විරාජ් එක්ක ක්ලීනින් ගිහින් එද්දී මට නිකමට වගේ හිතුණා අම්මවයි මල්ලිවයි බලලා එන්න.අපි ගෙදරට යද්දී අම්මා මිදුල අතු ගානවා.

“ආ දූ යමු ගේ ඇතුළට එන්න පුතා……”

අප්පච්චිගේ මරණෙන් පස්සේ අම්මා හිනා වෙලා ඉන්නවා ඔය දැක්කමයි.

“කෝ අම්මෙ මල්ලි…….”

“ඔය ගියේ යාලුවෙක්ව හම්බෙන්න යනවා කියලා.ලබන මාසෙනෙ එග්සෑම් රිසාල්ට් එනවනේ.මල්ලි නම් කියන්නෙ කැම්පස් යන්න බෑ කියලා.මොකක් හරි හොද ජොබ් එකක් කරන්නයි එයාගෙ බලාපොරොත්තුව……”

“අපරාදෙ මල්ලිට කැම්පස් යන්න තියෙන්නේ.ඒත් ඉතිං අම්මට ඔය හැම දෙයක්ම තනියම කරන්න බෑනෙ…….”

“ආ….අක්කලා දැන්ද ආවෙ?…….”

එහෙම කියාගෙනම මල්ලි ගෙට ඇතුල් වුනා.

“ඔව් මල්ලී……”

මල්ලිත් ඇවිත් ලග පුටුවකින් වාඩි වුනා

“ඇයි මල්ලි කැම්පස් යන්න බෑ කියන්නේ? අපරාදෙනේ ඉතිං……”

“තාත්තත් නැතුව අම්මා කොහොමද එච්චර කාලයක් මට වියදම් කරන්නේ? කොහොමත් මං තීරණය කරලා ඉවරයි අක්කෙ රිසාල්ට් ආවට පස්සෙ මොකක් හරි හොද ජොබ් එකක් බලලා කරනවා…….”

මල්ලිගෙ ඒ තීරණේට මං විරුද්ධ වෙන්න ගියේ නැහැ.අම්මගේ කරටම හැම බරක්ම පටවලා බෑනෙ.මල්ලි ජොබ් එකක් කරලා අම්මව බලා ගන්න ගත්තු තීරණේ ගොඩක් හොදයි.


“විරාජ්……”

“ඇයි මැණික….මං මේ ලගනෙ ඉන්නෙ කෑ ගහන්න එපා මගෙ කන් දෙක ඇහෙනවා…….”😆

“ඇත්තද?මං හිතුවේ ඇහෙන්නෙ නෑ කියලා…….”😁🤣

“මොකක්ද කිව්වේ……”

“නෑ මොකුත් නෑ…….”😁😁

“හරි දැන් මොකක්ද වෙන්න ඕනි?……”

විරාජ් මගෙන් එහෙම ඇහුවා.දැන් හොදටම රෑ වෙලා.වෙලාව අටයි.🕗මං කොහොමද විරාජ්ට කියන්නේ මේ මහරෑ වෙලා මට කොත්තු කන්න අසයි කියලා. ඉතිං මං සද්දෙ නැතුව හිටියා.

“ඇයි මැණික ඔයාට මොනවද ඕනි?……”

“මට කොත්තු කන්න ආසයි විරාජ්.අනේ පුලුවන් නම් ගෙනත් දෙන්න……”

“හ්ම්ම්.සමහර විට හන්දියෙ කඩේ ඇති. මං ගිහින් බලලා එන්නම්.ඔයා එතකන් ඔහොම ඉන්නකෝ…….”

එහෙම කියලා විරාජ් කමිසයක් ඇද ඇද පඩිපෙළ බැහැලා පල්ලෙහාට ගියා.මට විරාජ් ගැන තවත් ආදරේ හිතුණා.මං මොන දේ කන්න ආසයි කිව්වත් විරාජ් මට ගෙනල්ලා දෙනවා.පැය බාගයක් විතර යද්දී විරාජ් ගෙදර ආවා.

“ආ මැණික.එළවළු කොත්තු තියෙන්නේ කන්න.ඉන්න මං පිගානක් ගෙනල්ලා දෙන්නම්…….”

අසාව වැඩි හින්දද මන්දා කොත්තුවෙන් බාගයක් විතර මං කෑවා.


“දුවේ ගෙදරම හිටියට මොකද දැන් හොද කල්පනාවෙන් වගේම පරිස්සමෙන් ඉන්න ඕනි.තේරුනාද?……”

දරුවා ලැබෙන්න දීලා තියන දිනේට තව දවස් දහයයි තියෙන්නේ.විරාජ්ගෙ අම්මා මං ගැන හොද අවධානෙන් ඉන්නේ.තව දවසකින් දෙකකින් විතර අපේ අම්මත් අපිත් එක්ක නවතින්න මෙහාට එනවා.ඒ ගැන මං හිටියේ ගොඩාක් සන්තෝශෙන්.

