මොනවද ධම්මික අයියෙ ඔයා කියන්න හදන්නේ?ඔයා කියන්නේ මෙයා හොද කෙනෙක් කියලද?ආ……”

දැඩි කේන්තියෙන්ම මං ධම්මිකගෙන් එහෙම ඇහුවා.

“නංගී මේ හැම දෙයක්ම අපි ප්ලෑන් කරලා කරපුවා……”

“මොකක්??……”

“ඔව් නංගී.මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නිර්මලා.මෙයාට විරාජ් එක්ක කිසිම සම්බන්දයක් නැහැ.ඔයා එදා දැකපු හැම දෙයක්ම බොරු.විරාජ් ආදරේ කරන්නෙ ඔයාට විතරයි.එයා ඔයාගෙ ආදරේ ලබා ගන්න පුදුම කැපකිරීමක් කරේ.ඒත් ඔයා ඒ ආදරේ තේරුම් ගත්තෙ නැහැනේ. විරාජ් මට මගෙ සහෝදරයෙක් වගේ.ඌ ඔයා සම්පූර්ණයෙන්ම වෙනස් වුනා.ඒක දන්නෙ මමයි…….”

විරාජ් මට ආදරේ කරා කියලා මං දන්නවා.ඒත් මං හින්දා විරාජ් වෙනස් වුනා කියන්නේ මොකක්ද?මට ඒක තේරුනේ නැහැ.

“මොකක්ද ධම්මික අයියෙ ඒ කතාව?මං හින්දා විරාජ් වෙනස් වුනා කියල කියන්නේ?……”

“ඔයාලා උපන් දා ඉදලම ජීවත් වුනේ මේ වැල්ලෙනේ.මේ වැල්ලෙ ජීවත් වෙන හැම කෙනෙක් ගැනම ඔයාලා හොදට දන්නවා.
විරාජ් ගැන ඔයා හොදට දන්නවා.ඉස්සර විරාජ් කොයි විදියටද ජීවත් වුනේ???මේ වැල්ලෙ කවුරුහරි කාත් එක්ක හරි රණ්ඩුවක් ගියොත් අනිවාර්යයෙන්ම විරාජ් එතන ඉන්නවා.කිසිම වගකීමක් ගන්නෙ නැතුව ඔහේ රස්තියාදුකාර ජීවිතයක් විරාජ් ගත කරේ.ඒ ගැන ඉතිං ඔයා හොදටම දන්නවනේ චායා නංගී.මං දන්න හැටියට නම් ඔයාව කසාද බැන්ද දවසෙ ඉදන් ඌ සම්පූර්ණයෙන්ම වෙනස් මිනිහෙක් වුනා.උගෙ අම්මා තාත්තාටවත් බැරි වුනා ඌව හරි මාර්ගයට ගන්න.ඒත් ඔයා හින්දා විරාජ් ඒ රස්තියාදුකාර ජීවිතයෙන් අයින් වුනා.ඔයාව සතුටින් තියන්න ඌ හැම කැපකිරීමක්ම කරා. ඔයා විරාජ් එක්ක තරහ වෙලා ගෙදරින් ගිහින් හිටපු දවස් වල විරාජ් වැඩියෙන්ම හිටියේ බාර් එකේ.’මචං මට චායා නැතුව ජීවත් වෙන්න බෑ බං,මගෙ චායාව මට ගෙනත් දීපං’ කිය කියා ඌ මාත් එක්ක කිය කියා සෑහෙන ඇඩුවා.නංගී,ඔයා විරාජ්ට මොන තරම් වෛර කරත්,මොන තරම් දුක් ගින්දර දුන්නත් ඌ ඔයාට උගෙ පණටත් වඩා ආදරෙයි…….”

ධම්මික අයියා කියපු දේවල් මං අහන් හිටියේ හීනෙන් වගේ.😥😥දෙයියනේ😱විරාජ් මට මෙච්චර ආදරේ කරලද?විරාජ් වෙනුවෙන් මගෙ ඇස් දෙකට කදුලු උනන්න මට වැඩි වෙලාවක් ගියේ නැහැ. මං මෙච්චර කාලයක් විරාජ්ට සැලකුවේ මොන තරම් පහත් විදියටද?😭😭

“නංගී…..විරාජ් අයියා ඔයාට පණ වගේ ආදරෙයි.මෙච්චර කාලයක් ඔයා කරපු වැරදි වලට එයා ගාවට ගිහින් එයාගෙන් සමාව ගන්න.එයා ඔයාට සමාව දෙයි……”

