ඔයා මට කැමති නැති හේතුව දැන ගන්න පුලුවන්ද මට……”

“හේතුව මොකක් වුනත් මං ඔයාට කැමති නෑ විරාජ්……”😡

මං දිගින් දිගටම විරාජ්ව ප්‍රතික්ෂේප කරද්දී ඒ මුහුණෙන් පෙනුනේ පරාජිත බවක්.මට ඒ ගැන අබ මල් රේණුවක තරම්වත් දුකක් දැනුනේ නැහැ.

“හරි බලමුකෝ චායා මං දන්නවා තමුසෙව කැමති කර ගන්න විදිය……”

මං එතනින් දුවලා එනකොට විරාජ් මට එහෙම කියලා කෑ ගහනවා ඇහුනා.මං ඒවට උත්තර දිදී ඉන්න ගියේ නැහැ.මං ගෙදරට එද්දී විරාජ්ගෙ තාත්තා අපේ ගෙදර ඇවිත් හිටියා.

“ආ චායා දුවේ කොහොමද ඉතිං?……”

“හොදින් ඉන්නවා සෝමදාස මාමේ……”

මං වෙනසක් නොපෙන්වාම එහෙම කිව්වා.සෝමදාස මාමා එන්න ඇත්තේ අර යෝජනාව ගැන අහන්න වෙන්න ඇති.

“ඉතිං දුවේ මං අපේ පුතා ගැන දුවට කරපු යෝජනාව ගැන දුව දන්නවා ඇතිනේ.මං ඒ ගැන මේ අහන්න ආවේ. කෝ ඉතිං දුව තාම හරියට උත්තරයක් දුන්නෙ නෑ කියලා කියනවනේ දූගෙ අම්මයි තාත්තයි……”

සෝමදාස මාමා එහෙම කියද්දී මං බැලුවේ අම්මයි,අප්පච්චියි දිහා.මං කට ගෙවෙනකන් ඒ දෙන්නට කිව්වා මං මේ මගුලට කොහෙත්ම කැමති නෑ කියලා. මට පුදුම විදියටම තරහ දැනුනේ.😡😡

“අනේ වැල්ලේ අයියෙ දුවට තාම මේ දේවල් ගැන දැනුම් තේරුම් නෑනෙ.ඒකයි ඔය……”

එහෙම කිව්වේ අම්මා.අම්මා හිතන්න ඇති මං අන්තිමට හරි මේ මගුලට කැමති වෙයි කියලා.

“සෝමදාස මාමෙ මං මේකට කැමති නෑ. මං මේ ගැන අම්මටයි,අප්පච්චිටයි කියලයි තිබ්බේ……”

ඕන දෙයක් වෙච්චාවෙ කියලා මං එහෙම කියලා දැම්මා.අම්මයි අප්පච්චියි කලබල වුනා මං එහෙම කිව්වම.ඒත් සෝමදාස මුදලාලි නම් කලබල වුනේ නැහැ.හිනා වුනා විතරයි.

“මං පුදුම වෙන්නෙ නැහැ දුවේ දුව මේකට කැමති නෑ කිව්වම.දුව මේකට එකපාරටම කැමතියි කිව්වා නම් තමයි මං පුදුම වෙන්නෙ.ඔයාලට තාම මේ සමාජෙ ගැන තේරුමක් නැහැ. අනික, චායා දුව මගෙ පුතා ගැන හොදට දන්නවනේ.හදිස්සියක් නෑ හිමිහිට හිතලා බලලා තීරණයක් ගන්න.මං එහෙනම් ගිහින් එන්නම් ආනන්ද මහත්තයා……”

“චායා….දුවේ හොද දුව වගේ අපි කියන දේ පොඩ්ඩක් අහන්න.ඇයි ඔයා මෙච්චර මුරණ්ඩු වෙන්නේ?……”

“අනේ අම්මේ…..ඇයි ඔයාලා මාව මං අක්මැති කෙනෙක්ට බලෙන් බන්දලා දෙන්න හදන්නේ?මගෙ සතුට නැති කරන්න හදන්නේ ඇයි අම්මේ?…..”😥😥

“ආනන්ද මහත්තයා….ආනන්ද මහත්තයා……”

ගේ ඉස්සරහයින් අප්පච්චිගේ නම කියලා කව්දෝ මන්දා කෑ ගහනවා ඇහුන නිසා අපි තුන් දෙන්නම මිදුලට දිව්වා.

