“කැලුම්….අද හවසට අපි දෙන්නා පන්සල් යමුද?……”

“ම්ම්…හා ප්‍රීති ඔයා එහෙනම් ලෑස්ති වෙන්නකෝ.අපි ටිකක් රෑ වුනාම යමු. ගොඩාක් දුර නෑනෙ පන්සලට……”

“නෑ කැලුම් මෙහෙ උඩහා පන්සලට නෙවෙයි මං යමුයි කිව්වේ.ටව්න් එකට උඩහ කන්දෙ විහාරෙ.ඒ පන්සලට……”

කන්දෙ විහාරෙ පන්සලට යමුයි කිව්වම කැලුම් එකපාරටම බය වුනා.හරියට මං මේ මිනිහෙක් මරන්න්න යමු කිව්වා වගේ.

“ඇයි කැලුම්…ඔයාට එකපාරටම මොකද වුනේ?මං කන්දෙ විහාරෙ පන්සල් යමු කිව්වේ……”

“න්…නෑ….ප්‍රීති…මං මේ කියන්න හැදුවේ ඔයාව දැන් කොයි වෙලේ හොස්පිටල් එක්කන් යන්න වෙයිද කියන්න බැහැනේ. එච්චර දුර එක්කන් යන්න බයයි මැණික. අනික ඒ පන්සලට යන්න උස කන්‍දක් නගින්නත් තියනවා නේද?බැරි වෙලාවක්වත් ඔයාට එහෙදි අමාරු වුනොත් එහෙම……”

කැලුම් කියන දේත් ඇත්තක් තියනවා කියලා මට හිතුණා.ඒ හින්දා මං කැලුම් එක්ක ලග තියන පන්සලට යන්න ලෑස්ති වුනා.ඒත් ලෑස්ති වෙලා එලියට බහින්න ලැබුනෙ නැහැ.දවල් ඉදන් ඇගට දැනුනු පුංචි අපහසු ගතිය වැඩි වුනා.මං එකපාරටම කොන්ද අල්ලගෙන කැලුම්ගෙ ඇගට හේත්තු වුනා.

“ඇ…ඇයි ප්‍රිති ඔයාට මොකද වුනේ?ඔයාට අමාරුද?……”

“අනේ කැලුම් අම්මට කතා කරන්න.මට ටිකක් අමාරුයි වගේ……”😫😥

කැලුම්යි,එයාගෙ අම්මයි මාව හොස්පිටල් එකට ගෙනාවා.ඇගට දැනුනු අපහසුතාවය එන්න එන්නම වැඩි වුනා. මට බය හිතුණා මං මැරෙයිද කියලා.ඒත් කැලුම්ගේ අම්මා මගේ බය නැති කරන්න උත්සහ කරා.

“අඩන්න එපා දුවේ.දෙයියන්ගේ පිහිටෙන් ඔයාට කිසිම කරදරයක් වෙන්නෙ නැතුව දරුවා ලැබෙයි.හිතට ශක්තිය ගන්න……”


නහයට දැනුනු බෙහෙත් ගදයි ඇගට දැනුනු වේදනාවයි එක්ක බොහොම අමාරුවෙන් මං ඇස් ඇරියා.අතට සම්බන්ද කරපු සේලයින් බෝතල් හිසට ඉහලින් තිබුනා.හිමිහිට වටපිට බැලුවත් කවුරුවත් ලගක හිටියේ නැහැ.මං හෙමින් කුසට අත තිබ්බා.😱දෙයියනේ මං දැන් අම්මා කෙනෙක්ද?කෝ මගෙ දරුවා.මං ඇදෙන් බැහැලා යන්න හැදුවත් නර්ස් කෙනෙක් ඇවිල්ලා මාව වැලැක්කුවා.

“හා…හා…මොනවද මේ කරන්න හදන්නේ.ඔයාට දැන්ම ඇවිදින්න කරන්න හොද නෑ.ඇදටම වෙලා ඉන්න……”

“අනේ….නර්ස් කෝ මගෙ දරුවා……”

“ඉන්න මං දරුවව ගෙනත් දෙන්නම්……”

එහෙම කියලා මං ගාවින් ගිය නර්ස් ටික වෙලාවකින් පස්සේ රෝස පාට තුවායක ඔතාගෙන ආපු මගේ දරුවව මගේ තුරුලෙන් තිබ්බා.