එහෙම කිව්වේ නිර්මලා.ඒත් දෙයියනේ මං කොහොමද මේ දේවල් දැන ගෙන විරාජ් ගාවට යන්නේ.😢😢

“අනේ….😢😢මට බෑ විරාජ් ගාවට යන්න. මට බෑ අක්කෙ විරාජ්ට මුහුණ දෙන්න.මං එයාට මොන තරම් වැරදි කරාද?මට බයයි අක්කේ……”😭😭

මං නිරමලා අක්කගේ උරහිසට හේත්තු වෙලා හොදටම ඇඩුවා.😭😭

“මොකටද බය වෙන්නෙ?විරාජ් ඔයාට තාමත් ආදරෙයි.මාත් එක්ක සම්බන්දයක් තියන බව ඇගෙව්වේ ඔයාගෙ ආදරේ එලියට ගන්නයි.මට කියන්න චායා නංගී ඔයා විරාජ්ට ආදරෙයි නේද?……”

“ඔ…ඔව් අක්කෙ මං විරාජ්ට ගොඩාක් ආදරෙයි……”😭❤️

“එහෙනම් හොද ළමයා වගේ දැන් ගෙදර යන්න.ගිහින් විරාජ්ගෙන් සමාව අරගෙන ආදරෙයි කියන්න……”

“අක්කෙ…ධම්මික අයියෙ ඔය දෙන්නා මේ කිසිම දෙයක් විරාජ්ට කියන්න එපා.මං ගිහින් එන්නම්……”

“හරි හරි අපි කියන්නෙ නෑ.පරිස්සමින් යන්න……”

මං එතනින් මිදිලා ගෙදර ආවේ අමුතුම හැගීමකින්.දැනුයි මට තේරෙන්නෙ මං විරාජ්ට මොන තරම් දුකක් දෙන්න ඇත්ද කියලා.කසාද බැදලා මාස එකොළහක් වෙන්න ආවා.අද වෙනතුරු විරාජ් මට කිසිම අඩුවක් කරලා නැහැ.පණටත් වඩා මට ආදරේ කරපු විරාජ් වෙනුවෙන් මං මොනවද කරේ?ඒ ආදරේ මං මොන තරම් හෑල්ලු කරාද?😢😢මට මං ගැනම ඇති වුනේ විශාල ලැජ්ජාවක්.


මං ආපහු ගෙදරට එනකොට විරාජ් ගෙදර ඇවිල්ලා හිටියා.

“කොහෙද තමුං ගියේ?……”🤬

කෝපයෙන් යුතුව විරාජ් මගෙන් එහෙම අහද්දී මං එකපාරටම ගැස්සිලා ගියා.ඒත් මං බය වුනේ නැහැ.

“මං…මේ….මුහුදු වෙරලට ගියේ විරාජ්……”

“ඒ මොකටද?……”😡

“ආසාවට……”😂

“තමුසෙගෙ කට වැඩියි…….”

“ඔව් වැඩියි තමයි…….”

මාත් විරාජ් අහන අහන දේවල් වලට හරහටම උත්තර දුන්නා.

“මං තමුසෙට කියලා තියනවා නේද මගෙන් අහන්නෙ නැතුව එලියටවත් බහින්න එපා කියලා.එහෙම එපා කියද්දී ඇයි තමුං ගියේ?…….”🤬🤬

විරාජ්ට හොදටම තරහ ගිහින් තිබුනා මං එයා කියපු දේ අහපු නැති එකට.මට බයත් හිතුණා.දෙයියනේ මෙහෙම තරහ ගිහින් ඉන්නැද්දී මං කොහොමද විරාජ්ගෙන් සමාව අරන් එයාට ආදරෙයි කියන්නේ.

“සොරි විරාජ්.ඔයා ගෙදර හිටියෙ නෑනෙ……”

“පුතේ……”

විරාජ්ට කතා කරගෙන විරාජ්ගෙ අම්මා කාමරේට ආවා.

“ඇයි අම්මේ?……”

“පුතේ අර සාලෙ තියන පුටු සෙටිය දැන් ගොඩක් පරණයි.වේයොත් කාලා.අලුත් එකක් ගෙනාවනම් හරි.හවසට තාත්තත් එක්ක ගිහින් පෙරේරා මහත්තයගේ ලී බඩු සාප්පුවෙන් බලන්න…….”

“අලුත් එකක් ගේන්න ඕන්නෑ අම්මෙ. මේක සාලෙන් තියමු……”

“හා එහෙනම් මං ලයනල්ට කියන්නම් මෙක හවසට පල්ලෙහාට දාන්න කියලා…..”

