දෛවය අනුවයි මේ හැම දෙයක්ම සිද්ද වෙන්නෙ කියලා හිතලා මං හිත හදා ගත්තා.හිතට කිසිම ආදරයක් හැගීමක් දැනෙන්නෙ නැති මනුස්සයෙක්ව කසාද බැදලා ඉදිරි ජීවිතේ මොන විදියට ගත කරන්නද කියලා මට හිතා ගන්න බැරි වුනා.දුකයි කදුලයි එක්ක මට ජීවිතේ උරුම වෙලා තියෙන්නේ කියලා මට හිතුණා.
“මොනවද චායා ඔය හැටි කල්පනා කරන්නේ?අන්න මනමාලයගේ කට්ටිය ඇවිල්ලා.ඉක්මන් කරන්න…….”
මාව ලස්සන මනමාලියක් විදියට හැඩ ගන්වපු මදාරා අක්කා මගෙන් එහෙම ඇහුවා.මං ඒකට උත්තරයක් දුන්නේ නැහැ.හිනා වුනා විතරයි.
“දුක් වෙන්න එපා නංගී.හැම ගෑනු ළමේක්ගෙම ඉරණම මේක තමයි……”
හැමෝම හිතුවේ මං දුකින් ඉන්නේ දෙමව්පියන්ව දාලා යන්න තියන දුකට කියලා.ඒත් මං දුකින් ඉන්නේ ඇයි කියලා දන්නෙ අම්මයි තාත්තයි මල්ලියි විතරයි.
එයාලා වුනත් හිතන්නේ මං අන්තිම මොහොතේ හරි මේ කසාදෙට කැමැත්තෙන් හිටියා කියලයි.
මීගමුවේ පල්ලියේදී ආගමික චාරිත්‍රානුකූලව විරාජ්ගෙයි මගෙයි විවාහය සිදු වුනා.⛪🤵👰
හැමෝම සන්තෝශෙන් හිටියත් මගේ හිත දුකින් පිරිලයි තිබ්බේ.පිටට පේන්න හිනා වෙලා හිටියත් මගෙ හදවත සිය දහස් වතාවකටත් වැඩිය හඩා වැටෙන්න ඇති.😥😥පල්ලියෙ චාරිත්‍ර වලින් පස්සේ උත්සවය තිබ්බේ විරාජ්ගෙ නිවසෙමයි.
වැල්ලේ හැමෝටම වගේ මංගල උත්සවයට ආරාධනා කරලා තිබුනා. හැමෝම නට නටා විනෝද වුනත් මං පැත්තකට වෙලා ඒ දිහා බලන් හිටියා විතරයි.
“චායා….යමු අපි දෙන්නත් ඩාන්ස් කරන්න……”
“මට බෑ විරාජ් ඔයා ගිහින් ඩාන්ස් කරන්න……”
විරාජ් මට ඩාන්ස් කරන්න කතා කරත් මං ගියේ නැහැ.නට නටා සතුටු වෙන්න තරම් නිරවුල් මනසක් මට තිබ්බෙ නැහැ.
විරාජ් නම් එයාගෙ යාලුවොත් හොදට විනෝද වුනා.හවස හය විතර වෙනකොට මංගල්ලයේ හැම වැඩක්ම අවසන් වුනා.
