මල්ලිගේ ඔපරේෂන් එක සාර්ථකව අවසන් වුනා.දැන් මල්ලිට හුගක් දුරට සනීපයි.අම්මයි,අප්පච්චියි ඉන්නෙ කියා ගන්න බැරි තරම් හිතේ සනීපෙකින් හා සතුටකින්.මල්ලි සනීප වුනු එක ගැන මටත් ගොඩක් සතුටුයි.ඒත් මින් ඉසරහට මගේ මුලු ජීවිතේම අර රස්තියාදුකාරයට සින්න වෙනවා කියලා දැනගත්තම මට උහුලගන්න බැරි තරම් දුකක් ඇති වුනා.ලක්ශ විස්සක් හොයා ගන්න අපිට පුලුවන් කමක් තිබ්බ නම් මං කොහොමටවත් අර විරාජ්ට කැමති වෙන්නෙ නැහැ.

“මොනවද දුවේ ඔය හැටි කල්පනා කරන්නේ?……”

අම්මා ඇවිත් මං අසලින්ම වාඩිවුනා.

“ම්…මොකුත් නෑ අම්මෙ……”

මං එහෙම කිව්වත් අම්මට මගේ වෙනස තේරෙන්න ඇති.

“මං දන්නවා දුව කල්පනා කරන දේ.දුව විරාජ් පුතාව කසාද බදින්න කැමති වුනේ අපි කියපු හින්දා කියලා අපි හොදටම දන්නවා……”

අම්මට දැන්මම ඌව පුතා වෙලා ඉවරයි. ඒත් මට නම් කවදාවත් ඒකා ගැන ආදරයක් දැනෙන එකක් නෑ.

“අපි දැන් ඔය ගැන කතා නොකර ඉමු අම්මෙ.ලක්ශ විස්සක් හොයා ගන්න පුලුවන් කමක් තිබ්බ නම් මං කීයටවත් විරජ්ව මැරි කරන්න කැමති වෙන්නෙ නැහැ.එන දේකට මුහුණ දෙන්න මං හිත හදාගෙන ඉවරයි…….”

“අපි ඔයාට ආදරේ නැහැ කියලා හිතන්න එපා දුවේ.හැම දෙයක්ම හොදින් විසදෙයි. විරාජ් පුතා වුනත් කාලයක් යද්දී ඔය රස්තියාදු කාර ජීවිතේ අත්හරියි…….”

විරාජ් ගැන කතා කරන එකෙන් තව දුරටත් මගෙ හිත පෑරෙන හින්දා මං අම්මා ලගින් නැගිටලා ගියා.


හිතේ තියන හැම දුකක්ම හැම වේදනාවක්ම මොහොතකට හරි අමතක කරන්න හිතාගෙන මං මුහුදු වෙරළ පැත්තට ආවා.මුහුදේ ඈත කොනක පාවෙන පුංචියට පෙනෙන නැවක් දිහා බලාගෙන ගල් පර්වතයක් උඩ වාඩි වුනා. අද මුහුදු රැල්ල ටිකක් සැරයි වගේ.🏝️🏖️️ගොඩබිමට ගලාගෙන ඇවිත් ආයෙමත් ඈතට ගලාගෙන යන මුහුදු රැල්ල දෙසම මං ටිකක් වෙලා බලාගෙන හිටියා. එකපාරටම මගෙ පිටට පුංචි ගල් පාරක් වැදුනා.අනිවාර්යයෙන්ම සමාධි වෙන්න ඇති කියලා පිටි පස්ස බලපු මට දැක ගන්න පුලුවන් වුනේ සමාධිව නෙවෙයි. මොහොතකටවත් මං දකින්න අකමැති විරාජ්ව.කට පුරාම හිනාවීගෙන කෝටුවකුත් අතේ තියාගෙන අර රස්තියාදුකාර කොන්ඩෙත් අතින් හද හද විරාජ් ඇවිත් මගෙ ඇගේ ගෑවෙන නොගෑවෙන තරමට ලගින් වාඩි වුනා.මං ටිකක් එහායින් වාඩි වුනා.මගෙ හිතට දැනුනේ දැඩි නොරිස්සුමක්.විරාජ් හිතනවා මං කසාදෙට කැමති වුනේ ඇත්තටම එයාට ආදරේ කරනවා ඇති කියලා.