එහෙම කියලා විරාජ්ගෙ අම්මා කාමරෙන් ගියා.මං රෑට නිදා ගන්නෙ ඒ සෙටියෙනෙ. ඒක සාලෙට ගෙනිච්චම මං කොහෙද නිදා ගන්නෙ?එකත් එකට මේකත් විරාජ්ගෙ ප්ලෑන් එකක්ද කොහෙද.

කුසුමාත් එක්ක එකතු වෙලා රෑට කන්න මං රයිස් හැදුවා.

“ඇයි නෝනෙ අද මේ රයිස් හදන්න හිතුවේ?මොකක් හරි විශේෂත්වයක්ද?……”

“අනේ නෑ කුසුමා.මට නිකමට වගේ හිතුණා ඒකයි…….”

රෑට කාලා ඉවර වෙලා කුස්සිය අස් කරලා කාමරේට එද්දී විරාජ් කාමරේ නෑ.විරාජ් කොහේ ගියාද කියලා බලන්න මං බැල්කනියට ගියා.ටික වෙලාවකින් විරාජ් කාමරේට ආවා.

“කොහෙද ගියේ විරාජ්?……”

“ඇයි අහන්නේ?……”

“ඇයි කියන්නේ කාමරේ හිටපු නැති හින්දා ඇහුවේ.මේ රෑ වෙලා කොහෙද ගියේ?…….”

“අර මිනිස්සුන්ගෙ සල්ලි ටික දෙන්න ගියේ……”

එහෙම කියලා විරාජ් ඇදේ නිදා ගත්තා.මං කල්පනා කරේ මං කොහේද නිදා ගන්නේ කියලා.ඕනි දෙයක් වුනාවේ කියලා හිතාගෙන මාත් ඇදේ අනික් පැත්තෙන් නිදා ගත්තා.

☁️🌥️⛅🌤️🕟

උදේ පාන්දර හතරාමාරට විතර මට ඇහැරුනා.මං නැගිට්ටේ අද විරාජ්ගෙ අම්මගේ උපන් දිනේ නිසා කිරිබත් හදන්න කුස්සියට යන්න.මගේ උකුළ මතට කකුලකුත් දමාගෙන පපුවට උඩින් සුරතත් දමාගෙන විරාජ් හොදටම නිදාගෙන හිටියා.දෑස් පියාගෙන මං දෙසට හැරී නිදාගෙන ඉන්න විරාජ්ව දකිද්දී මගෙ හදවතට දැනුනේ ආදරණීය හැගීම් ගොන්නක්.මදක් වවා තිබූ කොණ්ඩය, සුදු පැහැති ඒ ආදරණීය මුහුණ, තැනින් තැන මදක් රැව්ල් කොට….විරාජ්ගෙ දගකාරකම් හොදින්ම ඉස්මතු වී තිබුණා. ඒ සුදු මුහුණට පිළිවෙලට වඩා අපිළිවෙල හැඩකාරයි කියලා මට හිතුණා.තවමත් විරාජ් හිටියේ තද නින්දේ.දැන්ම ඇහැරෙන පාටක් නම් නෑ.පාත් වෙලා ඒ සුදු මූණ හෙමිහිට සිපගත්තා.ඊට පස්සේ විරාජ්ට නොදැනෙන්නට මගේ පපුව උඩින් දමාගෙන හිටපු අත පැත්තකට කරා.මගේ උකුළ මතට දමාගෙන හිටපු කකුල හෙමිහිට පැත්තකට කර ඇදෙන් නැගිට මුලුතැන්ගෙට ගියෙමි.

“ආනේ….නෝනෙ උදේ පාන්දරම නැගිටලානෙ…….”

මං කුස්සියට යද්දීත් කුසුමා නැගිටලා වැඩ.

“ඔව් කුසුමා.අද අම්මගේ උපන්දිනේනෙ. අපි කිරිබත් හදමු……”

“ඔව් නෝනෙ.මං මේ අලුවා හදන්න ලෑස්ති කරා.නෝනෙ එහෙනම් හාල් ටික හෝදලා ගන්නකෝ…….”

කුසුමා අලුවා ටික හදද්දී මං හාල් හෝදලා ගත්තා.

