අපි ඔබට මේ ආකාරයට ශරීර ලක්ෂණ වලින් කියවෙන චරිත ලක්ෂණ ඉදිරිපත් කිරීම ගැන එක විශේෂම දෙයක් ඔබ දැනගත යුතුයි. අපි මේවට පදනම් කරගන්නේ අභූත විද්‍යාවන් නෙවෙයි. මේවායේ පදනම ශරීර භාෂාව (Body Language) පිළිබඳ විද්‍යාවයි. අප මේ අද ඔබට ඉදිරිපත් කරන තොරතුරු පදනම් වෙන්නේ නොබෙල් ත්‍යාගලාභියෙකු වෙන රොජර් වොල්කට් ස්පෙරී විසින් සිදු කරන ලද පර්‍යේක්ෂණයක් මතයි.
රැජිණිය මේ උත්සහ කරන්නේ ඔබේම චරිතය පිළිබඳ ඔබටම වටහා ගන්න පුංචි උදව්වක් කරන්නයි. මේ නිරීක්ෂණ වලට ප්‍රධාන ලෙසම බලපා ඇත්තේ මිනිස් මොළයේ වම් හා දකුණු අර්ධයන් ක්‍රියා කරන ආකරයයි.
1. වම් ඇඟිල්ල ඉහලට එන සේ අත බැඳීම

ඔබේ වම් ඇඟිල්ල ඉහලට එන පරිදි නම් ඔබ අත් බැඳගන්නේ ඔබේ ඉතාම ප්‍රායෝගික පුද්ගලයෙක්. ඔබ බොහොමයක් අවස්ථාවල එම අවස්ථාවේ ඇති තත්වයන්ට අනුව තීරණ ගන්නේ නැහැ. කිසියම් තීරණයකට එළඹෙන්න කලින් ඔබ එහි හොඳ සහ නරක දෙපැත්තම ගැන හොඳින් හිතා බලනවා. ඔබව රැවටීමට තරමක් අමාරු පුද්ගලයෙක්. මිනිස්සු බොරු කියනකොට ඔබට ඒක හොඳින් තේරෙනවා.
මෙන්න මේ හේතු නිසා ඔබේ පවුලේ අය සහ මිතුරන් අතරත් ඔබට හොඳ පිළිගැනීමක් තියෙනවා, ඔවුන් නිතරම ඔබෙන් උපදෙස් ගන්නවා. ඔබ හොඳ උපදෙස් දෙන්නත් දක්ෂයෙක්. නමුත් මේවායින් කිය්වෙන්නේ නෑ ඔබ හැම වෙලේම සීරියස් මූඩ් එකක ඉන්න කෙනෙක් කියලා. ඔබ පුද්ගලයෙක් හැටියට ඉතාම විනෝදකාමී කෙනෙක්. ඔබේ හාස්‍ය රසය නිසා ඕනෑම තැනකදී ඉක්මණින් අනිත් මිනිස්සුන්ව ඔබට ආකර්ෂණය කරගැනීමේ හැකියාවත් තියෙනවා.
ඒ වගේම ඔබ ඉතාම ප්‍රේමණීය පුද්ගලයෙක් ද වෙනවා. සමහර දෙනා වගේ ආදරය කරන කොට ඔබට වචන අමතක වෙලා යන්නේ නෑ.
2. ඇඟිලි දෙකම එක සමාන ලෙස පිහිටීම

ඔයා පුංචි පුංචි හැම දෙයක්ම පවා අන්තිම තැනට යනකල් පිළිවෙලට තියෙන්න ඕන කියලා විශ්වාස කරන කෙනෙක්. Perfectionist කියලා කියන්නේ එවැනි අයටයි. ඔයා එහෙම හිතනවා විතරක් නෙවෙයි, ඔයා අනිත් අයගෙනුත් ඒකම බලාපොරොත්තු වෙනවා. නායකත්වය ඔයාගේ ඇඟේම තියෙන දෙයක්, ඒ වගේම ඔයා නායකත්වය දෙන්නේ හොඳ ආදර්ශයක් බවට පත්වීම මගිනුයි. නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ ඔයා අනිත් මිනිස්සු ගැන නොසළකා හරිනවා කියලා.
ඔබ ඕනෑම තීරණයකට එන්න පෙරාතුව ඒ ගැන අනෙක් අයගේත් අදහස් විමසා බලනවා. ඔබේ චරිතයේ ඇති විවෘත, අවංක සහ නිහතමානීභාවය නිසා ඔබ සමහර පුද්ගලයන්ගේ සැකයට බඳුන්වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් වැඩි දෙනෙක් ඔබට ආදරය සහ ගෞරව කරනවා
3. වම් ඇඟිල්ල ඉහලට එන සේ අත බැඳීම

ඔබ අත බඳින විට ඔබේ වම් මහපට ඇඟිල්ල දකුණු මහපට ඇඟිල්ලට උඩින් සිටින සේ වැටෙනවා නම් ඔබ ඉතාම සංවේදි පුද්ගලයෙක්. ඔබ අනෙක් පුද්ගලයන් කෙරෙහි පවා ඉතාම සංවේදිතාවයක් දක්වනවා. ඒ වගේම ඔබට පුලුවන් කොයිතරම් හංගන්න හැදුවත් අනෙක් අයගේ මානසික මට්ටම හඳුනාගන්නත්. මෙ විශේෂ හැකියාව නිසා අනෙක් මිනිස්සු නිතරම ඔබට විවෘත වෙනවා.
මෙම හැකියාව නිසාම ඔබට පුලුවන් වෙනවා රාමුවෙන් පිටත සිතලා නිවැරදි වගේම නිර්මාණාත්මක තීරණ වලට එළඹෙන්නත්. නමුත් ඔබේ සංවේදිභාවය නිසා, මේ තීරණ ගැනීමට වැඩිපුර කාලයක් වැය වෙන්න ඉඩ තියෙනවා. ඔබේ ගැඹුරු හැඟීම් හ්ඳුනා ගැනීමේ හැකියාව සහ ඔබ තුල ඇති සහජ ආරක්ෂිත උණුසුම් බාවය නිසා මිනිසුන් ඔබ වෙත ආකර්ෂණය වෙනවා.
ආදර සම්බන්ධතා වලදීත් ඔබ සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසුයි, මොකද ඔබ ඔබේ සහකරුවාගේ හැඟීම් හොඳින් වටහාගන්නා නිසා ඔබට පහසු වෙනවාඔවුන්ගේ මානසික මට්ටම අනුව කටයුතු කරන්න.
මේ ආකාර වලින් ඔබ අයත් කොයි කොටසටද කියලා දැනගන්න, හිතන්නේ නැතුව එකවරම ඔබේ දෑත් බැඳගන්න.