මනාලියක් ඉකි බින්දා👰
❤️මට විරාජ් ගැන වෙලාවකට පුදුමත් හිතුණා.මේ තරම් ආදරයක් මට හිතා ගන්නවත් බැහැ.මගේ ආදරේ ලබා ගන්න අවුරුද්දක් තිස්සේ ඉවසපු ඉවසීම ගැන මට පුදුමත් හිතුණා.ඇත්තටම මං ගොඩාක් වාසනාවන්තයි විරාජ්ගෙ ආදරේ ලබන්න.
“මොනවද මැණික කල්පනා කරන්නේ?මාව දාලා යන්නවත් හදනවද?…….”
“අනේ….කවදාවත්ම නැහැ විරාජ්.මේ වගේ ආදරයක් නැති කර ගන්න තරම් මං මෝඩ නැහැ…….”
එහෙම කියමින් මං විරාජ්ගෙ පපුවට තුරුල් වුනා.සංසාරෙන් සංසාරෙට මේ ආදරේ ඉල්ලලා මගේ හදවත ආයාචනා කරා.හෙට විරාජ්ගෙයි මගෙයි පළමුවෙනි වෙඩින් ඇනවසරි එක.ඒ ගැන විරාජ්ට මතක් කරනවද නැද්ද කියලා මං කල්පනා කරා.එක්කො ඕන්නෑ.බලමුකො ඒ ගැන විරාජ්ට මතකද කියලා.ඉතිං මං සද්දෙ නැතුව හිටියා.
“විරාජ්…..අපි හෙට අනිද්දා දවසක අම්මලාගෙ ගෙදර ගිහින් එන්න යමුද?……”
“ම්ම්….ලබන සතියෙ යමු.ගිහින් දවසක් දෙකක් ඉදලා එමු……”
විරාජ් එක්ක අම්මලාගෙ ගෙදර ගිහින් එන්න මගේ ලොකු ආසාවක් තිබ්බා. කලින් අම්මලාගෙ ගෙදර මං විතරයිනෙ ගියේ.
☁️🌥️🌤️
උදේ පාන්දර මට ඇහැරෙද්දී විරාජ් ඇදේ හිටියේ නැහැ.ඒත් කාමරේ ලොකු වෙනසක් නම් මට පෙනුනා.බාතෲම් එකට ගිහින් මුහුණ කට හෝදගෙන දත් මැදලා මං කාමරේට ආවා.විරාජ් කොහෙද කියලා බැලුවත් කොහේවත් විරාජ් හිටියේ නැහැ.අද අපේ වෙඩින් ඇනවසරි එක කියලා විරාජ්ට අමතකවත් වුනාද?
“හැපි වෙඩින් ඇනවසරි මගෙ මැණික…….”😘😍
කාමරේ දොරකඩ සිනා මුසු මුහුණින් ලොකු කේක් එකකුත් අතේ තියාගෙන විරාජ් හිටියා.අනේ….ඒ කියන්නේ විරාජ්ට අපේ ඇනවසරි එක අමතක වෙලා නැහැ. මට පුදුමත් හිතුණා.කේක් එක පැත්තකින් තියලා විරාජ් මාව වැළදගෙන හාදුවක් දීලා සුභ පැතුවා.මාත් විරාජ්ට ඒ විදියටම සුභ පැතුවා.
“ඉන්න අපි කේක් කෑල්ලක් කමු……”🍰
කේක් කාලා ඉවර වුනාට පස්සේ මං විරාජ්ට දෙන්න ගත්තු තෑග්ග දුන්නා.ඒක ලස්සන රත්තරං මුද්දක්.
“ආ මේක ඔයාට මගෙන්……”
විරාජ් මට දුන්නේ ලස්සන රත්තරං මාලයක්.
“අනේ තැන්ක්‍යූ විරාජ්……”
“අවුරුද්දක් ගිය ඉක්මන මට නම් හිතා ගන්නවත් බෑ……”
“ඒක තමයි විරාජ් මට නම් අද වගේ මතකයි අපේ වෙඩින් එක තිබ්බ දවස……”
මට ඒ ආදරණීය දවස සිහිපත් වුනා.
