අපි හැමෝම තමන්ගේ ප්‍රතිරූපය පිලිබඳව සෑහෙන්න හිතනවා. ඒ නිසා අපි ඒ වෙනුවෙන් නොයෙකුත් ආකාරයේ දේවල් කරනවා. අපේ හැමවෙලේම උත්සහා කරනවා විලාසිතා ලෝකයේ තිබෙන අලුත් අලුත් දේවල් අනුගමනය කරමින් හොද ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න. ඒත් අපි දන්නේ නැහැ අපි නොදැනුවත්වම කරන එදිනෙදා දේවල් වලින් අපේ ප්‍රතිරූපයට කොයි තරම් හානිවෙනවද කියලා. මේවා ඉතා සුලු කාරණා වෙන්න පුලුවන් හැබැයි ඒ වගෙන් ලොකු බලපෑමක් කරනවා. රැජිණිය අපි අද ඔයාලට අරගෙන එන්නේ අන්න ඒ වගේ ඔබගේ ප්‍රතිරූපයට හානිකරන එදිනෙදා දේවල් 11ක් පිලිබඳවයි.
1. කාර්යාලීය ඇඳුමට පැතලි පාවහන් පැළඳීම

පැතලි පාවහන් පැළඳීම මගින් ඔබේ කකුලේ වළලුකර විශාල වී පෙනෙනවා. මෙ මගින් ඔබේ කකුල් පුළුල් කුළුණු දෙකක් මෙන් පේනවා. මේ වගේ පැතලි පාවහන් කාර්යාලීය ඇඳුමට කිසිසේත් ගැලපෙන්නේ නැහැ. මේ ඇඳුමට වඩාත් ගැලපෙන්නේ කුඩා අඩි උස හෝ ස්ටයිලෙටෝස් පාවහන් ය.
2. ජීන්ස් වලට දිගින් වැඩි ටී ෂර්ට් ඇඳීම

ඔබ ජීන්ස් එකක් ඇඳ ඒ සදහා දිගින් වැඩි ටොප් එකක් ඇඳීම තුළින් ඔබට අනවශ්‍ය දිගු පෙනුමක් ලැබෙනවා. මේ සදහා වඩාත් සුදුසු වන්නේ ඔබ අඳින කමිසය ජීන්ස් එකට යට කිරීමයි.
3. ප්‍රමාණයෙන් විශාල බෑග් රැගෙන යාම

ප්‍රමාණයෙන් විශාල බෑග් ඔබ විශේෂ ඇඳුමක් ඇදගෙන යන විට කිසිසේත් ගැලපෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් වෙළද සවාරියක් වගේ යනවිට එහි එතරම් බලපෑමක් නැති වුනත් ඔබ විශේෂ අවස්ථාවකට සහභාගී වනවිට මේ වගේ විශාල බෑගයක් රැගෙන යාමෙන් ඔබේ ප්‍රතිරූපයට හානි විය හැකියි
4.ෂෝර්ට් ස්කර්ට්ස් වලට ඇන්කල් බූට්ස් දැමීම

ඇන්කල් බූට්ස් කිසිසේත්ම ස්කර්ට්ස් වලට ගැලපෙන්නේ නැහැ. එවා පැලඳීමෙන් ඔබේ කකුල් කෙටි වී පෙනෙනවා. මේ සදහා ගැලපෙන්නේ උස් බූට්ස් හෝ පැතලි පාවහන් ය.
5.එකවර එල්ලා හැලෙන ඇඳුම් කිහිපයක් ඇඳීම

එකවර එල්ලා වැටෙන ඇඳුම් කිහිපයක් ඇදීම මගින් ඔබේ ශරීරයේ ලස්සන හැඩය සඟවනවා. ඔබ එල්ලා වැටෙන ඇඳුම් ඇදීමට කැමති කෙනෙක් නම් වඩාත් සුදුසු වන්නේ වරකට එක් ඇදුමක් ඇද එය සමබර විම සදහා ඇගට හිර ඇදුමක් ඇදීමයි.
6. ෂෝර්ට්ස් වලට ටයිට් ජීන්ස් ඇදීම

ෂෝර්ට් කලිසම් ඇදීමට ගොඩ දෙනෙක් කැමතියි. නමුත් ගොඩක් අය කරන වැරදි දෙයක් තමයි. ඒ එක්කම ටයිට් ජීන්ස් එකක් අඳින එක. මෙහෙම ඇන්දම එමගින් ඔබේ ප්‍රතිරූපය විනාශ කරනවා.
7. ටියුලිප් ස්කර්ට්ස්

මෙම වර්ගයේ ස්කර්ට් එකක් ගැලපෙන්නේ එය ඉණ අඩු එකක් නම් පමණයි. ඉහළ ඉණ සහිත ටියුලිප් ස්කර්ට් එකක හොඳ පෙනුමක් ඇත්තේ ඔබ කෙළින් සිටගෙන සිටියහොත් පමණයි. ඔබ චලනය වන විට, ඔබ සිහින් වුවත්, නෙරා එන බඩක් එමගින් නිර්මාණය වේ.
8. විශාල සපත්තු

විශාල සපත්තු පැලැදීමෙන් ඔබට ගෙන දෙන්නේ අමිහිරි පෙනුමක්. ඔබේ පාවහන් මිලදී ගැනීමට යාමේදී දවස ආරම්භයේදී යන්න. මොකද හවසට ඔබේ දෙපා වෙහෙස තිබුනොත් ඒවා සියුම් ලෙස ඉදිමී තිබෙන්න පුලුවන්. එවිට ඔබගේ ප්‍රමාණයට නොගැලපෙන සපත්තු තමයි මිලදී ගන්න වෙන්නේ.
9. ටර්ටල් නෙක්ස්

මෙයින් හදුන්වන්නේ ඔබේ ගෙලට සිරවූ ඇදුම් වේ. එමගින් ඔබේ ගෙල කෙටි වී පෙනෙනවා. ඔබ ටිකක් කර විවෘත ඇදුම් ඇදීමෙන් ඔබට මනා පෙනුමක් ලැබෙනවා. අවශ්‍යනම් ඒ සදහා ස්කාර්ෆ් එකක් භාවිත කරන්න පුලුවන්.
10. ඇගට මනා ලෙස තද නොවූ ජීන්ස් ඇඳීම

සාමාන්‍යයෙන් ජීන්ස් ටික කාලයක් යනකොට ඇදීමට ලක් වෙලා ලොකු වෙනවා. එතකොට ඒවා ඇන්දම ඔබේ ඇගේ හැඩය ඉස්මතුවෙලා පේන්නේ නැහැ. එමනිසා ජීන්ස් මිල දී ගැනීමේදී ඇගට තද ඒවා මිල දී ගන්න.
11. බ්‍රා ස්ට්‍රැප්ස් පිටතට පේන්න ඇදීම

බ්‍රා ස්ට්‍රැප්ස් පිටතට පේන්න ඇදීම මගින් ඔබේ ප්‍රතිරූපයට හානි කරනවා. කෙසේ වෙතත් එය එලියට නොඑන ලෙස රඳවා ගැනීම ටිකක් අසීරු කාර්‍යයක් තමයි. මේ සදහා කටුවක් භාවිතා කරන එක තමයි හොඳම ක්‍රමය වන්නේ.