“නෝනෙ කව්ද මන්දා ගෑනු ළමේක් ඇවිල්ලා නෝනෙ ඉන්නවද කියලා අහනවා……”

කුසුමා ඇවිල්ලා මට එහෙම කිව්වා.මං හිමිහිට මිදුලට ගියා ඒ කව්ද කියලා බලන්න.ඒ ඇවිත් හිටියේ අවුරුදු දාහතක දහඅටක විතර ගෑනු ළමේක්.මේ වැල්ලේ කෙනෙක් නම් නෙවෙයි.මං මෙයාව මීට කලින් නම් දැකලා නැහැ.කව්ද මේ🤔🤔

“ආ….අක්කෙ ඔයාද චායා?…….”

“අ….ඔව්.ඔයා කව්ද?මං මීට කලින් ඔයාව දැකලා නෑනෙ…….”

“අක්කෙ මගෙ නම නීෂා.නීෂා සෙව්වන්දි……”

නීෂා…..🤔🤔මට ඒ නම මීට කලින් අහලා පුරුදුයි පුරුදුයි වගේ.ඒත් මතක නෑනෙ.

“ඔයා ඇයි මාව හම්බෙන්න ආවෙ?මට ඔයාගෙ නම නම් අහලා පුරුදුයි වගේ. ඒත් මතක නෑනෙ…….”

මං හරිම කරුණාවෙන් එහෙම කිව්වා.ඒ පාර ඒ ගෑනු ළමයා එයා කරේ දාගෙන හිටපු බෑග් එක ඇරලා ඒකෙන් පොඩි පාර්සලයක් අරන් මට දුන්නා.

“ආ අක්කෙ මේ ලැවරිය වගයක්.මං ඔයාටමයි ගෙනාවෙ…….”

“අනේ තැන්ක්‍යූ නංගී.ඒත් ඔයා කාගෙ කව්ද කියලා මං හරියටම දන්නෙ නෑනෙ…….”

මං එහෙම කිව්වම ඒ ගෑනු ළමයා ලැජ්ජාවෙන් වගේ බිම බලා ගත්තා.

“අක්කෙ මං…මේ….නිර්මාල් අයියා මං ගැන ඔයාට මොකුත් කියලා නැද්ද?……”

ආ…..දැන්නෙ මට වැඩේ තේරුනේ.එදා මල්ලිගේ ෆෝන් එකට කෝල් කරපු නීෂා කියන ගෑනු ළමයා මෙයාද එතකොට?මට ඊට පස්සේ ඒ ගැන මොකුත් මල්ලිගෙන් අහන්න බැරි වුනානෙ.

“ආ….මට මතකයි එදා මං ෆෝන් එක ආන්සර් කරද්දී ඔයා නේද කතා නොකරම කෝල් එක කට් කරේ.මල්ලි මට තාම මොකුත් කිව්වෙ නෑ.එන්න නංගී ගේ ඇතුළට…….”

නීෂා නංගීත් එක්ක මං ඇවිත් ගේ ඇතුලෙන් වාඩි වුනා.

“නංගි මෙහෙ ආපු බව මල්ලි දන්නවද?…….”

“නෑ අක්කෙ.මං නිර්මාල්ට කිව්වෙ නෑ…….”

“දැන් මේ ගැන ඔයාලගෙ ගෙදරින් දන්නවද නංගී?…….”

“තාම නෑ අක්කෙ.නිර්මාල් කිව්වා එයාගෙ අම්මටයි ඔයාටයි කියලා අපෙ අම්මලාත් එක්ක කතා කරන්න එන්නම් කියලා…….”

“ඔයා තාම ඉගන ගන්නවද නංගී…….”

“අපි හරිම දුප්පත් අක්කේ.මං සාමාන්‍ය පෙළ කරේ ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ.සාමාන්‍ය පෙල පාස් වුනාට දිගටම ඉගන ගන්න වියදම් කරන්න තරම් වත්කමක් අම්මට නෑ අක්කෙ.මගෙ තාත්තා නැති වුනේ මං පුංචි කාලෙදිමයි……..”

මට නීෂා නංගී ගැන දුකත් හිතුණා.පව් අපිට වගේම එයාටත් තාත්තා නැහැ.

“ඔයා බය වෙන්න එපා නංගී.අපෙ අම්මා ඔයාට අකමැති වෙන්නෙ නැහැ.මං මේ ගැන අම්මත් එක්ක කතා කරන්නම්…….”

“අනේ ගොඩක් ස්තූතියි අක්කෙ.මං ගිහින් එන්නම්…….”

උදේ ඉදන්ම මගෙ ඇගට යම් යම් අපහසුතාවයන් දැනෙන්නට වුනා.ඒත් මං ඒ ගැන වැඩිය ගනන් නොගෙන හිටියා. ඒත් හවස් වෙනකොට ඒ අපහසුතාවයන් වැඩි වෙන්නට වුනා.මං විරාජ්ගෙ අම්මට කතා කරා.

“අම්මේ……”😭

“අනේ ඇයි දුවේ?ඔයාට අමාරුයිද?ඉන්න මං ඉක්මනට වාහනේ ගේන්න කියලා කියන්නම්.

විරාජ්ගෙ අම්මා මාව වෑන් එකේ ඉක්මනටම මීගමුවේ ප්‍රයිවට් හොස්පිටල් එකට ගෙනාවා.

ඊලග කොටසින් නැවත හමුවෙමු