“මං වොශ් එකක් දාගෙන එන්නම් චායා. පුදුම දාඩියක් තියෙන්නේ……”
හොටෙල් රූම් එකට ආවට පස්සේ විරාජ් එහෙම කියලා බාතෲම් එකට ගියා.මං හිමිහිට බැල්කනියට ගියා.අපි හිටියේ හොටෙල් එකේ දෙවෙනි තට්ටුවේ නිසා පහල තියන ස්විම්පූල් එක මේ බැල්කනියට පේනවා.ඒ ස්විම්පූල් එකේ තරුණ විදේශීය ජෝඩු කිහිපයක්ම හිටියා.ඔවුන් සියලු දෙනාම පාහේ සිටියේ එකිනෙකාට තුරුල් වෙමින් පෙම් බස් දොඩවමිනි.ඒ ස්විම්පූල් එක අසල රතු පැහැ මංගල සාරියකින් සැරසී ගත් යුවතියක් සහ කලු කෝට් එකකින් සැරසුනු පිරිමි පුද්ගලයෙක් හිටියා. ඔවුනුත් අප මෙන් අද මෙහි පැමිණ ඇත්තේ මධු සමය ගත කිරීමටය.මම මදක් වෙලා ඔවුන් දෙදෙනා දෙස බලා සිටියෙමි.කුමක් හෝ දෙයකට ඔවුන් දෙදෙනා සිනා සෙයි.මනාලයා කුමක් හෝ දෙයක් මනාලියට රහසින් පැවසුවේය. සිනාසුනු මනාලිය ඇය අත තිබූ රතු පැහැ මල් බොකියෙන් මනාලයට පහර දුන්නාය.ඒ තරහට නොවේ.ආදරයට බව මට පෙනුනි.සමහර විට ඔවුන් දෙදෙනා ආදරය කර විවාහ වන්නට ඇත.
“ලස්සන කපල් එකක් නේද චායා…….”
එක්වරම මගේ දැහැන බිදුනේ විරාජ්ගේ කටහඩිනි.තිගැස්සුනු මම විරාජ් දෙස බැලුවෙමි.ලා රෝස පැහැති ටී ෂර්ට් එකකින් හා දම් පැහැති කෙටි ශෝටකින් සැරසී සිටි විරාජ් ඇත්තටම කඩවසම්ය. ඒත් ඒ කඩවසම් බවට මගේ හිත ඇදී ගියේ නැත.විරාජ් කෙතරම් කඩවසම් වුවද මට නම් පෙර දුටු රස්තියාදුකාරයාමය.ඔහු ඇසූ පැනයට පිලිතුරක් නොදී මං අහක බලා ගත්තෙමි.
“උදේ ඉදන්ම දාඩිය දාලා ඔයාටත් මහන්සි ඇතිනෙ.ගිහින් වොශ් එකක් දාගෙන එන්න…….”
බාතෲම් එකට ගිහින් හොදට නා ගත්තු මං රෝස පැහැති රාත්‍රී නිදන ඇදුමත් ඇදගෙන කාමරේට පැමිණියෙමි.විරාජ් උන්නේ බැල්කනියේ වී සිගරැට්ටුවක් බිබීය.මා කාමරේට පැමිණි හඩ ඇසුනු විරාජ් සිගරැට්ටුව විසි කර මා වෙත අවේය.
“වාව්….මැණික ඔයාගෙ ලස්සන.රෝස මලක් වගේ……”
එසේ පවසමින් විරාජ් මාව දෝතින්ම තුරුල් කර ගත්තේය.මට දැනුනේ අප්පිරිය ගතියකි.මගේ මුහුණ සිප ගත් විරාජ් මගේ මුහුණ දෙස එක එල්ලයේම බැලුවේය.මගේ නෙතට කදුලු පිරුනේය. ඒත් ඒ බවක් නොපෙන්වූ මං අහක බලා ගත්තෙමි.විරාජ්ට මගේ වෙනස දැනෙන්නට ඇත.
“ඇයි චායා ඔයාට මොකද වෙලා තියෙන්නේ?……”
“මොකුත් නෑ විරාජ්……”
“ඔයා මාත් එක්ක තරහින්ද ඉන්නෙ චායා?…….”
මං ඒකට උත්තරයක් දුන්නෙ නැහැ.ඒත් විරාජ් මගෙ අතින් ඇදලා මාව එයාගෙ තුරුලට ගත්තා.😥
“අනේ එපා විරාජ්.මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න…….”
