විරාජ් කියපු කතාවත් ඇත්ත කියලා මට හිතුණා.ඔව් මීට පස්සේ අම්මලාගෙ ගෙදරට විරාජ් එක්කත් යන්න ඕනි.ඒත් මං ඒ බව විරාජ්ට කිව්වෙ නැහැ.විරාජ් කියපු දේ අහගෙන හිටියා විතරයි.
“පුතේ විරාජ්……”
විරාජ්ට කතා කරගෙන විරාජ්ගෙ අම්මා කාමරේට ආවා.
“ඇයි අම්මෙ?මොකක් හරි හදිස්සියක්ද?……”
“පුතේ ලබන සතියෙනෙ සීයගෙ දානෙ.ඒ හින්දා දැන්ම ඉදන් සූදානම් වුනොත් හොදයි.මං ලොකු නැන්දටයි පුංචිටයි කෝල් කරලා කිව්වා.එයාලා හැමෝම දවස් දෙකක් කල් ඇතුව එන්නම් කිව්වා……”
“ආ…..ඒක හොදයි අම්මෙ.මේ සැරේ ලොකුවට දානෙ දෙමු.වැල්ලෙ හැමෝටම දානෙ කියමු…….”
දානෙ ගැන තවත් විස්තර කතා කරගෙන විරාජ්ගෙ අම්මා කාමරෙන් ගියා.මාත් නාගෙන ඉවර වෙලා කුස්සියට ගියා රෑ කෑමට උයන්න උදව් වෙන්න.
“චායා…..පොඩ්ඩක් එන්නකෝ…….”
“ඇයි විරාජ්?……”
විරාජ් මේ මොනවද කියන්න හදන්නේ කියලා මං බැලුවා.
“චායා හෙට අපේ ලොකු නැන්දලායි පුංචිලායි මෙහෙ එනවා.ඔයා එයාලා ඉස්සරහ මං එක්ක සතුටින් නෙවෙයි ඉන්නෙ කියලා පෙන්නන්න නම් එපා.අපි අතරෙ මොන දේවල් තිබ්බත් පිටට අගවන්න එපා.එයාලට දැනෙන්න ඉඩ අරින්න අපි සතුටින් ඉන්නවා කියලා…….”
“හා……”
මං ඒකට හා කිව්වා විතරයි.විරාජ් හදන්නේ හැමෝම ඉස්සරහ අපි දෙන්නා සන්තෝශෙන් ජීවත් වෙනවා වගේ පෙන්නන්න.ඇත්තටම මට විරාජ් එක්ක ගෙවන මේ ජීවිතේ තිත්ත වෙලා තියෙන්නේ.මට විරාජ් ගැන කිසිම විදියෙ ආදරයක් දැනෙන්නෙ නැහැ.
පහුවදා හවස තුන විතර වෙනකොට විරාජ්ගෙ ලොකු නැන්දයි මාමයි පුතාලා දෙන්නයි,විරාජ්ගෙ පුංචියි බාප්පයි පුතායි ආවා.තව විරාජ්ගෙ මහප්පා කෙනෙකුත් ආවා.
“දුවේ….තේ ටික ලෑස්ති කරමුද?……”
මායි විරාජ්ගෙ අම්මයි කුස්සියට ගිහින් ආපු අයට තේ සූදානම් කරා.ඒ අතරේ විරාජ්ගෙ ලොකු නැන්දා කුස්සියට ආවා.
“ආ….මේ අපේ විරාජ් පුතාගෙ නෝනා නේද?අපිට ඉතිං කසාදෙට එන්නත් බැරි වුනානෙ.මොකක්ද දුවගෙ නම?…….”
“චායා සමන්මලී…….”
මං හිමිහිට උත්තර දුන්නා.
හදපු තේ ටික හදලා ඉවර වෙලා අමුත්තන්ට පිලි ගන්වපු මං කුස්සියට ආවේ කුසුමාට කෑම හදන්න උදව් වෙන්න.මං උයන අතරේ විරාජ්ගෙ පුංචි කුස්සියට ආවා.එයා නම් විරාජ්ගෙ ලොකු නැන්දට වඩා අමුතුයි කියලා මට හිතුණා.
