ඔයාගේ ආදරවන්තයා ආදරවන්තිය ඔයාට ඇත්තටම ආදරෙයිද? හරියටම දැනගන්න මෙන්න කරුණු 12ක්.ආදරය කරනවා කියන තැන කිසිවක් ඇත්තේ නැහැ. නමුත් ආදරය ලබනවා කියන තැන යම් දෙයක් තිබෙනවා. ඒ වගේම ආදරය කරනවා සහ ලබනවා කියන තැන සියලුම දේ තිබෙනවා. මේ ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ කියමනක්.ඔයා දැනටමත් ආදරවන්තයෙක් හෝ ආදරවන්තියෙක් නම් මේ වීඩීයෝව කිසිම විදියකින් මග හැරගන්න එපා. ඒවගේම ඔයා තනිකඩව ඉන්න කෙනෙක් උනත් අනාගතය වෙනුවෙන් මේ වීඩීයෝව බලන එකෙන් පාඩුවක් වෙන එකක් නෑ. ඔයා ආදරය කරන කෙනා ඔයාට ඇත්තටම ආදරය කරනවද? ඒ කාරණය මේ වීඩීයෝව අවසන් වෙනකන් බැලුවොත් ඔයාට හරියටම දැනගන්න පුලුවන්. ඉතින් පළවෙනි කාරණයට එන්න කලින් බලන්න ඔයා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද කියල. එහෙම නැත්නම් මේ දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.ඒවගේම මේවගේ වීඩීයෝ දාපු ගමන් දැනගන්න ඕන නම් බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න.
අංක එක : කෑම බෙදා හදාගන්නා පුරුද්ද.බොහෝ රසවත් ආහාරයක් අනුභව කරන කෙනෙක් එයින් කුඩා කොටසක් හෝ කිසිම කෙනෙකුට දෙන්න තරමක් අදිමදි කරන එක පුදුමයට කාරණයක් නොවෙයි.නමුත් ඔයාට පුලුවන් නම් ඔයාගේ අම්මා තාත්තා මතක් කරන්න, ඔවුන් මොන තරම් රසවත් ආහාරයක් උනත් අනුභව කලේ ඔයාට වැඩි කොටසක් ලබා දීලයි. ඉතින් මේ නියමය ආදරය කරන දෙන්නෙකුටත් වලංගු වෙනවා. ඔයාගේ ආදරවන්තිය, ආදරවන්තයා ඔයාට කෑම කවන්න කැමතිද, එහෙමත් නැත්නම් රසවත් ආහාරයක වැඩිම කොටස දෙන්නේ ඔයාටද? එහෙනම් එයා පලවෙනි කාරණයෙන් ඉහළීන්ම සමත් වෙනවා.
අංක දෙක : නිතරම කතා කරන්න උත්සාහ කිරීම. මේ වෙනකොට සන්නීවේදනය තියෙන්නේ අතිශයින් දියුණු මට්ටමක.මේ නිසා දෙදෙනෙක්ට එක ලගින් කාළය ගත කරන්න බැරි උනත් එකිනෙකා ගැන සොයා බලන්න හැකියාව ලැබිලා තිබෙනවා. ආදර සම්බන්ධතා පිලිබද පර්‍යේශණ පවත්වන පර්‍යේශකයින් පවසන්නේ නිතරම කෙටි පණිවිඩ එවන පුද්ගලයෙක්ට වඩා තමා ආදරය කරන කෙනා ඇමතීමට උත්සාහ කරන කෙනා සම්බන්ධයකදී අවංක වන බවයි.ඒකට හේතුව තමයි කාර්‍යබහුල මොහොතක උනත් කෙටි පණිවිඩයක් නොඑවා ඔයා ඇමතීමට තරම් එයාට ඔයා විශේෂ කෙනෙක් වීමයි.
