ඇඟිලිවල සඳ සලකුණු කියලා කියන්නේ ඔබ පැහැදිලිව බැලුවොත් ඔබේ අතේ ඇඟිලිවල නිය පොත්තේ යට පැත්තට වෙන්න තියෙන සුදුපාට අඩ සඳක් වගේ සලකුණු වලට.

මේවා හැම ඇඟිල්ලක ම පැහැදිලිව දකින්න ලැබෙන්නේ නෑ. ඒ වගේ ම ඇඟිල්ලෙන් ඇඟිල්ලට මේ සලකුණු එකිනෙකට වෙනස්. එක එක ඇඟිල්ලේ අඩ සඳ සලකුණු වලින් ඔබේ ශරීරයේ නිදන්ගත රෝග තත්ත්වයන් පිළිබඳව කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා.

මේක කරන්නේ මේ සලකුණු වල වර්ණය ප්‍රමාණය සහ හැඩය හොඳින් නිරීක්ෂණය කිරීම මගින්.

1.එක ඇඟිල්ලක අඩ සඳ සලකුණ වෙනස් වීම.

සුළැඟිල්ලේ අඩ සඳ සලකුණ

සාමාන්‍ය පිළිගැනීම තමයි සුළැඟිල්ලේ අඩ සඳ සලකුණ ඉතාම ලාවට හරි එහෙමත් නැත්නම් මුළුමනින්ම නැතුව හරි තියෙන එක තමයි හොඳ කියලා. සුළැඟිල්ලේ අඩ සඳ සලකුණු වලින් කියවෙන්නේ වකුගඩු, කුඩා අන්ත්‍රය සහ හදවත ගැන.සුළැඟිල්ලේ මේ සලකුණ තදින් සටහන් වෙලා තියෙනවා නම් ඉන් හැඟවෙන්නේ අධික රුධිර පීඩනය වෙන්න පුළුවන්.

මුදුගිල්ලේ අඩ සඳ සලකුණ

මෙයින් කියවෙන්නේ ප්‍රජනක පද්ධතිය සහ වසා පද්ධතිය පිළිබඳවයි. ලාවට පෙනෙන අඩ සඳ සලකුණකින් ආහාර ජීර්ණයේ ඇති අක්‍රමිකතා හෙළි වෙන්න පුළුවන්.

මැදගිල්ලේ අඩ සඳ සලකුණ

මේ ඇඟිල්ලෙන් කියවෙන්නේ මොලය සහ කන්තුක වාහිනී පද්ධතිය ගැනයි. මැදගිල්ලේ අඩ සඳ සලකුණ නැති වීමෙන් රුධිර වාහිනී වල ඇති අර්බුදයක් හෝ අධික රුධිර පීඩනය හෙළි කරන්න පුළුවන්.

දබරැඟිල්ලේ අඩ සඳ සලකුණ

දබරැඟිල්ලේ අඩ සඳ සලකුණ නොපෙනී යාමෙන් හෝ කුඩා වීමෙන් බඩවැල්වල හෝ අග්න්‍යාශයේ කිසියම් රෝගී තත්ත්වයක් මෙන්ම කාලයක් තිස්සේ පවතින නිදන්ගත ඇස කන හා නාසය ආශ්‍රිත රෝගයක් පිළිබඳව ඉඟි කරනවා විය හැකියි .

මහපට ඇඟිල්ලේ අඩ සඳ සලකුණ

මෙයින් පෙන්වන්නේ පෙණහල්ලේ සහ ප්ලීහාවේ තත්ත්වයන්. මෙය තමයි ඇඟිලිවල අඩ සඳ සලකුනු අතරින් වඩාත් ම පැහැදිලිව පෙනෙන එක, නමුත් මෙය නියපොත්තේ 25% වඩා ආවරණය නොකළ යුතුයි. දුම් බොන්නන් ගේ මේ සළකුණ ඉතාම කුඩා ප්‍රමාණයේ එකක් වෙනවා වගේම ඔබට ධමනීගත අධි රුධිර පීඩනය තියෙනවානම් මෙය ප්‍රමාණයෙන් විශාල වෙනව.

2. විශාලත්වයෙන් වැඩි අඩ සඳ සලකුණු

අඩ සඳ සලකුණ ඇඟිල්ලේ තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක පැතිරී තිබෙන විට එය විශාලත්වයෙන් වැඩි අඩ සඳ සලකුණක් ලෙස සලකනු ලැබේ.

මෙය කන්තුක වාහිනී පද්ධතියේ ඇති ප්‍රශ්නයක් හෝ හෘද ස්පන්දන විදාරණයක් හෝ අඩු රුධිර පීඩන තත්වයක් හෝ විය හැකියි.