“මොකද මොකද සිල්වා මේ කෑගහන්නේ?……”

“ආනන්ද මහත්තයා ලෝචන පුතාට සිහි නැති වෙලා වෙරළ අයිනෙ වැටිලා හිටියා. අපි ඉස්පිරිතාලේට ගෙනිච්චා.මං මේ දුවගෙන ආවෙ පණිවිඩේ කියන්න…….”

“අනේ දෙයියනේ මගෙ පුතාට මොකද වුනේ?අනේ මහත්තයා අපි ඉක්මනට ඉස්පිරිතාලෙට යමු……”😭😭

අප්පච්චියි අම්මයි මමයි ඉක්මනට ඉස්පිරිතාලේට ආවා.ඉස්පිරිතාලෙ නර්ස් කෙනෙක්ගෙන් අහගෙන මල්ලිව ගෙනාපු තැන අහගෙන ඩොක්ටර් ගාවට ආවා.

“ඩොක්ටර්….මගෙ පුතාට මොකද වුනේ?……”😭😭

“මේ ලෝචනගේ අම්මයි තාත්තයි වෙන්න ඇති?මේ අක්කද?……”

“ඔ…ඔව් ඩොක්ටර්.අනෙ මගෙ පුතාට මොකද වෙලා තියෙන්නේ?…..”

“කලබල වෙන්න එපා ලෝචනට තියෙන්නේ වකුගඩු වල ප්‍රශ්නයක්. ඉක්මනට ඔපරේෂන් එකක් කරන්න වෙයි.නැත්නම් දරුවගෙ ජීවිතේ අනතුරක වැටෙයි……”

“අනේ දෙයියනේ මගෙ පුතා……”😭😭

“අනේ අම්මේ අඩන්න එපා ඩොක්ටර් කිව්වනේ ඔපරේෂන් එකක් කරොත් මල්ලිගෙ ජීවිතේ බේර ගන්න පුලුවන් කියලා……”

“බය වෙන්න එපා මිසිස් අබේසේකර පුතාගෙ ජීවිතේ බේර ගන්න පුලුවන්. හැබැයි මේ ඔපරේෂන් එකට ලක්ශ විස්සක් විතර වියදම් වෙනවා.පුලුවන් තරම් ඉක්මනට සල්ලි ලෑස්ති කරගන්න. හැබැයි තව මාසයක් ඇතුලතවත් ඔපරේෂන් එක නොකරොත් පුතාගෙ ජීවිතේ අනතුරේ……”


ගෙදර ඇවිල්ලත් මායි අප්පච්චියි අම්මයි කල්පනා කරේ කොහොමද මේ සල්ලි හොයා ගන්නේ කියලා.තියන රත්තරං බඩු සේරම ටිකෙනුයි සල්ලියි බැලුවොත් ලක්ශ දහයක් එකොලහක් විතර හොයා ගන්න පුලුවන් වෙයි.ඉතුරු සල්ලි ටික කොහෙන්ද හොයා ගන්නේ?මල්ලිගෙ ජීවිතේට අනතුරක් වුනොත් අම්මයි අප්පච්චියි අඩලා අඩලා හූල්ලලාම ලෙඩ වෙයි.මට මල්ලිගෙ වගේම අම්මගෙයි අප්පච්චිගෙයි ජීවිතත් ගොඩක් වටිනවා.

“අම්මේ අපි දැන් මොකද කරන්නේ?……”😥😥

“මට හිතා ගන්න බැහැ දුවේ.මගෙ අහිංසක දරුවගෙ ජීවිතේට අනතුරක් වුනොත් මං ජීවත් වෙලා වැඩක් නැහැ……”😭😭

“අඩන්න එපා අම්මේ.අපි කොහොම හරි සල්ලි ටික හොයා ගම්මු.මල්ලිට මොකුත්ම වෙන්නෙ නැහැ.කෝ අප්පච්චී…….”

අප්පච්චී පේන්න හිටපු නැති හින්දා මං අම්මගෙන් ඇහුවා.

“අප්පච්චී ගියා සෝමදාස මුදලාලි හම්බවෙන්න.ණයටවත් සල්ලි ඉල්ලගන්න පුලුවන්ද කියලා බලන්න……”

අනේ දෙයියනේ සෝමදාස මුදලාලි සල්ලි දෙන්න කැමති වුනොත් ඒක ලොකු දෙයක්.මගෙ මල්ලිගෙ ජීවිතේ කොහොම හරි බේරලා දෙන්න දෙවියනේ🙏🙏

පැයක් විතර යනකොට අප්පච්චී ආපහු ගෙදර ආවා.

