙයාලට දාන නම්? ඔයා කල්පනා කරාද?……”
“ඔයත් නමක් කල්පනා කරන්නකෝ විරාජ්.අපි දෙන්නම නම් දෙකක් දාමු……”
“මට නම් නමක් මතක් වුනා චායා……”
“ඒ මොකක්ද විරාජ්?……”
“ශිහාන් ප්‍රභාශිත්……”
“ශා….ඒ නම ලස්සනයි විරාජ්.මාත් නමක් හිතුවා……”
“ඒ මොකක්ද?…….”
“විහාන් සුභාශිත්…….”
“ශා…..මරු.👌👌දෙන්නට නියමෙට ගැළැපෙනවා ඒ නම් දෙක…….”
දවස් දෙකකට පස්සේ මල්ලියි නිෂා නංගියි මාවයි දරුවො දෙන්නයි බලන්න ආවා.
“අක්කේ කොහොමද ඔයාට?…….”
“හොදින් ඉන්නවා නංගී.කෝ අම්මා එහෙම?…….”
“අම්මා ගෙදර ඉන්නවා අක්කේ.එයා කිව්වා හෙට අනිද්දා දිහාට මෙහෙ එනවා කියලා…….”
“මල්ලී මොකද හොරා වගේ කතා නොකර ඉන්නේ?……”😆😁
මල්ලි සද්දෙ නැතුව ඉන්න හින්දා මං එහෙම ඇහුවා.
“අනේ මොකුත් නෑ අක්කෙ නිකන්…….”
“දැන් මොකක්ද මල්ලි ඉස්සරහට ඔයා කරන්න බලාපොරොත්තු වෙන්නෙ?ජොබ් එක හරිද?……”
“බෑන්ක් එකේ ජොබ් එක හරි ගියා අක්කෙ.ගෙදරට ළග නිසා ගොඩක් පහසුයි…….”
“මගේ සුභ පැතුම් මල්ලී.ටික ටික ජීවිතේ හදා ගන්න මල්ලි.දැන් හොද ගෑනු ළමේකුත් ඉන්නවනේ……..”😀👌
මං මල්ලිට නිෂා නංගිව පෙන්නලා එහෙම කිව්වා.
“අප්පෝ අක්කෙ මේකි වෙලාවට කොච්චි කරලක් වගේ.කියෝනවා කියෝනවා ඉවරයක් නෑ……”😁🤣
“අනේ බොරු අක්කෙ මෙයා කියන්නේ. මෙයාගෙ වැඩේම මොකක් හරි කියලා මාව අවුස්සන එකමයි.කොයි වෙලේ බැලුවත් මට බනිනවා…….”😁🤣
“සැරට හිටියේ නැත්නම් බෑ නංගී නේද මෙයාලත් එක්ක…….”😂😁
“ඔව් අක්කෙ……”😂😁
දවසින් දවස පුතාලා දෙන්නයි විරාජුයි එක්ක ගෙව්නේ සතුටින් පුරවාලමිනුයි.
විරාජ්ගෙ ලෝකයම වුනේ මායි දරුවො දෙන්නයි.එක්කෙනාගෙන් මාරුවට එක්කෙනෙක්ව වඩා ගන්නවා.දැන් පුතාලා දෙන්නට වයස මාස දෙකයි. එයාලව නාවන්න කෑම කවන්න ඒ හැම දේකටම විරාජ්ගෙ අම්මා වගේම අපේ අම්මත් උදව් කරනවා.විරාජ් එක එක මාදිලියේ නවීන සෙල්ලම් බඩු වලින් කාමරේ පුරවලා.දරුවො දෙන්නට විරාජ් පුදුම විදියට ආදරෙයි.
“ජීවිතේ දැන් සම්පූර්ණයි නේද විරාජ්? මෙයාලා අපේ ජීවිත වෙනස් කරා…….”
“නෑ මැණික.පව්ලක් සම්පූර්ණ වෙන්න නම් දරුවො පස් හය දෙනෙක්වත් ඉන්න ඕනි.කොයි තරම් දරුවො හිටියට් මට නම් වැඩි නෑ…….”
“බුදු අම්මෝ විරාජ් මෙයාලා දෙන්නව බිහි කරන්න මං විදපු වේදනාව දන්නෙ මංනෙ…….”
“මං නිකමට වගේ කිව්වෙ චායා. බලමුකෝ ඉස්සරහට…….”