සාමාන්‍යයෙන් මලල ක්‍රීඩකයන් ආදී තමන්ගේ වෘත්තීයන්ගේ අධික ලෙස ශරීරය වෙහෙසවන පුද්ගලයන් ගේ අත්වල අඩ සඳ සලකුණු විශාලත්වයෙන් වැඩි විය හැක. ක්‍රීඩා හෝ වෙනත් මෙවැනි කායික පුහුණුවීම් සහිත ක්‍රියාකාරකම් වල නොඇලෙන පුද්ගලයෙකුගේ අඩ සඳ සලකුණු ප්‍රමාණයෙන් විශාල නම් එයින් මානසික පීඩනය පිළිබඳ ඉඟි කරනු ලබන බව සිතිය හැක.

3. ප්‍රමාණයෙන් ඉතා කුඩා අඩ සඳ සලකුණු

ප්‍රමාණයෙන් ඉතා කුඩා අඩ සඳ සලකුණු වලින් රුධිර වාහිනී පද්ධතියේ ඇති රෝගී තත්ත්වයන් මෙන්ම අඩු රුධිර පීඩනය ද පෙන්නුම් කරයි. එමෙන්ම මෙයින් ප්‍රතිශක්තීකරණ පද්ධතියේ දුර්වලතා මෙන්ම පරිවෘත්තීය ක්‍රියාවලියේ දුර්වලතා ද විටමින් B12 හා යකඩ ඌනතාවයන් ද පෙන්නුම් කරනු ලබයි.

අඩ සඳ සලකුණ නියපොත්තේ ඉතිරි කොටස් වලින් තරමක් වෙන් වුණු පරිදි තිරස් ඉරි ද සහිත ව දක්නට ලැබෙන්නේ නම් ඉන් රුධිරයේ සීනි මට්ටම වැඩිවීම සහ දියවැඩියා රෝග තත්ත්වයේ ආරම්භක ලක්ෂණ පෙන්නුම් කරයි.

4. මුළුමනින්ම අඩ සඳ සලකුණු අදෘශ්‍යමාන වීම

ඔබේ හෝ ඔබේ දරුවන් ගේ ඇඟිලිවල අඩ සඳ සලකුණු දකින්නට නොලැබෙන්නේ නම් එයින් කලබලයට පත් නොවන්න.සාමාන්‍යයෙන් කුඩා දරුවන්ගේ ඇඟිලිවල මෙම සලකුණු දක්නට නොලැබෙන අතර කාලයත් සමඟ ඒවා පෙනෙන්නට පටන් ගනී.සමහර පුද්ගලයන්ගේ සුවිශේෂී කායික තත්ත්වයන් හේතුවෙන් මෙම සලකුණු ජීවිත කාලය පුරාම ඇති වන්නේ නැත.

නමුත් මෙම සලකුණු හදිසි අතුරුදහන් වී යාම නූතන වෛද්‍ය විද්‍යාවට අනුව රුධිර සංසරණ පද්ධතියේ අක්‍රමිකතාවක් ලෙස හඳුනාගනු ලබයි.

තවද මෙම අධ්‍යයනය මගින් පෙන්වා දෙන්නේ ඇඟිලි වල අඩ සඳ සලකුණු මුළුමනින් ම අතුරුදන් වී යාම තයරොයිඩ් ග්‍රන්ථි වල ආබාධ තත්ත්වයන් මෙන්ම යකඩ සහ විටමින් B12 වල ඌනතාවයන් ද හෙළිදරව් කරන බවයි.

5. අඩසඳ සලකුණු වල වර්ණයේ වෙනස්කම්

අළු පාට

මෙය අධික තෙහෙට්ටුව ආහාර ජීර්ණයේ ඇති අක්‍රමිකතා මෙන්ම පෝෂණ සංඝටක ශරීරයට උරා ගැනීමේ ඇති සංකූලතා නිසා ඇතිවිය හැකි තත්වයකි .

සුදු පාට

සුදු පාට අඩ සඳ සලකුණු යහපත් සෞඛ්‍යයක සලකුණක් මෙන්ම ස්වාභාවික පිහිටීමකි. මෙහිදී අඩ සඳ සලකුණු සමේ පැහැයට වඩා තරමක් ලා පැහැයක් ගත යුතුයි .

දම් පාට

මෙයින්ද රුධිර සංසරණ පද්ධතියේ අක්‍රමිකතා මෙන්ම අභ්‍යන්තර අවයව වල හා මාංශ පේශී වල ඔක්සිජන් සැපයුම අඩාල වීම පෙන්නුම් කරයි. එවිට නිතර ක්ලාන්ත ගතිය ඇතිවිය හැකියි .

රෝස පාට

මෙයින් ශාරීරික ක්‍රියාකාරකම් මද බව මෙන්ම පෙණහලු ආශ්‍රිත රෝග තත්ත්වයන් ද පෙන්නුම් කරයි.

කළු පාට

කළු පාට අඩසඳ සලකුණු ඉතා ම දුර්ලභව දක්නට ලැබෙන්නක් වන අතර මෙය ඉතා භයානක තත්ත්වයක් වන ලෝහ විෂවීම නිසා ඇතිවිය හැකිය.