“නෝනෙ අලුවා ටික හරි……”

“හරි කුසුමා.කිරිබත් ටිකත් හරිනෙ.දැන් මේ ටික මේසෙට ගෙනියමු……”

කුසුමායි මායි දෙන්නම එකතු වෙලා උපන් දින කෑම මේසෙ සූදානම් කරා.කේක් එකත් එකත් සූදානම් කරා.🎂

Happy birthday to you…..
Happy birthday to you…..
Happy birthday dear ammaa…..
Happy birthday to you…..
👏👏🎂👏👏🎀🎊️🎁🎗️🎉️🎈🎂🍰🍺🍭🍥🍬🍭🎂🍰🍰🍻🍺🎂🎂🥧🥂🍻🍷🍹🥂🍸🥂🍹🍰🎂🍰🥧🎂🎂🍭🍻👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

කලින්ම සූදානම් කරලා තියා ගත්තු ත්‍යාගය මං විරාජ්ගෙ අම්මට දීලා සුභ පැතුවා.

“බොහොම ස්තූතියි දුව……”

“හැබැයි ඊගාව උපන් දිනේට නම් ඔහොම තෑග්ගක් දීලා හරියන්නෙ නැහැ නේද මල්ලිකා…….”

එහෙම කිව්වේ විරාජ්ගේ තාත්තා.

“ඔව් පුතා දැන් නම් අපිව ආච්චිලා සීයලා කරන්න කාලෙ හරි.දෙයියනේ කියලා අපේ ඇස් පියවෙන්න කලින් අපිත් ආසයි මුණුපුරෙක් හරි මිණිපිරියෙක් හරි දකින්න…….”

ඒකට විරාජ් මොකුත් කිව්වෙ නැහැ.මාත් මොකුත්ම කිව්වේ නැහැ.හිනා වෙලා අහක බලා ගත්තා විතරයි.


“චායා…..මෙහාට එනවකෝ පොඩ්ඩක්…….”

“ඇයි විරාජ්?…….”

“මෙහෙම ඉදලා තේරුමක් නෑනෙ චායා. මං කියන්නද අපි දෙන්නා ඩිවෝස් වෙමු. ආදරයක් දැනෙන්නෙ නැති කෙනෙක්ව ලග තියාගන්න තව දුරටත් මට උවමනාවක් නැහැ.ආදරේ කියන දේ බලෙන් ලබා ගන්න බැහැනෙ.ඔයත් කැමතියිනෙ ඩිවෝස් වෙන්න…….”

අනේ දෙයියනේ විරාජ් මොනවද මේ කියන්නේ?මං විරාජ්ට ආදරේ කරන්න පටන් ගත්තා විතරයි එයා මාව ඈත් කරන්න හදනවා.😭😭

“මොකද සද්දෙ නැත්තේ?තමුන්ට මගෙන් අයින් වෙලා ආදරේ කරන්න හොද කෙනෙක්ව හොයා ගන්න පුලුවන්……”

බැහැ මං කොහෙත්ම ලෑස්ති නෑ විරාජ්ගෙන් අයින් වෙන්න.මං මෙච්චර කාලයක් විරාජ්ට මොන තරම් වෙනස් කම් කරාද?ඒ හැම දෙයක්ම විරාජ් දරා ගත්තේ මට තියන ආදරේ හින්දනේ.මගෙ ඇස් දෙකෙන් කදුලු ගලාගෙන ගියා.මං එහෙම්ම විරාජ්ගෙ කකුල් දෙක පාමුල ඇදගෙන වැටුනා.🙏😭

“අනේ එපා විරාජ්.මාව ඔයාගෙන් ඈත් කරන්න එපා.මං ඔයාට ගොඩාක් ආ…. ආදරෙයි මගෙ රත්තරං.මෙච්චර කාලයක් මගෙ අතින් වුනු වැරදි වලට මට සමාවෙන්න විරාජ්.ඔයා දෙන ඕනම දඩුවමක් මං බාරගන්නම්.අනේ මාව ඔයාගෙන් ඈත් කරන්න නම් එපා…….”😭🙏

අඩ අඩා මං එහෙම කියද්දී විරාජ් මාව එයාගෙ අත් දෙකෙන්ම අල්ලලා නැගිට්ටෙව්වා.

“මෝඩි කෝ පිහදාගන්නවා ඔය කදුලු……”

විරාජ්ම එයාගෙ අතින් මගෙ ඇස් වල කදුලු පිසදැම්මා.

“පිස්සී…..මං ඔයාව ඩිවෝස් කරන්නෙ නැහැ.එහෙම කිව්වේ බොරුවට. එහෙමවත් කරේ නැත්නම් ඉතිං ඔය හිතේ මං ගැන තියන ආදරේ කොහොමද එලියට ගන්නේ…….”

අම්මෝ ඇති යාන්තං.දැනුයි මගෙ ඇගට ලේ ටිකක් ඉනුවේ.මං හිතුවේ ඇත්තටම විරාජ් මාව ඩිවෝස් කරන්න හදනවා කියලා.

