ආපහු මට සිහිය එද්දී මං හිටියේ මීගමුවේ හොස්පිටල් එකේ.නලලෙන් දැනුනු සිහින් වේදනාවත් එක්ක මං අමාරුවෙන් ඇස් ඇරලා වටපිට බැලුවා. විරාජ් මං ලගින්ම පුටුවෙන් වාඩි වෙලා හිටියා.මගේ නලල තුවාල වෙලා ප්ලාස්ටරයක් අලෝලා තිබ්බා.
“වි…රා….ජ්……”
“චායා…මැණික ඔයාට සිහිය ආවද?……”
“අනේ….විරාජ් මගෙ ඔලුව රිදෙනවා. ගොඩාක් තුවාල වෙලාද?……”
බොහොම අමාරුවෙන් මං එහෙම ඇහුවා.ඒ තරමටම නලල රිදෙන්න ගත්තා.
“ගොඩාක් තුවාල වෙලා නෑ මැණික. ඔයාට කලන්තෙ හැදිලා වැටෙද්දී නලල බැම්මෙ වැදුනා.බෙහෙත් දාලා තියන හින්දා ඉක්මනට සනීප වෙයි.මේ…..ඒක නෙවෙයි මැණික සුභ ආරංචියක් තියනවා කියන්න……”
“සුභ ආරංචියක්??🤔🤔ඒ මොකක්ද විරාජ්?…….”
“අපි දෙන්නා අම්මයි තාත්තයි වෙන්නයි යන්නෙ රත්තරං…….”
“අනේ ඔය ඇත්තමද විරාජ්?…….”😍😀
මට දැනුනේ කියා ගන්න බැරි තරම් සන්තෝශයක්.විරාජ් හිටියෙත් හුගාක් සතුටින්.😍😍
“ඔව් මැණික.අපි ඉක්මනට ගෙදර යමු. ඩොක්ටර් කිව්වා ඔයාව ගොඩාක් හොදට බලා ගන්න කියලා……”
විරාජුයි මායි ගෙදර ආවා.මගෙ නලලේ තුවාලෙ දැකලා විරාජ්ගෙ අම්මා බය වුනා.
“අනේ දුවේ මේ මොකද වුනේ?මක් වෙලාද මේ නලල තුවාල වුනේ?……”
“කලබල වෙන්න එපා අම්මේ.මේක පොඩි තුවාලයක්.අම්මලාට කියන්න සුභම සුභ ආරංචියක් තියනවා……”
මං වෙනුවට උත්තර දුන්නේ විරාජ්.මං පුටුවෙන් වාඩි වුනා.
“ඒ මොකක්ද පුතේ?…….”
“ඔන්න අම්මයි තාත්තයි ආච්චියි සීයයි වෙන්නයි යන්නේ……”
“ශා….මරුනේ.ඒක නම් ගොඩාක් සුභ ආරංචියක්.අද නම් පාටියක් දාන්නම ඕනි……”
විරාජ්ගෙ අම්මයි තාත්තයි දෙන්නම හිටියේ ගොඩාක් සතුටින්.😀😀
“චායා….අප්පච්චී ලෑස්ති වෙන්නේ පාටියක් දාන්න.මං කිව්වේ දරුවා හම්බුනාට පස්සෙ ලොකුවට පාටියක් දාමු කියලා……”
“ඔව් විරාජ් ඒකත් හොදයි……”
“අම්මලාට කතා කරාද?…….”
“ඔව් මං කෝල් කරලා කිව්වා.ඒ ගොල්ලොත් ගොඩාක් සන්තෝශෙන් ඉන්නේ.මල්ලිගේ ඒලෙවල් එග්සෑම් හෙටින් ඉවරයිනේ.අනිද්දා එන්නම් කිව්වා මාව බලන්න…….”
මේ දවස් වල මට තියන ලොකුම ප්‍රශ්නෙ මේ ලෝකෙ කෑමක් කන්න බැරි එක.මට කන්න එක එක ජාතියෙ කෑම බීම විරාජ් ගෙනත් දෙනවා.ඒත් මට කන්න බෑ අප්පිරියයි.🤢
“චායා….ඔහොම නොකා ඉන්න එපා මැණික.කෝ පොඩ්ඩක් හරි කන්න. කන්නෙ නැතුව ඉදලා ඔයා ලෙඩ වෙයි…….”
විරාජ් බත් පිගානක් ගෙනල්ලා මට කවන්න හැදුවත් මට කන්න බෑ.පුදුම අප්පිරියාවක් දැනුනේ.
