“බය වුණා නේද හොඳටම. ඒක තමයි ඇත්ත..”
“දැන්වත් ගෑනුන්ගේ ඇඟට හේත්තු නොවී යන්න…”
කොරෝනා මැද බසයේදී ඇඟට හේත්තු වූ මැදි වියේ අනංගයාට කොරෝනා වෙන්ම ලැජ්ජා හිතෙන පාඩමක් ඉගැන්වූ තරුණියක පිළිබඳ පුවතක් කුරුණෑගල දිසාවෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
තරුණිය මෙදින හදිසි ගමනක් යෑමට පෞද්ගලික බසයක නැගුණේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් සියල්ලටම අනුගත වෙමිනි. බසයේ දෙදෙනකු ගමන් ගන්නා හිස් අසුනක කෙළවරට වී ඇය අසුන් ගත්තාය.
ටික වේලාවක් ගත වනවිට බසයේ ටිකින් ටික මගීන් වැඩි වන්නට විය. තරුණිය වාඩි වී සිටි අසුණේ ද තවත් මගියෙක් අතරමගදී වාඩි ගත්තේය. තරුණිය තවදුරටත් අසුණේ කෙළවරටවූයේ පුද්ගල දුරස්ථභාවය අපේක්ෂාවෙනි.
එහෙත් තම අසුණේ සිටි මැදි වියේ අනංග මගියා තවදුරටත් තරුණියගේ ඇඟට හේත්තු වී ගමන් කිරීමට අපේක්ෂාවෙන් ඇයට ළං වන්න විය. තරුණිය ද ඉන් මිදීමට උපායක් කල්පනා කළාය. ඇය තම බෑගයේ වූ ජංගම දුරකථනය අතට ගෙන මිතුරියකට ඇමතුමක් ගන්නට වූවාය.
“හලෝ ගුඩ් මෝනිං. ඉතිං කොහොමද? හරි වැඩේනේ වුනේ. අපේ කඩේට කොරෝනා ආසාදිතයෙකු ඇවිත් අපට සති දෙකක් නිරෝධායනය වෙන්න වුණානේ. සති දෙකෙන් පස්සෙත් හැදෙනවලු නේද? මට නම් බයත් එක්ක.”
තරුණිය බොරු ඇමතුමකින් එසේ කියද්දි එයින් බියට පත් වූ අනංග මගියා තරුණියගෙන් හැකිතාක් දුරස් වී අපසුවෙන් ගමන් කරන අයුරු දුටු තරුණිය කවුලුවෙන් පිටත බලා තනිවම සිනාසුණේලු.
තරුණිය බසින ස්ථානය ළං විය. ඇය අසුනින් නැගිට මෙසේ කීවේලු.
“මම ගත්තේ බොරු කෝල් එකක්. බය වුණා නේද හොඳටම. ඒක තමයි ඇත්ත. දැන්වත් ගෑනුන්ගේ ඇඟට හේත්තු නොවී යන්න…”
බසයේ පිරිසක් සිද්ධිය බලා සිට සිනාසෙද්දි අනංග මගියා කර කියා ගැනීමට දෙයක් නොමැතිව ලජ්ජාවෙන් බිම බලා ගත්තේලු.
(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම ලංකාදීප පුවත්පතෙන්..