සමාජයේ දැඩි කතා බහකට ලක්වූ කුණ්ඩලනී ශක්තියෙන් ජීවම් කළ පිරිත් පැන් කල ගංගාවලට මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු කාරණා ඊට මැදිහත් වූ සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් හෙළිදරව් කර තිබේ.

එලියන්ත වයිට් මහතාගෙන් හොඳ බෞද්ධයකු විදිහට බුදු හාමුදුරුවන්ගේ බුදුගුණ විශ්වාස කොට තුණුරුවන්ගේ බලයෙන් මේ රටෙන් කොවිඩ් 19 වසංගතය තුරන් වේවා යැයි සිතා පැන් කල ගඟට දමන දෙසට තමාට උපදෙස් ලැබුණු බව සෞඛ්‍ය ඇමැති ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් තමාට ද විශ්වාසයක් තිබෙන නිසා පැන් කල ගඟට දැමූ බව සඳහන් කරන ඇමතිවරිය එහි ඇති වැරැද්ද කුමක් දැයි ප්‍රශ්න කරයි.

තුරුණුවන්ගේ බලය මිථ්‍යාවක් දැයි ප්‍රශ්න කරන කරන වන්නිආරච්චි අමාත්‍යවරිය ලෝකයේ තිබෙන ප්‍රධානතම බලය තුණුරුවන්ගේ ගුණය බව ද පෙන්වා දෙයි.

පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරියට අමතරව උදය ගම්මන්පිල හා ප්‍රසන්න රණතුංග යන කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම කලක් රාජකීය වෛද්‍යවරයා ලෙස හැඳින්වූ එලියන්ත වයිට් මහතා ද පැන් කල ගඟට වීසි කරන දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුණි.

පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය මෙම අදහස් පළ කර තිබුණේ සතිඅන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.