“මගේ සුභ පැතුම්.ඔයාට ලස්සන දුවෙක්……”

අනේ…..😘😘මට හරිම ආස හිතුණා. පුලුන් බෝලයක් වගේ ලස්සන මගේ චූටි කෙල්ල.මං ඒ රෝසම රෝස පාට චූටි කම්මුල් හෙමිහිට සිප ගත්‍තා.චූටි අත පය,ඒ ඇස්,චූටි ඇගිලි මට හරිම ආස හිතුණා.මට එකපාරටම හේමාල්ව මතක් වුනා.අනේ හේමාල් දැන් කොහේ ඉන්නවා ඇත්ද?

“ප්‍රීතී……”

මගේ නම කියාගෙන දොරත් ඇරගෙන කාමරේට ආවෙ කැලුම්.කැලුම්ගෙ අතේ ලොකු රෝස මල් පොකුරක් තිබුනා.🌹🌹එයා ඒ මල් පොකුර පැත්තකින් තියලා මං ගාවින් වාඩි වුනා.

“මගේ සුභ පැතුම් ප්‍රීති……”😘🤱

මගේ නලල සිපගෙන කැලුම් මට සුභ පැතුවා.

“දුවෙක්……”

මං හෙමිහිට එහෙම කිව්වා.

“මං කිව්වේ දුවෙක් කියලා.කෝ එන්න මැණික තාත්ති ගාවට……”

කැලුම් දුවව බොහොම පරිස්සමින් දෝතට ගත්තා.කැලුම් හිටියේ ගොඩාක් සතුටින්.

“ඔයා දුවට දාන්න හොද නමක් හිතුවද කැලුම්……”

“මං නම් නමක් හිතුවා.ඔයත් හිතුවද?…….”

“ඔව්.මුලින්ම කියන්නකෝ ඔයා හිතපු නම……”

“දේදුණු අනුත්තරා.ඔයා?……”

“ශෂී පැහැසරා……”

“එහෙනම් අපි දුවට නම තියමු දේදුණු පැහැසරා දිසානායක කියලා……”

“ෂා…..ඒ නම ලස්සනයි……”


දවස් තුනකට පස්සේ මාවයි දුවවයි ගෙදර එක්කන් ආවා.කැලුම්යි,මායි හිටපු කාමරේ ගොඩාක් ලස්සනට සරසලා තිබුනා.හැම දෙයක්ම රෝස පාටයි.මුලු කාමරේම සුවදයි.

“කාමරේ හරිම ලස්සනයි කැලුම්……”

“මම තමයි මේ හැම දෙයක්ම ලෑස්ති කරේ……”

දුව හින්දා ගෙදර හැමෝම හිටියේ ගොඩාක් සතුටින්.දරුවව නාවන හැටි, අඩනකොට නලවගන්න හැටි ඒ හැම දෙයක්ම මට කැලුම්ගෙ අම්මයි මගේ අම්මයි කියලා දුන්නා.මේ අතරවාරයේ හිමාලි නංගිගෙයි කැලුම්ගෙ මල්ලිගෙයි වෙඩින් එකත් තිබ්බා.ඒකට මං ගියේ නැහැ.දුව තාම පුංචි හින්දා මටත් තාම හරියට සනීපයක් නැති හින්දා මං ගෙදර නැවතුනා.

කසාදෙන් පස්සේ පැතුම් මල්ලියි හිමාලි නංගියි පදිංචි වුනේ අපිත් එක්ක මේ ගෙදරමයි.මට දුවව බලා ගන්න හිමාලි නංගි ගොඩාක් උදව් කරා.

මාස තුනකට පසු👇👇

“ප්‍රීති…..අද හවස අපි කන්දෙ විහාරෙ පන්සල් යමුද?දැන් දුවට මාස තුනකුත් වුනානෙ…….”

“ඔව් කැලුම්.මාත් ඔයාට කියන්න හිතුවේ දුවව අරන් පන්සල් යමු කියන්න.යමු එහෙනම් හතරාමාරට🕟විතර යමු……”

හවස හතරාමාර විතර වෙනකොට මායි දුවයි කැලුම් එක්ක කන්දෙ විහාරෙ පන්සලට ආවා.නගරයෙන් උඩහා කැලෙන් වටවුනු ලස්සනම ලස්සන පුංචි කන්දක් උඩ තමයි මේ කන්දෙ විහාරෙ පන්සල තියෙන්නේ.පන්සල් භූමිය සුන්දර ශාන්තවත් පරිසරයක් තමයි තිබුනේ.අද නිවාඩු දවසක් නොවුනු නිසා ඒ තරම් සෙනගක් පන්සලේ හිටියේ නැහැ.

