පුංචි කාලෙ ඉදන් ආදරෙන් මාව හදපු කිසිම දුකක් නොදී ආදරයෙන් මාව රැක බලා ගත්තු මගේ ආදරණීය අප්පච්චිගේ වියෝව මට කොහෙත්ම දරා ගන්න බැරි වුනා.ජීවිතයෙන් කොටසක් එහෙම් පිටින්ම කඩන් වැටුනා වගේ මට දැනුනා.😭😭
විරාජුයි විරාජ්ගෙ අම්මයි මාව අපේ ගෙදරට එක්කන් අවා.අපි ගෙදරට යනකොටත් අසල් වැසියන්ගෙන් නිවස පිරිලා තිබුනා.සමහරු පාර දිගට සුදු කොඩි අදිනවා.තවත් සමහරු අප්පච්චිගේ වියෝව වෙනුවෙන් බැනර් එල්ලනවා.මිදුලේ හිටපු හැමෝගෙම පාහේ දෙනෙත් යොමුව තිබුනේ මා වෙතටයි.ඒ කිසිවෙක් දෙස වෙනදා මෙන් සැහැල්ලු බැල්මෙන් බැලීමට අද මට පුලුවන් කමක් තිබ්බේ නැහැ.අඩලා අඩලා හෙම්බත් වෙලා විරාජ්ගෙ අම්මගේ වාරුවෙන් නිවස ඇතුළට පය මා පය තැබුවේ අප්පච්චිගේ නිසල සිරුර දැක ගැනීමේ අරමුණිනි.එහෙත් අප්පච්චිගේ සිරුර එහි නොවීය.සාලෙ පුටුවක් අඩලාම හෙම්බත්ව සිටි අම්මාව දුටු මං ඇය වෙත ගියෙමි.😢😢
“අම්මේ…….”😭😭
“අනේ මගෙ දුවේ…….”😭😭
අම්මා මා වෙත පැමිණ මා වැළදගත්තාය. අඩලා අඩලාම ඇය අප්‍රාණික වී ඇති හැටි මා දුටුවාය.
“කෝ අම්මෙ මගෙ අප්පච්චී.අනේ මට අප්පච්චිව බලන්න ඕනි අම්මෙ…….”😢
“අඩන්න එපා මගෙ රත්තරං දුවේ.ඔයාට ඔය හැටි අඩලා දොඩලා හෙම්බත් වෙන්න හොද නෑ.අප්පච්චිගේ මිණිය ගේන්න තව රෑ වෙයි……”😢😢
“චායා…..දැන් අඩන්න එපා.මං දන්නවා ඔයාට දරා ගන්න බැරි තරම් දුකයි කියලා.අපි හැමෝටම ගොඩාක් දුකයි තමයි.ඔයාට ඔහොම අඩන්න හොද නෑ. වෙච්චි දේවල් ආපස්සට අද්දන්න බෑ මැණික.හිත හදාගන්න……..”
මගෙ හිස අත ගාලා විරාජ් එහෙම කිව්වා.ඒත් මගෙ දුක නිවා ගන්න මට බැරි වුනා.
රෑ හතයි කාලට විතර අප්පච්චිගේ නිසල දේහය ඔහු ගුරු හරු කම් ලබා දුන් පාසලේ ජේෂ්ඨ ශිෂ්‍යන්ගේ කර මතින් නිවසට රැගෙන එනු ලැබුවා.අම්මාගේත් මගේත් රැස්ව සිටි අනෙකුත් පිරිසේත් සෝ සුසුම් හඩ මීගමු අහස් තලය පුරා රැව් දෙන්නට ඇති.සාලයේ හරි මැද අප්පච්චිගේ දේහය තැබූ පෙට්ටිය තැබුවා.ඒත් එය විවුත්‍ර කරේ නෑ.
“අනේ මට අප්පච්චිගේ මුහුණ බලන්න ඕනි අම්මේ.මට අප්පච්චිගේ මුහුණ පෙන්නන්න……”😭😭
“අප්පච්චිගේ මිනිය සීල් කරලා තියෙන්නේ චායා.ඒක බලන්න බැරි තරමටම පොඩි වෙලා……”
“අප්පච්චී…….”😭😭
එක්වරම මා හට ක්ලාන්තය ඇති විය.මා වැටෙන්නට නොදී අල්ලා ගත්තේ විරාජ් ය.