මං එහෙම කිව්වම විරාජ් මං දිහා බැලුවේ පුදුමයෙන් වගේ.ටිකක් වෙලා මං දිහා බලාගෙන හිටපු විරාජ් සුසුමක් හෙලලා අහක බලා ගත්තා.
“යමු පහලට කෑම කන්න……”
විනාඩි පහකට විතර පස්සෙ විරාජ් මට කෑම කන්න යන්න කතා.
“මට බඩගිනි නෑ විරාජ්.ඔයා ගිහින් කන්න……”
මං එහෙම කිව්වත් විරාජ් කන්න ගියේ නෑ.පැය බාගෙකට විතර පස්සෙ විරාජ් විරාජ් පල්ලෙහාට ගියා.මං දොර වහගත්තා.විනාඩි තිහක් හතළිහක් විතර ගත වුනත් විරාජ් ආවෙ නැහැ. පැයක් විතර යනකොට විරාජ් කාමරේට ආවා.ඒ ආවේ ටිකක් වැනි වැනි වගේ.මට තේරුනා විරාජ් බීලා කියලා.මං සද්දෙ නැතුව හිටියා.විරාජ් ලගින් මත් පැන් ගද ආවත් හොදට සිහි කල්පනාව තිබුනා.
මට විරාජ් එක්ක කතා කරන්න දෙයක් තිබුනෙ නෑ.ඕනි දෙයක් වුනාවෙ කියලා හිතලා විරාජ් බලාගෙන ඉන්නැද්දීම මං කොට්ටෙත් අරගෙන සීට් එකත් බිම එලාගෙන බිමින් නිදා ගත්‍තා…….
රෑ දහය විතර වෙනකොට මහ හයියෙන් වහින්න පටන් ගත්තා.මං නිදාගෙන හිටියේ ටයිල් පොලවේ නිසා ඉවසන්න බැරි තරම් සීතලක් දැනුනා.සීට් එක බෙල්ල ගාවටම පොරව ගත්‍තත් සීතලට මාව වෙව්ලන්න පටන් ගත්තා.ඇදට යන්න හිතුනත් මං ගියේ නැහැ. ඉවසගෙන බිමම නිදා ගත්තා.
🌥️🌤️🌦️🕠
පාන්දර පහමාරට විතර වගේ මට ඇහැරුනා.දැන් නම් වැස්ස පායලා වගේ. ඇස් ඇරලා උවමනාවෙන් වටපිට බලද්දියි මට තේරුනේ මං ඉන්නේ ඇද උඩ කියලා.
මං ඇදේ අනික් පැත්ත බැලුවත් විරාජ් ඇදේ හිටියෙ නැහැ.නැගිටලා බලද්දියි මං දැක්කේ මං නිදාගෙන හිටපු තැන බිම විරාජ් සීට් එකත් ඔලුවේ ඉදන් පොරෝගෙන නිදාගෙන ඉන්නවා. එහෙනම් විරාජ් මහ උස්සලා ඇදෙන් තියන්න ඇති.මට එහෙම හිතුණා.
කසාදෙන් පස්සේ මායි විරාජුයි පදිංචි වුනේ විරාජ්ගෙ අම්මලාත් එක්ක ඒ ගෙදරමයි.එදා රෑ හොටෙල් එකේදි මං හිතුවේ විරාජ් මට හොදටම බනියි කියලා.ඒත් විරාජ් මට එක වචනයක්වත් කියලා බැන්නෙ නෑ.මං කරපු හැම දෙයක්ම ඉවසගෙන හිටියා.සමහර විට විරාජ් හිතනවා ඇති මං කරන හැම වෙනස්කමක්ම එයා මේ විදියට දරාගෙන හිටියම මගෙ හිතේ අනුකම්පාවක්, ආදරයක් ඇති වෙයි කියලා.මට හොදටම විශ්වාසයි එහෙම දෙයක් වෙන්නෙ නෑ කියලා.