මල් පූජා කරලා පහන් පත්තු කරලා බුදුන් වැදපු අපි දෙන්නා දුවත් එක්ක වැලි මලුව දිහාට හෙමින් හෙමින් ඇවිදගෙන ආවා.වැලි මලුවේ පැත්තකට වෙන්න බිම රෙද්දක් එලලා දුවව ඒක උඩින් තියලා අපි දෙන්නා දෙපැත්තෙන් වාඩි වුනා.

“ප්‍රීති…..ඔයා පොඩ්ඩක් දුවව බලාගෙන ඉන්න.මං චුට්ටක් අර පැත්තට ගිහින් එන්නම්……”

එහෙම කියලා කැලුම් නැගිටලා එතනින් ගියා.විනාඩි පහක් හයක් විතර ගියාට පස්සේ කැලුම් ආයෙ අපි හිටපු තැනට ආවා.

“කොහේද ගියේ කැලුම්?……”

“මේ…..මං හාමුදුරුවෝ පොඩ්ඩක් හම්බවෙන්න ගියා…….”

“අනේ….කිව්වා නම් මාත් එනවනේ.පිරිත් නූලක් ගන්නවත්……”

මං එහෙම කිව්වම කැලුම්ට ඒකට උත්තරයක් දීගන්න වෙලාවක් හම්බුනේ නෑ.මං දැක්කා ඈතින් අපි ඉන්න පැත්තට හාමුදුරුවෝ වඩිනවා.

“කැලුම් අන්න හාමුදුරුවෝ වඩිනවා……”

මං එහෙම කිව්වම කැලුම් ටක්ගාලා දුවව වඩා ගත්තා.මං දුවව තියලා තිබුනු රෙද්ද අකුලලා බෑග් එකට දා ගත්තා.

හාමුදුරුවෝ හිමින් ගමනින් අපි ඉන්න පැත්තට වැඩියා.පන්සලේ බෝ ගහේ අත්ත නිසා මට ඒ හාමුදුරුවන්ගේ මුහුණ පෙනුනේ නැහැ.බෝ ගහත් පහු කරලා හාමුදුරුවෝ අපි ලගට වැඩියා. එතකොටයි මං ඒ හාමුදුරුවන්ගේ මුහුණ හරියටම දැක්කේ.මාව එකපාරටම ගැස්සුනා.මගෙ පපුව මැද්දට අකුණක් වැදුනා වගේ දැනුනා.මං ආයෙමත් හොදට බැලුවා.ඔව්.මට වැරදුනේ නැහැ.කහ සිවුරක් පොරවන් ශාන්ත ගමනින් අපි ඉන්න දිහාට වැඩියේ වෙන කවුරුවත් නෙවෙයි හේමාල්.මගෙ ඇස් වලට සට සට ගාලා කදුලු ගලාගෙන ඇවිත් ඒවා පන්සලේ වැලි මලුව තුල සැගවී ගියා.😱දෙයියනේ මොනවද මේ සිද්ද වෙන්නේ.
හේමාල් ඇයි මහණ වුනේ.මට කතා කරගන්න බැරි වුනා.කැලුම් දුවවත් වඩාගෙනම හේමාල්ට දණ ගහලා වැන්දා.🙏

“ප්‍රීති…..”

කිසිම දෙයක් හිතා ගන්න බැරුව ගලපලා තේරුම් ගන්න බැරුව හිටපු මං හේමාල්ට දණ ගහලා වැන්දා.කදුලු වලින් මගෙ මුහුණ තෙමිලයි තිබුනේ.😭😭

“හේමාල්……”😭😭

“මං දැන් හේමාල් නෙවෙයි උපාසක අම්මෙ.මං දැන් ආනන්ද හාමුදුරුවෝ. ඔබතුමිය දැන් ඔය කදුලු පිහදාගන්න. අතීතය සිහිපත් කරලා දුක් වෙලා වැලපෙන්න එපා.ගිහි ජීවිතේ හැම දුකකින්ම මිදෙන්නයි මට උවමනා වුනේ. ඒකයි මං මේ මාර්ගය තෝර ගත්තේ……”

හරිම ශාන්ත තැන්පත් නිවුනු කටහඩින් ආනන්ද හාමුදුරුවෝ එහෙම කිව්වා.