“මොකද?…මට බෝවෙන ලෙඩක් නෑ. මෙන්න මෙහෙ ලගට එනවා…..”

එහෙම කියලා එකපාරටම විරාජ් මාව එයා ගාවට ඇදලා ගත්තා.මට බයත් හිතුණා එකපාරටම මං අත ගසා දාලා එතනින් නැගිට්ටා.

“මොකෝ මේ බය වෙලා වගේ?මාව දැක්කා විතරයි හරියට බය වෙන්නෙ යකෙක්ව දැක්කා වගේ.ඔයා හිතනවා වගේ මං දරුණු මනුස්සයෙක් නෙවෙයි චායා……”

අපොයි මං නොදන්න මෙයාගෙ දරුණුකම.ඒත්…..මං කොයි තරම් විරාජ්ව මගාරින්න හැදුවත් ඒකෙන් ඇති වැඩක් නෑනෙ.අන්තිමට අකමැත්තෙන් හරි විරාජ්ගෙ බිරිඳ වෙන්න සිද්ද වෙනවනේ.😥😥

“මං කාටවත් බය නෑ……”😠

“හ්ම්ම් ඒක හොදයි.කාටවත්ම බය වෙලා ජීවත් වෙන්න බැහැ.ඒක නෙවෙයි චායා අද අපෙ තාත්තයි අම්මයි එහෙ එනවා කිව්වා අපි දෙන්නගෙ කසාදෙ ගැන කතා කර ගන්න……”

මට ඒක හරියට ඇහුනේ අද හවස මාව මරන්න කට්ටියක් එනවා කියනවා වගේ.

“මං යනවා විරාජ්……”

එහෙම කියලා මං එතනින් යන්න හැදුවා. ඒත් විරාජ් මට යන්න දුන්නෙ නැහැ.මගෙ අතින් අල්ල ගත්තා.

“විරාජ්….මගෙ අත අතාරින්න.කවුරු හරි දැක්කොත් එහෙම……”

“කවුරු දකින්නද චායා.කවුරු හරි දැක්කත් මොනවා කියන්නද?මොනවා කරන්නද?මේ විරාජ්ට විරුද්ධව මේ වැල්ලෙ කවුරුවත් මොනවත් කියන්නෙ නෑ කියලා ඔයාට අමතක වුනාද?……”

“නෑ…😡මේ තැන් තැන් වල අත්වැල් පටලගෙන කතා කරලා මට පුරුද්දක් නැහැ විරාජ්……”😡😡

“හරි හරි ඉතිං.එහෙනම් ඉතිං අතින් අල්ලන්නෙ නැතුව ඉන්නම්කො…..”

“මං යනවා.අම්මා මාව හොයනවා ඇති……”

එහෙම කියලා මං එතනින් ටක්ගාලා දුවලා ආවා.හිතේ සැනසීමෙන් ඉන්න කියලා හිතාගෙන මුහුදු වෙරලට ගියා. විරාජ් ඇවිල්ලා ඒ සැනසීමත් නැති කරා.


හවස විරාජ්ගෙ අම්මයි තාත්තයි ආපු වෙලාවෙ මං හිටියේ කාමරේට වෙලා.

“අක්කෙ අන්න සෝමදාස මාමයි නැන්දයි විරාජ් අයියයි ඇවිත්……”

“ඒ බූරුවත් ඇවිල්ලද?…..”😡

“🤫🤫අක්කෙ කෑ ගහන්න එපා එයාලට ඇහෙයි.අම්මා ඔයාට කතා කරනවා…..”

චික්….මල වදේ.කියලා හිතාගෙනම මං කුස්සියට ගියා.අම්මා තේ හදනවා.

