මේ ලෝකේ බිලියන ගනනාවක ජනතාව හිටියත් අපි අතර ඉන්න හැම කෙනෙක්ම පුදුමාකාර හා ඉතාමත් සුවිශේෂි පුද්ගලයින්. ගොඩක් වෙලාවට අපි අතර ඉන්න අනිත් අය අපිට සමානකම් පෙන්නුවත් ඇත්තටම එහෙම නෙවෙයි, මේ ලෝකේ කොච්චර සෙනග හිටියත් එක වගේ දෙන්නෙක් තවම හොයා ගන්න බැරි වෙලා තියෙනවා. මේ ලිපිය කියවනකොට ඔයාට හිතෙනව නම් ඔයා වගේම තව කෙනෙක් ඉන්නවා කියලා අපිටත් කියන්න එතකොට අපිට පුලුවන් ඔයත් එක්ක වගේම අපේ අනිත් යහලුවො එක්කත් ඒ දේවල් බෙදා ගන්න.
ඔයාට කරන්න තියෙන්නේ මෙතන තියෙන එක පිහාටු පෑනක් තෝර ගන්න. ඊට පස්සේ අපට පුලුවන් එතනින් කියවෙන්නේ මොනවද කියලා බලන්න.

01.ඔයා ගොඩක් වෙලාවට ඔයත් එක්ක ගණුදෙනු කරන අය එක්ක සමගිය පවත්වගෙන යන්න කැමති සාමකාමි පුද්ගලයෙක්, ඒ නිසා ම ඔයා අනිත් අයට උදවු කරන්න කැමති කෙනෙක් සමහර වෙලාවට ඔයා අවට සිටින අය ඔයා දුර්වලයෙක් විදියට පිළි ගන්නවා. ඒත් ඒක ඇත්තටම වැරදි, ඔයාට හැම මොහොතක දිම ඔයාව අගය කරන හොද ගතිගුණ තියෙන හොද මිතුරන් ගොඩක් අැතිවෙනවා ඔයාගේ හිත හොද නිසා.

02.ඔයා කැමති ගොඩක් වෙලාවට ප්රශ්න නැතිව පිළිවෙලකට ජිවත් වෙන්න, ඒ නිසාම ඔයා අනිත් අයගෙනුත් ඒ දේ බලාපොරොත්තු වෙනවා.ගොඩක් වෙලාවට ඔයා තනියම ඉන්නව නම් ගොඩක් හොදයි. නැතතම් ඔයාගේ අවට අය එක්ක අසමගිය තරහා ඇතිවෙන්න පුලුවන් ඔයාගේ සිතුවිලි එක්ක. ඔයාට ඉක්මනින් දෙවල් මතක තියා ගන්න පුලුවන් ඉගෙනිමට දක්ෂ කෙනෙක්.

03.ඔයා ගොඩක් වෙලාවට විවෘත කෙනෙක්, හැබැයි ඒක දන්නේ ඔයාගේ ඇත්තම යහලුවන් විතරයි. අනිත් අය ඔයා ගැන හිතාගෙන ඉන්නේ තනියම ඉන්න කැමති හුදකලා මනුස්සයෙක් කියලා.ඔයා ගොඩක් වෙලාවට අනිත් අය ගැන හිතනනේ නැහැ, ඔයාට පළවෙනි තැන ඔයාගේ සාර්ථකත්වයයි. ඇත්තෙන්ම ඔයා කවුද කියලා දන්නේ ඔයාගේ ලඟම යහලුවන් පමණයි.

04.ඔයාගේ ජිවිතය උපරිමයෙන්ම බුක්ති විදින්න කැමතිනම් මතක තියා ගන්න ඕන හැම මනුස්සයටම මේ ලෝකේ දැනෙන විදිය හැඟීම් වෙනස් මොකද එයාගේ සිතුවිලි වලට අනුව අපට දැනෙන හැමදේම එයාලට දැනෙන්නේ නැහැ, ඉතින් ඔයා ඇත්තටම ශක්තිමත් නායකයෙකුගේ ගති ලක්ෂන තියෙන කෙනෙක්.

05.ඔයාට හැම දෙයක්ම ලස්සන හැඩතල මැවෙන කෙනෙක්. අපේ සැගවුන කලා කුසලතා මේ ලෝකයත් එක්ක බෙදාගෙන ඉදිරියට යන්න පුලුවන් කෙනෙක්. ඔයා ගොඩක් සංවේදි පොහොසත් සිතුවිලි තියෙන කෙනෙක් ඔයා ගොඩක් වෙලාවට සැකයෙන් ඉන්න කෙනෙක් නිසා ඔයාගේ අදහස් අනිත් අයට පෙන්නන්න ඔයා කැමති නැහැ ඒ නිසාම ඔයාගේ සාර්ථකත්වය කරා යන්න ඔයා ටික්ක පරක්කු වෙනවා.(අසාර්ථක විමේ භය නම් අපි ඕනම කෙනෙක්ට තියෙනවා ඉතිම්)
ඔයා තොර ගත්ත පිහාටු පෑන මොකක්ද ඔයා ගැන තියෙන දේවල් මොනවගේ ද,පුලුවන්නම් ඔයාගේ අදහසුත් අපිත් එක්ක කියන්න, අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.