පන්සලේ ඉදලා ගෙදර එනකල් මං කැලුම් එක්ක එක වචනයක් වත් කතා කරේ නැහැ.මට මතක් වුනේම හේමාල්ව. දෙයියනේ කොහොම ජීවත් වුන කෙනෙක්ද අද මෙහෙම ජීවිතේ ගැන කල කිරිලා මහණ වෙලා ඉන්නේ.මට තේරෙන්නෙ නැහැ ඇයි හේමාල්ට මේ ජීවිතේ මේ තරම්ම කල කිරුනෙ කියලා.

“ප්‍රීති……”

කැලුම් ඇවිත් මගෙ ලගින්ම වාඩි වුනා.

“මට දැන්වත් ඇත්ත කියන්න කැලුම් මහණ වෙන්න තරම් ඇයි හේමාල්ට මේ ජීවිතේ කලකිරුනේ?මට මේ මොකුත්ම තේරෙන්නෙ නැහැ…….”😥😥

“මං අද ඔයාට ඒ හැම දෙයක්ම කියන්නම් ප්‍රීති……”

“ඔව් කැලුම් මට ඒ හැම දෙයක්ම කියන්න……”

කැලුම් කියන්න හදන ඒ දේවල් අහන්න මගෙ හිත ගොඩාක් උනන්දු වුනා.

“හේමාල්ට කවදාවත් ඔය මහණ වෙන්න ඕනි කියලා හිතේ අදහසක් තිබ්බෙ නෑ.ඒ කාලෙ හේමාල් මගෙ හොද යාලුවෙක් වුනාට අපි එහෙම ගොඩාක් ලගින් ආශ්‍රය කරේ නැහැ.හේමාල්ව මං ගොඩක් ලගින් ආශ්‍රය කරන්න ගත්තේ ඔය දෙන්නගේ කසාදෙන් පස්සේ.ඔයාලගෙ කසාදෙ සිද්ද වෙච්චි හැටි මට හැම දෙයක්ම හිමාලි නංගි කිව්වා.මට ඔයා ගැන ගොඩාක් දුක හිතුණා.ප්‍රීති…..ඔයා දන්නෙ නැතුව ඇති ඒ කාලෙ ඉදන්ම කැලුම්ට අසනීපයක් තිබ්බා.නිතර නිතර ඔලුවෙ කැක්කුම හැදිලා එයාට කලන්තෙ හැදෙනවා.කොයි තරම් බෙහෙත් කරත් එයාට සනීප වුනේ නැහැ.ඒ ලෙඩේ හින්දම හේමාල්ට පුදුම විදියට කේන්ති එන්නේ…….”

දෙයියනේ හේමාල් කවදාවත් මට එහෙම දෙයක් ගැන කියලා නැහැනේ.මං එහෙම දෙයක් ගැන දන්නෙ නැහැනේ.😢😢

“කැලුම්….කවදාවත් මට ඒ විදියෙ අසනීපයක් ගැන හේමාල් කියලා නැහැනේ……”

“ඔව්.ඔයාට මුලදි ඒ ගැන කිව්වෙ නැත්තෙ ඇයි කියලා මං දන්නෙ නැහැ.හේමාල්ට ඔය අසනීපෙ වැඩි වෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ.ඔයා රිතූගෙ බර්ත්ඩේ පාර්ටි එකට ගියේ මතකද?…….”

“ඔ…..ඔව් කැලුම්.ම….මට මතකයි……”

“එදා රෑ හේමාල් ගෙදර ගිහිල්ලා හොදටම අඩලා තියනවා.ඔයාට කරපු දේට එයා ගොඩාක් පසු තැවිලා.හේමාල්ගෙ කකුල් දෙක ලග වැටිලා ඔයා අඩපු හැටි මතක් කර කර එයාට සැහෙන්න අඩලා. අන්තිමේදි සිහි නැති වෙලා.හොස්පිටල් එකට එක්කන් ගියාට පස්සේ තමයි දැනගෙන තියෙන්නේ මොලේට දරුණු විශබීජයක් ගිහින් කියලා.ටික කාලයක් ගියාට පස්සේ ලොකු ඔපරේෂන් එකක් කරන්න වෙයි කියලා ඩොක්ටර් කියලා. ඊට පහුවදා තමයි ඔයයි ඔයාගෙ අම්මයි තාත්තයි දෙන්නම හේමාල්ගෙ ගෙදර ඇවිත් සිද්ද වෙච්චි දේවල් කිව්වේ……”