“අපේ මහත්තයා වැල්ලෙ අයියා මොකද කිව්වේ?සල්ලි දෙන්න හා කිව්වද?…….”😥

“ලක්ෂ පහලොවක්ම දෙන්නම් කිව්වා. ඒත්……”

එහෙම කියලා අප්පච්චී බැලුවේ මං දිහා. මට බයකුත් දැනුනා.සෝමදාස මුදලාලි අප්පච්චිට මොනවා කියලා ඇතිද කියලා.

“ඇයි අපේ මහත්තයා ඒත්….කියලා කිව්වේ?……”😥

“වැල්ලෙ අයියා කිව්වේ අපි පිට මිනිස්සු නෙවෙයිනේ තව ටික කාලෙකින් අපි නෑදෑයොනේ කියලා.මේ ලක්ශ පහලව ආපහු එපා කියලත් කිව්වා……”

ඊට පස්සේ අපි තුන් දෙනා අතර ඇති වුනේ ලොකු නිහැඩියාවක්. අල්පෙනෙත්තක් බිම වැටුනත් ශබ්දය ඇහෙන තරමටම ඒ නිශ්ශබ්දතාවය වැඩි වුනා.සිද්ද වෙලා තියන දේ මට හොදට තේරුණා.සෝමදාස මුදලාලි අප්පච්චිට මේ සල්ලි දෙන්නෙ මං විරාජ්ව කසාද බදින්න කැමති වෙයි කියලා හිතලයි.බැරි වෙලාවත් මං මේකට අකමැති වුනොත් අපිට ආපහු මේ සල්ලි දෙන්න වෙයි.අපි කොහෙන්ද ලක්ශ පහලවක් හොයන්නේ?මල්ලිගෙ ජීවිතේ බේරගන්න මට අකමැත්තෙන් හරි විරාජ්ව කසාද බදින්න වෙන විත්තිය දැනුනා.

“චායා…..දුවේ මල්ලිගෙ ජීවිතේ දැන් තියෙන්නේ ඔයාගෙ අතේ.එයාගෙ ජීවිතේ බේර ගන්න ඔයාට මේ කැප කිරීම කරන්න පුලුවන්ද දුවේ?……”😭😭

අම්මා අඩමින්ම මගෙ අත් දෙකම අල්ලගෙන මගෙන් කරපු ඒ ඉල්ලීම ඉශ්ට කරන්න හිත හදාගත්තේ හුගාක් අමාරුවෙන්.මං ඒ තීරණේ ගත්තෙ නැත්නම් මගේ මල්ලිට එයාගෙ ජීවිතෙන් සමු ගන්න සිද්ද වෙනවා.අක්කා කෙනෙක් විදියට මට බෑ මගෙ සහෝදරයට ඒ වගේ අපරාධයක් කරන්න.අමාරුවෙන් හරි මං හිත හදා ගත්තා.

“ඔ….ඔව් අම්මා.මං කැමතියි විරාජ්ව කසාද බදින්න.සෝමදාස මුදලාලිගෙ ගෙදරට පණිවිඩයක් යවන්න මං ඒ කසාදෙට කැමතියි කියලා……”😢😢

තවත් එතන හිටියොත් මට සිද්ද වෙන්නෙ මහ හයියෙන් අඩන්න. කාමරේට ඇවිත් දොර වහගෙන ඇදට පැනලා කොට්ටෙත් බදාගෙන හයියෙන් ඇඩුවා.😭😭

“මට නම් දුකයි බං උඹ ගැන.උඹට අන්තිමට අර පෝරිසාදයව කසාද බදින්නත් කැමති වෙන්න වුනානෙ……”

“මං විරාජ්ව බදින්න කැමති වුනේ මල්ලිගෙ ජීවිතේ බේර ගන්න සමාධි……”

“අනේ මන්දා චායා.ඒත් උඹට පුලුවන් වෙයි විරාජ්ව හදාගන්න……”

“මට ඒකව හදාගෙන ඇති වැඩක් නැහැ සමාධි.මට වෙලාවකට මේ මහ මුහුදට පැනලා මැරෙන්න……”😥😥

මුහුදේ ඈත කොන දිහාම නෙත් යොමාගෙන මං එහෙම කිව්වේ හිතේ උපන්න අන්ත අසරණ කලකිරීමෙන්. හිතේ කොනකවත් පුංචිම පුංචිම ආදරයක් නැති කෙනෙක්ව කසාද බැදලා මං කොහොමද ජීවත් වෙන්නේ.

“හිත හදාගනින් චායා.මේ ජීවිතේදි අපිට ඕනි දේවල්ම කරන්න සිද්ද වෙන්නෙ නැහැ……”

ඊලග කොටසින් නැවත හමුවෙමු