දැන් නම් වෙනදාට වඩා ජීවිතේ කාර්‍යබහුල වුනා.පුතාලා දෙන්නගේ වැඩ නිසා විවේකයක් ලැබුනෙම නැහැ.පුලුවන් හැම වෙලාවකම විරාජුත් පුතාලා දෙන්නා බලා ගන්න උදව් කරනවා.සමහර දවස් වලට පුතාලව නාවන්නෙත් විරාජ්මයි.ඒ වැඩ දැන් විරාජ්ට හොදට පුරුදුයි.
“දුවේ…..පුතා තාම ගෙදර ආවෙ නැද්ද?……”
“න්….නෑ අම්මෙ.ඒත් මං බැලුවෙ ඇයි තාම පරක්කු කියලා…….”
“ඒක තමයි දුවේ.වෙනදා මෙච්චර පරක්කු වෙන්නෙ නෑනෙ……”
“ඒක තමයි අම්මෙ මට නම් දැන් බයයි වගේ.පොඩ්ඩක් ඉන්න මං කොල් එකක් දීලා බලන්නම්…….”
එහෙම කියලා ඉවර වෙලා මං ෆෝන් එක අරගෙන විරාජ්ට කෝල් එකක් ගත්තා. ඒත් විරාජ්ගෙ ෆෝන් එක වැඩ කරේ නැහැ.
“අම්මෙ විරාජ්ගෙ ෆෝන් එක වැඩ කරන්නෙ නැහැනෙ……”
මං එහෙම කියනවත් එක්කම කව්දෝ මන්දා ගෙදරට ඇවිත් කතා කරා.අම්මයි මායි දෙන්නම ගියා ඒ කව්ද කියලා බලන්න.විරාජ්ගෙ යාලුවෙක් ඒ ඇවිල්ලා හිටියේ.
“ආන්ටි කලබල වෙන්න එපා.විරාජ්ට පොඩි අනතුරක් වුනා.එයා දැන් ඉන්නේ හොස්පිටල් එකේ…….”
“අනේ විරාජ්ට මොකද වුනේ?……”😭😭
“අනේ මගෙ පුතාට මොකද වුනේ?……”😭😭
විරාජ්ගෙ අම්මා වගේම මාත් හොදටම බය වුනා විරාජ්ට අනතුරක් කිව්වම.
“විරාජ්ගෙ බයික් එක පෙරලිලා කකුල පොඩ්ඩක් ඩැමේජ් වෙලා.ලොකු අමාරුවක් නෑ.අපි එයාව හොස්පිටල් ඇඩ්මිට් කරා.මං මේ ටක්ගාලා දුවගෙන ආවෙ පණිවිඩේ දෙන්න……”
එහෙම කියලා විරාජ්ගෙ යාලුවා ආපු වාහනේම මායි විරාජ්ගෙ අම්මයි දෙන්නම හොස්පිටල් එකට ගියා.දරුවො දෙන්න්නව කුසුමාට බලා ගන්න කිව්වා. අපි හොස්පිටල් එකට යද්දී විරාජ් හිටියේ හදිසි අනතුරු ඒකකයේ.මට හොදටම බය හිතුණා.පැය ගානක් බලන් හිටියත් කවුරුවත් ඩොක්ටර් කෙනෙක් දොරෙන් එළියට ආවෙ නැහැ.තව පැයක් විතර ගියාට පස්සේ හදිසි අනතුරු ඒකකයේ දොර ඇරගෙන ඩොක්ටර් කෙනෙක් එළියට ආවා.
“අනේ ඩොක්ටර් මගෙ මහත්තයට කොහොමද දැන්?අනේ එයාට ගොඩාක් අමාරුයිද?…….”😢😢
“ඔයා විරාජ්ගෙ වයිෆ්ද?……”
ඩොක්ටර් මගෙන් එහෙම ඇහුවා.
“ඔව් ඩොක්ටර්.මේ විරාජ්ගෙ අම්මා……”
මං එහෙම කියලා ඩොක්ටර්ට විරාජ්ගෙ අම්මව අදුන්වලා දුන්නා.
“බය වෙන්න එපා විරාජ්ගෙ ජීවිතේට එහෙම ලොකු හානියක් නැහැ.බයික් එක පෙරලිච්ච පාරට කකුල යට වෙලා.ටික කාලයක් යනකල් ඇවිදගන්න බැරි වෙයි. නලල ටිකක් තුවාල වෙලා තියනවා එච්චරයි.තව ටිකකින් පේෂන්ට්ව වාට්ටුවට දායි.එතකොට ගිහින් බලන්න…….”