“කියන්න විරාජ් ඔයා මට සමාව දෙනවා නේද?මාත් එක්ක තරහ නෑ නේද?…….”

“නෑ චායා මං ඔයත් එක්ක තරහ නෑ.පහු ගිය දේවල් අපි අමතක කරමු……”

“මං කරපු හැම දෙයක්ම ඔයා ඉවසුවනේ. මට ඔයා ගැන පුදුමයි විරාජ්……”

“මං දැනගත්තා චායා ඔයා මාව කවදා හරි තේරුම් ගනියි කියලා.ඔයා මට ආදරෙයි කියලා මං දැනගත්තේ එදා ඔයා සාරි ජැකට් එක ගේන්න ගිය දවසෙයි……”

මට මතක් වුනේ ධම්මික අයියයි නිර්මලායි කියපු දේවල්.

“මෝඩයා……කට්ටියම එකතු වෙලා මාව රැවැට්ටුවා නේද?……”

එහෙම කිව්වම විරාජ් මාව තුරුල් කර ගත්තා.

“ඔයා තමයි මෝඩි.හිතුවේ පාන්දර මට හොදටම නින්ද ගිහින් හිටියේ කියලා නේද?මං දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා හිමිහිට කිස් එකක් දීලා මාරුවුනා. මං ඇහැරිලයි හිටියේ……”

“අනේ ඔයා හොද නෑ විරාජ්.මං හිතුවේ ඔයා නිදි කියලා…….”

ඊලග කොටසින් නැවත හමුවෙමු

“මොනවද ධම්මික අයියෙ ඔයා කියන්න හදන්නේ?ඔයා කියන්නේ මෙයා හොද කෙනෙක් කියලද?ආ……”

දැඩි කේන්තියෙන්ම මං ධම්මිකගෙන් එහෙම ඇහුවා.

“නංගී මේ හැම දෙයක්ම අපි ප්ලෑන් කරලා කරපුවා……”

“මොකක්??……”

“ඔව් නංගී.මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නිර්මලා.මෙයාට විරාජ් එක්ක කිසිම සම්බන්දයක් නැහැ.ඔයා එදා දැකපු හැම දෙයක්ම බොරු.විරාජ් ආදරේ කරන්නෙ ඔයාට විතරයි.එයා ඔයාගෙ ආදරේ ලබා ගන්න පුදුම කැපකිරීමක් කරේ.ඒත් ඔයා ඒ ආදරේ තේරුම් ගත්තෙ නැහැනේ. විරාජ් මට මගෙ සහෝදරයෙක් වගේ.ඌ ඔයා සම්පූර්ණයෙන්ම වෙනස් වුනා.ඒක දන්නෙ මමයි…….”

විරාජ් ගැන ඔයා හොදට දන්නවා.ඉස්සර විරාජ් කොයි විදියටද ජීවත් වුනේ???මේ වැල්ලෙ කවුරුහරි කාත් එක්ක හරි රණ්ඩුවක් ගියොත් අනිවාර්යයෙන්ම විරාජ් එතන ඉන්නවා.කිසිම වගකීමක් ගන්නෙ නැතුව ඔහේ රස්තියාදුකාර ජීවිතයක් විරාජ් ගත කරේ.ඒ ගැන ඉතිං ඔයා හොදටම දන්නවනේ චායා නංගී.මං දන්න හැටියට නම් ඔයාව කසාද බැන්ද දවසෙ ඉදන් ඌ සම්පූර්ණයෙන්ම වෙනස් මිනිහෙක් වුනා.උගෙ අම්මා තාත්තාටවත් බැරි වුනා ඌව හරි මාර්ගයට ගන්න.ඒත් ඔයා හින්දා විරාජ් ඒ රස්තියාදුකාර ජීවිතයෙන් අයින් වුනා.ඔයාව සතුටින් තියන්න ඌ හැම කැපකිරීමක්ම කරා.

ඔයා විරාජ් එක්ක තරහ වෙලා ගෙදරින් ගිහින් හිටපු දවස් වල විරාජ් වැඩියෙන්ම හිටියේ බාර් එකේ.’මචං මට චායා නැතුව ජීවත් වෙන්න බෑ බං,මගෙ චායාව මට ගෙනත් දීපං’ කිය කියා ඌ මාත් එක්ක කිය කියා සෑහෙන ඇඩුවා.නංගී,ඔයා විරාජ්ට මොන තරම් වෛර කරත්,මොන තරම් දුක් ගින්දර දුන්නත් ඌ ඔයාට උගෙ පණටත් වඩා ආදරෙයි…….”