කාන්තාවකගේ ආකර්ශනීයත්‍වය ඉතාම සුන්දර වගේම ඉතාම සරල දෙයක්. ඇත්තටම සමහර වෙලාවට ආකරශනය ලබාගන්න කරන්න තියෙන්නේ ඉතාා සරල දේවල් ටිකක් විතරයි. සමහර කාන්තාවන් ඉන්නවා තමන්ගේ ආකර්ශණීයත්වය බාහිරට පෙන්වන්න ටිකක් අමාරු. එවැනි අයටයි රැජිණිය අපි අද මේ ගෙන එන එන ලිපිය. ඔබට මෙය ආකර්ශණය දිනා ගැනීමට හොඳ මග පෙන්වීමක් කරගන්න.

හැට හතර මායම් ලෙස හඳුන්වන කාන්තාවන් පිරිමින් ආකර්ශණය කර ගන්නා ආකාර පෙරදිග කලාපයේ පහත් තත්වයේ ලා සලකනවා. නමුත් විරුද්ධ ලිංගිකයන් ආකර්ශනය කර ගැනීම කියන්නේ මිනිසා ඇතුළු සියලුම සතුන්ගේ ස්වාභාවික අවශ්‍යතාවයක්. අනෙක් සතුන්ටත් මේ සඳහා විවිධ ක්‍රම තිබෙනවා. මොනර ාඅදි කුරුල්ලන්ගේ නැටුම් ආදිය යොදා ගන්නේත් මේකටයි. ඒ නිසා ආකර්ශනය දිනා ගැනීමට ක්‍රියා කිරීම කිසි සේත් ලැජ්ජා විය යුතු දෙයක් නෙවෙයි. නිසි ආකර්ශනය හා අවධානය ලැබීම ඔබේ මානසික යහ පැවැත්මටත් මහඟු පිටුවහලක් වෙනවා.

‌01. තොල මෘදුව සැපීම

‌මේක නම් හැට හතර මායම් වලත් දක්වලා තියෙන එකක්. නමුත් සාමාන්‍යෙන් කාන්තාවන් තමන්ගේ යටි තොලේ කොනක් මෘදුව සැපීම පිරිමින්ට ඉතාම ආකර්ශනීය ලෙස පෙනෙන දෙයක්. මෙය කුඩා දරුවනුත් නිතර කරනවා. ඔවුන් එසේ කරන විටත් එය ඔවුන්ගේ ස්වරූපය වඩා සුරතල් බවට පත් කරනවා

2.සිනිඳු සම

කාන්තාවන්ගේ සිනිඳු සම පිරිමින්ට ඉතාම ආකර්ශනීය බව ඈත කාලයේ පටන්ම කාන්තවනුත් දැන සිටි දෙයක්.පැරණි ඊජිප්තු සහ රෝම ශිෂ්ටාචාර වල පටන් කාන්තාවන් තමන්ගේ සිරුරේ රෝම ඉවත් කිරීම සිදු කර තිබෙනවා.

‌03. ඉහළට බඳින ලද කොණ්ඩය

මෙයත් හැටහතර මායම් වල දක්වන ක්‍රමයක්. කොණ්ඩය ඉහළට බැඳීම මගින් කාන්තාවන්ට තරමක වෘත්තියමය පෙනුමක් ද ලැබෙනවා. ඒ අතරම ආකර්ශණීය බවක් ද ලැබෙනවා සාමාන්‍යෙන් ඔබේ කොණ්ඩයෙන් වැසී තිබෙන කන් සහ බෙල්ල නිරාවරණය වීම මගින් සරාගි පෙනුමක් ද ලැබෙනවා.

  1. 4. වෙනස් පෙනුම

සාමාන්‍යෙන් දකින්න ලැබෙන අයට වඩා වෙනස් පෙනුමක් ඉක්මණින් අනෙක් අයව ආකර්ශණය කර ගන්නවා. උදාහරනයක් විදියට ටැටූ එකක්, වෙනස් පාටකින් වර්ණ ගනවන ලද කොණ්ඩයක්, තොප්පියක් ආදී ඕනම දේකින් ඔබට මේ වෙනස් පෙනුම ලබා ගන්න පුලුවන්. නිර්මාණශීලි අය කොහොමත් ඉතා ඉක්මණින් අනික් අයව ආකර්ශනය කර ගන්නවා.

  1. 5. කාන්තාවන් පිරිමි අයගේ ෂර්ට් එකක් ඇන්දාම

ඔබ මේක චිත්‍රපට වල ගීත වල තිර රචන වල එහෙම ඕන තරම් දැක ඇති. තමන්ගේ සහකරුගේ ආකර්ශනය දිනා ගන්න කාන්තාවන් බොහෝ වෙලාවට මේ ක්‍රමය භාවිතා කරනවා.

  1. 6. උරහිසට උඩින් හැරී බැලීම

‌උරහිසර උඩින් හැරී බලන විට කාන්තාවන්ගේ පෙනුමේ ඉතාම ආකර්ශනීය සහ සරාගි බවක් ඉස්මතු වෙනවා. ගොඩක් ප්‍රචාරක පුවරු වෙළඳ දැන්වීම් වල, පෝස්ටර් වල එහෙම ඉන්න කාන්තාවන් ඉන්නේ මේ ඉරියව්වෙන් බව ඔබ දැකලා ඇති.

  1. 7. ආත්මාභිමානය

තමන්ගේ සුන්දරත්වය සහ තමන් පිළිබඳව ආත්මාභිමානයක් සහිතව කාන්තාවක් ඕනම තැනක්ට ඇතුල් වෙනකොටම පිරිමින්ගේ ආකර්ෂණය ඔවුන් වෙත ඉබේම යොමු වෙනවා. නමුත් ආත්මාභිමානය අනවශ්‍ය ලෙස උඩඟු කමක් බවට වරදවා වටහා ගන්න එපා.