විරාජ්ව වාට්ටුවට ගෙනාවට පස්සේ මායි අම්මයි විරාජ් ගාවට ගියා.එවලෙ විරාජ් ඇහැරිලයි හිටියේ.දණහිසේ ඉදන් යටි පතුල ගාවට එනකල්ම බැන්ඩේජ් ඔතලා තිබුනා.නලල වටේටමත් බැන්ඩේජ් ඔතලා තිබුනා.අතේත් තැනින් තැන පොඩ් පොඩි තුවාල තිබුනා.
“විරාජ්……”
මං හිමිහිට විරාජ්ට කතා කරා.විරාජ් අමාරුවෙන් වගේ අපි දිහා බැලුවා.තුවාල වල තියන වේදනාව ඒ මුහුණෙන් හොදට පෙනුනා.අපහසුවෙන් වගේ විරාජ් අපිත් එක්ක හිනා වෙන්න උත්සහ කරා.
“ක…කව්ද පණිවිඩේ කිව්වේ?……”
“සේනක අයියා කිව්වේ ඔයා බයික් එක පෙරලගෙන හොස්පිටල් එකේ කියලා. අම්මයි මායි හොදටම බය වෙලා හිටියෙ. තාත්තත් හදිස්සියෙන්ම කොළඹ ගිහිල්ලනෙ හිටියේ…….”
“අනේ ඔව් පුතේ.මං උඹට කී දවසක් කියලා තියනවද ඔය බයික් එකේ ඉගිලෙනවා වගේ වේගෙන් යන්න එපා කියලා……”
“මං එච්චර වේගෙන් ගියෙ නෑ අම්මා. තෙල් බව්සර් එකක් පාරෙ තෙල් හලාගෙන ගිහින්.ඒකට බයික් එක ලිස්සලා ගියා…….”
“ඒක නෙවෙයි චායා කෝ දරුවො දෙන්නා…….”
“මං ඒ දෙන්නව කුසුමාට බලා ගන්න කියලා ආවෙ විරාජ්……”
“අනේ එහෙනම් ඔයා ඉක්මනට ගෙදර යන්න චායා.පව් කොල්ලො දෙන්නා අඩනවත් ඇති දැන්…….”
ටිකක් වෙලා විරාජ් ලග හිටපු මායි විරාජ්ගෙ අම්මයි ආපහු ගෙදර ආවෙ විරාජ්ට අවශ්‍ය ඇදුම් වගේම තවත් බඩු කිහිපයක්ම ගෙනියන්න.
දවස් හයක් හොස්පිටල් එකේ ඉදලා අදයි විරාජ්ගෙ ටිකට් කැපුවේ.හවස් වෙලා විරාජ්ව ගෙදර එක්කන් යන්න පුලුවන් කියලා ඩොක්ටර් කිව්වා.විරාජ්ගෙ තාත්‍තයි අපේ මල්ලියි විරාජ්ගෙ යාලුවෙකුයි හොස්පිටල් එකට ගියා විරාජ්ව ගෙදර එක්කන් එන්න.එයාලා එනකල් මං පුතාලා දෙන්නට කිරි දීලා නාවලා ඉවර වෙලා කාමරේ හොදට අස් කරලා අතු ගෑවා.ටිකක් වෙලා යද්දී විරාජ්ව ගෙදර එක්කන් ආවා.
“දුවේ….දවස් දෙකෙන් දෙකට බෙහෙත් දාන්න හොස්පිටල් එකට එන්න කියලා ඩොක්ටර් කිව්වා.ආ මෙන්න පුතාගෙ බෙහෙත් ටික……”
එහෙම කියලා විරාජ්ගෙ තාත්තා බෙහෙත් කවර වගයක් මගෙ අතට දුන්නා.ඊට පස්සේ ඒ දෙන්නා විරාජ්ව පරිස්සමින් ඇදේ හාන්සි කෙරෙව්වා.
“අක්කෙ බෑන්ක් එකෙන් අපිට දවස් තුනක නිවාඩුවක් හම්බුනා.ඉතිං මං කල්පනා කරේ ඒ දවස් තුනේ මෙහෙ නවතින්න.අක්කට පොඩි උන් දෙන්නත් එක්ක අයියව බලා ගන්න අමාරුයිනෙ……”
“අනේ ඒක නම් ලොකු උදව්වක් මල්ලි. එහෙනම් ඔයා දැන් ගිහිල්ලා කෑම කන්න……”
♥️♥️
“තාත්තිට ඌව වෙලානෙ පුතේ.දැන් ඉස්සර වගේ ඔයාලා දෙන්නව අරගෙන තාත්තිට ඇවිදින්න බැහැ.තලහ නෑනෙ මගෙ චූටි පැටව් දෙන්නා තාත්තිත් එක්ක…….”