අංක තුන : ජංගම දුරකතනය ගැන විශේෂ අවධානයක් නොදැක්වීම.වර්තමානයේ ජංගම දුරකතන වල ආරක්ශාව වෙනුවෙන් බෝහෝ ආරක්ෂිත ක්‍රියා මාර්ග දකින්නට ලැබෙනවා. ඇගිලි සලකුණ තැබීම, පින් අංකයක් යෙදීම වගේම කටහඩට සංවේදී ආරක්ෂිත උපක්‍රම පවා මේ වන විට දුරකතන වල දකින්නට ලැබෙනවා. නමුත් ඔබ සහ ඔබගේ සහකරු හෝ සහකාරිය එක්ව සිටින වෙලාවක මේ සියල්ල අමතක කර ජංගම දුරකතනයට ලබා දෙන්නේ අවම අවධානයක් නම් ඔහු හෝ ඇය අවංක පුද්ගලයෙක් බව අපිට දළ වශයෙන් අනුමානය කරන්නට පුලුවන්. ඔවුන් එසේ නිදහසේ හැසිරෙන්නේ ඔවුන්ට සැගවීමට දෙයක් නොමැති, අවංක පුද්ගලයන් නිසා වෙන්නට පුලුවන්.
අංක හතර : අළුත් දේවල් අත් හදා බැලීමට ඇති කැමැත්ත.දෙදෙනෙක් එක්ව ආදර සම්බන්ධයක් ඇති කරගන්නා විට ගැලපීම් වගේම නොගැලපීම් රාශියකුත් තිබෙන්නට පුලුවන්. උදාහරණයක් විදියට ක්‍රීඩා, සංගීතය, ආහාර පාන වගේ දේවල් නිසා ඔබ දෙදෙනා අතර යම් යම් නොගැලපීම් ඇති වෙන්නට පුලුවන්. නමුත් තමන් අකමැති දෙයක් වුවත් ඔබ කැමති නිසා අත් හදා බැලීමට ඔහු හෝ ඇය පෙලඹෙනවා නම් එයින් අදහස් වන්නේ ඔබට ඔහුගේ හෝ ඇයගේ සිත තුල විශේෂ ඉඩකඩක් ඇති බවයි. ඉතින් ඔයාට එයා ඇත්තටම ආදරය කරනවද කියල බලන්න පුලුවන් හතරවෙනි කාරණය තමයි ඒ.
අංක පහ : ආදරණීය මතක සටහන්.අපිට ආදරය කරන්න පුළුවන් වගේම ප්‍රකාශ කරන්න පුලුවන් ආකාර විවිධාකරයි. ඒ අතරින් ආදරණීය මතකයන් වෙන්නේ එකිනෙකා අතර හුවමාරු වෙන සමරු සටහන් සහ ත්‍යාගයි. ඒවා මිලෙන් අධික වෙන්නට අවශ්‍ය නැහැ. කුඩා දෙයක් උනත් ආදරයෙන් ඔයාට දෙන්න එයාට පුලුවන් නම් ඔහු හෝ ඇය ඔබට ආදරය කරන්නේ සත්‍ය වශයෙන්ම බව ඔයාට තීරණය කරන්නට පුලුවන්. ඒවගේම ආදර වදන් සහිත සමරු සටහන් කෙනෙකුගේ ආදරය හොදින් පෙන්වන එක් මාර්ගයක්.
අංක හය : අනෙකා වෙනුවෙන් තමන්ගේ පුරුදු වෙනස් කර ගැනීම.අපි හැමෝම කාළයක් තිස්සේ අනුගමනය කරන පුරුදු තිබෙනවා. ඒවායින් බොහොමයක් කිසීදු හේතුවක් නිසා අපිට මග හරවා ගැනීමට නොහැකි ඒවා වෙන්නට පුලුවන්. නමුත් ඔබට තිබෙන ආදරය නිසා ඔහු හෝ ඇය ඇයගේ පරණ පුරුදු වෙනස් කිරීමකට භාජනය කරනවා නම් ඔබ බොහෝ වාසනාවන්තයි. ඒ වගේම ඔහු හෝ ඇය වෙනුවෙන් ඔයාටත් පුලුවන් නම් ඔයාගේ පුරුදු වෙනස් කරගන්න සැබෑ ආදරය රැදී ඇත්තේ එතනයි.
අංක හත : අනෙකා ඉවසා දරා ගැනීම.පුරුෂ පක්ශයට සහ කාන්තා පක්ෂයට පමණක් ආවේනික උන සමහරක් පුරුදු තිබෙනවා. උදාහරණයක් විදියට කාන්තා පාර්ශවය ශොපිං යන්න ඔනෙම වෙලාවක සූදානම්. නමුත් පුරුෂ පක්ශය ඒ වෙනුවෙන් දක්වන්නේ දැඩි අකමැත්තක්. ඒ වගේම තමයි පුරුශ පක්ෂයේ අය ක්‍රීඩා වැඩසටහන් බැලීමට කැමති වූවත් කාන්තාවන් බොහෝ දෙනෙක් එයට කැමැත්ත දක්වන්නෙ නෑ. නමුත් මේ නොගැලපීම් නිසා ගැටලු ඇති නොකර ගෙන ඔබව ඉවසා දරා ගන්නට ඔහුට හෝ ඇයට පුළුවන් නම් ඔබට ලැබී ඇත්තේ ඉතා හොද ආදරයක්.