  1. 8. උරහිස නිරාවණය වන සේ ඇඳීම

උරහිස නිරාවරණය වන ඇඳුම් විලාසිතාව මීට වසට තුන හතරකට පෙර සිට ලෝකයේ නැවතත් විශාල රැල්ලක් ලෙස පැතිරී ගියා. උරහිස පහලට කඩා හැලෙන අත් ඇති ඇඳුම් අපේ රටේ තරුණියන් අතරත් වේගෙන් පැතිරී ගිය මෝස්තරයක් වුණා. නිරාවරනය වූ රවුම් උරහිස කියන්නෙත් ඉරිමින්ව පහසුවෙන් ආකර්ශනය කර ගන්න දෙයක්.

  1. 9. අඩි උස සපත්තු පැළැඳ යන සුන්දර ගමන

සමහර කාන්තාවන් අඩි උස සපත්තු වලට කැමතියි වගේම සමහරු කැමති නැහැ. නමුත්, කෙනෙක් තීරණය කරනවා නම් අඩි උස සපත්තු පළදින්න ඉතා හොඳින් එය පැළඳ ඇවිදින්න දැනගත යුතුයි. මෙය තරමක් වීම හොඳයි. අඩි උස සපත්තු පැළඳ ලස්සනට ඇවිදින එක ඉතාම ලස්සනයි, ආකර්ශනීයයි වගේම, ඔබ ඒක හරියට නොකළොත් මහා විනාශයක් වෙන්නත් පුලුවන්!

  1. 10. සරාගී කටහඬ

මේක නම් ඉතින් උත්සහ කරලා ලබාගන්න අමාරු දෙයක්. නමුත් ඔබට කතා කරන විලාශයත් එක්ක මේක වෙනස් කරගන්න පුලුවන්. මර්ලින් මොන්‍රෝගේ වැනි උස් කටහඬවල් පිරිමින්ට ඉතාම ආකර්ශනීයයි, ඇයගේ සමකාලීනයන් කියා තිබෙනවා ඇගේ කටහඬ ව්‍යාඝ්‍රා වගේ කියා.

  1. 11. පිරුණු තොල්

කාන්තාවන්ගේ ශරීරයේ වැඩියෙන්ම අවධානය යොමු වෙන තැනක් තමයි තොල්. පිරුණු තොල් සඟලක් නිරන්තරයෙන් ආකර්ශනය සහ අවධානය දිනා ගන්නවා. මේ වනවිට ලෝකයේ කාන්තාවන් බොහෝ දෙනෙක් පිරුණු තොල් සඟලක් සඳහා සැත්කම් පවා සිදු කරනවා. නමුත් ලිප්ස්ටික් එකකින් පවා මේ හාස්කම ඔබට කළ හැකියි. ගොඩක් අය කරන වැරැද්දක් තමයි හිතාමතා තොල් උල් කරන එක, මේක කැතයි වගේම පහසුවෙන් ඔබ කෙරෙහි අප්‍රසාදය ඇති කරවන දෙයක්.

  1. 12. අලංකාරය

අලංකාරය ඇති වෙන්නේ ඔබේ ඇඳුමෙන්, ආභරණ වලින් සහ හැසිරීමෙන්. මෙය කාන්තාවගේ සරාගී බව විශේෂයෙන් ඉස්මතු කරනවා කියන්න බෑ වගේම සඟවන්නේ ද නෑ.

‌13. ස්පෝර්ට් ලෙගින්ස්

ස්පෝර්ට් ලෙගින්ස් ශරීරයට තද වෙලා තියෙන නිසා ශරීරයේ, විශේෂයෙන් නිතඹේ හැඩය හොඳින් ඉස්මතු කර පෙන්වනවා. ඉස්සර නම් මේවා ඇන්දේ ජිම් එකට විතරයි වුණත් දැන් නම් විලාසිතාවක් ලෙස අඳිනවා.

‌14. ස්වාභාවික, නියුට්‍රල් මේකප්

සාමාන්‍යෙන් මිනිස්සුන් වැඩි හරියක් මේකප් නැතුව කාන්තාවන්ට කැමතියි. නමුත් ඒකෙ අදහස ඔබ ,මේකප් පැළඳිය යුතු නෑ කියන එක නෙවෙයි. ඔබ මේකප් පළඳින බව පැහැදිලිව පෙනෙන ලෙස මේකප් පැළැඳිය යුතු නැහැ කියන එකයි.

  1. 15. කණ්ණාඩි දැමීම

‌කණ්ණාඩි දාන අයට නම් මේක හොඳ ආරංචියක් වේවි. නමුත් තරුණ කාන්තාවන් ලෙස ලස්සන ආකර්ශනීය පෙනුමක් සහිත කණ්ණාඩි රාමු තෝරා ගන්න මැළි වෙන්න එපා. කණ්ණාඩි නොදාන අයටත් මෝස්තරයක් ලෙස ගැලපෙන කණ්ණාඩි දැමිය හැකියි.

‌16. අවංක සිනාව

සමහර ගෑණු ළමයි අනිත් අය ඉන්න තැන හයියෙන් හිනා වෙන්නේ නෑ. නමුත් බය නැතුව හිනා වෙන්න, හිනාව ඉතාම ආකර්ශණියයි, වගේම පිරිමි අවංකව නිර්ව්‍යාජව හිනා වෙන අයට කැමති