“දුවේ නැද්ද මොකුත් වෙනසක් තාම?……”
විරාජ්ගෙ පුංචි අහපු දේ මට තේරුනේ නැහැ.
“මොකක්ද පුංචී?……”
“කසාද බැදලා දැන් මාස හතරකුත් ගෙවිලා ඉවරයිනෙ.දරුවෙක් ගැන එහෙම හිතුවොත් හොදයි නේද?ඕවා කල් දාන්න හොද නෑ…….”
මගෙ ඇගට දාඩියත් දැම්මා විරාජ්ගෙ පුංචි අහපු දේට.ඒත් මං ඒ බව පෙන්නුවේ නැහැ.ඕන්නැති මගුලක් නෑ. මෙහාට ආවෙ දානෙ හින්දනං ඒ දේවල් ගැන හොයලා බැලුව නම් ඉවරනෙ.
“ඒවට තව කල් තියනවනේ පුංචි……”
එහෙම කියලා මං කර කර හිටපු වැඩේම කරා.ටිකක් වෙලා එතන හිටපු විරාජ්ගෙ පුංචි එතනින් ගියා.උයලා ඉවර වෙලා මාත් මුහුණ හෝදගෙන කාමරේට ගියා. කාමරේ ලගට යද්දී මට විරාජ්ගෙ පුංචිගේ කටහඬ කාමරේ ඇතුලෙන් ඇහුනා.විරාජ්ගෙ කටහඩත් ඇහුනා.මං කාමරේ ඇතුළට යන්නෙ නැතුව දොර ලග ඉදන් අහගෙන හිටියා.
“මට නම් පේන්නෙ ඒ කෙල්ල දරුවෙක් හදන්න කැමති නෑ වගේ.මං ඒ ගැන ඇහුවම ඕනවට එපාවට උත්තර දුන්නෙත්.ගෑනුන්ට ඕන විදියට නටන්න දෙන්න එපා…….”
“පුංචි කලබල වෙන්න එපා.චායාගෙ අතේ කිසිම වැරැද්දක් නෑ.මමයි චායාට කිව්වේ අපි දෙන්නා දරුවෙක් හදන්න ටික කාලයක් ඉම්මු කියලා.අනික තාම කසාද බැදලා ලොකු කාලයක් නැහැනේ…….”
විරාජ් කියපු දේවල් ගැන පුදුමත් හිතුණා. මං හිතුවෙ විරාජ් මගේ පිට වැරැද්ද පටවයි කියලා.ඒත් එහෙම වුනේ නැහැ.ඒ වෙනුවට උනේ ඒකෙ අනික් පැත්ත. වැරැද්ද විරාජ්ම බාර ගත්තා.විරාජ්ගෙ පුංචි කාමරෙන් යනකන් ඉදලා මං කාමරේට ගියා.
දානෙ වැඩ කටයුතු ගොඩාක් හොදට කෙරුනා.හැමෝම ඒ ගැන හුගක් සන්තෝශ වුනා.
හවස් වරුවේ කම්මැලි හින්දා මං මුහුදු වෙරලට ගියා සමාධිත් එක්ක.වෙනදා වගේම සුපුරුදු විදියට ගල් පර්වතයක් උඩ අපි වාඩි වුනා.
“කොහොමද චායා ඉතිං පව්ල් ජීවිතේ. සතුටින් ඉන්නවා නේද?……”
“මොන සතුටක්ද සමාධි.මට ඇති සන්තෝශයක් නෑ.උඹ දන්නවනේ මට විරාජ්ට කැමති නෑ…….”