“ඒ වුනාට කසාද බැදලා අවුරුද්දක් බලන් ඉන්න වුනානෙ හනිමූන් යන්න……”😂😁
විරාජ් එහෙම කිව්වේ මගේ බද වටා දෙඅත යවා මාව ඒ සිරුරට තෙරපා ගනිමිනි.සිනහා යන්න ඔන්න මෙන්න තිබූ මගේ මුව තද කරගෙන සිටියෙමි. මනමාල බැල්මක් මුව තුල රදවා ගත් විරාජ් සෙමෙන් පහත්ව මගේ දෙතොල් මත දොතොල් තැබුවේය.දෙනෙත් පියා ගත් මා ඒ උණුසුමේම ගුලි ගැසී උන්නෙමි.එක්වරම කවුරුන් හෝ දොරට තට්ටු කරන හඩ ඇසුනි.මවෙතින් මිදුනු විරාජ් දොර ඇරියේය.පැමිණ සිටියේ කුසුමාය.
“මහත්තයා කෑම කන්න එන්න කියනවා ලොකු නෝනා…….”
“හරි කුසුමා යන්න.අපි එන්නම්……”
💐💐💐
මාවත් විරාජ්වත් දුටු අම්මයි අප්පච්චියි දැඩි ලෙස ප්‍රීතියට පත් විය.
“අපි දෙන්නා දවසක් දෙකක් ඉදලා යන්න කියලා ආවේ අප්පච්චී…….”
“ශා…..ඒක කොච්චර දෙයක්ද?ගොඩ කාලෙකට පස්සෙනෙ දුවලා මෙහෙ ආවෙ…….”
මායි විරාජුයි සතුටින් සමගියෙන් ඉන්නවා දැකලා අම්මයි අප්පච්චියි හුගක් සන්තෝශ වුනා.
“කෝ අම්මෙ මල්ලී?…….”
මල්ලි පේන්න හිටපු නැති නිසා මං අම්මගෙන් ඇහුවා.
“ලබන මාසෙනෙ මල්ලිට එග්සෑම්.අදත් ඔය ක්ලාස් එකකට ගියේ……”
මල්ලිට ලබන මාසෙනෙ ඒලෙවල් එග්සෑම්.ඒ හින්දා හොදට පාඩම් වැඩ කරනවා ඇති කියලා මට හිතුණා.
හවස මායි විරාජුයි එලියේ බංකුව උඩ වාඩි වෙලා කතා කර කර හිටියා.
“අර මල්ලි නේද එන්නෙ?……”
දුර තියා නිවස දෙසට එන මල්ලිව විරාජ් මට අත දිගු කරලා පෙන්නුවා.මල්ලි ආවේ කාත් එක්කද මන්දා කට ඇරගෙන හොදට හිනා වෙවී ෆෝන් එකෙන් කතා කර කරයි.එක්වරම අපිව දුටු මල්ලී ගැස්සිලා ගියා.ෆෝන් එක සාක්කුවට දාගෙන අපි ගාවට මල්ලි ආවා.
“අක්කලා කොයි වෙලේද ආවෙ?……”
“අපි දවල් ආවෙ මල්ලී.කාත් එක්කද ඔය ෆෝන් එකෙන් කැකිරිපල ආවෙ?…….”😂
“අ….න්…නෑ මේ යාලුවෙක් කතා කරේ අක්කේ.මං ගිහින් එන්නම් අක්කෙ……”😁
රෑට මං කෑම උයන්න අම්මට උදව් වෙන්න කියලා හිතාගෙන කුස්සියට යන්න හදනකොටම වගේ මල්ලිගේ ෆෝන් එක රිං වෙන සද්දෙ ඇහුනා.මල්ලි පේන්න හිටපු නැති හින්දා මං ෆෝන් එක අතට ගත්තා.ඒකෙ තිබ්බේ ‘Nishaa calling’📲කියලා.කාමරේ ඉදන්ම මං අම්මට කතා කරා මල්ලි කොහේද කියලා බලන්න.
