කොරෝනා වෛරසයට එරෙහිව එක්සත් ජනපද ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන් ටෙක් සමාගම එක්ව නිපදවා ඇති එන්නත 90%කට වඩා සාර්ථක බව වාර්තා වේ.

එම සමාගම් පවසන්නේ මීට පෙර එම වෛරසය ආසාදනය වූ බවට සාක්ෂි නොමැති පුද්ගලයින්ට එම එන්නත දුන් පසු වෛරසය ආසාදනය නොවීම 90%කට වඩා ඉහළ ප්‍රතිශතයක් ගත් බවය.

“මෙය විද්‍යාවට සහ මනුෂ්‍ය සංහතියට සුවිශේෂී දිනයක්.” පළමු එන්නත ලබාදී දින 28කට පසු කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට හැකියාව ලැබේ. එය මාත්‍රා දෙකකින් ලබාදේ.

මෙම එන්නත රටවල් 6ක 43,500ක පිරිසක් යොදාගෙන අත්හදාබලා තිබේ. මේ මාසය නිමවීමට ප්‍රථම, එම එන්නත සඳහා අනුමැතිය ලබාගැනීමට නිෂ්පාදන සමාගම් සැලසුම් කර ඇති බව සඳහන් වේ.