අංක නවය : ඕනෑම දෙයක් කතා කර විසදා ගැනීමට ඔවුන් සමත් වීම.ජීවිතයේ සමහර අවස්තා වලදී අපිට දුෂ්කර අවස්තා වලට මුහුණ දීමට සිදු වෙනවා.එවැනි අවස්තා වල නිහඩව සිටීම වෙනුවට ඔබගේ අදහස් උදහස් ද විමසා බලා නුවණින් යුතුව කටයුතු කිරීමට ඔහු හෝ ඇය සමත් වෙනවා නම් එයින් අදහස් වන්නේ ඔබගේ තෝරා ගැනීම ඉතා හොද එකක් බවයි.එමෙන්ම කුඩා රණ්ඩුවකින් පසුව වුවද ඔබ සමග එය නිරාකරණය කරගැනීමට ඔහු හෝ ඇය ඉදිරිපත් වේ නම් එය ඉතා හොද සම්බන්ධයක අඩිතාලම වෙනවා.
අංක දහය : දුෂ්කර වෙලාවල් වලදී ඔබව හැර නොයාම. අපිට අපි සමග බොහෝ සමීප අය ගැණ දැනගන්නට ලැබෙන්නේ අපි සතුටින් සිටින අවස්තාවක නොවෙයි. අපට දුකක් කරදරයක් ඇති වෙන වෙලාවක අප සමග සත්‍ය වශයෙන්ම හිතවත් අපිට ආදරය කරන අය හදුනා ගන්නට පුලුවන්. ඉතින් ඔබ තොරාගත් සහකරුවා හෝ සහකාරිය ඔබට කරදරයක් වූ හ අවස්තාවකදීම ඔබ ලගින් හිදිමින් ඔබට සහය වෙනවා නම් ඔහු හෝ ඇය ඔබට සැබවින්ම ආදරය කරන බව තේරුම් ගැනීමට වෙනත් කරුණු අවශ්‍ය වන්නේ නැහැ.
අංක එකොළහ : ඔබගේ අවවාද වලට සවන් දීම. ඔබ ඔබගේ සහකරුවාට හෝ සහකාරියට වඩා වයසින් වැඩි වුවත් අඩු වුවත් ඔහු හෝ ඇය ඔබ පවසන දෙයකට අවධානය යොමු කරනවා නම් එයින් අදහස් වන්නේ සත්‍ය වශයෙන්ම ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ ඔබ වෙනුවෙන් ඉඩක් වෙන් වී ඇති බවයි.දෙදෙනා එක්ව තීරණ ගැනීමට හැකි වීමත් එකිනෙකා ගේ අදහස් වලට ගරු කිරීමත් ඉතා හොද සම්බන්ධයක පදනමයි.
අංක දොළහ : ආදරණීය ස්පර්ශයන්.ආදර සම්බන්ධයක අපිට අමතක කරන්නම බැරි දෙයක් තමයි ආදරණීය සිප වැලද ගැනිම් සහ ස්පර්ශයන්.ඉතින් ඔබ ආදරය කරන සහකරුවා හෝ සහකාරිය නිතරම ඔබ සමග සීටීමට කැමතී නම් සහ ඔබගේ ස්පර්ශයන්ට කැමතී නම් එයින් ඔහු හෝ ඇය ඔබට ආදරය කරන බව ඔබට නිගමනය කරන්නට පුලුවන්, අද අපි ඔයාලා වෙත අරගෙන ආවේ ඔයාගේ සහකරු හෝ සහකරීය ඔයාට ඇත්තටම ආදරෙයිද කියලා බලාගන්න පුලුවන් විධි 12 ක් පිලිබද විස්තරයයි. ඉතින් මේ කරුණුත් එක්ක ඔයාගේ ආදරය සංසන්දනය කරලා බලන්න ඔයාට පුලුවන්.