“අම්මේ මල්ලි කොහෙද අනේ?……”
“වත්ත පල්ලෙහාට ගියා අප්පච්චිත් එක්ක.ඇයි?……”
“නෑ.මේ මල්ලිට කෝල් එකක්?……”
“අරන් බලන්න කාගෙන්ද කියලා……”
කෝල් එක ආන්සර් කරන්න හැදුවත් රින්ස් ගිහින් ඉවර වෙලා කෝල් එක කට් වුනා.ඒ ආයෙමත් ඒ කෝල් එකම ආවා. ෆෝන් එක ආන්සර් කරලා මං සද්දෙ නැතුව හිටියා.
“ඔයා වැඩකද හිටියේ නිර්මාල්.ඇයි කෝල් එක ආන්සර් නොකරේ?…….”📲
සිහින් හඩින් කතා කරපු ඒ කටහඬ කෙල්ලෙකුගේ කියලා අදුරගන්න මට අපහසු වුනේ නැහැ.
“කව්ද ඔය…….”📲
මං එහෙම ඇහුවා විතරයි ඒ කෙල්ල දඩස් ගාලා කෝල් එක කට් කරා.මං ෆෝන් එක පැත්තකින් තියලා කාමරෙන් එලියට ගියා.එතකොට මල්ලි ආවා.
“කව්ද මල්ලි නිශා කියන්නේ?……”
කිසිම වෙනසක් නොපෙන්වාම මං මල්ලිගෙන් එහෙම ඇහුවා.මං එහෙම අහද්දී මල්ලි බය වුනා.😲
“නිශා….ආ මේ අර එහා වත්තෙ ගෙදර හදන බලු පැටියගෙ නම නිශා.ඇයි අක්කෙ?……”🤣😁😂
“ආ ඇත්තද?😁ආන් ඒ බලු ඇටියගෙන් කෝල් එකක් ආවා……”🤣😂
දවස් තුනක්ම අම්මලාගෙ ගෙදර හිටපු මායි විරාජුයි ආපහු අපේ ගෙදර ආවා.
“වැල්ලෙ අයියා……වැල්ලෙ අයියා……”
කව්දෝ මන්දා ගේ ඉස්සරහට ඇවිල්ලා විරාජ්ගෙ තාත්තට කතා කරන සද්දෙ ඇහුනා.මායි විරාජුයිත් මිදුලට ගියා කව්ද කියලා බලන්න.විරාජ්ගෙ තාත්තත් එවලෙම ආවා කව්ද ආවෙ කියලා බලන්න.ඇවිත් හිටියේ ගුණේරිස් මාමා.
“මොකෝ ගුණේරිස් මේ කලබලෙන් වගේ?මොකක්ද කාටවත් කරදරයක්ද?……”
විරාජ්ගෙ තාත්තා ඒ ගුණේරිස් කියන මනුස්සයගෙන් එහෙම ඇහුවා.ඒ මනුස්සයා හිටියේ හුගාක් බය වෙලා. ලොකූ කලබලේකින් වගෙයි.මූණ පුරාම දාඩියත් දාලා තිබුනා.
“අනේ වැල්ලෙ අයියේ එහා ගමේ විජේපාලයා ඊයෙ රෑ මගේ බෝට්ටුවට ගිණි තියලා.අනේ දෙයියනේ…….”😭😭
ඒ මනුස්සයා හොදටම අඩන්න පටන් ගත්‍තා.විරාජ්ගෙ තාත්තාටයි විරාජ්ටයි නම් හොදටම කේන්ති ගියා.ඒත් මට බය හිතුණා විරාජ් ඒ විජේපාල කියන මනුස්සයත් එක්ක රණ්ඩුවට යයි කියලා.