“මට කරපු දේට හේමාල් දුක් වුනා නම් ඇයි එයා මට ඒ විදියට සැලකුවේ?…….”😢😢

“හොස්පිටල් එකේදි ඩොක්ටර් කිව්වේ හේමාල්ගෙ ජීවිතේ තියෙන්නේ ලොකු අනතුරක කියලා.ඔපරේෂන් නොකරොත් එයා මැරෙන්න වුනත් පුලුවන් කිව්වා. හේමාල් හදිස්සියෙ මැරුනොත් ඔයාට කාත් කවුරුවත් නැති වෙන හින්දා එයා සෑහෙන දුකින් හිටියේ.එයා මැරුනට පස්සෙ ඔයාට ජීවත් වෙන්න ඔයාගෙ බෑන්ක් එකවුන්ට් එකේ හේමාල් ලක්ශ ගානක් සල්ලි තැන්පත් කරලා තිබ්බා.
ඇත්ත කිව්වොත් ඔයාට දරා ගන්න බැරි වෙයි කියලයි හේමාල් ඔය විදියට ඔයාට දුක් ගින්දර දුන්නේ.එතකොටවත් එයාව ඔයාට එපා වෙයි කියලා හිතලා.ඔයා ප්‍රෙග්නන්ට් කියලා දැන ගත්‍තම එයා ගොඩාක් සන්තෝශ වුනා.ඒත් හේමාල් හැම තිස්සෙම හිතුවේ කොයි වෙලාවක හරි එයාව මැරෙයි කියලා.මාව මුණගැහෙන්න ඇවිත් හේමාල් හැම දෙයක්ම කිව්වා.ඔයා ඩිවෝස් පේපර් සයින් කරන්න දවස් අටකට කලිනුයි හේමාල්ගෙ ඔපරේෂන් එක තිබුනේ. ඔපරේෂන් එක සාර්ථක වුනත් ඒ වෙනකොටත් හේමාල් හිටියේ ජීවිතේ ගැන සෑහෙන්න කලකිරිලා.ඔපරේෂන් එකෙන් පස්සේ හේමාල්ව බලන්න එයාගෙ යාලුවෙක් එක්ක ඈත ආරාමෙක ඉන්න හාමුදුරු නමක් වැඩලා තියෙනවා. එයා ගිහි ජීවිතේ ගැන මේ ලව්කික ජීවිතේ ගැනයි සෑහෙන දේවල් කියලා දීලා තිබුනා හේමාල්ට.හැබැයි ඊට කලින් ඉදලා හේමාල්ගෙ හිතේ මහණ වෙන අදහස තිබිලා තියනවා.හේමාල්ට තිබුනු එකම ප්‍රශ්නෙ වුනේ එයා මහණ වුනොත් ඔයයි දරුවයි තනිවෙන එකයි. හේමාල්ගෙ කතාවෙන් මට තේරුනා එයාට මේ ගිහි ජීවිතේ ගැන උපරිමේටම කල කිරිලයි තියෙන්නේ කියලා.ඉතිං මං හේමාල්ට පොරොන්දු වුනා ඔයාවයි දරුවයි භාර ගන්න……..”

😢😢😢අනේ දෙවියනේ මහණ වෙන්න තරම් හේමාල්ට මේ ගිහි ජීවිතේ කල කිරුනද?ඒ කතාව අහලා මට හරියට දුක හිතට දැනුනා.😭😭😭ඒත් මං එක් පැත්තකින් සතුටු වුනා.ජීවිතේ ගැන කලකිරිලා ජීවිතේ නැති කරගන්නෙ නැතුව මේ වගේ තීරණයක් ගත්තු එකට. බැරි වෙලාවක්වත් හේමාල් සිය දිවි හානි කරගත්ත නම් මට ඒක කොහොමටත් දරා ගන්න බැරි වෙයි.😥😥😥

“දැන් දුක් වෙන්න එපා ප්‍රීති.හේමාල් එයාගෙ මාර්ගෙ තෝර ගත්තා.ඔයාටයි දුවටයි මං හැමදාම ඉන්නවා.අපි තුන්දෙනා හැමදාම සන්තෝශෙන් ජීවත් වෙමු……”

😘😘😘සමාප්තයි😘