“ඒ වුනාට විරාජ් දැන් උඹේ කසාද මනුස්සයා.ඒ ගැන හිතලා උඹලා දෙන්නා සන්තෝශෙන් හිටපන්.කාලයක් යනකොට හැම දෙයක්ම හරි යයි.පව්ල් ජීවිතේ අවුල් කර ගන්න එපා.විරාජ් උඹව හොදට බලා ගන්නවනේ.ඒ මනුස්සයා නරක කෙනෙක් නෙවෙයිනේ උඹ ඔය කියන තරම්……”
“අනේ මගෙන් මොකුත් අහගන්නෙ නැතුව හිටපන් බං.විරාජ් මගෙ මනුස්සයා වුනේ නමට විතරයි.ඌ මහ කොන්ද පන නැති මිනිහෙක්……”
“ඇති ඇති නවත්තගනිං උඹේ ඔය කට. උඹ ඔය කතා කරන්නේ නමට හරි ඉන්න උඹේ කසාද මිනිහට.කාට හරි ඇහුනොත් උඹටයි බනින්නෙ……”
“මං යනවා සමාධි……”
“චායා කොහෙද ගියේ?…….”🤬
මාව එකපාරටම ගැස්සිලා ගියා විරාජ්ගෙ ඒ කටහඩට.වෙනදා වගේ නෙවෙයි අද විරාජ්ගෙ කටහඬ හරිම වෙනස්.මුහුණ තරහින් පිරිලා තිබ්බා.අහපු දේට පිලිතුරක් දී ගන්න මට වෙලාවක් හම්බුනේ නැහැ.තරහින් ඇස් දෙක රතු කරගත්තු විරාජ් මං ගාවට අත දිගෑරලා මගෙ කම්මුලට ගැහුවා.ඒ ගහපු පාරට මාව විසික් වෙලා ගිහින් ඇද උඩට වැටුනා.
කරකවලා අතෑරියා වගේ ඇද උඩට වැටුනු මාව මගේ කොන්ඩෙන් ඇදලා ගත්තු විරාජ් ආපහු සැරයක් මගෙ කම්මුලට පාරක් ගැහුවා.
“අනේ…විරාජ් මොකද මේ ඔයාට වෙලා තියෙන්නේ?අනේ රිදෙනවා.ගහන්න එපා……”😭😭
ඉවසගන්න බැරි තරම් වේදනාවක් දැනුනු කම්මුල අල්ලගෙන කදුලු ගලාගෙන ගිය දෙනෙතින් මං විරාජ් දිහා බැලුවා.ආපහු වතාවක් මට ගහන්න අත ඉස්සුවත් බය වෙච්චි මං හයියෙන් කෑ ගහපු හින්දා විරාජ් මට ගැහුවේ නැහැ.විරාජ්ගෙ ඇස් දෙක පුදුම විදියට කේන්තියෙන් පිරිලා තිබ්බේ.මට එකපාරටම හිතා ගන්න බැරි වුනා විරාජ්ට මොකද වුනේ කියලා.
“මට නම් මොකුත් වෙලා තාම.මං මෙච්චර කාලයක් උඹ කරපු හැම දෙයක්ම ඉවසුවා.🤬අද හැදෙයි හෙට හැදෙයි කියලා බලං හිටියා.මිනිහෙක් විදියට තමන්ගෙ ගෑනිට ඉශ්ට කරන්න ඕනි හැම යුතුකමක්ම මං උඹ වෙනුවෙන් ඉශ්ට කරා.රටේ ලෝකෙ මිනිස්සු උඹ ගැන අනං මනං කතා කියද්දී ඒ හැම දේකින්ම උඹව බේරගෙන වැරැද්ද මගේ පිට පටව ගත්තා.හැම දේකින්ම මං උඹව ආරක්ෂා කර ගත්තා.මං උඹට මගේ පණටත් වඩා ආදරේ කරා චායා.උඹගෙ හැම වෙනස්කමක්ම ඉවසගෙන දරාගෙන හිටපු හින්දද යකෝ උඹ එක එකාත් එක්ක කියන්නෙ මගෙ කොන්ද පණ නෑ කියලා.🤬🤬මගෙත් ඉවසීමෙ සීමාවක් තියනවා යකෝ.ඒ සීමාවත් ඉක්මවලා මං ඉවසපු හින්දා උඹ හිතන්නෙ මං ##### කියලද?……”🤬🤬
වක්කඩ කැඩුවා වගේ විරාජ් කියපු දේවල් මං අහගෙන හිටියේ පුදුමයෙන් වගෙයි.දෙයියනේ මං සමාධිත් එක්ක කියපුවා කොහොමද විරාජ්ට ආරංචි වුනේ.වටපිට බලන්නෙ නැතුව මං ඔහේ කියපුවා සමහර විට විරාජ් හොරෙන් අහන් ඉන්න ඇති.කවදාවත් විරාජ් මේ විදියට කේන්තියෙන් ඉන්නවා මං දැකලා නැහැ.කසාද බැදලා මාස හතරක් ගෙව්නත් අද වෙනකන් විරාජ් මගෙ හිත රිදෙන විදියෙ කිසිම දෙයක් කියලා.ඒත් විරාජ් ගහපු පාරට මාගෙ කම්මුල හොදටම රිදුනා.😭😭මං කොච්චර ඇඩුවත් විරාජ් මට බනින එක නැවැත්තුවේ නැහැ.
