අංග ලක්ෂණ විද්‍යාව අනුව පුද්ගලයන්ගේ ශරීරයේ බාහිර අවයව වල පිහිටීම අනුව පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ ගැන කියන විදිය ගැන ලිපි විශාල ප්‍රමාණය අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරලා තියනවා. මේ ඉදිරිපත් කරන්නෙ දෙපා වල ඇඟිලි පිහිටීමේ හැඩය අනුව පුද්ගල චරිතය ගැන කියවෙන්නෙ මොනවදකියන එක. අපි ඉදිරිපත් කරපු සියලුම ලිපි හොඳින් පරිහරණය කළොත් ඔබට දැන් සම්පූර්ණයෙන්ම පුද්ගල චරිතයක් ගැන විස්තර කරන්න පුලුවන් හැකියාවක් ලැබේවි.
මිනිසුන්ගේ දෙපා වල ඇඟිලි පිහිටීම අනුව දෙපා වල ඉදිරිපසට විවිධ හැඩයන් ලැබී තිබෙනවා. ඔබේ දෙපා වල ඉදිරිපස තිබෙන හැඩය අනුව මේ කියන ලක්ෂණ නිවැරදිද කියලා බලන්න.
- ගොවි පාදය

ඔබේ දෙපා වල ඇඟිලි සියල්ලම පාහේ එක සමාන උසක් සහිතව මුලු පාදයේ ඉදිරිපස පෙනුම කොටු හැඩයක් ගන්නවා නම් එය හඳුන්වන්නෙ ගොවි පාදය ලෙස. මෙවැනි හැඩයක් සහිත පාද හිමි පුද්ගලයන් ඕනෑම තීරණයක් ගැනීමට පළමුව මුල සිට අගට සියල්ලම සිතා බලා කළ හැකි සියලුම දේ සළකා බලා තීරණ ගැනීමට හැකියාවක් ඇති පුද්ගලයන්. ගැටලු විසඳීමේදි මේ පුද්ගලයන් දක්ෂ මෙන්ම ප්‍රායෝගික ද වෙනවා.
2. රෝමන් පාදය

පාදයේ මහපට ඇඟිල්ලේ සිට සුළැගිල්ල දක්වා පිළිවෙලින් උස අඩුවන සේ ඇඟිලි පිහිටා ඇති විට මෙය රෝමන් පාදය ලෙස හඳුන්වනවා. මේ ආකාරයේ පාද හිමි පුද්ගලයන් ජීවිතය අනිවාර්‍යෙන් සාර්ථකත්වය වෙත මෙහෙයවන අතරම සංවේදි හදවතක් ද ඇති තම ආදරණීයන් වෙත හදවතින්ම බැඳුණු පුද්ගලයන් ද වෙනවා.
- ෆ්ලේමින්ග් පාදය

පාදයේ දෙවන ඇඟිල්ල වඩාත් උස්ව පිහිටන මේ පුද්ගලයන් ඉතාම විනෝදකාමී අය. ඔවුන් තමා වටා සිටින පිරිසවද නිරන්තරයෙන් විනෝදයෙන් තබනවා. එමෙන්ම මොවුන්ට තම ජීවිතය පිළිබඳ ඉතා සුන්දර බලාපොරොත්තු සහිත වෙනවා. ඒ වගේම මෙම පුද්ගලයන් ඕනෑම විටක නිර්මාණශීලි අදහස් වලට ඇති නැඹුරුව වැඩියි.
- කුඩා සුළැඟිල්ල

සාමාන්‍ය ප්‍රමාණයට වඩා සුළැඟිල්ල ඉතාම කුඩාව පිහිටන පුද්ගලයන් තමන් පිළිබඳව අනෙක් මිනිසුන් සිතන්නේ කුමක්ද යන්න ගැන නිතරම වද වෙනවා. ඒ වගේම මේ පුද්ගලයන් තමන්ගේ පෞද්ගලික ජීවිතය ගත කරන්නේ අනෙක් පුද්ගලයන්ගෙන් හැකි තාක් ඈත්වයි.
5. රණශූර පාදය

මහපට ඇඟිල්ල අනෙක් ඇඟිලි වලට වඩා උසින්ද අනෙක් ඇඟිලි සමව ද පිහිටන පාදය මේ නමින් හඳුන්වයි. මේ පුද්ගලයන් ජීවිතයේ සෑම මොහොතකම ඉතාම උද්වේගකර ලෙස හැසිරෙන පුද්ගලයන් වන අතර මොවුන් නිරන්තරයෙන් දේවල් අත්පත් කර ගැනීමට යන්ත දරමින් සිටිති.
- ඈත්ව ඇඟිලි පිහිටන පාදය

මෙවැනි පාද හිමි පුද්ගලයන් ඉතාම කලබලකාරී චරිතයක් හිමි අයයි. මොවුන් සංචාරය කිරීමට දැඩි කැමැත්තක් දක්වන අතර නව අත්දැකීම් පසුපස හඹා යන ගතියක් ඇත.
- බෑවුම් ඇඟිලි සහිත පාදය

පාදයේ දෙවන සහ තුන්වන ඇඟිලි අතර උපතේදී සිටම පවතින හෝ පසු කාලීනව ඇතිවූ වෙන්වීමක් ඇති පුද්ගලයන් ඉතාම සාමකාමී අයයි. මෙවැනි අය කිසිසේත්ම ඝෝෂාකාරී පරිසර වල ඉඳීමට කැමැත්තක් නොදක්වති.
- විශාලත්වයෙන් වැඩි වෙන්ව පිහිටන මහපට ඇඟිල්ල

පාදයේ මහපට ඇඟිල්ල අනෙක් ඇඟිලි වලට වඩා අසාමාන්‍ය ලෙස විශාලව සහ අනෙක් ඇඟිලි වලින් වෙන්වන සේ පිහිටා ඇති පුද්ගලයන් අසාමාන්‍ය දේ වලින් සතුටු වීමට කැමැත්තක් දක්වති. මොවුන් අතර සාමාන්‍ය පුද්ගලයන් අතර දක්නට නොලැබෙන අමුතු හැසිරීම්ද දක්නට ලැබෙනවා.