“එහෙම කරන්න හේතුව මොකක්ද ගුණේරිස්……”
“අනේ වැල්ලෙ අයියෙ පෙරේදා උදේ අපේ බෝට්ටුවකට ඒ උන්ගෙ දැලක් අහුවෙලා ඉරිලා.අපි ඒකට වන්දි ගෙවන්නත් පොරොන්දු වුනා…….”😢😢
“පොරොන්දු වෙලා තියැද්දීත් උන් බෝට්ටුවට ගිනි තිබ්බද?……”😡😡
විරාජ්ට හොදටම කේන්ති ගිහින් තිබ්බා.
“පුතා විරාජ්…..ගිහින් මේ ප්‍රශ්නෙ බේරුමක් කරන්න…….”
විරාජ්ගෙ තාත්තා විරාජ්ට ඒ ප්‍රශ්නෙ විසදන්න බාර දුන්නත් මං නම් හිටියේ හොදටම බියකින්.විරාජ් ආපහු ගෙදර එනකල් මං හිටියේ ගැහි ගැහී.
පැය දෙකක් ගියා විරාජ් තවම ගෙදර ආවෙ නැහැ.මට හොදටම බය හිතුණා. විරාජ්ගෙ තාත්තට කියලා බලන්න ඕනි කියලා හිතලා මං සාලෙට යන්න හදද්දී විරාජ් ගෙදර ආවා.
“විරාජ් ඔයා හොදින් නේද?මොකුත් ප්‍රශ්නයක් වුනේ නෑ නේද?මං ගොඩාක් බයෙන් හිටියේ…….”😫😫
“ඒයි….මොකෝ මේ බය වෙලා.මං හොදින් මට මොකුත් වුනේ නැහැ.කියපු තරම් ලොකු හානියක් බෝටුවට වෙලා නැහැ.ඒ ප්‍රශ්නෙ විසදුනා.විජේපාල කියන තරම් නරක මනුස්සයෙක් නෙවෙයි……”
“අම්මෝ ඇති යාන්නං.මං හිතුවේ ඔයා ඒ අයත් එක්ක රණ්ඩුවට යයි කියලා.ඔයා ගෙදර එනකල් මං බයෙන් ගැහි ගැහි හිටියෙ විරාජ්…….”
“බය වෙන්න එපා රත්තරං.මට මොකුත් වුනේ නෑ……”😘
“විරාජ්….හෙට පෝය නිසා පන්සල් යමුද? මට හරිම ආසයි පන්සල් යන්න…….”
මගේ අප්පච්චී ක්‍රිස්තියානි වුනාට අම්මා බුද්ධාගමෙ.ඒ නිසා අපි පන්සල් ගිහින් තියනවා.හෙට පෝය නිසා මට ආස හිතුණා විරාජ් එක්ක පන්සල් යන්න.
“හ්ම්ම්.හා යමුකො…..”
පහුවදා උදෙන්ම අපි දෙන්නා පන්සල් ගියා.බුදුන් වැදලා මල් පූජා කරලා පහන් පත්තු කරා.පන්සලට ආවාම දැනෙන්නේ හරිම නිස්කලංක බවක්.හිතට කියා ගන්න බැරි තරම් සැහැල්ලුවක් දැනෙනවා.පන්සල තියන්නේ මුහුද කිට්ටුවෙන්මයි.පන්සලේ උඩ මලුවට ගියාම මුහුදු හුළං හොදට වැදෙනවා. හරිම සනීපයක් දැනෙන්නේ.පන්සලේ උඩ මලුවේ ඉදන් ටිකක් වෙලා අපි පහල බලාගෙන හිටියා.
පැයක් විතර අපි දෙන්නා පන්සල් භූමියේ ගත කරා.ගොඩාක් වෙලා අව්වේ හිටපු නිසාද මන්දා එකපාරටම මට ක්ලාන්තෙ ගතියක් දැනුනා.මුලු ඇගම පණ නැති වීගෙන යද්දී මාව එහෙම්මම ඇදගෙන වැටුනා.
😍😍😍😍😍😍😍😍
ඊලග කොටසින් නැවතත් හමුවෙමු.