“අනේ මට කන්න බෑ විරාජ්.ඕක අරන් යන්න……”
“හරි එහෙනම් ඔයාට කන්න පුලුවන් දෙයක් කියන්න මං ගෙනත් දෙන්නම්……”
“හා එහෙනම් මට චොක්ලට් අයිස්ක්‍රීම් ගෙනත් දෙන්න…….”🍦😋
“අයිස්ක්‍රීම් කාලා බඩ පිරෙන්නෙ නෑනෙ චායා…….”
“එහෙනම් මොකුත් එපා…….”😡
එහෙම කියලා මං තරහින් වගේ අහක බලා ගත්තා.කෑම කියන වචනෙ ඇහුනත් මට කේන්ති එනවා.😡කෑම පිගානත් අරන් විරාජ් කාමරෙන් ගියා.පැය බාගයක් විතර යද්දී විරාජ් ආපහු ආවේ අයිස්ක්‍රීම් කප් එකකුත් අරගෙනයි.
“ආ කන්න.දැන් හරිනෙ…….”
“අනේ තැන්ක්‍යූ විරාජ්…….”😀😋
විරාජ්ට ස්තූති කරලා මං හරිම ආසාවෙන් ඒ අයිස්ක්‍රීම් කප් එකම කෑවා. විරාජ් හිනා වෙවී මං දිහා බලන් හිටියා.
විරාජ්ගෙ අම්මගෙයි අපේ අම්මගෙයි වැඩේම මං කන්න ආස හැම කෑමක්ම හදලා දෙන එක.මං කන්න ආසයි කියන හැම දෙයක්ම විරාජ් මට ගෙනල්ලා දෙනවා.මාව ගොඩාක් පරිස්සමට විරාජ් බලා ගන්නවා.මට කිසිම දේකට මහන්සි වෙන්න දෙන්නෙ නැහැ.
හවස පහමාරට විතර මං ඇල් වතුරෙන් නා ගත්තා.හොද වෙලාවට ගෙදර එන්න පරක්කු වෙනවා කිව්වා.නැත්නම් මේ හවස් වෙලා නෑවා කියලා මට බැනුම් අහන්න වෙනවනේ.ඒත් පරක්කු වෙනවා කිව්වට වෙනදාටත් වඩා කලින් විරාජ් ගෙදර ආවා.මං කිව්වෙ නෑ විරාජ්ට මං නෑවා කියලා.
“චායා….ඔයා කීයටද නෑවෙ?……”
සැක සහිත බැල්මකින් විරාජ් මගෙන් එහෙම ඇහුවා.මට බයත් හිතුණා.
“පහමාරට වි..ත…ර……”😫
බොරුවක් කියන්න හැදුවත් මට ඇත්තම කියවුනා.විරාජ්ට හොදටම කේන්ති ගියා.
“මොකටද මෙච්චර හවස් වෙලා නෑවෙ. ආ…..එදා බෙහෙත් ගන්න ගිය වෙලාවෙ ඩොක්ටර් කිව්වා නේද හවස් වෙලා නාන්න එපා හොද නෑ කියලා.පණ්ඩිත කමට නෑවා නේද?……”😡😡
“අනේ ඉතිං ඕකට මට බනින්න එපා මං පව්නෙ……”😢😢
අඩන මූණකින් මං එහෙම කිව්වා.
“බනින්න නෙවෙයි දෙන්න හිතෙන්නෙ දෙකක් පණ්ඩිත වැඩ කරනවට.ආයෙ එහෙම හවස් වෙලා නානවකො මට අහුවෙන්න.දෙන්නෙ දත් ටික බඩට යන්න…….”😁😁😡
මං හවස් වෙලා නෑවා කියලා විරාජ්ට හුගාක් කේන්ති ගියා.මට දුකත් හිතුණා.
ඒත් මං දන්නවා විරාජ්ගෙ කේන්තිය නිවලා යාලු කරගන්න හැටි.මං හිමිහිට කුසට අත තියලා දරුවත් එක්ක කතා කරා.🤰
“බලන්න පුතේ තාත්ති අම්මිට හොදටම බනිනවා.අම්මි පව් නේද පුතේ.තාත්ති ඉස්සර වගේ අම්මිට ආදරේ නෑ…….”😥😥
මං එහෙම කියනකොට විරාජ් ඇවිත් මං
ගාවින් වාඩි වුනා.ඊට පස්සෙ මගෙ කුසට අත තියලා,,
“අම්මි බොරු කියන්නෙ පුතේ.තාත්ති අම්මිට ගොඩාරියක් ආදරෙයි……”
“චායා…මැණික ඔයා හොදින් නේද?……”
දවසක් හවස හතරට විතර හදිසියේම ගෙදර ඇවිත් විරාජ් මගෙන් එහෙම ඇහුවා.විරාජ් හිටියේ ගොඩාක් කලබලෙන් වගේ.හරියට මොකක් හරි දේකට බය වෙලා වගේ.මට හිතා ගන්න බැරි වුනා ඒ ඇයි කියලා.
