“ලෝකයේ වඩාත්ම සුන්දර දේ දෑසට දැකගත නොහැකිය, ඇල්ලීමටද නොහැකිය, එය හදවතට දැනිය යුතුය” – හෙලන් කෙලර්
ඇත්ත ආදරය කියන්නෙ තෑගි, නිතර නිතර යන විනෝද ගමන් එහෙමත් නැත්නම් ආදරබර වචන හෝ ෆේස්බුක් සටහන් වලට නෙවෙයි. ඒක ඔබට දැනෙනවා. ඔබ ඇත්තටම ආදරය කරනකොටත්, බ ඇත්තටම ආදරය ලබනකොටත් ඒක ඔබට ආශිර්වාදයක් වගේ දැනෙන්න පටන් ගන්නවා.
නමුත්, හැඟීම් කියන්නේ ලේසියෙන් අපිව නොමග යවන දෙයක් නිසා රැජිණිය අපි හිතුවා ආදරණීය,ඔබට හැබෑවටම ආදරය කරන සැමියෙකු පෙම්වතෙකු ඔබ වෙනුවෙන් ඔනවද කරන්නේ කියලා ඔබත් එක්ක කතා කරන්න.
- ඔබේ අවශ්‍යතා, වටිනාකම්, සිහින වලට ගරු කරනවා

ඔබට ඇත්තටම ආදරය කරන පිරිමියෙක් නිතරම ඔයාගේ අවශ්‍යතා ගැන හොයලා බලනවා. සමහර පිරිමින් මොන තරම් දරිද්‍රතාවයන් තිබ්බත් බිරිඳට, පෙම්වතියට අවශ්‍යයි කියලා හිතෙන ආලේපන, සුවඳ විලවුන් එහෙම කලාතුරකින් හෝ ලබා දෙන්න උත්සහ කරනවා අපි දකිනවා. ඒ වගේම ඇත්තට ආදරේ කරන අය තමගේ සහකාරියට ඇයගේ සිහින වලට යන්න උපකාර කරනවා. අධයාපනය, රැකියාව, හෝ වෙනත් ඕනම හීනයක් හැබෑ කරන්න උදව් කරනවා. ඒ වගේම ඔයා අගය කරන දේවල්, ඒ කියන්නෙ ඔයාගෙ පවුලේ අය, ඔයාගේ යාලුවෝ, ඔයාගේ විනෝදාංශ වලට ඔහු ගරු කරනවා. ඔහුත් ඒවට කැමති වෙන්නම අවශ්‍ය නැහැ, නමුත් අවබෝධයෙන් ඔබේ අගය කිරීම් වලට ඉඩ දෙනවා.
- තර්ක කරනවා

තර්ක කරන එක නරක දෙයක් නෙවෙයි කියලා අපි මෑත ලිපියකිනුත් ඔයාට කිව්වා. තර්ක කරන්නේ ඔයාව තේරුම් ගන්න අවශ්‍ය අයයි, එහෙම නැති නම් ඔයා එකඟ නොවෙන විට කෙලින්ම තරහ ගන්න හෝ අතහැර දමන්න පුලුවන්. ඒ නිසා තර්ක කරන එක වාද කරන එක ඇත්තටම ආදරය කරන අයගේ ලක්ෂණයක්.
- ඔබ වෙනුවෙන් පෙනී ඉන්නවා

ඔයාට ඇත්තටම ආදරය කරන අය ජීවිතේ ඕනෑම දුෂ්කර අවස්ථාවක ඔයා වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒක එයාගෙ දෙමව්පියෝ ඉස්සරහ ද, යාලුවො ඉස්සරහ ද ඕනම තැනක වෙන්න පුලුවන්. එයා කාටවත් ඔයාට ඇඟිල්ල දික් කරලා චෝදනා කරන්න ඉඩ තියන්නෙ නෑ, ඒ වගේම ඔයාට අසරණකමක් හුදකලාවක් දැනෙන්න ඉඩ තියන්නේත් නෑ.
හිතන්න, ඔයාට එයා එක්ක එයාගෙ යාලුවෙක්ගේ වෙඩින් එකකට යන්න වුණා කියලා, ඔයාව නාදුනන සෙනඟ අතරේ තනිකරලා එයා තනියම යාලුවෝ එක්ක විනෝද නොවී ඔයාටත් අපහසුවක් නැතුව ඉන්න, විනෝදෙන් ගත කරන්න ක්‍රමයක් එයා හොයා ගන්නවා.
- ඔයාට අනවශ්‍ය ලෙස සමීප වෙන අයට ඊර්ෂ්‍යා කරනවා

මේක නම් ටිකක් අමුතුයි කියලා ඔයාට හිතෙයි, නමුත් මේක ඇත්තක් බව ඔයාට තේරේවි. ඔයාට ඇත්තටම ආදරය නොකරන, ඔයාව දිනාගන්න අවශ්‍ය නැති කෙනෙක් කිසිම වෙලාවක ඔයාගෙ පිරිමි මිතුරන්ට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. නමුත්, ඔයාට ඇත්තට ආදරය කරන කෙනෙක්, කවුරු හරි ඔයාට අනවශ්‍ය විදියට සමීප වෙනකොට ඊර්ෂ්‍යා කරනවා. ඒ වගේම එයා ඒ ඊර්ෂ්‍යාව ගැන ඔයා එක්ක අවංකව කියාවි. සාමාන්‍යෙන් ඇත්තට ආදරය කරන අය දන්නවා එයාලට මේ හැඟීම එන්නෙ ආදරේ වැඩි නිසයි කියලා. ඒ නිසා එයාලා ඔයා එක්ක රණ්ඩු කරගන්නෙ නම් නැති වෙයි.
නමුත්, ඔයාට අවංක ආදරයක් නැති කෙනෙක් ඔයා එක්ක අනවශ්‍ය ලඟ ඇසුරක් තියන අය ගැන ප්‍රශ්න අහන්නේ වත්, ඔයා යන එන තැන් ගැන පොඩ්ඩක්වත් හොයලා බලන්නේවත් නැහැ. මේක ආදරේ කරන කෙනාගේ රැඩිකල්, නිදහස්කාමීත්වය කියලා රැවටෙන්න එපා, ඒක නොසැලකිල්ල.
- ඇහුම්කන් දෙනවා

ඔයාට ඇත්තටම ආදරය කරන කෙනෙක් ඔයාට ඇහුම් කන් දෙනවා. ඉතාම අමාරු අවස්තාවල පවා ඔයාට කියන්න තියෙන්නෙ මොකද්ද කියලා අහනවා. ඔයා අනිත් අය මොනවා කිව්වත් ඔයා කියන දේ අහල මිසක් ඒවා විශ්වාස කරන්නේ නෑ. ඒ වගේම ඔයා කියන ඕනෑම නොවැදගත් දෙයක් මැසිවිලි නොනගා අහගෙනත් ඉන්නවා.