“දුවේ…..රෑට කන්න කැමති දෙයක් තියනවනම් කුසුමාට කියන්න එයා හදයි……”
විරාජ්ගෙ අම්මා මට ගොඩාක් ආදරෙයි. එයාට දුවලා නැති හින්දද මන්දා මට දුවෙකුට ආදරෙයි.
“කමක් නෑ අම්මෙ.අම්මලා කන දෙයක් කමු……”
“මේක පිට ගෙයක් කියලා හිතන්න එපා දුව.දුවගෙම ගෙදර කියලා හිතන්න.තාම මෙහෙ දුවට පුරුදු නැතුව ඇති.ටික දවසක් යද්දී පුරුදු වෙයි……”
එහෙම කියලා මගෙ ඔලුව අත ගාලා විරාජ්ගෙ අම්මා එතනින් ගියා.
“චායා…..ඔයා ඇදේ නිදා ගන්න.මං අර සෙටියෙන් නිදා ගන්නම්.ඔයාට අමාරුනෙ ඒකෙ නිදා ගන්න……”
“කමක් නෑ විරාජ්.ඔයා ඇදෙන් නිදා ගන්න. මං ඒ සෙටියෙන් නිදා ගන්නම්.මට පුලුවන්…….”
එහෙම කියලා මං සෙටියෙන් නිදා ගත්තා. විරාජ් ඇදෙන් නිදා ගත්තා.
මං මොන තරම් වෙනස්කම් කරත් විරාජ් ඒ හැම දෙයක්ම ඉවසාගෙන හිටියා.මට පුදුමත් හිතුණා මටවත් ඒ වගේ ඉවසන්න බැහැ.
කසාද බැදලා මාස දෙකක් ගත වුනත්, එක කාමරේක හිටියත් මායි විරාජුයි ජීවත් වුනේ අමුත්තෝ දෙන්නෙක් වගේ.ඒ ගැන මගෙ හිතේ නම් කිසිම දුකක් නැහැ.
මාස දෙකක් ගෙව්නත් මට අම්මලාව බලන්න යන්න බැරි වුනා.ඒ හින්දා විරාජ්ගෙ අම්මට කියලා මං අම්මලාගෙ ගෙදරට ගියා.
“අපේ මහත්තයා මෙන්න දුව ඇවිල්ලා……”
මං ගෙයි දොරකඩට යනකොටම අම්මා අප්පච්චිටත් කතා කරා.
“දුවේ….එන්න.කෝ විරාජ් පුතා ආවෙ නැද්ද?……”
“න්…නෑ අප්පච්චී.මං විතරයි ආවෙ. විරාජ්ට මේ දවස් ටිකේ වැඩ වැඩියි……”
අම්මටයි අප්පච්චිටයි මල්ලිටයි හරිම සන්තෝශයි මං ආපු හින්දා.කාලෙකට පස්සෙ මං ආයෙමත් සන්තෝශෙන් හිටියා.හවස් වෙනකල්ම හිටපු මං විරාජ් එන්න කලින් ගෙදර ගියා.
ඒත් මං යද්දීත් විරාජ් ගෙදර ඇවිත්.
“ඔයා මටත් කිව්ව නම් මාත් එනවා අම්මලාගෙ දිහා යන්න.එහෙම තනියෙන් යන එක හොද නෑනෙ චායා……”
“ඇයි හොද නැත්තෙ?මං ගියේ මගේ ගෙදරට……”
අහක බලාගෙනම මං එහෙම කිව්වා.
“නෑ චායා.මං කියන එක චුට්ටක් අහන්නකෝ.අපි දෙන්නා කසාද බැන්දට පස්සේ ඔයා පලවෙනි වතාවටනෙ ඔය අම්මලාගෙ ගෙදරට ගියේ.ඉතිං අපි දෙන්නම යන එකනෙ හොද.එහෙම නැත්නම් මිනිස්සු හිතයි අපි දෙන්නා අතර සමගියක් නෑ කියලා……”
ඊලග කොටසින් නැවත හමුවෙමු