__________________________________
යලිත්මට සිහිය එද්දී මා සිටියේ කාමරේ ඇද මතය.විරාජ්ගෙ ඔඩොක්කුව මත මා හිස තබාගෙන සිටියෙමි.
“අඩලා අඩලා ඔයා ගොඩාක් දුර්වල වෙලා චායා.අනේ මගෙ රත්තරනේ දැන්වත් හිත හදා ගන්න.ඇඩුවා කියලා අප්පච්චී ආයෙ එන්නෙ නෑ.දරුවෙක් ලැබෙන්න ඉන්නැද්දී ඔයාට ඔය විදියට ඉන්න හොද නෑ…….”
විරාජ් මගෙ ඔලුව අත ගාලා එහෙම කියද්දී මගෙ අම්මත් ඇස් දෙක පිහ දදා මට කතා කරා.
“ඔව් දුවේ විරාජ් පුතා කියන කතාව ඇත්ත.දැන් හිත හදා ගන්න මයෙ රත්තරං……”
කිසිම කෙනෙක් මොහොතකටවත් මාව තනි කරේ නැහැ.අම්මා හැම වෙලේම මගෙ තනියට හිටියා.රෑට කන්න කිව්වත් මට කන්නවත් පුලුවන් කමක් තිබ්බේ නෑ.ඒත් මට බඩගින්නේ ඉන්න හොද නැති නිසා මං ඉදිආප්ප ටිකක් කෑවා. සාලෙ තියන අප්පච්චිගේ මිනිය ලගම පුටුවකින් මං වාඩි වුනා.කෑ ගහලා අඩන්න හිතුණත් මං ඇඩුවේ නැහැ. අවසන් පාරට අප්පච්චිගේ මුහුණ බලන්නවත් අපි කාටවත්ම බැරි වුනා. පෙරදා අපමණ සෙනෙහසකින් අප හා දොඩමළු වූ අප්පච්චී අද අපි හැමෝගෙන්ම හුගාක් දුර ගිහින්.
“අක්කෙ……”
ගෙදරට ආවට පස්සෙ දැනුයි මං මල්ලිව දැක්කෙ.අඩලා අඩලාම මල්ලිගේ මුහුණ රතු වෙලා තිබුනා.
“මල්ලී…….”😭😭
“අඩන්න එපා අක්කෙ.ඔයාට අඩන්න හොද නෑනෙ.හිත හදා ගන්න…….”
😢😢😢
“අනේ රත්තරං මනුස්සයා හරියට හොරු අරන් ගියා වගේ.මේ වැල්ලෙ අසරණ අහිංසක දුප්පත් දරුවො කී දෙනෙක්ට ගුරු හරුකම් දෙන්න ඇත්ද?…….”😢😢
“හැප්පිච්ච පාරට ස්කෝලෙ තාප්පෙ ඇගට කඩාගෙන වැටිලා.ඔලුව බලන්න බැරි තරම් කුඩු වෙලා තිබිලා…….”😢😢
“කොච්චර හොද මනුස්සයෙක්ද?මේ වැල්ලෙ දරුවො කී දෙනෙක් නම් යහමගට අරන් ඇත්ද?…….”😢😢
සෑම තැනකින් පාහෙ ඇහුනේ එවැනි වදන් ය.එතැන රැදී නොසිටි මා හිමින් ගමනේ කාමරේ වෙත ගියෙමි.
___________________________________
අප්පච්චිගේ මළගමේ සියලු වියහියදම් දැරුවේ විරාජ්ගෙ ගෙදර අයයි.වැල්ලේ සියලුම දෙනා අපිට ගොඩාක් උදව් කරා.
මාසයකට පසු👇👇👇
“චායා…..හෙට නේද ක්ලීනික්…….”
“ඔව් විරාජ්…….”
“තව කොච්චර කාලයක් තියනවද මේ පැටියා අපි ගාවට එන්න…….”
මගේ කුස සිපගෙන විරාජ් මගෙන් එහෙම ඇහුවා.
“තව මාස දෙකයි විරාජ්.ඔයා කැමති දුවෙක්ටද පුතෙක්ටද?…….”
“දුවෙක් වුනත් පුතෙක් වුනත් කමක් නෑ චායා.දෙගොල්ලන්ටම මං ආදරෙයි…….”
ඊලග කොටසින් නැවත හමුවෙමු