“මං දන්නවා උඹ මට ආදරේ නැහැ කියලා චායා.ඒත් මං හිතුවා උඹ කවදා හරි මගෙ ආදරේ තේරුම් ගනියි කියලා.වෙන මිනිහෙක් මං වගේ ඉවසන්නෙ නෑ.ඌට ඕනි දේ ඌ බලෙන් හරි කර ගනියි…….”🤬🤬
විරාජ් මොන තරම් දේවල් කියලා මගෙ හිත දිනා ගන්න හැදුවත් මං විරාජ්ට ආදරේ කරන්න ලෑස්ති නැහැ.
“හිත එපා මං ඔයාව කසාද බැන්දේ මගේ කැමැත්තෙන් කියලා.මං තමුසෙට ඕනි විදියට නටන්න ලෑස්ති නෑ……”
තව දුරටත් කට වහගෙන ඉන්න බැරි නිසා මං එහෙම කිව්වා.
“උඹ මේ වහලෙ යට ඉන්න තාක්කල් මට ඕනි විදියටයි ඉන්න ඕනි……”🤬
මට ඇගිල්ලක් දික් කරලා විරාජ් එහෙම කිව්වා.විරාජ් වගේ නපුරු මිනිහෙක් එක්ක තව දුරටත් මට මේ වහලෙ යට ඉන්න බැහැ.ඒ හින්දා අතට අහු වෙච්චි ඇදුම් කෑලි දෙක තුනක් බෑග් එකකට දා ගත්තු මං අම්මලාගේ ගෙදරට යන්න ලෑස්ති වුනා.විරාජ් මාව නතර කරේ නැහැ.
“අම්මේ….අම්මේ…….”
ගේ ඇතුළට ඇවිත් මං අම්මාට කතා කරා.ටික වෙලාවක් යද්දී අම්මයි අප්පච්චියි දෙන්නම ආවා.
“අනේ ඇයි දුවේ බෑග් එකකුත් අරන්?කෝ විරාජ් පුතා.මොකද මේ දුව අඩලා? දෙයියනේ මේ මොකද මේ මූණ ඉදිමිලා?……”
මං එහෙම්මම අඩාගෙන අම්මගෙ පපුවට තුරුල් වුනා.අම්මා මගේ ඔලුව අත ගෑවා.
“මට කියන්න දුවේ මොකක්ද සිද්ද වුනේ?…….”
“විරාජ් මට හොදටම ගැහුවා අම්මේ……”😭😭
“ඒ මොකටද දෙයියනේ?…….”
“මං දන්නෑ අම්මෙ.මට බෑ විරාජ් එක්ක ජීවත් වෙන්න බෑ.ඒ හින්දයි මං ගෙදර ආවෙ……”😭😭
“එහෙම කියලා ප්‍රශ්න විසදන්න බෑනෙ දුවේ.ගෑනියෙක් වුනාම ඔයිට වඩා ඉවසන්න පුරුදු වෙන්න ඕනි.මනුස්සයත් එක්ක රණ්ඩු වුනු පලියට හැමදේම අතෑරලා මෙහෙ දුවගෙන ඇවිල්ලා හරියන්නෙ නෑනෙ.ප්‍රශ්නයක් වුනොත් දෙන්නා කතා බහ කරලා ඒක විසදගන්න ඕනි…….”