ඇදේම හිටියත් විරාජ්ගෙ වැඩේම දරුවො දෙන්නව හුරතල් කරන එක.යාන්තං පෙරලිලා ඉන්න පුලුවන් නිසා දරුවො දෙන්නා විරාජ්ගෙ තුරුලට පනින්න පොර කනවා.
“බලාගෙන විරාජ් කොල්ලො දෙන්නා කකුලට පනියි.පුදුම දාංගලයක් තියෙන්නේ පුංචි වුනාට……”
මං විරාජ්ට එහෙම කිව්වා.
“තාත්ති වගේම තමයි නේද පුත්තු……”😘😘
“අපෝ මං දන්නවනේ තාත්තිගේ දැගලිල්ලෙ හැටි…….”😆😁
විරාජ්ව අවුස්සන්න හිතාගෙන මං එහෙම කිව්වා.
“ආ දන්නවද?මං හිතුවෙ දන්නෙ නෑ කියලා……”😁😂
“ආ විරාජ් මේ බෙහෙත් ටික බොන්න…….”
විරාජ්ට රෑට බොන්න තියන බෙහෙත් ටික තෝරලා මං විරාජ්ගෙ අතට දුන්නා.
“අනේ…..ඔය බෙහෙත් බොන්නම ඕනිද චායා.ගොඩාක් තිත්තයිනේ…….”
විරාජ් බෙහෙත් ටික බොන්න අදි මදි කරා.
“ආ දැන්ද මෙයාට තිත්තයි කියලා මතක් වුනේ මේ බෙහෙත්.මගෙ යකා අවුස්සන්නෙ නැතුව මේ බෙහෙත් ටික බොන්න විරාජ්……”😡😡
බොහොම අමාරුවෙන් විරාජ්ට බෙහෙත් ටික පොවා ගත්තා.
“ආයෙ නම් බෙහෙත් බොන්න බෑ කියලා මෙතන විකාර කරන්න ගත්තොත් තුන් වේලටම කරවිලයි බතුයි කන්න දෙන්නෙ තේරුනාද?……”😡😡
ටිකක් සැරින් මං විරාජ්ට එහෙම කියලා නැගිටලා යන්න හැදුවා.ඒත් විරාජ් මගෙ අතින් ඇද්දා.ඒ ඇදපු පාරට මාව විරාජ්ගෙ පපුව උඩටම වැටුනා.මට බය හිතුණා විරාජ්ගෙ තුවාලෙ රිදෙයි කියලා.
“පිස්සුද මෝඩයෝ.රිදෙයි තුවාලෙ……”
“මෝඩයා???කව්ද මෝඩයා?……”😁😀
එහෙම කියලා විරාජ් මගෙ කන මිරිකුවා.
“ඔයා තමයි මෝඩයා…….”😁😂
ඒ පාර විරාජ් තවත් හයියෙන් මගෙ කන මිරිකුවා.
“ආව් විරාජ් මගෙ කන රිදෙනවා.අනේ අතාරින්න.ඔයා මෝඩයා නෙවෙයි අනේ…….”😫😫
එතකොටයි විරාජ් මගෙ කන අතෑරියේ.
“අනේ සොරි මැණික මං විහිලුවටනෙ කරේ.කෝ රිදුනද?…….”
“මං තරහයි විරාජ් ඔයත් එක්ක.මෙච්චර හයියෙන් කන මිරිකලා දැන් අහනවා රිදුනද කියලා…….”😒😒
මං තරහින් වගේ අහක බලා ගත්තා.😡
“මං දන්නවා තරහ වුනාම යාලු කර ගන්න හැටි…….”😁😉
“ඒ කොහොමද?……”😒
“මෙන්න මෙහෙම……”😁😀😁
මනමාල හිනාවක් මූණට් එකතු කරගෙන විරාජ් මදක් මා දෙසට හැරී සියුම්ව මගේ දොතොල් සිප ගත්තේය.ඉන් නොනැවතුනු ඔහු මගේ කම්මුලත් මුහුණ පුරාත් ඒ දෙතොලේ සිසිලස පැතිරුවේය. මා තව තවත් ඒ උණුසුමට ගුලි වෙලා වූයෙමි.එක් වරම මගේ මුහුණට සිනහවක් නැගුනි.
“කපටියා……”😁🤣
“දන්නවනේ මේ කපටියගේ හැටි?……”😁
“දන්නවා දන්නවා.දැන් නිදා ගන්න හොද මහත්තයා වගේ.හෙට හොස්පිටල් යන්න තියනවා කකුලට බෙහෙත් දාන්න……”
ඊලග කොටසින් නැවත හමුවෙමු