“ආ…..දුවේ ඔයා ගිහින් කට්ටියට මේ තේ ටික අල්ලන්න……”☕☕

“අනේ අම්මෙ අම්මම ගිහින් අල්ලන්න. මට නම් බැහැ……”

“විකාර කතා කරන්න දූ.ඒ මිනිස්සු ඇවිත් ඉන්නේ ඔයාගෙ කසාදෙ ගැන කතා කරන්න.ඔයා එතෙන්ට ගිහින් එහෙම ඒ මිනිස්සුන්ගෙ හිත රිදෙන විදියෙ කිසිම දෙයක් කියන්න එපා.හොදට හිනා වෙලා කතා බහ කරන්න……”

අම්මගෙ බල කිරිල්ල නිසාම මං ට්‍රේ එකත් අරගෙන සාලෙට ගියා.අප්පච්චී විරාජ්ගෙ අම්මයි තාත්තයි විරාජුයි එක්ක ලොකූ කතාවක්.මං එයාලට තේ අල්ලද්දී අම්මයි මල්ලියි දෙන්නත් අපි ගාවට ආවා.

“දැන් ඉතිං අපි මේවා තවත් කල් දදා ඉන්න එකේ තේරුමක් නෑ නේද ආනන්ද මහත්තයා?ඉක්මනට අපි මේ දෙන්නගෙ මංගල්‍ලෙ ඉක්මන් කරලා දාමු…….”

එහෙම කිව්වේ විරාජ්ගෙ තාත්තා.

“ඔව් වැල්ලෙ අයියා.අපි එහෙනම් ඉතිං හොද නැකතක් එහෙම බලලා දිනයක් දා ගම්මු……”

“ඔව්.ලබන මාසෙ හොද නැකතක් තියනවා.හොද සුභ නැකතක්.ඒක නම් හොදයි.හැබැයි ආයෙ ඒ වගේ හොද නැකතක් එන්නේ අවුරුදු තුනකින්……”

“ලබන මාසෙ කියන්නේ තව දවස් කීයද? මංගල්ලෙකට ලෑස්ති වෙනවා කියන්නේ එහෙම ඉක්මනින් කරන්න පුලුවන් දෙයක්ද?කොච්චර දේවල් තියනවද කරන්න…….”

අම්මා ඒ ගැන දැරුවේ ඒ වගේ මතයක්. මට දැනුනේ මට ජීවත් වෙන්න තියෙන්නේ තව මාසයකටත් අඩු කාලයක් වගෙයි.ඒ තරමටම මට කසාදෙ එපා වෙලයි තිබුනේ.😞😞

“ඒ ගැන පොඩ්ඩක් වත් බය වෙන්න එපා ශිරාණි නෝනා.මංගල්ලෙ ගැන හැම දෙයක්ම අපි බලාගන්නම්.ඔය ගොල්ලො නෑදෑයින්ට අදම ආරාධනා කරන්න……”

“කවදා හිටියත් මේ කටයුතු කෙරෙනවනේ.අපි නොදන්න මිනිස්සුයැ. ලබන මාසෙ මේ කසාදෙ කරමු……”

එහෙම කිව්වේ විරාජ්ගෙ අම්මා.

“මොකද මේ චායා දුව කතා නැත්තේ?……”

එහෙම ඇහුවේ විරාජ්ගෙ තාත්තා.

“ඒක තමයි මාත් බැලුවේ.දූ තරහයිද මෙච්චර ඉක්මනට මංගල්ලෙ ගන්නවට?……”

“න්….නෑ….නැන්දෙ.මගෙ අකමැත්තක් නැහැ……”

මං බොහොම අපහසුවෙන් එහෙම කිව්වා.