“ඔව් විරාජ් මං හොදින් ඉන්නවා.ඇයි ඔයා කලබල වෙලා වගේ?මොකද වුනේ?ඔයාට දාඩියත් දාලා……”
මං එහෙම කියද්දී විරාජ් මං ලගින්ම වාඩි වෙලා මගේ මුහුණ දෝතින්ම අල්ල ගත්තා.ඒ මුහුණේ තිබුනු කලබලකාරී බව මොකක්ද කියලා මට තේරුම් ගන්න අපහසු වුනා.
“මං කොහොමද චායා ඔයා ඉන්න තත්වෙත් එක්ක මේ වගේ දෙයක් ඔයාගෙ මුහුණ බලාගෙන කියන්නේ?……”
දෙයියනේ මොනවද විරාජ් මේ කියන්න හදන්නේ?මොකක් හරි අසුබ දෙයක් කියලා මගේ හිත කිව්වා.
“කමක් නෑ විරාජ් කියන්න.මොකද වෙලා තියෙන්නේ?කියන්න මට…….”
මං එහෙම කිව්වම විරාජ් ටිකක් වෙලා මගෙ මුහුණ දිහා බලාගෙනම හිටියා.දිගු නිහැඩියාවක් අපි අතරේ තිබුනේ. තප්පරයක් ගෙවුනේ කල්පයක් තරමිනුයි.සෙමින් සෙමින් විරාජ් කටහඬ අවදි කරා.
“කලබල වෙන්න එපා චායා.හිතට ශක්තිය ගන්න.ඔයාට මේ ගැන නොකියා ඉන්න බැරි හින්දයි කියන්නේ….ඔයාගෙ තාත්තා….මේ….මේ……”
“කියන්න විරාජ් මගෙ අප්පච්චිට මොකද වෙලා තියෙන්නේ?අනේ කතා කරන්න. ඇයි ඔයා කතා නැත්තේ?……”😢
මට හොදටම බය හිතුණා විරාජ් අප්පච්චී ගැන මොනවද මේ කියන්න හදන්නේ කියලා දැනගන්න.අනේ මගෙ අප්පච්චිට මොකුත් කරදරයක් නම් වෙන්න එපා.🙏🙏
“ඉස්කෝලෙ ඉදන් එද්දී පාර පනිනකොට අප්පච්චිව ටිපර් එකක හැප්පිලා.දැන් අප්පච්චී ඉන්නේ හොස්පිටල් එකේ චායා…….”
“අනේ දෙයියනේ මගෙ අප්පච්චී….😭😭 අනේ මට කියන්න විරාජ් අප්පච්චිට අමාරු නෑ නේද?අනේ මගෙ රත්තරං අප්පච්චිට මොකද වුනේ?…….”😭😭
මොන තරම් වෙලා කොහොම ඇඩුවද කියලා මට මතක නෑ.දරා ගන්න බැරි තරම් දුකක් පපුවට දැනුනා.විරාජ්ගෙ අම්මත් මං ගාව ඉදන් මගෙ දුක තුනී කරන්න උත්සහ කරා.
“අඩන්න එපා දුවේ.අපි හැමෝටම දුකයි තමා.දුක දරා ගන්න අපි පුරුදු වෙන්න ඕනි.මේ ලෝකෙ කිසිම කෙනෙක් අමරණීය නැහැ මගෙ දුවේ.අපි හැමෝම දවසක……..”
මගෙ රත්තරං අප්පච්චී අපි හැමෝම දාලා මේ ලෝකෙන් සදහටම සමු අරන් ගිහිල්ලා කියලා මට තවත් තේරුම් කරන්න උවමනාවක් නැහැ.මං මොන තරම් අසරණ වුනාද කියන්න වචන මට නෑ.පුංචි කාලෙ ඉදන් කිසිම දුකක් නොදී මාවයි මල්ලිවයි ඇස් දෙක වගේ හදා ගත්තු මගේ අප්පච්චී…..😢😢අනේ ආයෙ කවදා නම් ඒ මුවින් චායා දුවේ කියලා අහන්නද?😭😭😭
“අනේ විරාජ් මාව මගේ අප්පච්චී ගාවට එක්කන් යන්න.මට අප්පච්චිව බලන්න ඕනි විරාජ්……”
ඊලග කොටසින් නැවත හමුවෙමු