“අම්මා කියන්නෙ මං මෙහෙ ආපු එක වැරදියි කියලද?මට බෑ විරාජ්ගෙන් ගුටි කන්න.ඒ රස්තියාදකාරයව කසාද බදින්න බෑ කියලා මං මුල ඉදන්ම කිව්වා……”😥😥
ඒකට අම්මයි අප්පච්චියි මොකුත් කිව්වෙ නෑ.එයාලගෙ බල කිරිල්ලට මොකුත් කර ගන්න දෙයක් නැති නිසානෙ මං මේ කසාදෙට කැමති වුනේ.
“මං විරාජ් පුතා එක්ක ගිහින් කතා කරන්නම්……”
“එපා අප්පච්චී.මට බෑ ආපහු විරාජ් ගාවට යන්න……”
“එහෙම කියලා බෑනෙ දුව.දෙන්නා දෙපැත්තක ඉදලා කොහොමද මේ ප්‍රශ්නෙ විසදගන්නෙ?…….”
ඕන දෙයක් කර ගන්න කියලා හිතලා මං මගේ කාමරේට ආවා.අම්මා බත් පිගානකුත් අරන් කාමරේට ආවා.
“මේ බත් එක කාලා ඉන්න දුවේ.අපි හිමිහිට මේ ප්‍රශ්නෙ විසදගන්න බලමු. මොනවා කිව්වත් ඔයා විරාජ්ගෙ බිරිඳ……”
“මට දැන් කන්න බෑ අම්මෙ……”
“නොකා නොබී ඉදලා ලෙඩ වෙන්නද හදන්නේ?මේක කන්න…….”
අම්මා මට බලෙන්ම වගේ බත් කටවල් තුන හතරක් කැව්වා.
අම්මලා ගාවට ඇවිල්ලා දවස් තුන හතරක් ගියත් විරාජ් මාව හොයාගෙන ආවෙ නෑ.ඒ ගැන මට කිසිම දුකක් නැහැ.
“අම්මෙ කෝ අප්පච්චී?…….”
“අප්පච්චි විරාජ් පුතාව හම්බවෙන්න ගියා.දැන් මග එනවත් ඇති…….”
අම්මයි අප්පච්චියි හදන්නේ ආපහු මාව කොහොම හරි විරාජ් ලගට යවන්න.ඒත් මට බැහැ ආපහු ඒ අපායට යන්න.😥
පැයක් දෙකක් විතර යනකොට අප්පච්චී ගෙදර ආවා.එලියට යන්නෙ නැතුව මං කාමරේම හිටියා.ඒත් අම්මා මට කතා කරා.මං සාලෙට ගියා.
“අපි විරාජ් ගැන වැරදියට හිතුවට නෝනෙ වැරැද්ද තියෙන්නේ මෙයාගෙ අතේ.හැබැයි විරාජුත් ඒක මට හංගන්න හැදුවේ……”
“ඒ කිව්වේ අපෙ මහත්තයා?……”
“කිසිම දෙයක් හොයන්නෙ නැතුව මං ගිහින් විරාජ්ට බැන්නා.ඒත් ඒ ලමයා ඉවසුවා……”
එහෙනම් විරාජ් හැම දෙයක්ම අප්පච්චිට කියලා ඇති මට බන්නන්න හිතාගෙන. මට විරාජ් ගැන දැනුනේ ලොකු කේන්තියක්.