“දුව ඉතිං මගෙ පුතාව හොදට දන්නවනේ.තාම ඉතිං මේ ගැන දෙන්නට හරියට කතා කරගන්නත් නැතුව ඇතිනේ……”

මොනවා කතා කරන්නද?මගෙ මුලු ජීවිතේම ගිල ගන්න බලාගෙන ඉන්නේ? නොදකින් හැලි වදුරා.😡😁😂


“අපේ මහත්තයා අපි මේ කසාදෙ මොන තරම් හොදට ලෑස්ති කරත් දුව ඉන්නෙ සතුටින් නෙවෙයි නේද?……”

“ඒක නම් ඇත්ත තමයි නෝනෙ.ලක්ශ විස්සක් වෙනුවෙන් මං දුවව බිල්ලට දෙනවා කියලා මට හිතෙනවා.එයා මේ කසාදෙට කැමැත්ත දුන්නේ පුතාගෙ ජීවිතේ වෙනුවෙන් මිසක් සන්තෝශෙට නෙවෙයි……”

“අපි දුවගෙ සතුට නැති කරලා දානවා නේද මහත්තයා.පව් අහිංසකී මේ කසාදෙට කොහෙත්ම කැමති නැහැ……”

අම්මගෙයි අප්පච්චිගෙයි මේ කතාවට මං ඇහුන්කන් දුන්නේ කාමරේ ලග ඉදලා. මං හරියට අසරණ වුනා.මාව විරාජ්ට කසාද බන්දලා දෙන්න හැදුවත් එයාලා දන්නවා ඒක මගෙ සතුට නෙවෙයි කියලා.මේ කසාදෙ නතර කරොත් ලක්ශ විස්ස අනිවාර්යයෙන්ම සෝමදාස මුදලාලිට දෙන්න වෙනවා.කොහෙන් හොයන්නද ලක්ශ විස්සක් දෙයියනේ?😢
මේ ප්‍රශ්නෙ හින්දා අම්මයි අප්පච්චියි හුගාක් අසරණ වෙලා ඉන්නේ.අම්මා අඩන සද්දෙත් මට ඇහුනා.😥😥අම්මා මේ අඩන්නේ මං හින්දා නේද කියලා මතක් වෙනකොට මගෙ පපුව පැලෙන්න වගේ ආවා.😭😭මං අම්මා ලගට ගියා.

“අම්මේ ඔයා දැන් අඩන්න එපා.මං මේ කසාදෙට කැමතියි කියලා කිව්වනේ.එන දේකට මුහුණ දෙන්න මං ලෑස්තියි. ඔයාලා දුක් වෙන්න එපා…….”


“අක්කෙ ඔයා මාත් එක්ක තරහද?……”

මල්ලී මං ලගට ඇවිත් ඇහුවා.

“ආ….මං මොකටද මල්ලිත් එක්ක තරහ වෙන්නේ?……”

වෙනසක් නොපෙන්වාම මං මල්ලිගෙන් එහෙම ඇහුවා.

“මගෙ ඔපරේෂන් එක නිසානෙ ඔයාට අර විරාජ්ව කසාද බදින්න වුනේ.ඔයා කැමති නෑනෙ ඌට…….”

“ඒ දේවල් ගැන හිතන්න එපා මල්ලි.වෙන දෙයක් ගැන කතා කරමු…….”

මගෙ හිත රිදුනා කියලා තේරිලා වෙන්න ඇති ඊට පස්සේ මල්ලී ඒ ගැන මගෙන් මොකුත්ම ඇහුවෙ නැහැ.

“චායා දුවේ…….”

මට කතා කරේ කව්ද කියලා බලන්න මං එලියට ගියා.ඇවිත් හිටියේ එහා ගෙදර ඇසිලින් නැන්දා.

“ඇයි නැන්දේ?……”

“දුවේ මේ කැව්ම් ටික හරි.අම්මට හවසට ඇවිත් අරන් යන්න කියන්න……”

“හා නැන්දෙ මං කියන්නම්……”

“මංගල්ලෙ කවද්ද දුවේ?……”

“ලබන සතියෙ සිකුරාදා……”

ඊලග කොටසින් නැවත හමුවෙමු