“අනේ අපේ මහත්තයා මොකක්ද දුව කරලා තියන වැරැද්ද?……”
“මෙයා මෙයාගෙ යාලුවා සමාධිත් එක්ක විරාජ් කියන්නේ කොන්ද පණ නැති මිනිහෙක් කියලා බනිනවා විරාජ්ට ඇහිලා……”
“දුවේ ඔයාට පිස්සුද?විරාජ් ඔයාගෙ කසාද මිනිහා.ලැජ්ජ නැද්ද තමුන්ගෙ මිනිහට තැන් තැන් වල එක එක්කෙනත් එක්ක බැන බැන ඇවිදින්න…….”😡😡
“මෙතන සම්පූර්ණ වැරැද්ද තියෙන්නේ ඔයාගෙ අතේ දුවේ.විරාජ් මෙයාට හොද වැඩියි.වෙන මිනිහෙක් නම් ඔය වගේ ඉවසන්නෙ නැහැ……”😡😡
අම්මයි අප්පච්චියි දෙන්නම විරාජ්ගෙ හොද කිය කියා මට දොස් කියන්න පටන් ගත්තා.ඒ බනින හැම වාරයක් ගානෙම මං විරාජ්ට වෛරය කරන්න ගත්තා. හැම දෙයක්ම අප්පච්චිගේ කනේ තියලා මට බැන්නෙව්වා.උඹට නම් හොදක් වෙන්නෙ නෑ විරාජ්.🤬🤬
“එතකොට අප්පච්චී කියන්නෙ විරාජ් මට ගහපු එක හරි කියලද?……”
“තමන්ගෙ ගෑනි වරදක් කරාම පාරක් ගහලා හදාගන්න හදන එක වරදක් නෙවෙයි.අනික විරාජ් ඔයා කරන හැම වැරැද්දක්ම ඉවසගෙන ඉදලා තියනවා……”
“දුවේ…..ඔයා විරාජ් ගාවට ගිහින් එයාගෙන් සමාව ගන්න.මෙච්චර ඉවසපු විරාජ් පුතා ඔයාට සමාව දෙයි…….”
“මට බෑ අම්මෙ ආපහු විරාජ් ගාවට යන්න…….”
මං දැඩි ස්ථීර හඩකින් එහෙම කියලා කාමරේට ගියා.
“අක්කෙ අන්න විරාජ් අයියා ඇවිත් ඔයාව ගෙදර එක්කන් යන්න……”
මල්ලී කාමරේට ඇවිත් එහෙම කියද්දී මට පුදුම හිතුණා විරාජ් මාව එක්කන් යන්න ඇවිත් ඉන්නවා කිව්වම.මං සාලෙට ගිහින් බැලුවා.විරාජ් හිටියේ එලියේ අප්පච්චීත් එක්ක කතා කර කර. මං එතනට යනකොට අප්පච්චී විරාජ්ටයි මටයි කතා කරන්න ඉඩ දීලා ගෙට ගියා. මං විරාජ් එක්ක කතා කරේ නෑ.අහක බලන් හිටියා.
“මොකද අහක බලන් ඉන්නේ?ලෑස්ති වෙනවා ගෙදර යන්න……”😡
“මට බෑ මං එන්නෙ නෑ……”😠
මං තරහින්ම එහෙම කියලා දැම්මා.ඒ පාර විරාජ් වටපිට බලලා මං ගාවට ආවා.
“මගෙ යකා අවුස්සන්නෙ නැතුව ලෑස්ති වෙනවා ගෙදර යන්න.මං තමුන්ගෙ තාත්‍තගෙ ඉල්ලීමටයි ආවේ.පව් ඒ මනුස්සයා.තමුසෙගෙ ලොකු කම……”🤬🤬
“ඒ හින්දා වෙන්න ඇති හැම කේලමක්ම අප්පච්චිට කියලා මට බැන්නෙව්වේ……”😡😡
“දුවේ…….”
අම්මත් අපි ගාවට ආවා.
“දුවේ….විරාජ් පුතා ඔයාගෙ වැරදි වලට සමාව දෙයි.ඔයා ආපහු විරාජ් පුතත් එක්ක ගෙදර යන්න……”
අම්මටයි අප්පච්චිටයි ඕනි වුනේ මාව විරාජ් ගාවට යවන්නමයි.ඕනි දෙයක් වුනාවෙ කියලා හිතලා මං ලෑස්ති වුනා විරාජ් එක්ක යන්න.
ඊලග කොටසින් නැවත හමුවෙමු